The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

බංගලාදේශය උඩු යටිකුරු කෙරුණේ ඇයි? - (කුසල් පෙරේරා)

T

The Leader Desk

August 6, 2024 • 6:09 AM

බංගලාදේශය උඩු යටිකුරු කෙරුණේ ඇයි? - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රෙහානා සමග ඇයගේ ඩකා හි ගොනො-භාබන් නිල නිවස අත හැර, හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාවේ ඊසානදිග ත්‍රිපූර් ප්‍රාන්තරයේ අග නගරය වන අගර්තාලා වෙත පැමිණ තිබිණ. ඇයගේ අවසාන නැවතුම ඇතැම් විට එංගලන්තය විය හැකි යැයි අනුමාන ඇත.
  • දැනට ඇය නව දිල්ලිය බලා පිටත්ව ඇතැයි වාර්තා වේ.
  • මෙය ලංකාවට, බංගලාදේශයට පමණක් නොව, යෝධ ආර්ථික ලෙස කතා කෙරෙන ඉන්දියාවට හා චීනයටද එසේම ය.
  • එහෙත් ආර්ථික වර්ධනය සමග බංගලාදේශයේද දුප්පත්කම පුදුමාකාර ලෙස අඩු කෙරුණේ යැයි කියති.
අකුරු ප්‍රමාණය (Font Size):

රෙහානා සමග ඇයගේ ඩකා හි ගොනො-භාබන් නිල නිවස අත හැර, හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාවේ ඊසානදිග ත්‍රිපූර් ප්‍රාන්තරයේ අග නගරය වන අගර්තාලා වෙත පැමිණ තිබිණ. 

ඇයගේ අවසාන නැවතුම ඇතැම් විට එංගලන්තය විය හැකි යැයි අනුමාන ඇත. දැනට ඇය නව දිල්ලිය බලා පිටත්ව ඇතැයි වාර්තා වේ.

 

1665911203 Bangladesh hopeful Sri Lanka will repay on time 6ශ්‍රී ලංකාවට ඩොලර මිලියන 200 ක කෙටි කාලීන ණයක් බංගලාදේශය දුන් විට, බංගලාදේශ ආර්ථිකයේ වර්ධනය ගැන පාරම්බෑවෝ

දෑවුරුද්දකටත් ඉහතින් මහා ආර්ථික අගාධයකට වැටී සිටි ශ්‍රී ලංකාවට ඩොලර මිලියන 200 ක කෙටි කාලීන ණයක් බංගලාදේශය දුන් විට, බංගලාදේශ ආර්ථිකයේ වර්ධනය ගැන පාරම්බෑවෝ, ඒ වන විට බංගලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර බිලියන 04.7 ක ණයක් ලබා ගෙන ඔවුන්ගේ විදේශ විනිමය අර්බුදය ගැට ගසා ගන්නේ යැයි නොදැන සිටියහ.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනතුරු  ඇඟවීමක්ඒ වෙනුවෙන් යොදා ගන්නා දළ ජාතික නිෂ්පාදනය, ආර්ථික වර්ධන වේගය, ඒක පුද්ගල ආදායම, උද්ධමනය වැනි නිර්ණායකද රටේ බහුතර ජනතාවට අදාල නැත.

 

ගෝලීය වෙළඳපල ආර්ථිකයෙහි රටක ආර්ථික වර්ධනය ගණන් හදන්නේ එහි ප්‍රධාන නගරවලට සීමා වී සිදුකෙරෙන වෙළඳාම සමග නගරයට එකතුවන ලාභය අනුවය. එය රටේම ආදායම යැයි ගණන් හදන්නේ වංචාකාරී බලයක් වෙනුවෙනි. ඒ වෙනුවෙන් යොදා ගන්නා දළ ජාතික නිෂ්පාදනය, ආර්ථික වර්ධන වේගය, ඒක පුද්ගල ආදායම, උද්ධමනය වැනි නිර්ණායකද රටේ බහුතර ජනතාවට අදාල නැත. මෙය ලංකාවට, බංගලාදේශයට පමණක් නොව, යෝධ ආර්ථික ලෙස කතා කෙරෙන ඉන්දියාවට හා චීනයටද එසේම ය.

