The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

ආබාධ සහිත කාන්තාවන් සම්බන්ධ සමාජ ආකල්ප වෙනස්විය යුතුයි - (චාන්දනී දිසානායක)

T

The Leader Desk

August 9, 2024 • 8:37 AM

ආබාධ සහිත කාන්තාවන් සම්බන්ධ සමාජ ආකල්ප වෙනස්විය යුතුයි - (චාන්දනී දිසානායක) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ නිසා ගොඩක් ආබාධ සහිත කාන්තාවන් විවාහ නොවී ඉන්නවා.
  • චන්ද්‍රිකා කුමාරි එලෙස කියා සිටියේ කඩුවෙල පහළ බෝමිරිය ප්‍රදේශයේ පෙර පාසලක් පවත්වාගෙන යන පී.
  • අද සමාජයට එය කොතරම් ගැලපේද? එයින් අදහස් කෙරෙන්නේ සමාජයේ එකිනෙකා අතර සහසම්බන්ධය පිළිබිඹු කරන්න ක් මෙන්ම ඔවුනොවුන්ගේ රැකවරණය සැලසෙන බවක්ය.
  • ඇයගේ අදහස වන්නේ, ආබාධ සහිත කාන්තාවන් පිළිබඳව සමාජය තුළ තිබෙන ආකල්ප වෙනස් විය යුතු බවයි. නිශා ශරීෆ් "බුද්ධි ඌණතා සහ ඔටිසම් තත්ත්වයන් යටතේ ඉන්න දරුවන් සහ කාන්තාවන් අනාරක්ෂිත පරිසරයක ජීවත් වෙනවා නම් ඔවුන් ඇත්තටම විවිධ හිංසා පීඩාවන්ට ලක්වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ නිසා ගොඩක් ආබාධ සහිත කාන්තාවන් විවාහ නොවී ඉන්නවා. ඒ නිසාම ඒ අය අනාරක්ෂිත පරිසරයකට වැටෙනවා. ඒ වගේම ලිංගික වශයෙන් විවිධ හිංසාවන්ට ලක් වෙනවා." 

PHOTO 2024 08 09 13 17 25 2පී. කේ. චන්ද්‍රිකා කුමාරිඑලෙස කියා සිටියේ කඩුවෙල පහළ බෝමිරිය ප්‍රදේශයේ පෙර පාසලක් පවත්වාගෙන යන පී. කේ. චන්ද්‍රිකා කුමාරි මෙනවියයි. ඇය උත්පත්තියෙන් ම චලන ආබාධ සහිත තමාගේ ආදරණීය මව රැකබලා ගනිමින් ජීවත්වන දිරිමත් කාන්තාවක්. ලංකාවේ සමාජය තුළ තිබූ සංස්කෘතිකමය වෙනස්වීම එයට හේතු විය හැකිද?

 

ලාංකීය ජනප්‍රවාදයකි " දරුවෙකු ඉපදුනාම ඒ ළදරුවාගේ මාමගෙ කකුලෙ මහපට ඇඟිල්ලට කිරි එරෙනවා'' ය කියන කතාව. අද සමාජයට එය කොතරම් ගැලපේද? එයින් අදහස් කෙරෙන්නේ සමාජයේ එකිනෙකා අතර සහසම්බන්ධය පිළිබිඹු කරන්න ක් මෙන්ම ඔවුනොවුන්ගේ රැකවරණය සැලසෙන බවක්ය.  

එකිනෙකා අතර සහයෝගය පවත්වා ගනිමින්, දරුවන් හදා වඩා ගැනීමට අමතරව  වයස්ගත වූවන්  මෙන්ම, ආබාධ සහිත වූවන්, රැක බලා ගැනීම  ලංකාවේ සංස්කෘතිය තුළ ඈත අතීතයේ සිට පැවත එන්නෙකි. විශේෂයෙන්ම එය ලාංකීය සමාජය තම තමාගේ වගකීමක් කොට සැලකීම නිසාම මහලු නිවාස, ළමා නිවාස මෙන්ම ආබාධ සහිත වූවන්ගේ රැකවරණ මධ්‍යස්ථානවලින් පිරී නොතිබුණි.  

වර්තමානය වන විට භාරකරුවන් අහිමි දරුවන්, ආබාධ සහිත වූවන් වැඩිවීමට හේතුව, විවාහ සංකල්පය පිළිබඳ අනවබෝධයද ? ලිංගික අධ්‍යාපනයේ අඩු ලුහුඩුකම්ද? පිළිබඳ ගැටලූ පැන නගී.  


