The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජපක්ෂලාගේ බලය රැක ගැනීම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 2, 2024 • 3:43 PM

රාජපක්ෂලාගේ බලය රැක ගැනීම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුරු කැමති වුණත් අකමැති වුණත් එම ජාතික ප්‍රමුඛතාවයන් සහ රාජපක්ෂලා ගහට පොත්ත මෙන් බැඳී සිටී.
  • අද නම් ඔවුන් දැන දැනම රාජපක්ෂලා දේශපාලනිකව ඝාතනය කර පොහොට්ටුව විනාශ කර මෙරට ඒකීය රාජ්‍යය, ජාතික චින්තනය සහ දේශීය ආර්ථිකය පරාජය කරන්නට වැඩ කරයි.
  • රනිල්ට සහාය දෙන සුසිල් ප්‍රේමජයන්ත් කියන්නේ රාජපක්ෂලා නැති වීම ඔවුන්ට වාසිදායක බවය.
  • අප කියන්නේ රාජපක්ෂලා අනිවාර්යෙන්ම සිය බලය රැක ගැනීමට කටයුතු කළ යුතු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

කවුරු කැමති වුණත් අකමැති වුණත් එම ජාතික ප්‍රමුඛතාවයන් සහ රාජපක්ෂලා ගහට පොත්ත මෙන් බැඳී සිටී. රාජපක්ෂලාට ඕන වුණත් ඔවුන්ට එම වගකීමෙන් මිදෙන්නට නොහැකිය.

zdfw45e

ඊනියා අරගලය ක්‍රියාත්මක වූයේ එකම එක අරමුණක් සඳහාය. එනම් රාජපක්ෂලා දේශපාලනිකව ඝාතනය කිරීම සඳහාය. රාජපක්ෂලා නැති වූ විට ඒකීය රාජ්‍යය, ජාතික චින්තනය, දේශීය ආර්ථිකය රැක ගන්නට නායකත්වයක් පෙනෙන තෙක් මානයක නොමැත. අරගලකරුවන් විසින් රාජපක්ෂලා ඉලක්ක කළේ ඒ නිසාය.


නමුත් කපන්න කපන්න දළුලන වෘක්ෂයක් මෙන් මොනවා කළත් රාජපක්ෂලා නැවත නැගී සිටී. ඒ නැගී සිටින්නේ ඒකීය රාජ්‍ය, ජාතික චින්තන, දේශීය ආර්ථික ප්‍රතිපත්ති සිය හදවතේ ගැඹුරුම තැන පැළ කරගත් මෙරට සාධාරණ මිනිසුන්ගේ ඓතිහාසික බලාපොරොත්තුවය. “මහින්ද මහත්තයා වෙනුවෙන් පණ වුණත් දෙනවා” කියා ඔවුන් කියන්නේ එයයි. මහින්ද යනු එම ජනතාවගේ දේශපාලන විඥානයේ අචල ආරම්මණයයි.

ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලසුමේ ප්‍රධානතම කොටස වූයේ ඔහු ළඟින්ම සිටි පුද්ගලයන් බා ගෙන ඔවුන් ලවා ගෝඨාභය ඝාතනය කිරීමය. ගෝඨාභය වැඩිපුරම විශ්වාස කළ කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා, දිලිත් ජයවීර වැන්නවුන් පමණක් නොව ඔහු විශ්වාස කළ මන්ත්‍රීවරුන් පවා සැබැවින්ම වැඩ කළේ ගෝඨාභයට එරෙහිවය. එය සනාථ කරන හොඳම සාක්ෂිය වන්නේ ගෝඨාභය විසින් පත් කළ ඇමතිවරුන් අද රාජපක්ෂලාට විරුද්ධව එළිපිටම වැඩ කිරීමය. අද ඔවුන් ගෝඨාභය මහතාට කතා කරන්නේවත් නැත.

fgye54656
දැන් ක්‍රියාත්මක වෙන්නේත් එයමය. රාජපක්ෂලා දේශපාලනිකව ඝාතනය කිරීම සඳහා වැඩියෙන්ම මහන්සි වෙන්නේ පොහොට්ටුවේම ඇමතිවරුන්ය. අද අරගලකරුවන් ඔවුන්ය. එදාත් ඔවුන් දැන හෝ නොදැන වැඩ කළේ අරගලයටය. අද නම් ඔවුන් දැන දැනම රාජපක්ෂලා දේශපාලනිකව ඝාතනය කර පොහොට්ටුව විනාශ කර මෙරට ඒකීය රාජ්‍යය, ජාතික චින්තනය සහ දේශීය ආර්ථිකය පරාජය කරන්නට වැඩ කරයි.


රනිල්ට ජනාධිපතිකම දුන් විට කියන්නෙත් රාජපක්ෂලා සිය බලය රැක ගන්න හදනවා කියාය. රනිල්ට සහාය නොදුන් විට කියන්නෙත් රාජපක්ෂලා සිය බලය රැක ගන්න හදනවා කියාය. එය පරස්පර කතාවකි. බොරු ප්‍රොපගැන්ඩාවකි. රනිල්ට සහාය දෙන සුසිල් ප්‍රේමජයන්ත් කියන්නේ රාජපක්ෂලා නැති වීම ඔවුන්ට වාසිදායක බවය. පොහොට්ටුවේ ඇමතිවරු ඉන්නෙත් එතනය. රාජපක්ෂලාට ආදරයට රනිල්ට සහාය දෙනවා නම් ඔවුන් සුසිල්ලා සමග සන්ධාන ගත වන්නේ නැත.

අප කියන්නේ රාජපක්ෂලා අනිවාර්යෙන්ම සිය බලය රැක ගැනීමට කටයුතු කළ යුතු බවය. රැක ගන්නවා යනු විපක්ෂයට යෑම නොවේ. ආණ්ඩු බලයම ගත යුතුය. රාජපක්ෂලාගේ බලය යනු ඔවුන්ගේ පුද්ගල බලයක් නොවේ. එය මෙරට සුවහසක් දේශප්‍රේමී ජනතාවගේ බලයයි. එය මේ රාජ්‍යයේ ඒකීය භාවය වෙනුවෙන් දිවි පිදූ ජාතික වීරයන්ගේ බලයයි. එය මේ රටේ ඉපැරණි සිංහල බෞද්ධ සංස්කෘතියේ බලයයි. එය අපේ දේශීය ව්‍යවසායකයාගේ බලයයි. ඒ බලය රැක ගන්නේ නැතුව වෙන අහවල් කෙන්ගෙඩියක් රැක ගන්නද! ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අගෝස්තු 2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...