The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහින්දට මෙහෙම කළේ ඇයි ? - (සපුමලී සමුද්‍රදේවි)

T

The Leader Desk

August 1, 2024 • 6:46 AM

මහින්දට මෙහෙම කළේ ඇයි ? - (සපුමලී සමුද්‍රදේවි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මත එක මන්ත්‍රී ආසනයකට හිමිකම් කී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති වීම දක්වා කතාපුවත අප කවුරුත් හොදින් දන්නෙමු.
  • එයට මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් නොමැති බවද පාක්ශිකයෝ වටහා ගත්හ.
  • ඊට බලපෑවේ එදා රගර් බෝලය ගෙන අරලිය ගහ මැදුරේ විකුම් පෑ ජනපති දරුවෝ මෙදා තීන්දු තීරණ ගන්නා වැඩිහිටියන් බවට පත්ව සිටීම මිස අන් කිසිවක් නොව.
  • මහින්ද රාජපක්ෂ යනු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව අවබෝධ කොට නොගත් දරුවන්ට ඔවුන්ගේ පියා සාමාන්‍ය පියෙක් වූවේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මත එක මන්ත්‍රී ආසනයකට හිමිකම් කී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති වීම දක්වා කතාපුවත අප කවුරුත් හොදින් දන්නෙමු. නමුත් අද වන විට මන්ත්‍රීවරු 93ක් ඒ මහතා වෙනුවෙන් පෙනී සිටීම පුදුම සහගතය. 

 


එදා එතිහාසික මැයි 9 දා පොහොට්ටුවත්, රාජපක්ෂවරුනුත් වෙනුවෙන් දිවි පරදුවට තැබූ පාක්ශිකයන් හා මන්ත්‍රීවරු මෙවැනි තත්ත්වයකට පත් වූයේ ඇයි? 

මහින්ද රාජපක්ෂ නාමය සමග හදවතින් බද්ද වු පාක්ශිකයෝ 2015 කළ වැරදි 2019න් පසු නිවැරදි කරයි සිතුවද එය වූයේ නැත. එයට මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් නොමැති බවද පාක්ශිකයෝ වටහා ගත්හ. අදත් මහින්ද රාජපක්ෂ මහතාට ඔවුහූ දැඩිව ආදරය කරති. 

 

ගෝඨාභය අද මෙහෙමහරි වැඩක් කරන්නේ මං ඉන්න නිසා''- මහින්ද කියයි

රටක  තිස් අවුරුදු යුද්ධයක් අවසන් කරන්නට අවැසි දේශපාලන තීන්දු තීරණ ගත් ඒ අසහාය නායකත්වය වටා එදා උන් යෝධ සෙවනැලි මෙදා නැති විය. ඊට බලපෑවේ එදා රගර් බෝලය ගෙන අරලිය ගහ මැදුරේ විකුම් පෑ ජනපති දරුවෝ මෙදා තීන්දු තීරණ ගන්නා වැඩිහිටියන් බවට පත්ව සිටීම මිස අන් කිසිවක් නොව. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපයට හානිවන අන්දමින් කටයුතු කිරීමට ඔහු වටා සිටි යෝද සෙවනැලි කටයුතු නොකලද දරුවන්ට එවැනි අවශ්‍යතාවයක් නොවීය. මහින්ද රාජපක්ෂ යනු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව අවබෝධ කොට නොගත් දරුවන්ට ඔවුන්ගේ පියා සාමාන්‍ය පියෙක් වූවේය. ඔහු වටා සිටි දැවැන්තයින් පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය ඔවුන් සතු කර ගත්තේය. මහින්ද රාජපක්ශ මහතා යන එන තැන්, හමුවන පුද්ගලයන් හා හමු නොවිය යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් තීරණය කලේ ඔවුන්‍ ය. එතෙකින් නොනැවතුනු මේ දරුවෝ  කාර්‍ය මණඩලය තීරණය කිරීමටත්, රාජ්‍ය පාලන තීරණ කෙරෙහිත් සිය අනසක පැතිරවීය. 

EbBmbI8X0AUY7Ho

 

මහින්ද නාමය ආරක්ශා කළවුන් වේදනාවෙන් වුවද පසෙකට වූයේ කළ හැකි කිසිවක් නොවූ හෙයිනි. 

පාක්ශිකයින් මහින්ද රාජපක්ෂ නාමයට ආදරය කලා මෙන්ම ඒ පවුලේ චායාරූප නරඹන්නට,පවුලට එකතු වන ලේලියන්ගේ, දරුවන්ගේ වතගොත සොයන්නට කැමති වුවද, දරුවෝ ඕනෑවට වඩා දගලනවාට කැමති වූයේ නැත. බ්‍රිතාන්‍ය රජ පවුල මෙන් වැජබෙන්නට අවකාශ තිබියදී පක්ශයේ, රාජ්‍ය පාලනයේ, තීන්දු තීරණ ගැනීමට මැදිහත් වෙමින් අනවශ්‍ය අතපෙවීම් කිරීම ජේශටයින්ගේ සිට පාක්ශකයා දක්වා කළකිරීමක් ඇති කලේය. 