දරු දැරියන්ගේ සහ කාන්තාවන්ගේ රැකවරණය වර්තමානයේ කෙසේද ?  

 

nm66ආබාධ සහිත දැරියන් සහ කාන්තාවන් ලිංගික අපයෝජනවලට ලක් වීම සියයට හැටක් 
ආබාධ සහිත දැරියන් සහ කාන්තාවන් ලිංගික අපයෝජනවලට ලක් වීම සියයට හැටක (60%) ප්‍රමාණයක් බවට ආබාධ සහිත කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන ''ආකාස'' සංවිධානය පෙන්වා දෙයි. ආබාධ සහිත ප්‍රජාවගේ ලිංගික අධ්‍යාපනය සහ විවාහය පිළිබඳව එම සංවිධානය විසින්  කරන ලද සමීක්ෂණයකදී මේ තොරතුරු හෙළිදරව් වී තිබේ. 

ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින "ආකාස" සංවිධානය විසින් මෙම තරුණ තරුණියන් 100 ක් යොදා ගනිමින් කරන ලද එම සමීක්‍ෂණයේ දී අනාවරණය කර ගත් කරුණුවලට අනුව  ආබාධ සහිත කාන්තාවන්ගෙන් සියයට 60 ක්ම පවසා ඇත්තේ, විශේෂයෙන්ම කාන්තාවන් විවිධ අතවරයන්ට ලක්ව ඇති බවය. එහෙත්, ඔවුන්ගෙන්  වැඩි ප්‍රතිශතයක්  ආබාධ සහිත නොවන කාන්තාවන් හා පිරිමින් ඇසුරු කිරීමටත් ඔවුන් සමග විවාහ වීමට කැමැත්තක් දැක්වීම එම විමර්ශනයේ දී තහවුරු කරගෙන තිබේ. එහි ප්‍රතිඵලය පුද්ගල ආබාධ සහිත බව ද සමාජ ආබාධ සහිත බව ද ? 

ඔරලෝසු කාර්මික ශිල්පිනියක ලෙස කටයුතු කරන මහනුවර පදිංචි නිශා ශරීෆ් මෙනවිය චලන  ආබාධ සහිත කාන්තාවක්. ඇයගේ අදහස වන්නේ, ආබාධ සහිත කාන්තාවන් පිළිබඳව සමාජය තුළ තිබෙන ආකල්ප වෙනස් විය යුතු බවයි. 

PHOTO 2024 08 09 13 17 25නිශා ශරීෆ් "බුද්ධි ඌණතා සහ ඔටිසම් තත්ත්වයන් යටතේ ඉන්න දරුවන් සහ  කාන්තාවන් අනාරක්ෂිත පරිසරයක ජීවත් වෙනවා නම් ඔවුන් ඇත්තටම විවිධ හිංසා පීඩාවන්ට ලක්වෙනවා. විශේෂයෙන්ම ලිංගික අඩත්තේට්ටම්වලට පත්වෙනවා. එවැනි දරුවන් මිනිස් ඇසුරට ගොඩක් කැමතියි. මොකද ඒ අය ගොඩක් ආදරේ හොයන පිරිසක්. නමුත් එයාලට හොඳ නරක තේරෙන්නෙ නෑ. එයාලට වැඩියෙන් ආදරේ කරන අයට ඒගොල්ලෝ කිට්ටු වෙනවා. ඒ නිසා මිනිස්සු අතරේ මතයක් තියෙනවා මේ අයට ලිංගික ආශාව වැඩියි කියලා. ඇත්තම කතාවනම් එහෙම එකක් නැහැ. සමාජයේ තේරුම් අරගෙන ඉන්නේ වැරදි ආකාරයටයි. 

නමුත් මේ අයට සාමාන්‍ය සමාජය තමයි තමයි  රැකවරණය ලබාදිය යුත්තේ. ඒත් අද සමාජයේ ගොඩක් සිද්ධ වෙන්නේ රැකවරණය ලබා දෙනවාට වඩා ඒ අය විවිධ හිංසනයන්ට ලක් කිරීමයි. 