 

බංගලාදේශයෙහි ආණ්ඩු පෙරැලියද එවැනිම බරපතල විෂමතා හේතුවෙන් අවුරුදු ගණනාවක් වාර්ගික හා ආගමික මූලධර්මවාදී ව්‍යාපාර යටතේ කොටුකර තිබුණු ජනතා අප්‍රසාද හා විරෝධතා පාරට පැමිණීමෙන් සිදු වූවකි. විශේෂයෙන් නාගරික සමාජයේ පහළ ස්ථර අතර කැකෑරෙමින් තිබූ අර්බුදයකි. එහෙත් ආර්ථික වර්ධනය සමග බංගලාදේශයේද දුප්පත්කම පුදුමාකාර ලෙස අඩු කෙරුණේ යැයි කියති. අවුරුදු 20 ට පෙර දෛනිකව ඩොලර 02.15 ට අඩුවෙන් උපයන සියයට 40 ට වැඩි වූ දුප්පතුන් ප්‍රතිශතය 2022 වන විට, සියයට 05.0 ට අඩුව ඇතැයි කියති. දුප්පත්කම රුපියල් සත වලට (මුදලට) සීමා කළ විට ඇතිවන අවුල බංගලාදේශය අද කදිමට කියා දුන්නකි.

1576680212නාගරික මුඩුක්කු වතුවල හා තේ වතුවල තත්ත්වය වඩාත් බරපතල ය.

 

යුනිසෙෆ් ආයතනයට අනුව බංගලාදේශයේ වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර මන්දපෝෂණය ඉතා ඉහළය. සියයට 28 ක් දරුවන් අඟුටු මිටි වන්නේය. තවත් සියයට 10 ක් කායිකව ක්ෂය වන්නේය. නාගරික මුඩුක්කු වතුවල හා තේ වතුවල තත්ත්වය වඩාත් බරපතල ය. කාන්තාවන් අතර නූගත්කමද ඉහළ ය. එනිසා එවැනි පවුල්වල දරුවන්ගේ මන්දපෝෂණයද ඉහළය.

දෙවසරකට පෙර බංගලාදේශ සංගණන බියුරෝව විසින් 2022 දී සිදු කළ ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව ජාතික ආදායමෙන් සියයට 30.04 ක් අත්පත් කර ගනු ලබන්නේ ධනවත්ම පවුල් සියයට 05 විසින් ය. ඊට අමතරව බංගලාදේශයේ ධනවත්ම පවුල් සියයට 10 විසින් ජාතික ආදායමෙන් සියයට 40.92 ක් බුක්ති විඳිති. ඔවුන්ගේ දිළිඳු පවුල් සියයට 50 ට ලැබෙන්නේ ජාතික ආදායමෙන් සියයට 19.05 කි. මේ දුප්පත් පවුල් සියයට 50 ට ලැබෙන සොච්චම් ආදායම දෛනිකව ඩොලර 02 ට යන්තමින් වැඩි වන විට ඔවුන් දුප්පතුන් ලෙස වාර්තා වන්නේ නැත. නමුත් ඔවුනට අහිමි වන්නේ ජාතික ආදායමෙන් සාධාරණ පංගුවක් පමණක්ම නොවේ. අධ්‍යාපනය, සෞඛ්‍ය හා අනෙක් රාජ්‍ය සේවා පොදු පහසුකම් පවා ඔවුන්ට විශාල වශයෙන් අහිමි වන්නේය. පසුගිය අවුරුද්දේ ප්‍රමාණවත් දෛනික ආහාරයක් නොලැබුණු පුද්ගලයින් මිලියන 37.7 ක් වූයේ යැයි ගණන් බලා ඇත.

 

34d15b3461අති බහුතරයක් නාගරික හා අර්ධ නාගරික සමාජය අයත් වන්නේ නිදහස් ජාතික ආර්ථිකයෙන් පිටමං කෙරෙන සහ එහි වාටිය අද්දර රැඳෙන එවැනි පෑගෙන දුප්පත් සමාජ ස්ථරයකට ය.

අති බහුතරයක් නාගරික හා අර්ධ නාගරික සමාජය අයත් වන්නේ නිදහස් ජාතික ආර්ථිකයෙන් පිටමං කෙරෙන සහ එහි වාටිය අද්දර රැඳෙන එවැනි පෑගෙන දුප්පත් සමාජ ස්ථරයකට ය. ඉන් ගොඩ එන්නට දරුවන්ට රජයේ රැකියා ලබා දීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් අතිශය අසීරුකම් මැද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරති. ඔවුන්ගේ දුප්පත්කම වඩාත් කුරිරු වන්නේ එවැනි කැප කිරීම් හමුවේය. මේ බංගලාදේශ කැරැල්ල ඔවුන්ගේ කැරැල්ලකි. ඔවුන්ගේ දරුවන්ගේ කරැල්ලකි.

y5මේ බංගලාදේශ කැරැල්ල ඔවුන්ගේ කැරැල්ලකි. ඔවුන්ගේ දරුවන්ගේ කරැල්ලකි.

