රනිල් පළමුව විපක්ෂ නායකයා වූ 1994 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකාට මන්ත්‍රීන් 105ක්ද, එජාපයට 94ක්ද ලැබී තිබිණ. එක් බහුතර ඡන්දයකට කොටුවූ ආණ්ඩුවට රනිල් බාධා කළේම නැත.
2000දී බලයට පත් 11 වෙනි පාර්ලිමේන්තුව රටේ ආර්ථීකය කඩා වැටීමෙන් බිඳ වැටිණ. එස්. බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, ජී.එල්.පීරිස් ආදී චන්ද්‍රිකාගේ කැබිනට් සගයන් එජාපයට එක්ව 2001 දෙසැම්බරයේදී එජාපය බලයට පත්ව රනිල් රටේ අගමැතිවූ දෙවසරක පාලනය නිසා යළි ආර්ථීකය ශක්තිමත් වුවද, රාපපක්ෂලා මෙන් චන්ද්‍රිකා එහෙයියන්ට ඇමති කම් ඉල්ලා ඇතිවූ ආරවුල නිසා 2004දී පාර්ලිමේන්තුව විසුරුවා පැවති මැතිවරණයෙන් රනිල් නැවත විපක්ෂ නායකයා විය.

ඉන්දීය අගමැති ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල් සමග අගමැති රනිල් වික්‍රමසිංහ 2001 දෙසැම්බර් 23
2005 ජනාධිපති වරණයේදී රනිල්ගේ ප්‍රතිවාදි මහින්ද රාජපක්ෂ, ජවිපෙ සහ ප්‍රභාකරන්ගේ සහායෙන් රටේ විධායක ජනාධිපති විය.
2014දී දස අවුරුදු රාජපක්ෂ පාලනය නිසා රටේ ආර්ථීකය මෙන්ම නීතිය සාමය හා මහජන ආරක්ෂාවද බිඳ වැටිණ. ලසන්ත වික්‍රමතුංග ප්‍රදීප් එක්නැලිගොඩ ආදි මාධ්‍යවේදින්ගේ කුරිරු ඝාතන අදටත් අභිරහස් ය. කප්පම් ගැනීමට වැල්ලවත්තෙන් පැහැර ගත් තරුණයන් 11 දෙනෙකු කප්පම් ගෙවා බේරා ගැනීමට වැඩිහිටියන්ට නො හැකිවූ නිසා ත්‍රීකුණාමලේ නාවික කඳවුරකදී ඝාතනය කිරීමේ නඩුව තවමත් අවසන් වී නැත. තමන්ට අවශ්‍ය තීන්දු නො දීමේ වරදට 43 වෙනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කරන තරමට රාජපක්ෂලා වියරු වී සිටියහ.
මෙවන් පසුබිමක ගොඩ නැගුණ ජන බලය රාජපක්ෂලා ප්‍රතික්ෂේප කොට, 2015දී ශ්‍රී ලනිපයේ මහ ලේකම් සිරිසේන ජනාධිපති කරවා අගමැති රනිල්ට රට භාර කළේය.

2015-2020 පස් අවුරුදු යහ පාලනය අගමැති රනිල්ගේ නායකත්වයෙන් රටේ ආර්ථීකයත් නීතිය සාමයත් යළි ස්ථාපිත කළේය. යහ පාලකයන් රාජ්‍ය සේවයට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් හා 15%ක නිත්‍ය පොලියක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථීර ගිණුම් සඳහා වාර්ෂිකව ලබාදීම ආර්ථීක ජයග්‍රහණ වේ.
මෙවන් පසුබිමක 2019-20 මැතිවරණ සමය සමීප වෙත්ම වඳ ෂාපි වඳ කොත්තු කතා හා නිර් ලජ්ජී පාස්කු ප්‍රහාරය නිසා බියවූ රටේ බහුතරයක් 2020දී රනිල් ප්‍රමුඛ යහ පාලකයන් ගෙදර යවා ගෝඨාභයට රට භාර දුන්හ.