 

මේ අයට සාමාන්‍ය සමාජය තමයි තමයි  රැකවරණය ලබාදිය යුත්තේ.
කායිකවත් මානසිකවත් ඔවුන් දැඩි ලෙස හිංසාවට පත්වෙනවා. කණගාටු දායකම කාරණාව තමයි, බුද්ධි ඌනතා දරුවෙක් යම්කිසි ලිංගික හිංසනයකට ලක්වෙලා ගර්භනී තත්ත්වයට පත්වුණොත් ඇය රෝහල්ගත වුවාට පසුව රෝහලේ කාර්ය මණ්ඩලයෙ වැඩි දෙනෙක් ඇය ව මානසිකව පීඩාවට ලක් කරනවා.  ආබාධ සහිත කාන්තාවක් විවාහ වී ගර්භනී තත්ත්වයට පත්වී දරු ප්‍රසූතියට සඳහා රෝහල්ගත වුනාම ගොඩක් රෝහල් කාර්ය  මණ්ඩලය කියන දෙයක් තමයි ඔයාට බැරුව ඉද්දි මොකටද මෙහෙම දෙයක් කරගත්තේ කියන එක. ඒ නිසා හැකියාව තියෙන කාන්තාවනුත් විවාහ නොවී ඉන්න තත්ත්වයට පත්වෙලා. නමුත් දෘශ්‍යාබාධ හෝ කතනාබාධ හෝ චලනාබාධ සහිත ඇතැම්  අය උසස් අධ්‍යාපනය ලබලා විවාහ වෙලා සමාජයට කිසිම බරක් නොවී, ආර්ථික වශයෙන් ඔවුනුත් ශක්තිමත් වෙන ගමන් දරුවන් හදා වඩාගන්නවා. ඒක ඔවුන්ගේ අවශ්‍යතාවක්. ඒක හඳුනා ගැනීමයි අනිත් අය අතින් සිදුවිය යුත්තේ. "  

මේ ගැටළුව පිළිබඳව  අවධානය යොමු කළ ආබාධ සහිත කාන්තාවන්ගේ සංවිධානය විසින් ආබාධ සහිත අය ගේ ලිංගික අධ්‍යාපනය සහ විවාහය පිළිබඳව ඇති ආකල්ප පිළිබඳව විධිමත් සමීක්ෂණයක් සිදුකර ඇත. ඒ පිළිබඳව එම සංවිධානයේ සභාපති එන්. ජී . කමලාවතී මෙනෙවිය සඳහන් කළේ මෙවැනි අදහසකි. 

PHOTO 2024 08 09 13 17 25 3එන්. ජී . කමලාවතී''ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් සෙවීමේදී ඔවුන් හඳුනා ගැනීම  වඩා වැදගත් යැයි සළකලයි අපි එවැන්නකට යොමු වුණේ. මෙතෙක් ශ්‍රී ලංකාව තුළ මෙවැනි සමීක්ෂණයක්  සිදු කර නැහැ. නමුත් ඔවුන් වෙනුවෙන් වැඩ කිරීමේ දී ආබාධ සහිත කාන්තාවන්ගේ ලිංගිකත්වය පිළිබඳ ඇති දැනුම සහ විවාහය පිළිබඳව ඇති ආකල්පය විමසා බැලීම වැදගත් කියලයි අපි සැලකුවේ. මොකද අද සමාජය තුළ ආබාධ සහිත කාන්තාවන් වැඩි දෙනෙක් විවාහ වෙලා නෑ. ඒවට විවිධ හේතු තියෙනවා. විශේෂයෙන්ම දෙමව්පියන් ඇතුළු පවුලේ අය ඊට අකමැති වීම. මේ නිසා මෙහි ඇත්ත නැත්ත නිවැරදිවම සොයා බැලීම අරමුණු කරගෙන  මේ  සමීක්ෂණය  ඔවුන්  වෙනුවෙන් අපි සිදු කළා. ඒ වගේම තමයි අපේ මේ සමීක්ෂණ වාර්තාව පදනම් කරගෙන  ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට කටයුතු කිරීමට අවස්ථාව සැළසෙනවා. ඒ වගේම, ආබාධ සහිත කාන්තාවන්ගේ විවාහය සහ ලිංගික ජීවිතය පිළිබඳ පවතින ආකල්ප බොහෝ විට හැඩ ගැසී තිබෙන්නේ සෘණාත්මක සමාජ ආකල්ප සංස්කෘතික සම්මතයන් සහ වැරදි වැටහීම්  මොනවාද යන්න සමාජ ගත කරන්නත් හැකියාවක් ලැබෙනවා. අපි මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ, 

