The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

මෙවර ජනාධිපතිවරණයේ දී රනිල්ගේ අභියෝගය ! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

August 9, 2024 • 6:52 AM

මෙවර ජනාධිපතිවරණයේ දී රනිල්ගේ අභියෝගය ! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ දිස්ත්‍රික්කයේද කැළණි වැලි මිටියාවත මාලිමාව පුර්න ආක්‍රමනයක යෙදී ඇති අයුරු නිරීක්ෂනය කරන කල ඉහත අනුමිතිය අතිශෝක්තියක් වන්නේ නැත. ජවිපය සිංහල දිස්ත්‍රික්ක අතරින් ඉදිරියෙන් සිටින විට තරඟෙදී දකුණේ අවිවාදිත දෙවැනියා වන්නේ සජබයයි.
  • සජිත්ට දෙමල හා මුස්ලිම් ඡන්ද ගෙඩි පිටින් ලැබුනහොත් අනුර අභිබවා පලමු වටයේදීම ජයග්‍රාහකයා විය හැකි වන්නේය.
  • එසේම දෙමල හා මුස්ලිම් ඡන්ද ගෙඩි පිටින් සජිත්ට නොවැටී ඉන් බහුතරයක් රනිල්ට වැටෙන්නේ නම් රනිල්ය පලමු වටයෙදී සජිත් අභිබවා තරඟයේ දෙවැනියා වන්නට සම්භාවිතාවක් පවතින්නේය.
  • එසේත් නැති නම් 75% ක් වන සිංහල ඡන්දයේ 57% පමණ ඉක්මවන බහුතරයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ දිස්ත්‍රික්කයේද කැළණි වැලි මිටියාවත මාලිමාව පුර්න ආක්‍රමනයක යෙදී ඇති අයුරු නිරීක්ෂනය කරන කල ඉහත අනුමිතිය අතිශෝක්තියක් වන්නේ නැත. 

ජවිපය සිංහල දිස්ත්‍රික්ක අතරින් ඉදිරියෙන් සිටින විට තරඟෙදී දකුණේ අවිවාදිත දෙවැනියා වන්නේ සජබයයි. එය යතාර්තයක් නම් දකුනේදී රනිල්ගේ මෙවර ස්ථානය වන්නේ තුන්වැනි ස්ථානයයි.

 

නමුත් දෙවැනියා වන සජිත්ට ද තුන්වැනියා වන රනිල්ට යම් යම් කොන්දේසි ඉටු වන්නේ නම් අවසානයේදී ජයග්‍රාහකයා වීමේ සම්භාවිතාව පවතින්නේය.

සජිත්ට දෙමල හා මුස්ලිම් ඡන්ද ගෙඩි පිටින් ලැබුනහොත් අනුර අභිබවා පලමු වටයේදීම ජයග්‍රාහකයා විය හැකි වන්නේය.

එසේම දෙමල හා මුස්ලිම් ඡන්ද ගෙඩි පිටින් සජිත්ට නොවැටී ඉන් බහුතරයක් රනිල්ට වැටෙන්නේ නම් රනිල්ය පලමු වටයෙදී සජිත් අභිබවා තරඟයේ දෙවැනියා වන්නට සම්භාවිතාවක් පවතින්නේය.

එසේ දෙවැනියා වුවහොත් සහ මාලිමාවට දකුණේ ඡන්දයෙන් පමනක් ජයග්‍රාහකයා වන්නට අපොහොසත් වන්නේ නම් දෙවන මනාපයෙන් රනිල්ට සමස්තයේ ජයග්‍රහකයා වන්නටත් ඉඩ තිබේ.

 

ඒ අනුව ගත් කල මෙවර තීරනාත්මක සාධකය වන්නේ එක්කෝ දෙමල හා මුස්ලිම් ඡන්දයයි. එසේත් නැති නම් 75% ක් වන සිංහල ඡන්දයේ 57% පමණ ඉක්මවන බහුතරයයි. (මෙම සාධකය පිලිබඳව දෙවනුව සාකච්ඡා කරනු ඇත) 2019 ඡන්දයට සාපේක්ෂව ගත් කල කඳුකර දෙමල ඡන්දයත්, මුස්ලිම් ඡන්දයත් ගෙඩි පිටින් සජිත්ට නොලැබෙන්නේය. උතුරේ දෙමල ඡන්දය එසේ ලැබීම පිලිබඳවද පවතින්නේ බලවත් කුහුලකි.

