The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'හරි පාර' : අයිස් කුට්ටියකින් වැඩක් ගමු : පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ගොඩනගමු ! - (රවී කරුණානායක)

T

The Leader Desk

August 3, 2024 • 10:27 AM

'හරි පාර' : අයිස් කුට්ටියකින් වැඩක් ගමු : පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ගොඩනගමු ! - (රවී කරුණානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කීයක් හරි අතමිට මොලවන්න සිද්ධ වෙන, පොඩි මනුස්සයන්ට ගොරවන, ලොකු ලොක්කන් ඉස්සරහා දෙකට නැවෙන, ගති ස්වභාවයක් තමයි ඒ හරහා නිරූපනය වෙන්නේ.
  • මොකද අඳුනන කෙනෙක් නැත්නම් , මේ කපේ ඒ වැඩේ කරගන්න ලැබෙන්නේ නෑ, කියලා වගේම, නැත්නම් ලොකු රස්තියාදුවක් වෙන්න වෙන බවත් මිනිස්සු අත්දැකීමෙන් දන්නවා.
  • ඒ කියන්නේ වත්මන් රාජ්‍ය සේවය ගැන ජනතාවට තියන පොදු මතය තමයි, එයින් කාර්යක්ෂම, සුහදශීලී සේවයක් ලැබෙන්නේ නැති බව. රජයේ වැටුප් ලබන ප්‍රමාණය සැලකුවොත් ලංකාවේ ශ්‍රම බලකායෙන් එය පහෙන් එකක් පමණ වෙනවා.
  • එක පැත්තකින්, කඩිනම් සුහදශීලී නැති බවට ජනතාව චෝදනා නගනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

Ravi Hari para logoකීයක් හරි අතමිට මොලවන්න සිද්ධ වෙන, පොඩි මනුස්සයන්ට ගොරවන, ලොකු ලොක්කන් ඉස්සරහා දෙකට නැවෙන,  ගති ස්වභාවයක් තමයි ඒ හරහා නිරූපනය වෙන්නේ. ඔය තමයි ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවේ රාජ්‍ය සේවකයා. සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකින් සේවයක් ගන්න යන්න කලින් එතන අඳුනන කෙනෙක් ඉන්නවාද කියලා හොයලා බලන තැනට මිනිස්සු පත්වෙලා ඉන්නේ. මොකද අඳුනන කෙනෙක් නැත්නම් , මේ කපේ ඒ වැඩේ කරගන්න ලැබෙන්නේ නෑ, කියලා වගේම, නැත්නම් ලොකු රස්තියාදුවක් වෙන්න වෙන බවත් මිනිස්සු අත්දැකීමෙන් දන්නවා. ඒ කියන්නේ වත්මන් රාජ්‍ය සේවය ගැන ජනතාවට තියන පොදු මතය තමයි, එයින් කාර්යක්ෂම, සුහදශීලී සේවයක් ලැබෙන්නේ නැති බව. 

රජයේ වැටුප් ලබන ප්‍රමාණය සැලකුවොත්  ලංකාවේ ශ්‍රම බලකායෙන් එය පහෙන් එකක් පමණ වෙනවා. ජනගහණයෙන් දහයෙන් එකක් රාජ්‍ය සේවකයන් ඉන්නවා. වෙනත් රටවලට සාපේක්ෂව ගත්තොත් අසාමාන්‍ය රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් අපට ඉන්නවා.  ප්‍රශ්නය වෙන්නේ මේ ප්‍රමාණයේ, නෙවෙයි ගුණාත්මක භාවයේ. එක පැත්තකින්, කඩිනම් සුහදශීලී නැති බවට ජනතාව චෝදනා නගනවා. ඵලදායි නැති බවට කළමනාකරණ න්‍යාය හමුවේ තහවුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ රාජ්‍ය සේවකයන් අති බහුතරයක් ඔවුන් සිදුකරන රැකියාව සම්බන්ධව තෘප්තිමත් නැති බවත් අනාවරණය වෙලා තියෙනවා.