ඒ නිසා ආබාධ සහිත කාන්තාවන් සමාජය තුළ කොන් නොකිරීම,  ඔවුන්ගේ ලිංගික සහ විවාහක අවශ්‍යතාවන්   බැහැර කරන සමාජය දැනුවත් කිරීම, වැනි කාරණා කෙරෙහි අපි අවධානය යොමු කළා.  සමාජය තුළ  ආන්තීකරණය ඇති නොවීමටත් මෙය හේතු වෙනවා. ආබාධ සහිත ප්‍රජාව සමලිංගික හෝ සමීප සම්බන්ධතාවලට හෝ ලිංගික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමට නොහැකි අය ලෙස සැළකීමත්  වැරදි ආකල්පයක්. එවැනි ආකල්ප ආබාධ සහිත කාන්තාවන්ගේ සමාජ අදෘශ්‍යමාන භාවයට දායක වනවා සේම ආබාධ නොවන සම වයස් මිතුරන්ට ලබා දෙන ආදර සහ ලිංගික තෘප්තිය සඳහා සමාන අවස්ථා ප්‍රතික්ෂේප වෙනවා.  ආබාධ සහිත කාන්තාවන්ගේ පුද්ගලික සහ ලිංගික ජීවිතය අඩපණ කිරීමට තිත තැබීමට , ඔවුන් පිළිබඳව දරන වැරදි ආකල්පය ඉවත් කිරීම අරමුණු කරගෙනයි අපි මෙවැනි වැඩසටහනක් දියත් කළේ." යනුවෙන් ඇය සඳහන් කළාය.

මේ කාරණය පිළිබඳව දැඩිව අවධානය යොමු කළ ඇය චලන ආබාධ සහිත කාන්තාවකි. ඇය ඒ පිළිබඳව නොසිතා, ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිඳිමින් ඔවුන්ට රැකවරණ මධ්‍යස්ථානයක්ද ඇය විසින් පවත්වාගෙන යනු ලබයි. මේ නිසා එම ආයතනය සිදු කරනු ලැබූ විධිමත්  සමීක්ෂණයට අනුව ආබාධ සහිත කාන්තාවන්ගෙන් 89.7 % ක පිරිසක් විවාහය අපේක්ෂා කරන අය බවට හඳුනාගෙන තිබුණද, විවාහ නොවී සිටීමට හේතුව  දෙමව්පිය අකමැත්ත බව සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් 96% කගේ අදහස බව  අනාවරණය කරගෙන තිබේ. 

මේ පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරි ගාමිණි සරත් කුමාර මහතා දරණ මතය. 

 

ආබාධ සහිත පුද්ගලයන් සමග වැඩ කටයුතු කරද්දී ඔවුන් මොන මොන තත්ත්වයේ ඉන්නවාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපි තුළ තිබිය යුතුයි
''ආබාධ සහිත පුද්ගලයන් සමග වැඩ කටයුතු කරද්දී ඔවුන් මොන මොන තත්ත්වයේ ඉන්නවාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් නිලධාරීන් හැටියට අපි තුළ තිබිය යුතුයි. ඒ සඳහා ඇත්තටම විවිධ සමීක්ෂණ සිදුකිරීමේ හැකියාවක්  තියෙනවා නම් රාජකාරී කටයුතුවලදී ඉතාමත් පහසු වෙනවා. අප දන්නා ආකාරයට ආබාධ සහිත කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් එවැනි සමීක්ෂණයක් සිදු කරලා තියෙනවා. ඇත්තටම ඒක හොඳ ප්‍රවණතාවක්. රජයේ මැදිහත් වීමෙන් කළ යුතු එවැනි සමීක්ෂණයක් ආකාස සංවිධානය  සිදු කිරීම, සමාජ මෙහෙවරක් ලෙස  අගය කරනවා වගේම, අපිටත් ඉදිරියේදී ඒ වාර්තා ඇසුරු කරගෙන රාජකාරි කරන්න පහසු වීමක් වෙනවා. ආබාධ සහිත අයගේ සුබ සාධනය වෙනුවෙන් අපි සමාජ සේවා නිලධාරීන් වශයෙන් විවිධ  කටයුතු කළත්, ඒ අයගේ මානුෂිය අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කර, මෙවැන්නක් කරන්න තරම් අපගේ මැදිහත් වීම් සිදු වෙන්නෙ නෑ," යැයි ඔහුගේ අදහස විය. 

