The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එක පොහොට්ටුවට නිලමැස්සො දෙන්නෙක් ! - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

August 9, 2024 • 6:18 AM

එක පොහොට්ටුවට නිලමැස්සො දෙන්නෙක් ! - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී.
  • මතුවටත් තිඛෙනු ඇත. ගෝඨාභය කියන 'යුද වීරයා', අනතුරට මුහුණපා සිටි රටේ 'ජාතික ආරක්ෂාව' වෙනුවෙන් වේදිකාවට ගොඩවු‚ ඉන් පසුව ඉතිහාසය පෙළගැසුණු විදිහ කවුරුත් දනිති.
  • මෙවර රාජපක්ෂ පවුල නැවතත් තෝරාගෙන ඇත්තේ පවුලේම සාමාජිකයෙකි.
  • මේ සියලූ කරුණු කීවේ, මේ සිරිත අපට අස්වාභාවික දෙයක් නොවන බව පෙන්වාදීමට පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී. ඇස්. සේනානායක තමන්ගේ ඇවෑමෙන් බලය භාරදීම සැලසුම් කෙළේ තමාගේ පුතා වූ ඩඩ්ලි සේනානායකටයි. එහෙත් ඒ වන විට අනුප්‍රාප්තික නායකත්වය සඳහා සුදුසුකම් ලබා සිටියේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයි. තමාට පක්ෂ නායකත්වය නොලැබී ඩී. ඇස්. සේනානායකගෙන් පසු ඔහුගේ පුතා වුණු ඩඩ්ලි සේනානායකට එම තනතුර ලැබීම, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගොස් තමාගේම නායකත්වයෙන් පක්ෂයක් පිහිටුවාගැනීමට හේතු විය. 
 
විශේෂාංග - Results from #1095ජාතිකවාදී සහ ආගම්වාදී මතවාදයක දේශපාලනික නිර්මාතෘ වීමටත් හේතුභූත විය
බණ්ඩාරනායකගේ එම තීරණය, පක්ෂයක නායකත්වයට පමණක් නොව රටේ නායකත්වයට ඔහුව ගෙන ඒමටත්, ඉනුත් නොනැවතී, ලංකා දේශපාලනයේ අනාගතයට අහිතකර ලෙසින් බලපාන ජාතිකවාදී සහ ආගම්වාදී මතවාදයක දේශපාලනික නිර්මාතෘ වීමටත් හේතුභූත විය. 
ඩී. ඇස්. සේනානායකගේ ඇවෑමෙන් නායකත්වය අරභයා තමාට සිද්ධ වූ අවනඩුව ඔහුට යම් පාඩමක් කියාදිය යුතුව තිබුණි. ඒ පාඩම ඔහු උගෙන සිටියේදැයි අපි නොදනිමු. මන්ද යත්, ඔහුගේ හදිසි අභාවයෙන් පසු, අනුප්‍රාප්තිය තීරණය කරන ලද්දේ ඔහු විසින් නොව, වෙනත් පිරිසක් විසින් බැවිනි. මේ පිරිස, ඔහුගේ අනුප්‍රාප්තිකාව වශයෙන් තෝරාගත්තේ ඔහුගේ බිරිඳ වූ සිරිමා බණ්ඩාරනායක මැතිනියවයි. ඇගේ ඇවෑමෙන් ඇගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකට එම නායකත්වය හිමි විය. ඇගෙන් පසු, ඇගේ පුතා හෝ දුව පක්ෂ නායකත්වයට පත්කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කිසි උත්සාහයක් නොගැනීම නිසාම, ඒ පවුල් ගස එතැනින් නතර වුණි. 
 
ආණ්ඩු බලය රැකගැනීම සහ ජයවර්ධන උපක්‍රම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)ජේ. ආර්. ජයවර්ධන
ජේ. ආර්. ජයවර්ධනට පුතෙකු සිටියේය. එහෙත් ඔහු පවුල් පරවේණියක් ගෙනයාමට කිසි උත්සාහයක් ගත්තේ නැත. ආර්. ප්‍රේමදාස අගමැති වී, අනතුරුව ජනාධිපති වන්නේ ඒ අනුවයි. ආර්. ප්‍රේමදාස ඝාතනය වෙන අවස්ථාවේ, වයසින් මුහුකුරා ගිය දරුවන් ඔහුට සිටියේ නැත. එපමණක් නොව, ඒ  වන විට එක්සත් ජාතික පක්ෂය පවුල් පක්ෂයක් වශයෙන් කටයුතු කිරීමේ මාදිලිය ඉවත ලා සෑහෙන කාලයක් ගත වී තිබුණි. ඒ නිසාම, දෙවැනි පෙළ නායකත්වයක් පක්ෂය තුළින්ම ගොඩනැගී තිබුණි. ඒ හේතුවෙන්, පවුල් බලයක් එකදිගට ගෙන යා හැකි රුධිර හුයක් එක්සත් ජාතික පක්ෂයට උරුම වුණේ නැත. 