එදා රටේ පැට්‍රල් ලීටරය රුපියල් 117කි. කිරි පිටි පැකැට්ටුව රුපියල් 325කි. ගෑස් සිලින්ඩරය රුපියල් 2025කි. රාජපක්ෂ පාලනයේ පළමු වසර අවසන් වෙත්ම 2021 දී විදුලි බලය අඛණ්ඩව සැපයිමට පාලකයන් අපොහොසත්වීමෙන් ජන ජීවිතය මෙන්ම, කර්මාන්ත ව්‍යාපාර ඇද වැටී රට අස්ථාවර විය. මේ වන විට තනි මන්ත්‍රීට හැකිළුන එජාප නායක රනිල් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා වී සිටියේය.
2022 ජනවාරි 21
වෙනිදා සමාජ මාධ්‍ය අවකාශයේ කළුවරේ ඉන්නවාද වාහනේ යනවාද? යනුවෙන් පළවූ ලිපියෙහි රාජපක්ෂලා දෙ වසරක් රටට කළ විනාසය මෙසේ සාරාංශ කරයි.
'' බලශක්ති ඇමතිවරයාට අනුව, විදුලිය සැපයුවොත් යානවාහන සඳහා ඉන්ධන ඉතිරි නොවනු ඇත. යානවාහන සඳහා ඉන්ධන දුන්නොත්, විදුලි ජනනය කළ නොහැකි වනු ඇත. ඊයේ , 2021 ජනවාරි 20දා- මධ්‍යහ්නයේ සිට සැපයුම මුළුමණින් ඇනහිට තිබේ. විදුලිය කැපෙන පැය තුළ රටක නිෂ්පාදන යාන්ත්‍රණය නතර වීම විශාල නස්පැත්තියකිග දිනපතා පැයක විදුලිය කප්පාදුවක සතියක පාඩුව මණින්නේ රුපියල් බිලියන නොවල ට්‍රිලියන ගණනිනි.
මේ බිඳ වැටීමට හේතුව කොවිඩ් නොවන බව අර ලිපියේ දැක්වේ. අප වාගේම හෝ අපටත් වඩා කෝවිඩ් වසංගතයට බිළි වූ අනිත් රටවල්වලල ගෑස් පෝලිම් සහ පිටි පෝලිම් නැත්තේ මන්දැයි ආණ්ඩුව අපට කියන්නේ නැත. අනිත් රටවල මුදල් ඒකක අපේ මුදල් ඒකකය :රුපියල- මෙන් හෑල්ලු නොවුණේ මන්දැයි ඔවුන් විස්තර කරන්නේ නැත.''
කෙටි කලක් තුළ රටේ ආර්ථීකය හා මුදල් ඒකකය කඩා වැටුණේ යහ පාලන කාලයේ රනිල් ගත් ණය ආපසු ගෙවීම නිසා බවට රාජපක්ෂලා කළ ප්‍රකාශ ඉහත කී ලිපිය මෙසේ ප්‍රතික්ෂේප කරයි. යහපාලන රජයෙන් අරගෙන තිබූ ණය ගෙවීමට සිදු වූ නිසා මේ තත්වය උදාවූ බව රාජපක්ෂලා කියති. එහෙත්, 2020-2022 ජනවාරි තෙක් රාජපක්ෂලා ගෙවූ ණය ප්‍රමාණයෙන් සියයට 89.9 ක්, රාජපක්ෂ විසින් ලබා ගත් ණය බව ඔවුන් නො කියති.

එසේම රාජපක්ෂලා ඇති කළ අර්බුදයේ සත්‍ය හේතු පාඨද මෙසේ දැක්වේ. ''රටක අයවැය හිඟයක් යනු අසාමාන්‍ය දෙයක් නොවේ. එක්තරා සීමාවක් තුළ එකී අයවැය පරතරය හෙවත් අයවැය හිඟය යම් කොන්දේසි නිර්නායක යටතේ ආර්ථිකය පවත්වා ගෙන යාම සිදු වේ. රටේ තත්වය අවමයෙන් හෝ කළමනාකරණය කිරීමට 2022දී අපොහොසත් වීමෙන් ප්‍රතික්ෂේප වූ මහින්ද නාමල් රාජපක්ෂලා මුහුදේ නැවක සැඟවුන අතර ජනාධිපති ගෝඨා මාල දිවයිනට පළා ගියේය.
