The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

ඔබට සතුටුයිද දැන්? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 4, 2024 • 5:35 PM

ඔබට සතුටුයිද දැන්? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොට්ටුව සූරා සූරා ගත හැකි මන්ත්‍රීවරුන් කාංචන විජේසේකර විසින් රනිල්ගේ ඔඩොක්කුවේ නිදි කරවා ඇත.
  • ඒ පිළිබඳව අපේ පිළිකුල ප්‍රකාශ කරන අතර ඔවුන් අපේ පක්ෂයට හානියක් කළ බවද අපි පිළිගනිමු.
  • අපේ කඳවුරේ මතය වෙනුවෙන් ඡන්දයක් දෙන්න අවස්ථාවක් දිය යුතුයි.
  • සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක eranda.ginige@gmail.com 2024 අගෝස්තු 4.
අකුරු ප්‍රමාණය (Font Size):

පොහොට්ටුව සූරා සූරා ගත හැකි මන්ත්‍රීවරුන් කාංචන විජේසේකර විසින් රනිල්ගේ ඔඩොක්කුවේ නිදි කරවා ඇත. ඔවුන්ගේ ගුණමකු දේශපාලනය මනාව සහතික කර ලොවට පෙන්වා තිබේ. ඒ පිළිබඳව අපේ පිළිකුල ප්‍රකාශ කරන අතර ඔවුන් අපේ පක්ෂයට හානියක් කළ බවද අපි පිළිගනිමු. ඒත් කමක් නැත.


රටේ ඒකීයත්වය, ජාතික චින්තනය සහ දේශීය ආර්ථිකය වෙනුවෙන් තවත් විශාල පිරිසක් පක්ෂය සමග නොවෙනස්ව රැඳී සිටී. දැන්වත් අපට එම දේශපාලන මතය දරන්න ඉඩ දෙන්න. මහින්ද රාජපක්ෂගෙන් ගත හැකි සියල්ල ගෙන, බැසිල් රාජපක්ෂ නිර්මාණය කළ පක්ෂයෙන් කොටසකුත් මංකොල්ල කා ගෙන, පොහොට්ටුව වෙනුවෙන් ඡන්දය දුන් හැටනව ලක්ෂයක් ජනතාවගේ හිස මතට සුළු දිය පහ කර, රනිල් හාමු ළඟට ගියා නම් දෙයියන්ගේ නාමයෙන් දැන් උඹලා පොහොට්ටුව අත් හැරලා රනිල්ව දිනවන්න වැඩ කරපල්ලකෝ… මොකටද තවත් පොහොට්ටුවේ පාක්ෂිකයන් සමග ඇමිනෙන්න එන්නේ!


අපේ පක්ෂයේ ප්‍රතිපත්ති නියෝජනය කරන අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා. ජනතාවට අවස්ථාව දෙන්න ඔවුන් කැමති තීරණය ගන්න. අපේ කඳවුරේ මතය වෙනුවෙන් ඡන්දයක් දෙන්න අවස්ථාවක් දිය යුතුයි. ඒක තමයි ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය. මේක හරියට පොහොට්ටු කාර්යාලයට කඩා පැන්න ම්ලේච්ඡ අරගලකාරයන් වගේ බලහත්කාරයෙන් සමස්ත දේශපාලන කඳවුරක් මර්දනය කරන්න හැදීමක්නේ. මවකගේ කිරි බිව් පොහොට්ටුවේ සෑම පාක්ෂිකයෙක්ම මේ සහගහන අසාධාරණයට එරෙහිව පක්ෂය වෙනුවෙන් පෙනී සිටින නායකයන් සමග උරෙන් උර සිට ගත යුතුය. ධර්මය අපට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

eranda.ginige@gmail.com

2024 අගෝස්තු 4

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔබට සතුටුයිද දැන්? - (එරන්ද ගිනිගේ) | The Leader