අවසානයේ පවුල් පරවේණිය ක්‍රියාත්මක කළ හැකි පරම්පරාව යළිත් බිහිවන්නේ මහින්ද රාජපක්ෂගෙනි. ඔහු දෙවරක්ම ජනාධිපති වීමෙන් පසුව සහ තෙවැනි වරටත් අසාර්ථක උත්සාහයක් ගැනීමෙන් අනතුරුව ඊළඟට නායකත්වය පිරිනැමුණේ ඔහුගේ ඊළඟ සහෝදරයා වූ ගෝඨාභය රාජපක්ෂටයි. එය අසාර්ථක අත්හදාබැලීමක් විය. ඉතිහාසය, විගඩමක් වුණේ එහිදී ය. 
 
මිරිසුවිල් සමූහ ඝාතනය: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂට නොතීසිගෝඨාභය රාජපක්ෂ, යුද්ධය ජයගත් 'විරුවන්' තිදෙනාගෙන් කෙනෙකු වශයෙන් බෞතීස්ම වී තිබුණි
ගෝඨාභය රාජපක්ෂ, යුද්ධය ජයගත් 'විරුවන්' තිදෙනාගෙන් කෙනෙකු වශයෙන් බෞතීස්ම වී තිබුණි. නිදහසෙන් පසු ලංකා ඉතිහාසයේ දැවැන්තම ලාභදායී ජාතික ආයෝජනය වුණේ, යුද ජයග්‍රහණයයි. ගලගොඩඅත්තේ ඥානසාර වැනි අලජ්ජී භික්ෂූන්ට සහ විමල් වීරවංශ වැනි පාරාජිකා දේශපාලනඥයන් කිහිප දෙනෙකුට දැන් එය සීමා වී තිබුණත්, ඕනෑම මොහොතක, අවශ්‍ය කරන විශේෂිත තත්වයන් යටතේ, අළු ගසා දමා නැඟිටුවා ගත හැකි විභවයක්, ඒ කියන යුද්ධයට අදාළ ජයග්‍රාහී සැමරුම් තුළ තවමත් තිබේ. මතුවටත් තිඛෙනු ඇත. 
රනිල් සහ ගෝඨාභය - අවස්ථායික දේශපාලනය - (එරන්ද ගිනිගේ)ගෝඨාභය කියන 'යුද වීරයා', අනතුරට මුහුණපා සිටි රටේ 'ජාතික ආරක්ෂාව' වෙනුවෙන් වේදිකාවට ගොඩවු‚ ඉන් පසුව ඉතිහාසය පෙළගැසුණු විදිහ කවුරුත් දනිති. 
දැන්, පාස්කු ප්‍රහාරයේ කම්පනය මතක් කරගන්න: අර ගෝඨාභය කියන 'යුද වීරයා', අනතුරට මුහුණපා සිටි රටේ 'ජාතික ආරක්ෂාව' වෙනුවෙන් වේදිකාවට ගොඩවු‚ ඉන් පසුව ඉතිහාසය පෙළගැසුණු විදිහ කවුරුත් දනිති. ඒ පරිච්ඡේදය අවසන් වුණේ, ඔහුගේම ජීවිතයටත් ආරක්ෂාව නැති වන තරමට කරුණු සලසමිනි.  
 
මෙවර රාජපක්ෂ පවුල නැවතත් තෝරාගෙන ඇත්තේ පවුලේම සාමාජිකයෙකි. මේ සියලූ කරුණු කීවේ, මේ සිරිත අපට අස්වාභාවික දෙයක් නොවන බව පෙන්වාදීමට පමණි. එහි අවසාන තර්කය වන්නේ මෙයයි: අනුගමනය කෙරෙන ක්‍රියා මාදිලිය කුමක් වෙතත්, දිගහැරෙන ක්‍රියා සන්තතිය කුමක් වෙතත්, අවසානයේ තමාගේ පවුලට රටේ නායකත්වය ලබාගැනීම අරමුණ වශයෙන් තබාගෙන, රාජපක්ෂ පවුල් දේශපාලනය තුළ වැඩකටයුතු සිද්ධ වෙන බවයි. 
 