යළි රනිල් වික්‍රමසිංහ රටේ අගමැති සහ ජනාධිපති ලෙස පත්වීම රාජපක්ෂ කුමන්ත්‍රණයක් බවට විපක්ෂය චෝදනා කළද, විපක්ෂ නායක රටේ වගකීම භාර නො ගත්තා පමණක් නොව රනිල්ට එරෙහිව තමා සටන් කිරිමෙන් වැළකී ඩලස් අලහප්පෙරුමට මුවා වි පළා ගියේ ගෙවී ගිය තිස් අවුරුදු ඉතිහාසය අනුව රනිල් මිස කිසිදු ජගතෙකුට රට බේරා ගත නොහැකි බව දැන සිටි හෙයිනි.
සුපුරුදු ලෙස රනිල් වික්‍රමසිංහ, රටේ ආර්ථීකය ගොඩගත් පසුව 2004දී චන්ද්‍රිකා මෙන් යළිත් රනිල් ගෙන් බලය උදුරා ගැනීමට රාජපක්ෂලා මෙන්ම සජිත් අනුර කුමාර පවා තැත් කරන්නාහ.

1994ට පසුව 2001දී හා 2015දී මෙන්ම යළිත් රනිල් වික්‍රමසිංහ වැටුණ රට ගොඩ ගැනීමට සමත් විය. අද සියල්ල සාමාන්‍ය අන්දමින් සිදුවේ. රාජක්ෂලා වෙනුවෙන් බොහෝ කැප කිරිම් කළ පොහොට්ටුවේ මැති ඇමතීන් බහුතරයක් රනිල් වෙනුවෙන් මේ පෙළ ගැසෙන්නේ ගෙවුණ ආසන්න තිස් අවුරුදු කාලයේ රටේ ආර්ථීක කතාව තේරුම් ගත් සාමාන්‍ය ජනතාව සිතන පතන ආකාරය අධ්‍යයනය කිරීමෙන් පසුවය.
වික්‍රමසිංහ රාජපක්ෂ දේශපාලන ආරවුල යළි ඉස්මතු වෙමින් පවතී. 2005දී මහින්ද රාජපක්ෂ බේරා ගැනීමට දමිළ ප්‍රජාව බිය ගැන්වූ ප්‍රභාකරන් හෝ ජනතා විමුක්ති පෙරමුණ මෙවර නාමල්ගේ ආරක්ෂාවට එන්නේ නැත. ඉතිරිවී සිටින්නේ රත්තරන් සහ ජොනී වෝකර් පමණකි. මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහ පාරේ මැරුම් කෑවේත් පාක්ෂික ගෙවල් ගිනි තැබුවේත් රාජපක්ෂලා කළ වැරදි නිසාය.
2022 අප්‍රේල් 9 වෙනි දින මුල් වරට ලංකාව බංකොලොත් බවට මහ බැංකුව ප්‍රකාශ කරන විට බලයේ සිටියේ ගෝඨා මිස රනිල් වික්‍රමසිංහ නොවන බව රාජපක්ෂලා මෙන්ම විපක්ෂයටද කියන්නේ නැත. 2019දී රුපියල් බිලියන 1016ක්වූ අයවැය හිඟය, 2020 වනවිට රුපියල් බිලියන 2090 තෙක් වැඩි වුණේ හිතමිත්‍රයන් වෙනුවෙන් ඍජු බදු ප්‍රමාණයන් කපා හැරීම නිසාය.