කුමන හිත් රිදවීම් මැද වුවද මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි වූ ආදරය බිදකුදු අඩු නොවූ ඔවූහූ අඩු පාඩු සකසා ගනිමින් ගමනක් යාමේ උත්සාහක නිරතව සිටියහ.  

 

FSS ncWWYAI Lrwමැයි 09 අරලියගහ මන්දිරයේ
මැයි 09 දා මහින්ද මහතාගේ සමුගැනීම සනිටුහන් කරන අවස්තාවට  එක්වීමට සැබෑ සෙනෙහසින් එහි ආ අයත්, අරගලයට ප්‍රාහාර එල්ල කිරීමේ සූදානමෙන් ආ අයත් සිටියහ. එය රහසක් නොවූහ. එදා සිද්ධියෙන් පසුව අරලිය ගහ මන්දිරයේ සිර වූ, කෑමක් බීමක් නැතිව මර බියෙන් රැය පහන් කල පාක්ශිකයා ගැන මෙතෙක් කිසිදු සොයා බැලීමක් කර නැත.ගම් මට්ටමෙන් පීඩාවට පත්වූවන් ගැන වගේ වගක් නැත. අඩුම තරමේ ඔවුන්ගේ නාම ලේකනයක් සැකසීම හෝ සිදුව නැත. ඔවුන්ගේ නිවෙස් වලට ලිපියක් හෝ යොමුකරමින් අස්වසාලීමට පක්ශයක් ලෙස හෝ සැලකිලිමත් වී නැත.  මන්ත්‍රීවරුන්ගේ  නිවෙස් ගිනිගෙන සබ්බ සකලමනාව අලුගොඩක් බවට පත්විය. සමහරෙක්ට තමන්ගේ උපන් ගම් කරා යාමට නොහැකි විය. පාක්ශිකයින්ට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමටවත්  නොහැකි විය. එලියට ඒමට නොහැකිව සැගවී සිටි අයද විය. තවත් සමහරෙක් ජීවිතාරක්ශාව පතා ගම්බිම් අතැර ගියේය. 

 

එදා අරලියගහ මන්දිරයේ සිර වූ පිරිස් ගැන සොයා බැලීමට කිසිවෙක් නොවීය. නිල නිවස පරිශ්‍රයට සියලු දෙනාට ඇතුල් වීමට අවස්තාවක් නොවීය. මහින්ද මහතා හා පවුලේ උදවියත් මැති ඇමැතිවරුන් පිරිසකුත් එහි විය. මන්දිරයේ ප්‍රදාන්  ශාලා පරිශ්‍රය ඉදිරිපිට අරගලකරුවන්ගේ පහරකෑමට ලක්වූවන් ලේ ගලන තුවාල සමග වේදනාවෙන් අදෝනා දෙමින් සිටියේ ඔවුන් රෝහල් කර යොමු කිරීමටවත් කිසිවෙක් පියවර නොගැනීම නිසයි.

 


නිවෙස් වලට යාමට නොහැකිව අතරමං වූ පාක්ෂිකයන් කුසගින්නේ බීමට වතුර පොදක් හෝ නොමැතිව පසුවිය. නමුත් පසු කලෙක එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉතා ආඩම්බරයෙන් පුවත්පතකට පැවසුවේ "අපි මන්දිරයේ හිටියේ. බඩගින්නේ හිටියේ නෑ. කන්න බොන්න තිබුණා"යි යනුවෙනි. කාබී විනෝද වූවාට කම් නැත. පාක්ෂිකයින් පීඩාවට පත් වූ අවස්ථාවක ඔවුන් ගත කළ ආකාරය නොපවසා සිටීමට තරම්වත් ශික්ෂණයක් තිබුණා නම් වටී. ඔහු උදම් ඇනුවේ ඔවුන්ගේම පාක්ෂිකයන්  මහමග අරගලකරුවන්ගේ පාඩන පීඩනවලට ලක්ව ඇඳිවතද අහිමිව, සිටි මොහොතක් ගැනයි. 