මතකයට නඟාගත යුතු තවත් වැදගත් කාරණාවක්: පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ, මේ පවුලේ බිරියන් අතරේ තිඛෙන අඬදබර කොතෙක් ඔබ අසා තිබේද? ඉස්සර රජ කාලයේ, මව-පියා-සහෝදරයා-සහෝදරිය මරා රජකම ගත් ඉතිහාසය මතක් කරවන තරමට, මේ රාජපක්ෂ පවුලේ අඬදබර ගැන සුරංගනා කතා විටින්විට අපව රසවත් කර තිබේ.

උදයංග වීරතුංග නමැති පුද්ගලයෙක්, රාජපක්ෂ පවුලේ 'අභ්‍යන්තර' තොරතුරු දැන් කාලයක සිට මාධ්‍යයට මුදාහරිමින් සිටියි. දැන් ආපසු හැරී බලන්න: ඒ  කිසිවකින්, එනම් පවුලේ (විශේෂයෙන් ගැහැනුනු අතරේ) අඬදබරයක් හේතුවෙන්, එම පවුලේ දේශපාලන ව්‍යාපෘතිය කිසි ලෙසකින්වත් අඩාල වී තිබේද? නැත. අද ඔවුන්ගේ කඩාවැටීම සිදුව ඇත්තේ, පවුලකට හැසිරවිය නොහැකි ඉතිහාස බලවේග, විශේෂිත ඓතිහාසික තත්වයන් තුළ, හිස එසවීමෙනි.
 
ආණ්ඩුවේ උදයාංගකරණය -Gammiris කතුවැකියඋදයංග වීරතුංග නමැති පුද්ගලයෙක්, රාජපක්ෂ පවුලේ 'අභ්‍යන්තර' තොරතුරු දැන් කාලයක සිට මාධ්‍යයට මුදාහරිමින් සිටියි.     
මෙවර ජනාධිපතිවරණය සිහිනෙන්වත් දිනාගැනීමට තමන්ට නුපුළුවන් බව රාජපක්ෂවරු දනිති. එහෙත්, ඊළඟ සැරේ, එනම් 2029 දී රටේ නායකත්වය භාරගැනීමට පවුලේ කෙනෙකු සිටිය යුතුය. ඒ අතරතුර කාලයේ රනිල් වික්‍රමසිංහ වැනි පවුලට හිතවත් කෙනෙකු යටතේ හෝ විශ්වාසවන්තයෙකු වන ධම්මික පෙරේරා වැනි කෙනෙකු යටතේ කල් ගෙවීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඒ  දෙකම අසාර්ථක වූ පසු, එකම විකල්පය වශයෙන් ඉතිරි වුණේ නාමල් රාජපක්ෂම ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමයි.
 
රාජපක්ෂ ක්‍රමවේදය මොන තරම් අසාර්ථක වී තිබිණ ද යත්, තමන් බලයට පත්කළ රනිල් වික්‍රමසිංහගෙන් මස් රාත්තල ගැනීමට අසමත් වූ විට, ඔහුට එරෙහිව පෙරලා සටනක් දීමට තරම් දෙවැනි පෙළ නායකත්වයක් ගොඩනඟා නොතිබුණා පමණක් නොව, පක්ෂයට පිටස්තර කැසිනෝ ව්‍යපාරිකයෙකු තරගයට ඉදිරිපත් කිරීම සඳහා සලකා බැලීමට පවා පොහොට්ටුව පිරිහී තිබුණි. එය කාටවත් බරපතළ ප්‍රශ්නයක් නොවුණි.
449698729 1026506012178469 3937803876708598171 nපක්ෂයට පිටස්තර කැසිනෝ ව්‍යපාරිකයෙකු තරගයට ඉදිරිපත් කිරීම සඳහා සලකා බැලීමට පවා පොහොට්ටුව පිරිහී තිබුණි 
ධම්මික පෙරේරාට කැසිනෝ සහ වෙනත් එවැනි අඳුරු ව්‍යාපාරික කටයුතුවලින් උපයාගත් විශාල ධනස්කන්ධයක් තිබේ. පසුගිය මාස කිහිපය තිස්සේ ඒ ධනයෙන් සෑහෙන කොටසක්, මෙරටේ ජනාධිපති වීමේ සිහිනය වෙනුවෙන්, පොඩි ළමයෙකු මෙන් ඔහු වැය කෙළේය. ටයි-කෝට් ඇඳගෙන ඔහු නොකෙළේ, ''අනේ මට මේ සෙල්ලම් බඩුව අරගෙන දෙන්නැ''යි කඳුළු සලා හඬාවැටීම පමණි. මෙවැනි පුද්ගලයෙකු, පොහොට්ටුව වැනි පක්ෂයකින් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීම, වෙන කාට නැතත්, මහා සංඝ රත්නයටවත් ප්‍රශ්නයක් විය යුතුව තිබුණි. පන්සලක් ළඟ අරක්කු තැබෑරුමක් දැම්මත් කෑගසන සංඝ රත්නය, ධම්මික පෙරේරා නමැති කැසිනෝකාරයට පිරිත් කියා සෙත් පැතූහ. එයද, විමතියට කරුණක් විය යුතු නැති බව ඇත්ත. මන්ද යත්, බෞද්ධ මහා සම්මේලනය වැනි ප්‍රමුඛ ආයතනවල නායකත්වයටත් රේස් බුකිකාර ව්‍යපාරික පවුල් පත්කරගැනීම ඒ සංඝ රත්නය විසින් අතීතයේදී අනුමත කර තිබුණු බැවිනි. 
 