2019දි රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 12,6%ක් බදු ආදායම බව දැක්වෙන අතර, රාජපක්ෂ පාලනය යටතේ එකී බදු ආදායම 9.6% තෙක් පහළ වැටිණ. රනිල්ට නැගුණ බැඳුම්කර අවලාදයෙන් සිදුවූ බව කියන පාඩුවට වඩා සීනි වංචාවෙන් සිදුවූ පාඩුව විශාල බව කියති. මේ වෙස්සන්තර ප්‍රතිපත්තිය නිසා, වාර්ෂිකව රටට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 450කි. ජනතාව හිතන්නේ රට ආපසු 2020ට ගෙන ගියොත් ප්‍රමාණවත් කියාය.

රාජපක්ෂලාගේ කෙරුවාව හොඳින් දන්නා පොහොට්ටුවේ බහුතරයක් දෙනා රනිල්ට සහාය දෙන්නේ රාජපක්ෂලාට අවශ්‍ය ප්‍රතිපත්ති රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළ නිසාය. මුදල් රාජ්‍ය ඇමතීන් වන සේමසිංහලා සියඹලාපිටියලා මෙන්ම, ඛණිජ තෙල් විෂය භාරව සිටින කන්චන විජේසේකරත් තමන්ට පැවරූ වගකීම් ගැන සිටින්නේ දැඩි තෘප්තියෙනි. යෝධ හයියෙන් අපි රනිල් සමග සිටින්නෙමු යයි නො කියා කියන්නේ රටට ඇති එකම විකල්පය රනිල් මිස බැසිල් නාමල් හෝ සජිත් නොවන නිසාය.
කොළඹ බංගලාවක දොරවල් වසා ගෙන රාජපක්ෂලා අපේක්ෂකයා කවුදැයි විමසද්දී අනුරාධපුර එස්.එම්. චන්ද්‍රසේන රජරට ප්‍රාදේශීය නායකයන් කැඳවා විවෘත ඡන්ද විමසීමකට අවකාශ සැලසුවේ පක්ෂ භේදයකින් තොරව රනිල් වික්‍රමසිංහට සහාය දීමට ජනතාව කැමති බව දන්නා නිසාය. රටේ එකම අපේක්ෂාව ආපසු 2020ට ගෙන ගියොත් ඇත යන්නය. ආසන්න තිස් අවුරුදු කාලයෙහි ලංකාවේ ආර්ථීක කතාන්තරයේ වීරයා රනිල් වික්‍රමසිංහ වන අතර, ඔහුගේ සහාය රටේ පැවැත්මට ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියයට ආසන්න පිරිසක් සමග රටේ කතා නො කරන බහුතර ජනතාව දැනටමත් තීන්දුවක් ගෙන හමාරය.
කාබනික පොහොර කතා කළේ පරිසර හිතකාමිත්වය නිසා නොව රටේ ආදායම සහ විදේශ සංචිත අඩුවීම නිසා බව රජරට උපන් චන්ද්‍රසේනලා ෂෙහාන් සේමසිංහලා තේරුම් ගෙන සිටියහ. බොරුව ඉවසා සිටිමේ සීමාව ඉක්මවා ගොස්ය. යහ පාලන යුගයේ මාර්ගස්ත ආරක්ෂාව වැඩි කිරීමට රථ වාහන වැරදි සඳහා නියමිත දඩ මුදල් ප්‍රමාණය වැඩි කළ අවස්තාවේ, ත්‍රී විලර් රියැදුරන් ගෙන්වූ මහින්ද රාජපක්ෂ තමන් බලයට පත්වූ වහා වැඩි කළ දඩ මුදල් අඩු කරන බවට දුන් පොරොන්දුව පමණක් රාජපක්ෂලාගේ දේශපාලනය තේරුම් ගැනීමට හොඳ උදාහරණකි.
ඊට සමගාමීව රනිල් ක්‍රියාත්මක කරන්නේ ජනතාව රවටන ප්‍රතිපත්ති නොවේ. රනිල් ගෙවුණ අවුරුදු දෙකක කාලය රට ගොඩ නැගුවේ ප්‍රීති ගෝඝා මැද බොරුවෙන් මිනිසුන් රවටා නොවේ. වර්ජන තර්ජන කටුක විවේචන හමුවේය. ලී ක්වාන් යූ සිංගප්පුරුව ගොඩ නැගීමේදි මුහුණ පෑ කටුක අතීතය ගැන එ රට ජනතාව හිතන්නේ තමන් රට ගොඩ නැගීමට කළ පරිත්‍යාගයක් හැටියටය.