එවැනි පසුබිමක රනිල්ට සිදු වෙන්නේ පලමු වටයේදී දෙවැනියා වී දෙවැනි මනාපය රැගෙන ජයග්‍රහාකයා වීම ගැන සිතන්නටය.

මෙවර ජනාධිපතිවරනයෙන් ජයගැනීමට නම් රනිල්ට කඩුළු ගනනාවක් පනිමින් ඉදිරියට යන්නට සිදු වන්නේය. එහි පලමු කඩුල්ල වන්නේ සජබය අභිබවා ලීමයි. පසුගිය මහ මැතිවරනයේදී සජබය දකුනෙන් ලබා ගත්තේ ලක්ෂ 27 කි. පොහොට්ටුවේ ඡන්ද දායකයන්ගේ පුර්න සහාය රනිල්ට ලැබෙන්නේ නම් සජබයේ ඉහත පදනම් සංඛ්‍යාව ඉක්මවීමට රනිල්ට පහසුවෙන් හැකි වන්නේය.

 


නමුත් යථාර්තය එය නොවන්නේය. නාමල්ගේ ආගමනයත් සමග පොහොට්ටු ඡන්ද දායකයා රනිල් වෙත පොලඹවා ගන්නට සිදු වන්නේ රනිල්ට සහාය දෙන ඒ ඒ ප්‍රාදේශීය පොහොට්ටු නායකයන් මතය. එහි යතාර්ථය සොයා ගැනීම පහසු වන්නේ නැත.

සජබය අභිබවා යාමට නම් රනිල් විසින් සොයා යායුතු ඊලඟ ඡන්ද ගොඩ පවතින්නේ එජාප ඡන්ද දායකයන් සතුවය. එය පසුගිය මහ මැතිවරනයේදී එජාපයට හෝ සජබයට ඡන්දය දීමෙන් වැලකුනු එජාපාක්ෂිකයාය. එය දල වශයෙන් ලක්ෂ 10 පමන වන්නේය.

අවාසනාවකට එජාපයේ වර්ථමාන නායක මන්ඩලයට මෙම ඡන්ද දායකයාව ආමන්ත්‍රනය කරන්නට පවා මෙතෙක් හැකියාව ලැබී නැත.

 

රනිල් කිරිඇල්ලගෙන් නොව දිනේෂ් ගෙන් පටන් ගන්න...

රනිල්ට ලැබෙන ඊළඟ ඡන්දය තිබෙන්නේ රනිල් විසින් පසුගිය වසර දෙක තුල රටේ ආර්ථිකය යහපත්ව කලමනාකරනය කිරීම හේතුවෙන් රනිල්ට හිමි වන ඡන්දයයි. මෙය එතරම් විශාල ඡන්ද සංඛ්‍යාවක් නොවේ. නමුත් රනිල්ගේ අභියෝගය හමුවේ එම ඡන්ද සංඛ්‍යාවද වටින්නේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වසර මැද රටේ ආර්ථිකය පිලිබඳව වාර්ථාවේ දැක්වෙන සාධනීය කරුනු ගැන නොව එම වාර්ථාවේ දැක්වෙන දත්ත මත අනාගතයේදී රටක් ලෙස මුහුණදිය හැකිව තිබෙන අනතුර පිලිබඳව කථිකාවක් ඇති කරගත්තේ නම්, රනිල්ගේ කලමනාකරන හැකියාව පිලිබඳව යමක් සමාජය තුල ඉස්මතු කරගැනීමට හැකිවුවද එවැනි මුලෝපායික හැකියාවක් රනිල් පෙන්නුම් කර නැත. ඒ නිසා ප්‍රසාදය මත ලැබෙන ඡන්දය අවමයක් වන්නේය.

ඒ අනුව රනිල්ට මෙවර ඡන්දයේදී සජිත් අභිබවා යාමට පවතින තුරුම්පු පවතින්නේ දෙමල හා මුස්ලිම් ඡන්ද පදනම් තුලය.