 
452487053 1040591150769955 7833413015784011772 n
 
ජාතිකවාදය සහ ආගම්වාදය සිය දේශපාලනයේ ආත්මය කරගත් මෑතකාලීන ව්‍යාපාරය රාජපක්ෂවාදයයි. එහෙත්, කැසිනෝ මුදලාලි කෙනෙකු රාජ්‍ය නායකත්වයට පත්කරගැනීමේ සූදානම ඒ ආගම්වාදයට ප්‍රශ්නයක් නොවුණු තරමටම, ශ්‍රී ලාංකිකයෙකු නොවන ඇමරිකානුවෙකු (ගෝඨාභය රාජපක්ෂ) රාජ්‍ය නායකත්වයට පත්කරගැනීමත් ඒ ජාතිකවාදයට කැක්කුමක් ගෙන නොදුනි. ජාතිකවාදය සහ ආගම්වාදය, ඉස්සර සේම අදටත් විකෘතියක් සහ ව්‍යාජයක් බව එයින් පෙන්නුම් කෙරුණත්, දේශපාලනය තුළ කවදත් මුවහත් වීමේ විශේෂ හැකියාවක් ඒ සාධක දෙකටම තිබේ.
454633464 1047750210054049 2475559464376243404 nප්‍රකට මුහුණු කිසිවක් එහි නොතිබුණු බව දුටු විට, දේශපාලනික සහ දෘෂ්ටිවාදී මහා දේශපාලන ව්‍යාපාරයක් එක් මොහොතක ඇදවැටිය හැකි අසරණ තත්වය මොනවට කියාපෑවේය
 
මේ දෘෂ්ටිවාදය නියෝජනය කළ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දෙතුන් දෙනා හැරුණුකොට ඉතිරි පිරිසෙන් අතිබහුතරයක් දැන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමගයි. ඊයේ උදේ (07) නාමල් රාජපක්ෂ සිය පියාට සහ බැසිල් බාප්පාට වැඳ ආශීර්වාද ලබාගත් මොහොතේ එහි සිටි සීමිත පිරිස දුටු විට, ප්‍රකට මුහුණු කිසිවක් එහි නොතිබුණු බව දුටු විට, දේශපාලනික සහ දෘෂ්ටිවාදී මහා දේශපාලන ව්‍යාපාරයක් එක් මොහොතක ඇදවැටිය හැකි අසරණ තත්වය මොනවට කියාපෑවේය. 
  
කෙසේ වෙතත්, මේ මොහොතේ යථාර්ථය වන්නේ, මෙවර ජනාධිපතිවරණයට පොහොට්ටු අපේක්ෂකයන් දෙන්නෙකු ඉදිරිපත්ව සිටීමයි. ඒ, නාමල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහයි. නාමල් රාජපක්ෂ නියෝජනය කරනු ඇත්තේ හුදු පවුල් කුටුම්භයයි. එහෙත් රාජපක්ෂ දෘෂ්ටිවාදයේ ප්‍රමුඛ පෙළ නියමුවන් රාජපක්ෂ පවුල අතහැර රනිල් වික්‍රමසිංහ වෙත ආකර්ශනය වී සිටින නිසා, රාජපක්ෂවාදය මේ මොහොතේ සැබවින්ම නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂ නොව, රනිල් වික්‍රමසිංහයි. කළුතර රත්තරන් පවා, රනිල් ළඟට පැමිණිමෙන් ඒ  බව මනාව පැහැදිලි වෙයි. 
 