ශ්‍රී ලංකාවේ පොලිසිය සහ ළමාරක්ෂක  දෙපාර්තමේන්තු දත්ත වාර්තා කරන්නේ, ළඟම ඥාතීන්ගෙන්  ආබාධ සහිත කාන්තාවන්ට මෙන්ම  දරුවන්ට ලිංගික හිංසනවලට ලක්වන  බවයි.  එය සමාජයේ විවිධ ගැටලුවලට බලපාන මූලික කාරණයක් වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය  එච්. එම්. ඩී. ආර්. හේරත් පෙන්වා දෙයි. 

PHOTO 2024 08 09 13 17 24මහාචාර්ය  එච්. එම්. ඩී. ආර්. හේරත්''ලිංගික අපයෝජන සමඟ බද්ධ වන අනියම් ගැබ් ගැනීම් වැළැක්වීම, සහ ගැබ් ගැනීම් පමා කිරීමට භාවිතා කරන ඖෂධ වර්ග හේතුවෙන් අද සෙමින් මනස වැඩෙන ආබාධ සහිත දරුවන් බිහිවීම වැඩි වෙලා තියෙනවා. අද පවුල් පහක් ගත්තොත් අඩුම තරමින් එක්කෙනෙක් හරි ආබාධ සහිත පුද්ගලයන් බවට පත්වෙලා.  ඉස්සර එවැනි පුද්ගලයන් සමාජය තුළින්ම  රැක බලා ගැනීම ඔවුනොවුන්ගේ  වගකීමක් ලෙස සැලකුවා. එහෙත් 1977න් පසු විවෘත ආර්ථිකයත් සමග අපේ රටේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා.  අද ගොඩක් පවුල් වල ආබාධ සහිත අයෙක් ඉන්නවා නම් ඒක පවුලට අවනම්බුවක් කොට සලකන පිරිස තවමත් ඉන්නවා. ආබාධ සහිත වූවන් වැඩි වශයෙන් ඉපදීමටත්, ඔවුන් රැකබලා නොගැනීමටත්, ඔවුන් ලිංගික වශයෙන් විවිධ අඩන්තේට්ටම්වලට ලක්වීමටත්, ඒවා හේතු වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කළ යුතු තත්ත්වයකට අද පත්වෙලා තියෙනවා. තියෙන නීති විධිමත්ව ක්‍රියාත්මක වෙනවද කියල සොයා බැලීමත් වගකීමක් වෙලා තියෙනවා. මේකට විසඳුමක් විදිහට නමි බලපෑම් කණ්ඩායමක් ඇති කළ යුතුයි. ජීවත්වීමේ අයිතිය ඔවුන්ටත් තිබිය යුතුයි. දෙමව්පියන් මෙන්ම සමාජය දැනුවත් කළ යුතුයි. 

ආබාධ සහිත දරුවන්ට තීක්ෂණ ඥානයක් තියෙනවා. ඔවුන්ට සූක්ෂම වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා.

 

විශේෂයෙන්ම සඳහන් කරනවා නම්, මේ ආබාධ සහිත දරුවන්ට තීක්ෂණ ඥානයක් තියෙනවා. ඔවුන්ට සූක්ෂම වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. අපි ඒ මිනිස්සු සමාජගත කළ යුතුයි. ඒ සඳහා කාලය සහ අවකාශය තමයි ලබාදිය යුත්තේ. විශේෂයෙන්ම රජයේ අනුග්‍රහය මේ සඳහා අවශ්‍යයි.  

 දැනටමත් විශ්ව විද්‍යාල තුළ මෙවැනි දරුවන් සඳහා ඉගෙන ගැනීමේ අවකාශය සහ පහසුකම් තිබෙනවා. ඔවුන් ඒ අවස්ථා කරා ගෙන යාම සමාජය සතු යුතුකමක් ලෙසයි  සැලකිය යුත්තේ මේවට ඔවුන්ගේ සෘජු දායකත්වය දිය යුතු බවට අපි බලපෑම් කණ්ඩායම් හරහා කළ යුතුයි. සීයට සීයක් බැරි වුනත් යම්තතාක් දුරට ඔවුන්ට ඇති ගැටලුවලට විසඳුම් සොයා ගත හැකියි.'' 

(චාන්දනී දිසානායක)
නිදහස් මාධ්‍යවේදීනී


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...