 

එය ඉකුත් ජුලි 01 වන දින ආරම්භ වන්නේ අගමැතිනි ෂෙයික් හසිනා විසින් රජයේ රැකියා සළාක ක්‍රමය අධිකරණ තීන්දුවක් අනුව නැවත ක්‍රියාත්මක කිරීමට 2024 ජුනි මස පියවර ගැනීමත් සමගය. එය ඇයගේ පියා, බංගලාදේශයේ නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමියෙකු සහ පළමු අගමැති වූ ෂෙයික් මුජිබුර් රහ්මන් විසින් විමුක්ති ව්‍යාපාරයේ සටන්කාමීන් වෙනුවෙන් 1972 දී ආරම්භ කළ රැකියා ලබාදීමේ වරප්‍රසාදයක් විය. විටින් විට සශෝධනය කරමින් ක්‍රියාත්මක කෙරුණු මේ සියයට 30 ක රැකියා සළාකයට ජාතික ආර්ථිකයෙන් පිටමං කෙරෙන සහ එහි වාටිය අද්දර රැඳෙන පෑගෙන සමාජ ස්ථරයන්හි අලුත් පරම්පරා විරුද්ධ වූවත් එය තම දරුවන් හා මුණුපුරන් සඳහා වරප්‍රසාදයක් ලෙස රැක ගැනීමට විමුක්ති ව්‍යාපාරයේ වූ පැරණි සටන්කාමීන් ඊට දේශප්‍රේමී වර්ණයක්ද ලබා දුන්හ. එහෙත් 2018 දෙසැම්බරයේදී පැවැත්වෙන මැතිවරණයේ මේ අලුත් තරුණ ඡන්ද වෙනුවෙන් 2018 මාර්තුවේදී අගමැතිනි ෂෙයික් හසිනා විසින් විමුක්ති සටන්කාමීන් ගේ සියයට 30 ක රැකියා සළාකය අහෝසි කළේ ය.

අගමැතිනි හසිනාගේ ඒ තීන්දුවට විරුද්ධව විමුක්ති ව්‍යාපාරයේ පැරණි සටන්කාමී පවුල් කිහිපයක් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් බංගලාදේශයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔවුන් කළ කැප කිරීම් වෙනුවෙන් එය තම පවුල්වලට ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව අධිකරණය විසින් සියයට 30 ක සළාකය සම්බන්ධයෙන් 2024 ජුනි ආරම්භයේ ඔවුන්ගේ තීන්දුව ලබා දෙමින් එය නැවත තහවුරු කළ අතර, අගමැතිනි හසිනා එය ක්‍රියාත්මක කළා ය.

 

ජුලි 01 වන දින විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උද්ඝෝෂණ ආරම්භ කළහ

එය නැවත ක්‍රියාත්මක කිරීමට එරෙහිව හසිනාගේ ආණ්ඩුවට විරුද්ධව ඉකුත් ජුලි 01 වන දින විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උද්ඝෝෂණ ආරම්භ කළහ. අගමැතිනි හසිනා ඊට ප්‍රතිචාර දැක්වූයේ අතිශය දරුණු මර්දනයකින් ය. ඇය ශිෂ්‍ය උද්ඝෝෂණ වලට එරෙහි මැර ප්‍රහාර සඳහා ඇයගේ අවාමි පක්ෂයේ තරුණ සංවිධානය වන “ච්චත්‍රා ලීගයද” යොදවනු ලැබුවාය. පළමු සතියේ ආණ්ඩුවේ සන්නද්ධ මර්දනයෙන් මිය ගිය සංඛ්‍යාව 30 ක් විය. ඒ සමග ආර්ථික පීඩනයට බරපතල ලෙස හසුව ඉන්නා නාගරික සමාජයේ පහළ ස්ථර නියෝජනයද ශිෂ්‍ය විරෝධයට හවුල් විය. උද්ඝෝෂණ වලට එරෙහි අනවශ්‍ය දරුණු මර්දනයකට අගමැතිනි හසිනා යොමු කරනු ලැබූයේ හමුදා බුද්ධි අංශයේත් හමුදාවේත් ඉහළ නිලධර පිරිසක් යැයි දැන් ඉන්දීය දේශපාලන විචාරකයින් අතර අදහසක් වන්නේය.