 

රනිල් ඉදිරියේ දණ ගැසීමට රාජපක්ෂලාට ඇත්තේ තව කොච්චර දුරක්ද?- රටේ රාළ

මේ පීඩාකාරී තත්ත්වය සමනය කිරීමට නායකත්වය දීමට ඉදිරිපත් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. පාක්ෂිකයන් පිළිබඳ පසු විපරමක් හෝ නොකළ පොහොට්ටු නායකයෝ කුමක් කීවද, රටේ ඇති වූ  භයානක තත්ත්වෙපාලනය කරේ රනිල් වික්‍රමසිංහ මහතයි. අසීරු මොහොතේ මග කියූ පුද්ගලයා අතරමං කර යාම සදාචාර සම්පන්නදැයි මොහොතකට හෝ සිතිය යුතුයි. ආර්ථික සමාජයීය ප්‍රශ්න කෙමෙන් විසඳී, පාරට බසින්නට අවස්ථාව ලැබී, මාධ්‍ය ඉදිරියට විත් අදහස් දක්වන්නට පරිසරය සැකසීමෙන් පසුව අලුයම ලු පස්පිඩක් සේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත දැමීම මහත් ගුණමකු කමක් බව පාක්ෂිතයෝ දකියි.

පොහොට්ටු නායකයෝ මොනවා කීවත් පාක්ෂික මතය වී ඇත්තේ රාජපක්ෂලා දැනට පසු පෙළ ක්‍රීඩා කළ යුතු බවයි. 

පොහොට්ටුව වෙනුවෙන් දර දිය ඇදී බොහෝ පිරිසකගේ මතය රාජපක්ෂලා කලකට නිහඬ විය යුතු බවයි. මේ රට රාජපක්ෂවරුන්ගේ බූදලයක් නොව, ශ්‍රී ලාංකිකයින්ගේ අභිමානයයි. රට පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී රාජපක්ෂ පවුලේ මතයට ප්‍රමුඛස්ථානයක් දිය යුතුව ඇතැයි කිසිවෙක් නොසිතයි. ඔවුන් හෙට බලයට ආවද රාජපක්ෂ දරුවෝ නැවතත් සිය පියාගේ කීර්තිනාමය ගැන නොසිතා හිතු මනාපේ කටයුතු කරනු ඇත. එය ජනතාවගේ අපේක්ෂාවක් නොව. පිළිම සදා වැඳුම් ලැබීමට හිටි මහින්ද රාජපක්ෂ මහතා පහතට ඇද දැමුවේ ඔහුගේම දරුවන් මිස පාක්ෂිකයින් නොවේ. 

 

ඡන්දේ කල් දැම්මොත් එජාපයේ අවසානය' - මහින්ද රාජපක්ෂ
ඉදිරි ජනාධිපතිවරණයෙන් කිසිවෙක් නොසිතූ ලෙස ජාතික ජන බලවේගය හෝ සමගි ජන බලය බලයට පැමිණියහොත් මේ ආදරණීය නායකයාට  සිය දිවි ගමන නිමා කරන්නට වන්නේ සිරගෙයක බව දරුවන්ටත් හෙන්යියන්ටත් නොසිතීම අවාසනාවකි. මෙතෙක් සිය වැඩපිළිපෙළ අනාවරණය නොකළ ජාතික ජන බලවේගය අවධාරණය කරන්නේ සොරු ඇල්ලීමයි. මාධ්‍ය ආයතන කිහිපයක් වසා දැමීමට වෙනවායි තග දමන ලාල් කාන්තලා මිනිසකුගේ වටිනාකම ගැන නොසිතයි. නිසි සොයා බැලීමකින් හා අධිකරණ ක්‍රියාවලියකින් තොරව හොරු යැයි පැටබැදීමට හැකි මේ විශ්මිත විමර්ශකයෝ බලයට පැමිණ සතියක් ඉක්ම යාමට පෙර අවුන් සං සුකීව මෙන් මහින්ද රාජපක්ෂ මහතාද නිවාස අඩස්සියට පත් කිරීමයි. 

නාමල් කුමන දේශපාලන තීන්දුවකට එළඹිය ද පාක්ෂිකයා සමීප කරගෙන නැත. දරුවන්ට පියා වටින්නේ නැතත් පියෙකු වගේ සිටි මහා නායකයා ආරක්ෂා කිරීමට අදටත් පාක්ෂිකයා සූදානම්. 

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටු මන්ත්‍රීවරු ඇතුළු පාක්ෂිකයෝ රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට ගන්නා උත්සාහය පිටුපස ඇත්තේ මහින්ද රාජපක්ෂ නම් වූ ඒ මහා නායකයා ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයයි. මහින්ද රාජපක්ෂට කරදරයක් යැයි අනාවරණය වූ සැණින් සුජාත පුතුන්ට පෙර පෙරට එන්නේ අද රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන මන්ත්‍රීවරු සහ පාක්ෂිකයයි. මහින්ද රාජපක්ෂ නමින් පොහොට්ටුවට ඡන්දය දුන් සියලු දෙනා රනිල් වික්‍රමසිංහ සමඟ හිග හිට ගන්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්මයි. මෙය කියවා ගැනීමේ දේශපාලන සාක්ෂරතාවයවත් ජාතක දරුවන්ට නැත.

(සපුමලී සමුද්‍රදේවි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...