The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොහොට්ටුවේ දවස් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 1, 2024 • 5:42 PM

පොහොට්ටුවේ දවස් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි සිදු වෙන දේ නිරීක්ෂණය කිරීමෙන් උගත හැකිය.
  • ඇතැමුන් කාලයක් විරසකව සිටි පැරණි සාමාජිකයන්ය.
  • ඔවුන් විරසක වීමට හේතු වූ මන්ත්‍රීවරයා ඉවත් වූ පසු ඔවුන් නැවත පැමිණ ඒ බව එළිපිට කියා සහාය පළ කරයි.
  • ඇතැමුන් මන්ත්‍රීවරයාගේ තාඩන පීඩන ඉවසාගෙන වේලාව එනකල් බලා සිටි සාමාජිකයන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි සිදු වෙන දේ නිරීක්ෂණය කිරීමෙන් උගත හැකිය. බැසිල්ගෙන් නොමිනේෂන් අරගෙන, මහින්දගේ පින්තූරය පෙන්වා ඡන්ද අරගෙන, ගෝඨාභයගෙන් ඇමතිකම් ගත් මන්ත්‍රීන් පිරිසක් රනිල් වික්‍රමසිංහගෙන් වැටෙන අහවල් එක ගන්න ගිය පසු ඔවුන්ගෙන් හිස් වන අසුන ගැනීමට වැල නොකැඩී පිරිස් පැමිණේ. එක සංවිධායකයෙකු යන විට ඒ තැන ගැනීමට දහ දෙනෙකු සාකච්ඡාවට පැමිණේ.


ඇතැමුන් කාලයක් විරසකව සිටි පැරණි සාමාජිකයන්ය. ඔවුන් විරසක වීමට හේතු වූ මන්ත්‍රීවරයා ඉවත් වූ පසු ඔවුන් නැවත පැමිණ ඒ බව එළිපිට කියා සහාය පළ කරයි. ඇතැමුන් මන්ත්‍රීවරයාගේ තාඩන පීඩන ඉවසාගෙන වේලාව එනකල් බලා සිටි සාමාජිකයන්ය. ඇතැමුන් නවක දේශපාලන තරුණයන්ය. මානව චර්යාවන් නිරීක්ෂණය කිරීමට මේවා කදිම අවස්ථාවන්ය. සැලුන් දොර ඒ පැත්තට මේ පැත්තට ඇරෙන හැටි බලා සිටීම විනෝදජනකය.


පොහොට්ටුවේ ඊළඟ නායකත්ව ස්ථරයට මෙය කදිම අවස්ථාවක් වී තිබේ. එක තත්පරයක් හෝ නාස්ති නොකර ඔවුන් වහාම අවස්ථාව ලබා ගැනීමට පැමිණේ. කේවල් කිරීම් සිදු වේ. ඒ අතර ඇතැමුන් දෙකට දෙවාරණේ වැනේ. උදේම පැමිණ “යනවා” කියා ගිය එකා හවස “එනවා” කියා පැමිණේ. ඇතැම් විට ඒ ටිකට වෙනත් අයෙකු ඒ අවස්ථාව ඩැහැ ගෙන තිබේ. කුමක් සිද්ධ වුවත් පක්ෂයේ නායකයන් මේ සියල්ල වෙන්නට ඉඩ දී උපේක්ෂාවෙන් බලා සිටී. යනවා කියූ විටත් හොඳයි කියයි. එනවා කියූ විටත් හොඳයි කියයි.


කළමනාකරණ විද්‍යාවේ මේ අදියරට කියන්නේ “storming” කියාය. එනම් ඕනෑම අලුත් කණ්ඩායමක් හැදෙන අවස්ථාවක පුද්ගලයන් තම තමන්ගේ සාපේක්ෂ බල ස්ථාන සඳහා තරග කරයි. එය කණ්ඩායම් සංවර්ධනයේ (Group Development) ඉතා වැදගත් අදියරකි. එය ස්වභාවිකව වීමට සුදුසු ඉඩක් සහ කාලයක් දිය යුතුය. දක්ෂයන් සහ දුර්වලයන් හඳුනා ගත හැක්කේ එවිටය. බැසිල් සහ නාමල් මේවා අච්චුපොතේ ඇති ආකාරයට අකුරටම කරයි. මේ අදියරෙන් පසුව එන්නේ “norming” සහ “performing” ය. එනම් කණ්ඩායම ස්ථානගත වී උපරිමයෙන් වැඩ කරන්නට පටන් ගැනීමය.


අද (අගෝ. 1) දිනය තුළ පළාත් පාලන ආයතන සභාපතිවරු සහ උපසභාපතිවරු සියලු දෙනාම පාහේ කණ්ඩායම් තුනකට කාර්යාලයට පැමිණ සිය සහාය පළ කළේය. ඒ පිරිස් සමග සන්නිවේදනය කරමින් පහසුකම් සපයමින් සියල්ල කළමනාකරණය කිරීම පහසු නැත. කාර්යාලය කලබලකාරීය.

මේවා නිරීක්ෂණය කරන මා හට මේවාට යටින් දිවෙන සියුම් උපායමාර්ගයද තරමක් පෙනේ. මට පෙනෙන හැටියට නම් මේ මන්ත්‍රීලාගේ යෑම්-ඊම් මගින් ජනාධිපතිවරණයට එතරම් බලපෑමක් නැත. මේවා දේශපාලන සිදුවීම්ය. දේශපාලනය කිරීමට සිදුවීම් (events) අවශ්‍යමය. රටේ සියලු දෙනාටම දැන් ඉවසිල්ලක් නැත. ඇතැමුන් මට කතා කරන ආකාරයට මට හිතෙන්නේ ඔවුන් රෑ හීනෙන් අහන්නෙත් පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියාය. ඒ කවුද කියා ඔවුන්ගේ හිත දනී. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඒ සිත පිනවීම හෝ නොපිනවීමය. දෙකම තණ්හාවය. වෙනකක් තබා මනෝවිශ්ලේෂනයට අධිපති දීප්ති කුමාර පවා පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන සිය අවිඥානක ආසාව ලියා තිබේ. අලුත්ම අයිෆෝන් එක විකිණීම සඳහා ඇපල් සමාගම ඇඩ්වර්ටයිසින් කරන්නේ නැත.  පොහොට්ටුවේ කැම්පේන් එක සුපිරිය. දිස් ඉස් පොලිටික්ස්.


eranda. ginige(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අගෝස්තු 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...