ෂෙයික් හසිනා ඉල්ලා අස්විය යුතු යැයි වන සටන් පාඨය ප්‍රධානම සටන් පාඨය වූයේ ඒ අනුවය.

 

ඉකුත් ජුලි 21 වන දින බංගලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සළාක ප්‍රතිශත සංශෝධනය කරමින් සුදුසුකම් අනුව ලබා දිය යුතු රැකියා ප්‍රතිශතය සියයට 93 ක් යැයි තීන්දු කළේය. එහෙත් ඒ වනවිට බරපතලම විරෝධය ගොනුව තිබූයේ රාජ්‍ය මර්දනය හේතුවෙන් මිය ගිය 200 ට වැඩි පුද්ගලයින් සම්බන්ධයෙනි. තවත් දහස් ගණනක් තුවාල ලැබුවන් සහ 3,000 ට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ය. අගමැතිනි ෂෙයික් හසිනා ඉල්ලා අස්විය යුතු යැයි වන සටන් පාඨය ප්‍රධානම සටන් පාඨය වූයේ ඒ අනුවය. ඇයට අගමැතිකමත් රටත් අත හැර යන්නට සිදුවන විට 300 ක් පුද්ගලයින් ඝාතනය වී යැයි වාර්තාවී තිබිණ. 

 

බංගලාදේශය උගන්වන බරපතල දේශපාලන ඉගැන්වීම සාරාංශගත කළහොත් එය මෙවැනි ය. නිදහස් වෙළඳපල ආර්ථිකයක් යනු “සංවර්ධන” සැළැසුමක් නොවේ. එය තරගකාරී වෙළඳපලක් පමණි. ධනවත් සුළුතරයක් වෙනුවෙන් ඒ නාගරික වෙළඳපලින් බහුතර ජනතාවක් දුප්පතුන් ලෙස අතහැර දැමෙන්නේය. එය ආවේණිකව දූෂිත, නිදහස් වෙළඳපල ආර්ථිකයෙන් අතහැර දමන බහුතර ජනතාව ආගමික හා වාර්ගික ආධිපත්‍ය වෙනුවෙන් ගාල් කර ගන්නා දේශපාලනයක් නඩත්තු කරන්නකි. එහෙත් දුප්පත් පොහොසත් පරතරය නොකඩවා වර්ධනය වන විට, බහුතර ආගමික, වාර්ගික දේශප්‍රේමයකට ඒ ජනතාව නතු කර ගැනීමට නොහැකි වන විට, විසඳුම ලෙස පාලකයින්ට ඉතිරි වන්නේ මර්දනය පමණි. එවැනි වෙළඳපල ආර්ථිකයක තව දුරටත් ජීවත්වීමේ අරුතක් තිබේදැයි වන ප්‍රශ්නය නිරුවත්ව දුප්පත් සමාජ හමුවේ මතුවන විට, ඔවුහු මර්දනය නොතකා ආණ්ඩුව පලවා හැරීමට පසුබට නොවන්නාහ.

ඊළගට සිදු වන්නේ කුමක්දැයි යන්නට උත්තර නැතිව පාරට බසින විරෝධතා විසින් එවැනි රටවල ඊළග විකල්පය ලෙස ගෙනෙන්නේ හමුදා පාලනයක් බවය

 

බංගලාදේශයෙන් උගෙන ගත යුතු අනෙක් වැදගත්ම පාඩම වන්නේ, ඊළගට සිදු වන්නේ කුමක්දැයි යන්නට උත්තර නැතිව පාරට බසින විරෝධතා විසින් එවැනි රටවල ඊළග විකල්පය ලෙස ගෙනෙන්නේ හමුදා පාලනයක් බවය. ඊයේ (අගෝස්තු 05) රාත්‍රියෙහි හමුදාපති ජනරාල් වකෙර්-උස් සමාන් යටතේ අන්තර් වාර පාලනයක් ස්ථාපිත කෙරෙන බවට වාර්තා වන්නේය.

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 අගෝස්තු 05 වන දින

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...