එහෙයින් අනාගතයේදී කෙසේ හෝ තිත් යාවෙන බව ඔබ විශ්වාස කළ යුතුය.” (You can't connect the dots looking forward; you can only connect them looking backward. So you have to trust that the dots will somehow connect in your future.)
මිනිසෙකුගේ දෛවය වෙනස් කළ නොහැකිය. දෛවය යනු කර්ම-විපාක දාමයකි. හේතු-ඵල දහමකි. ඉතාම හොඳින් නිරීක්ෂණය කළ විට මිනිසෙකුට අද සිදු වෙන දෙය අනුව ඔහුගේ/ඇයගේ අතීත කර්ම දාමය තේරුම් ගත හැකිය. බුද්ධිය දියුණු කළ අයෙකුට ඒ මිනිසා අද සිදු කරන දෙය අනුව අනාගතයේ ඔහුට/ඇයට සිදු වන දෙයද තේරුම් ගත හැකිය. අතීත සහ අනාගත භව දැකීමේ ඥානය යනු මෙයයි.
මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුතාට මෙරට ස්වදේශික කඳවුරේ නායකත්වය ලැබීම වැළැක්විය නොහැකි බව මම ඒ අනුව දැන සිටියෙමි. එය කර්මානුරූපී සම්බන්ධයකි. එය වැළැක්වීමට පුදුමාකාර නපුරු බලවේග ක්‍රියාත්මක විය. අවසාන මොහොත දක්වා දන්නා සාස්තර සියල්ල දමමින් සතුරා සටන් කළේය. නමුත් ඒ සියලු බලවේග පරාජය කෙරිණි. අද දිනය මහා දීර්ඝ සටනකි ප්‍රතිඵලයකි. නමුත් මෙය මා දකින්නේ නාමල් නමැති පුද්ගල චරිතයට එහා ගිය කඳවුරක ජයග්‍රහණයක් ලෙසය.
මේ රාජ්‍යයේ සදාතනික යුද්ධයක් තිබේ. ස්වදේශිකවාදී කඳවුර සහ ඊට ප්‍රතිවිරුද්ධ කඳවුර අතර සිදු වෙන මෙම යුද්ධයේ අවතාර අවස්ථා වරින් වර මතු වේ. 30 අවුරුදු බෙදුම්වාදී යුද්ධය ඒ එක් අවස්ථාවකි. 2022 අරගලය තවත් අවස්ථාවකි. විවිධ ස්වරූපයෙන් මතු වුවත් ඒවා සියල්ල අර කඳවුරු දෙක අතර සදාතනික යුද්ධයම වේ. අද එහි එක් සටනකින් ස්වදේශික කඳවුර ජය ගත්තේය. නාමල් රාජපක්ෂ අද අහසට අත් ඔසවා ඒ ජය සනිටුහන් කරන විට ඔල්වරසන් දුන් ඉහළ මාළ අරා සිටි අපේ කඳවුරේ අහිංසක මව්වරුන් පියවරුන් මට පෙනුණේ පැරණි පන්සලක බිතුසිතුවමක අහසේ සිට සාධුකාර දෙන දෙවියන් මෙනි. ඔවුන් මල් වැසි වැස්සවීම අහම්බයක් නොවේ.
සතුරු කඳවුරට මට කියන්නට තිබෙන්නේ එක දෙයයි. එනම් ඔබට කෙතරම් බලයක් තිබුණත්, කෙතරම් ධනයක් තිබුණත් අපට ඇති එක් දෙයක් ඔබට කිසිදාක නොමැති බවයි. එය නම් ස්වදේශික කඳවුරේ මිනිසුන්ගේ අව්‍යාජ දේශප්‍රේමයයි. ඔබලා රීනල් වෙනුවෙන් සටන් කළේ රීනල්ගේ ඉඳුල් කටටය. අපේ මිනිස්සු නාමල් වෙනුවෙන් සටන් කළේ අපේ රට වෙනුවෙන්ය. සටනින් කවුරු දිනුවත්, යුද්ධයෙන් දිනන්නේ අපේ කඳවුරමය. අනාගතයේ යාවෙන තිත් ඔබට නොපෙනේද… ධර්මය ඔබට මග වේවා!(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2022 අගෝස්තු 7