 

රජයේ කාර්යාලයක වැඩ කරන, වෙලාවට වැඩක් නොකරන, වැඩක් ගන්න නම් කීයක් හරි අතමිට මොලවන්න සිද්ධ වෙන, පොඩි මනුස්සයන්ට ගොරවන, ලොකු ලොක්කන් ඉස්සරහා දෙකට නැවෙන,  ගති ස්වභාවයක්

ඒ අතෘප්තිය කොතරම් නරක ලෙස එළියට එනවද කිව්වොත්, තමන් වැටුප් ලබන්නේ මහජන බදු මුදලින් බව අමතක වෙලා තියෙනවා. ඒ ජනතාවට පෙරලා සේවය සැපයීම තමන්ගේ වගකීම බව අමතක වෙලා තියෙනවා. වැඩක් කරගන්න එන මනුස්සයෙක්ව " හතුරෙක්" වගේ දැකීම ඉතාම බරපතළ තත්ත්වයක්. ශිෂ්ට සම්පන්න රටක සිදු නොවිය යුතු දෙයක්. 


සාමාන්‍යයෙන් රාජ්‍ය බදු ආදායමෙන් 50%ක් පමණ මේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට වැය කරනවා. 2021 සහ  2022 අවුරුදු සැළකුවහොත් රාජ්‍ය බදු ආදායමෙන් 80%ක් පමණ වැටුප් ගෙවීමට වැයකර තියෙනවා. ඒ කියන්නේ ඉතාම පැහැදිළිව මෙතන ගැටළුවක් තියෙනවා. අන්න ඒ ගැටලුව නිසාම තමයි මේ පාර හරි පාර ඔය වෙනුවෙන් වෙන් කරනවා.

salarycommissionසාමාන්‍යයෙන් රාජ්‍ය බදු ආදායමෙන් 50%ක් පමණ මේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම

 

1833  කෝල්බෲක් ප්‍රතිසංස්කරණ එක්ක ලංකාවේ රාජ්‍ය සේවය ඇරඹෙන්නේ , රාජ්‍ය ආදායම් සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පදනම් කරගනිමින්. ඔවුන්ගේ කාර්‍ය විදිහට නියම වුණේ, යටත් විජිත රජු හෝ  රැජිණගේ අණ ක්‍රියාවේ යෙදවීම. ඔබලා අහලා ඇති ඉස්සර රාජ්‍ය ආයතන සහ නිලධාරීන් හඳුන්වපු ආකාරය. රජයේ වැඩ දෙපාර්තමේන්තුව , ආණ්ඩුවේ ඒජන්ත වගේ නම් තමයි එහිදී තිබුණේ. කොහොම නමුත් මේ විදිහට ඇරඹෙන රාජ්‍ය සේවය පසුකාලීනව යාවත්කාලීන වුණාද ? එහෙමත් නැත්නම් නූතන තත්ත්වයට ගැළපෙන ලෙස වෙනස් වුණාද කියන ප්‍රශ්නය තියෙනවා.  මේ රට නිදහස ලබන සමයේ තිබු සෝල්බරි ව්‍යවස්ථාව, 1972 ජනරජ ව්‍යවස්ථාව වගේම 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස ප්‍රධාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ 3ක් පැමිණියත් රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය නොවීමේ ගැටලුව ඉතුරුවී තියෙනවා. ඒ ව්‍යවස්ථා තුනේදිම ජනතා පරමාධිපත්‍යය මූලික බව අවධාරණය කර තිබුණත් පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ස්ථාපිත කරගන්න අසමත් වෙලා තියෙනවා.


රාජ්‍ය සේවක කාර්ය භාරය වෙන්නේ මහජන පරමාධිපත්‍ය වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීම. නමුත් රාජ්‍ය අංශය තවමත් හැසිරෙන්නේ ඔවුන් රැජිණගේ නියෝගයට ක්‍රියාකරන ආකාරයට. දැන් ඉන්නේ යටත් වැසියන් නොව පුරවැසියන් බව ඔවුන්ට අවිඥානික වෙලා. ඒ නිසා තමයි සාමාන්‍ය පුරවැසියෙක් රාජ්‍ය අංශයේ සේවයක් ලැබීමට ආවම, දැනෙන භාෂාවෙන් කිව්වොත්" පොඩ්ඩක් වාත වෙන්න" සිද්ධ වෙන්නේ. ඒ නිසා මුලින්ම අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි, පරමාධිපත්‍ය බලය දැන් රැජිනගෙන් ජනතාව සතු වෙලා තියෙන්නේ. ඒ නිසා රාජ්‍ය සේවය කියන්නේ, මහජන පරමාධිපත්‍ය වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීමයි. ඒ හරහා ජනතාවට සේවය සැපයීමයි. නමුත් මෙරට තුළ මේ කාරණය කොච්චර විකෘති වෙලාද කිව්වොත්, දැන් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට යෙදවීම ප්‍රතික්ෂේප කරන, ඊට එරෙහිව වැඩ වර්ජන තර්ජන සිදුකරන තැනට ඇතැම් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති පත්ව තියෙනවා. ඇතැම් දේශපාලන පක්ෂ තම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මකවීම වළක්වාලන්න මේ වෘත්තීය සමිති මෙහෙයවනවා. 