 

ITAK නායකයෙක් ‘දෙමළ පොදු අපේක්ෂකයා’ ලෙස නම් කෙරේ
උතුරු-නැගෙනහිර දෙමල ඡන්ද පදනම සැලකිල්ලට ගත්කල ITK පක්ෂය තුල පවතින ශ්‍රීධරන්-සුමන්දිරන් බේදය සෘජුවම රනිල්ගේ වාසියට බලපානු ඇත. පෙර පරිදි සුමන්දිරන්ට දෙමල ඡන්දය ගෙඩි පිටින්ම සජිත්ට ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැත. වෙනම දෙමල අපේක්ෂකයකුගේ ආගමනයද රනිල්ගේ වාසියට ක්‍රියා කරනු ඇත.

මුස්ලිම් ඡන්දය ලැබෙන්නේ නැගෙනහිරින් සහ වන්නියෙනි. ඒ නිසා වන්නියේ මුස්ලිම් ඡන්දයෙ හිමි කරු වන රිෂාඩ් බදිදුර්දීන් ගේ සහාය රනිල්ට අතිශය වැදගත් වන්නේය.

රිෂාඩ් දිනා ගැනීමේ සටනේ පලමු වටයේ ජය රනිල් දැනටමත් දිනාගෙන ඇත්තේය. ඒ සජබ සන්ධානයට රිෂාඩ් ඇතුලුවීම 8 දා සිදු නොවීම නිසාය. දැන් රිෂාඩ් කියන්නේ තම තීරනය 14 දා ප්‍රකාශයට පත් කරන බවය.

රිෂාඩ් ගේ ගමන් මඟ තීරනය වනු ඇත්තේ බලය හා ඉදිරි ගමන් මඟ, දහසින් බැඳි පියලි හා අනාගත අමාත්‍යධුර මතය. එය වඩාත් කදිමව සලසාදෙන රනිල්ට හෝ සජිත්ට රිෂාඩ් ගේ කැමැත්ත හිමි වනු ඇත.

 

කිසිවකු නිකම්ම වහල්ලු වගේ ඡන්දය පාවිච්චි කළේ නෑ'' -පුබුදු ජයගොඩ
මෙවර නැගනහිර මුස්ලිම් ඡන්දය භාවිතා වීමේ ප්‍රවනතාවය 2019 ජනාධිපතිවරනයේදී සමස්ත මුස්ලිම් ජනතාව ඡන්දය භාවිතා කල ආකාරයට වෙනස් මඟක් ගනු ඇත. 2019 දී මුස්ලිම් ප්‍රජාව ඉදිරියේ අනතුරක් පැවති අතර මෙවර එවැනි අභියෝගයකින් තොරව තම ඡන්දය භාවිතා කිරීමට අවස්තාවක් ලැබී තිබේ.

හකිම් මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා වුවද නායකයාගේ සිතැඟි පරිදි නැගෙනහිර පලාතේ මුස්ලිම් ඡන්දය තීරනය නොවන්නේය. එහිදි මුස්ලිම් කොන්ග්‍රසයට එරෙහි දේශපාලනයක නිරත අතාවුල්ලා සහ අහමඩ් නසීර් මෙන්ම මුස්ලිම් කොන්ග්‍රස් නායකයන් වන මයිඔන් මුස්තාපා සහ හිස්බුල්ලාගේ භුමිකාවන් මෙහි ලා වැදගත් වන්නේය.

දැනට පෙනෙන්ට තිබෙන ආකාරයට නැගෙනහිර පලාතේ මුස්ලිම් වරුන්ගේ බහුතර සහයෝගය පෙන්වමින් තිබෙන්නේ රනිල්ට බවකි.

ඒ අනුව රනිල්ට පලමු වටයේදීම සජිත් අභිබවා යන්නට නම් රනිල්ට තීරනාත්මක ඡන්දය වන්නේ උතුරු-නැගෙනහිර දෙමල හා මුස්ලිම් ඡන්ද බව ඉතා පැහැදිලි වන්නේය.


(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
slakthilaka@gmail.com
@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...

සබැඳි ලිපි :
2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය - (නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...