මේ දෙ වර්ෂය තුළ රට ගොඩ ගැනීමේදී රනිල්ට සහාය දුන් තමන් තෝරා පත් කළ තරුණ නායකයන් සිය දේශපාලනය අවදානමට තල්ලූ කර රටේ යහපතට ක්‍රියා කළ බව රාජපක්ෂලාට මෙතෙක් ඔල්වරසන් දුන් සාමාන්‍ය ජනතාව තේරුම් ගෙන හමාරය. එපමණක් නොවේ. රනිල් රටේ නායකයා නොවුණා නම්, කන්චන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් වැනි තරුණ දේශපාලනඥයන්ට හැරමිටියෙන් යන තෙක් මැද මුලන හත්මුතු පරම්පරාවට කඹුරනවාට වඩා යමක් කිරීමට අවස්ථාව ලැඛෙන්නේ නැත. පසුගිය 31 වෙනි බදාදා ජනාධිපති වික්‍රමසිංහ ඉහත කී තරුණ දේශපානඥයන් 77දී ජේ.ආර්. සමග සිටි අයට දෙවෙනි නොවන බවට දුන් සහතිකය කිසිදාක රාජපක්ෂලාගෙන් නම් ලැඛෙන්නේ නැත.
1973දී ආර්.බී. රත්නමලලගේ අභාවයෙන් හිස්වූ කලාවැව ආසනයට අනුර බණ්ඩාරනායක පත් කිරීමට දැරූ උත්සාහයට එරෙහිව එදා රජරට නායක මෛත්‍රීපාල සේනානායක තුනෙන් දෙකක බලයක් අතැති බණ්ඩාරනායක මැතිනියට අභියෝග කළේය. 1963 ෂෙහාන් සේමසිංහගේ අත්තා(කේ.බී.රත්නායක)ට ජනා සේවයට දොර විවර කිරීමටත් මෛත්‍රීපාල එවැනිම සටනක් කළ බව නුවර කලාවිය දනිති. එහෙත් ශ්‍රී ලනිපයෙන් පොහොට්ටුවට බලය මාරුවූ පසුව ප්‍රාදේශීය නායකයන් සතු ඒ ශක්තිය රාජපක්ෂ පවුල විසින් ඩැහැ ගත්තා පමණක් නොවේ. රාජපක්ෂ පවුල් ව්‍යාප්ත වන විට වෙනත් ප්‍රදේශ කරා රාජපක්ෂලා මුදා හැරියාහ.
නාමල්ට ඉඩ දීමට මහින්ද කුරුණෑගලටත්, බැසිල් ගම්පහටත්, ශෂීන්ද්‍ර මොනරාගලටත් ගියේ එහෙමය. අද ඩලස් වීරයා වී සිටින්නේ නිපුන රණවක මාතරට ගෙනා වෛරයෙනි. දැන් ඩලස්ට රනිල්ට වඩා රිචඩ් සොයිසාගේ මිනිමරු පවුල හොඳය.

අප්‍රේල් අරගලය යනු ලංකාවේ අසාර්ථක පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප වීමකි. එහි ආරම්භක තුන් කුළුදුල් බිල්ල ගෝඨා බැසිල් මහින්ද වන අතර නාමල් අනතුරට සමීප බව තමන් ඉදිරිපත් නොවී කුකුල් බිල්ලක් සෙවීමෙන් තහවුරු වේ.
අරගලයට අවශ්‍ය ක්‍රමය යනු රනිල්ට ඒකාරශී වන පොහොට්ටු බහුරතයේ ආකල්පය විය හැකිය. රටේ යහපතට සූදානම් තරුණ දේශපාලනඥයන්ට රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙනු නිසැකය. තිස් අවුරුදු බල අරගලයෙන් හැමදාම පැරදුණ රනිල් මෙවර දිනුවොත් රට ගොඩය.
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com