නමුත්  දැන් මේ කියන දේ  එක් එක් රාජ්‍ය සේවකයා සතු ප්‍රශ්නයක් විදිහට ගත්තොත් අපිට වරදිනවා. මේක අපි සළකන්න ඕන රාජ්‍ය සේවකයාගේ වරදක් විදිහට නෙවෙයි, රාජ්‍ය අංශය නිසි ලෙස ප්‍රතිසංස්කරණය නොවීමේ, යාවත්කාලීන නොවීමේ අර්බුදයක් විදිහටයි. ඒ නිසා මේ ගැන කවුරුත් හිතේ අමාරු ඇතිකර ගන්න අවශ්‍ය නෑ. නමුත් මේ විදිහට ඉස්සරහට යන්නත් බෑ.  එහෙනම් අපි කොතනින්ද පටන් ගන්නේ ?

 

banksනමුත් පෞද්ගලික බැංකු රුපියල තැම්පත්කරන ගනුදෙනුකරුවාටත්, කෝටියක් තැම්පත්කරන ගනුදෙනුකරුවාටත් එක විදිහට සළකමින්, "ගනුදෙනුකාරභවතුන් බැංකුවේ ජීවයයි", වගේ සංකල්ප ගෙනත්, ගනුදෙනුකරුවන්ට බොහොම වැදගත් විදිහට අමාන්ත්‍රණය කරන, ඔවුන්ව රස්තියාදු නොකරන, ගනුදෙනු කාර්යක්ෂම කරන ක්‍රමවේද

ඔබට මතක ඇති කාලයක් තිබුණා, රාජ්‍ය බැංකුවකට ගියහම ලේසියෙන් ණයක් ගන්න බැරි. සත පනහකට ගනුදෙනුකරුවාව ගණන් නොගන්න. නමුත් පෞද්ගලික බැංකු රුපියල තැම්පත්කරන ගනුදෙනුකරුවාටත්, කෝටියක් තැම්පත්කරන ගනුදෙනුකරුවාටත් එක විදිහට සළකමින්, "ගනුදෙනුකාරභවතුන් බැංකුවේ ජීවයයි", වගේ සංකල්ප ගෙනත්, ගනුදෙනුකරුවන්ට බොහොම වැදගත් විදිහට අමාන්ත්‍රණය කරන, ඔවුන්ව රස්තියාදු නොකරන, ගනුදෙනු කාර්යක්ෂම කරන ක්‍රමවේද හරහා ක්‍රියාත්මක වුණා. ඒ එක්ක අද වෙනකොට අපි දකින දේ තමයි, පෞද්ගලික බැංකු වලට තරගයක් දෙන ආකාරයට රාජ්‍ය බැංකුත් ඒ ආකාරයටම කටයුතු කරන බව. 


