The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චූන් පාන් මෙලඩිය ගැන ඔබ නොදත් කථාව - (විෂ්ණු වාසු)

T

The Leader Desk

August 2, 2024 • 12:04 PM

චූන් පාන් මෙලඩිය ගැන ඔබ නොදත් කථාව - (විෂ්ණු වාසු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ හඬ ඇහුනු ගමන් ඔබ සමහරු හනිකට පාරට දුවනවා ඇති දර පෝරණු පාන් රාත්තලක්, රෝස් පාන් ගෙඩියක්, කිඹුලා බනිසක් ගන්න.
  • හැබැයි ඔබට ඇත්තම කියන්න මම නං චූන් පාන් කරත්තේ සද්දේ ඇහුනම කන් දෙකේ ඇබ ගහගන්නවා.
  • මට මේ සද්දේ ඇහෙනකොට මේ මෙලඩිය තෝරාගත්තු අය දඬුකඳේ ගහන්න හිතයි. සහෘදයිනි ඔබ දැන සිටියාද මේ උපුටාගෙන ඇත්තේ ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම සංගීතඥයෙකු වූ Ludvig Van Beethoven ලූඩ්විග් වෑන් බේතෝවන්ගේ Für Elis 'එලිස් වෙනුවෙන්' නැමති අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩය වග.
  • සංගීතයම ජීවිතය කරගත් මා වැනි බිළිදුන්ට මේ චූන් පාන් මෙලඩිය කර්ණකඨෝර වීම ඉතිං සාධාරණයි නේද? බේතෝවන් මිය යන්නේ 1827 දී.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ හඬ ඇහුනු ගමන් ඔබ සමහරු හනිකට පාරට දුවනවා ඇති දර පෝරණු පාන් රාත්තලක්, රෝස් පාන් ගෙඩියක්, කිඹුලා බනිසක් ගන්න. හැබැයි ඔබට ඇත්තම කියන්න මම නං චූන් පාන් කරත්තේ සද්දේ ඇහුනම කන් දෙකේ ඇබ ගහගන්නවා. මට මේ සද්දේ ඇහෙනකොට මේ මෙලඩිය තෝරාගත්තු අය දඬුකඳේ ගහන්න හිතයි. 

සහෘදයිනි ඔබ දැන සිටියාද මේ උපුටාගෙන ඇත්තේ ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම සංගීතඥයෙකු වූ Ludvig Van Beethoven ලූඩ්විග් වෑන් බේතෝවන්ගේ Für Elis 'එලිස් වෙනුවෙන්' නැමති අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩය වග. සංගීතයම ජීවිතය කරගත් මා වැනි බිළිදුන්ට මේ චූන් පාන් මෙලඩිය කර්ණකඨෝර වීම ඉතිං සාධාරණයි නේද? 

 

බේතෝවන් මිය යන්නේ 1827 දී. ඔහුගේ වියෝවෙන් අවුරුදු  හතලිහකට පස්සේ යොහාන් ෆීඩ්‍රිච් Johann Friedrich නැමැත්තෙක් ලියූ ග්‍රන්ථයකයි එතෙක් පොත් රාක්කයක සැඟව තිබුනු මේ නිර්මාණය හාපුරා කියා එළිදකින්නේ. බේතෝවන් මේ නිර්මාණය පුද කරන එලිස් නැමති චරිතය කවුදැයි අද දක්වාම නිශ්චිතව හඳුනාගෙන නැහැ. 

 
ප්‍රකට ජර්මානු වාර්ගික සංගීත සමාජ විද්‍යාඥ මැක්ස් ඌන්ගර් Max Unger ගේ න්‍යායට අනුව මේ නිර්මාණය Für Elis නොව  Für Theresa ලෙස නම් විය යුතුයි. 

1810 වසරේදී බේතෝවන්ගේ ඉතා සමීප මිතුරියක සහ ශිෂ්‍යාවක් වූ තෙරේසා මැල්ෆ්ර්ටි ට තමන් සමග විවාහ වන ලෙස බේතෝවන් ඉල්ලීමක් කරනවා. නමුත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔස්ට්‍රියානු වංශාධිපතියෙකු වූ විල්හෙල්ම් ෆොන් රොඩික් Wilhelm Von Rorick සමග විවාහ වෙනවා. මේ සිද්දියෙන් කම්පාවට පත්වූ බේතෝවන් මේ සුන්දර සංගීත කණ්ඩය ඇය වෙනුවෙන් ලියන්නට ඇති වගයි බහුතරයේ පිළිගැනීම. 

 

අප තෝරාගත් මේ වාදනය බල්ගේරියානු ජාතික ග්‍රෙගරි ෂර්කින් Gerory Shirkin විසින් ක්ලැසික් එෆ් එම් ඔකෙස්ට්‍රා Classic Fm Orchestra වාද්‍ය වෘන්දය වෙනුවෙන් නැවත සකස් කරන ලද්දක්. මේ නිර්මාණයේ පූර්ව වාදනයට පියානෝව පමණක් භාවිත වෙනවා. එය බේතෝවන්ගේ මුල් රචනයට සමානයි. පසු කොටසේදී සමස්ථ වාද්‍ය වෘන්දයම එක්කාසු වූ විට මේ නිර්මාණයේ මනෝභාවය වෙනස්ම ආකාරයකින් වර්ණ ගැන්වෙනවා. ඒ නිසාම බේතෝවන් විසින් ලියූ මුල් සංගීත කණ්ඩයේ සැහැල්ලුවට වෙනස් ආකාරයක ගැඹුරක් සහ ඉන්ද්රජාලික බවක් එක්කාසු වෙනවා.  


මේ ආණ්ඩුව මගේ දරැවගේ මරණෙට වගකියන්න ඕනේ -විෂ්ණු වාසු(විෂ්ණු වාසු - Vishnu Vàsu)
ලේඛක /නිදහස් මාධ්‍යවේදී 
Villagemonk@gmail.com

2022 August

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...