මෙය, රටේ වාසනාවට ඇති වූ තත්වයක් බව මුලින්ම කිව යුතුය. මෙසේ තරග වැදීම නිසා, මෙවර ජනාධිපතිවරණය තුළින් රාජපක්ෂ පවුලේ හෙවත් කුටුම්භයේ තරම නාමල් රාජපක්ෂ ලැබීමට නියමිත අන්ත පරාජයෙන් රටට දැනගත හැකි වනු ඇත. ඒ  පවුල නායකත්වය දුන් රාජපක්ෂ දෘෂ්ටිවාදය මේ වන විට සමාජ දේහය තුළ පාරාජිකා වී ඇති තරම, රනිල් වික්‍රමසිංහගෙන් දැනගත හැකි වනු ඇත.

මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි, ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය භාරගන්නැයි ආරාධන කරන අවස්ථාවේ රාජපක්ෂලා මෙවැනි ඉරණමක් ගැන සිහිනෙන්වත් නොසිතන්නට ඇති. සමහරවිට, අවුරුදු දෙකහමාරකින් පසු තමන්ගේ පවුලට ආපසු රාජ්‍ය බලය සේන්දු වන ආකාරයෙන් රනිල් වික්‍රමසිංහ කටයුතු කරතැයි ඔවුන් සිතන්නට නැතත්, නාමල් රාජපක්ෂට කලවයස පැමිණෙන තෙක් තමන්ගේ බළකොටුව රනිල් ලවා ආරක්ෂා කර තබාගැනීමට තමන්ට හැකි වෙතැයි සිතන්නට ඇති. රනිල් ඒ බළකොටුව ආරක්ෂා කෙළේය. එහෙත් එසේ ආරක්ෂා කොට එය තමන් සන්තක කරගත්තේය.!

මා සිතන පරිදි, රාජපක්ෂ පවුලට අමුතු අවාසියක් මෙයින් සිද්ධ වුණේ නැත. විධායක ජනාධිපති ක්‍රමය එක දිගටම පවතින්නේ නම්, නාමල් රාජපක්ෂ සමග ඒ එල්ලය ගැටගැසී තිබුණේ 2029 වසර සමග නිසා, මේ ගන්දබ්බ කාලය ගෙවීම ඔවුන්ට අමුතු බරක් නොවේ. 
 
450319905 1028040018691735 5681748963651541987 nමේ දෘෂ්ටිවාදය නියෝජනය කළ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දෙතුන් දෙනා හැරුණුකොට ඉතිරි පිරිසෙන් අතිබහුතරයක් දැන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමගයි.
ඇත්තෙන්ම ඔවුන්ගේ පැත්තෙන් මෙතැන ඇත්තේ මේ පවුලේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් පමනී. තමන් පෝෂණය කළ, තමන්ට දරදිය ඇද්ද විශාල පිරිසක් තමන්ගෙන් සියලූ වරප්‍රසාද භුක්ති විඳීමෙන් පසුව තමන්ව දෙකේ කොළේට දමා කටයුතු කිරීම පිළිබඳ ඇති වූ කලකිරීමක් සහ ලැජ්ජාවකි.
එහෙත්, මහින්ද රාජපක්ෂට එක බලාපොරොත්තුවක් තවමත් ඉතිරිව තිබේ. තමාගේ පවුල වෙනුවෙන් සිටින ලේ අනුප්‍රාප්තිකයා (නාමල්) නොව, තමාගේ දෘෂ්ටිවාදය ඊළඟ පරම්පරාවට ගෙන යන (රත්තරන්, ප්‍රසන්න, කාංචන සහ පවිත්‍රා ආදී) ට්‍රෝජන් අශ්ව සේනාව, තමන්ගේ දේශපාලනික අනුප්‍රාප්තිකයා වන රනිල් වික්‍රමසිංහගේ පිටියට සම්ප්‍රාප්තව සිටීම හේතුවෙන් ලැබිය හැකි යැයි සිතන අනාගත විජයග්‍රහණයන් පිළිබඳව ය.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...