මම හිතන්නේ මෙන්න මේ වෙනස රාජ්‍ය අංශය ඇතුළට ගේන්න පුළුවන්. ඒ එක්කම මේ වන විට ක්‍රියාත්මක එක වැඩක් වෙනුවෙන් සේවකයන් 10 ක ක්‍රමවේදය වෙනුවට, හැකි සෑම අංශයක්ම ඩිජිටල්කරණය කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි ඔබ දැක ඇති, රාජ්‍ය අංශයේ සියලු දෙනා අග්‍රහාර රක්ෂණාවරණය ලබාගන්නවා. ඒ හරහා පෞද්ගලික රෝහල් වල සේවය ලැබීමට ඔවුන්ට අවස්ථාව හිමි වෙනවා. නමුත් මේ උදවිය ඔවුන් රාජකාරි කරන අංශය, කාර්යක්ෂම කරන්න, ඵලදායි කරන්න පෞද්ගලික අංශය සමඟ බද්ධ කිරීමට තියා, පෞද්ගලික කියන අකුරු ටික ඇහෙනකොට වර්ජන පටන් ගන්නවා. මෙන්න මේ දෙබිඩි ස්වභාවයද වෙනස් විය යුතු බව මගේ අදහසයි. ඇතැම් සේවා සැපයීම පෞද්ගලික අංශය හරහා සිදුකල හැකි නම් අපි ඊට අවස්ථාව දිය යුතුයි. 

 

image 47faffab94මේ උදවිය ඔවුන් රාජකාරි කරන අංශය, කාර්යක්ෂම කරන්න, ඵලදායි කරන්න පෞද්ගලික අංශය සමඟ බද්ධ කිරීමට තියා, පෞද්ගලික කියන අකුරු ටික ඇහෙනකොට වර්ජන පටන් ගන්නවා.

උසස්වීම් සහ වැටුප් වර්ධක ගෙවීමේ ක්‍රමවේද පවා වෙනස් විය යුතුයි. කුසලතාව මත පදනම්ව ඒ දේවල් සිදුවිය යුතුයි. අතිකාල ලැබීම සම්බන්ධව පවා එහෙමයි. නිකරුණේ කාර්යාල තුළ කාලය වැයකිරීම අතිකාල ලැබීමට සුදුසුකමක් නොවෙයි. අතිකාල ;ලැබීමට නම් ඵලදායි කටයුත්තක් රාජකාරි වේලාවෙන් බැහැරව සිදුවිය යුතුයි. වැඩියෙන් වැඩකරන, හරියට වැඩ කරන, සේවය වෙනුවෙන් කැපවූවන්ට ඊට සුදුසු වැටුපක් ලැබීමට අවස්ථාව ලබාදිය යුතුයි. උදාසීන සේවකයන් එම තත්ත්වයෙන් මිදී වැඩකරන තැනට එන්න උත්තේජනය වන්නේද එවිටයි. එවැනි ක්‍රමයකට පුළුවන් රාජ්‍ය අංශයේ ඇති සේවක අතෘප්තියත් අවසන් කරන්න. ඇත්තටම රටේ ආර්ථික ප්‍රතිපත්තියේ සිට අධ්‍යාපන ඇතුළු සියලු ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කරන මේ පසුබිමේ රාජ්‍ය අංශය ද ප්‍රතිසංස්කරණය වෙන්න ඕන සහ ඊට සුදුසුම වෙලාවත් මේ බව මගේ අදහස වෙනවා.

හැබැයි වැඩ නොකිරීම, රාජකාරි පැහැර හැරියත්, මහජන බදු මුදලින් වැටුප් ගැනීම වෘත්තීය අයිතිවාසිකමක් කරගත් වෘත්තීය සමිති ඇතුළු ඒ පිටුපස හැංගිමුත්තන් කරන දේශපාලන පක්ෂ එක්ක මේ ප්‍රතිසංස්කරණ දියත් කිරීම පහසු නෑ. ඒකට අවශ්‍ය වෙනවා, ආණ්ඩුකරණය ගැන දැනුම අත්දැකීම වගේම පළපුරුද්ද ඇති පාලනයක්. ජනප්‍රිය වැඩ වෙනුවට අවශ්‍ය දේ කරන පාලනයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ අන්න ඒ වගේ පාලනයක් ඇති කළ හැකි නායකයෙක්. 


(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk

[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]


සබැඳි ලිපි:

'හරි පාර' : අලුත් දේශපාලන සිතියමේ අපි සිටිය යුත්තේ කොතනද ? - (රවී කරුණානායක)

'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)

හරි පාර : හොඳටම කරන්න ඉල්ලන විපක්ෂය සහ රටවල් 4ක කතාව ! - (රවී කරුණානායක)

හරි පාර : ආපසු හැරෙන්න බෑ ! - (රවී කරුණානායක)

ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)

වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම  ! - (රවි කරුණානායක)

ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)

හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...