The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

'හරි පාර' : ප්‍රශ්නය ආර්ථිකය වුණත් උත්තරය රනිල් ! - (රවී කරුණානායක)

T

The Leader Desk

August 10, 2024 • 8:42 AM

'හරි පාර' : ප්‍රශ්නය ආර්ථිකය වුණත් උත්තරය රනිල් ! - (රවී කරුණානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සරලව තේරුම් ගතහොත් Black Swan effect ලෙස හඳුනා ගැනෙන්නේ යම්කිසි ආර්ථිකයකට අනපේක්ෂිත ලෙස ඇතිවන අර්බුදයක් .
  • අප දකිනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2048 දී මෙරට ආර්ථිකය තිබිය යුත්තේ කොතනද?
  • සැබවින්ම ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාවේ බිඳ වැටීම සටහන් වෙන්නේ 1995 න් පස්සේ.
  • වගේ කාල සීමාව ගතහොත් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක් පමණ අගයක පැවතුණා .
අකුරු ප්‍රමාණය (Font Size):

Rhino risk වශයෙන් . සරලව තේරුම් ගතහොත්  Black Swan effect ලෙස හඳුනා ගැනෙන්නේ යම්කිසි ආර්ථිකයකට අනපේක්ෂිත ලෙස ඇතිවන අර්බුදයක් .   Grey Rhino risk විදිහට සළකන්නේ දිගු කාළීනව ආර්ථිකය තුළ පවතින අර්බුදය . නැතිනම් දිගු කාලයක් තිස්සේ සාර්ව ආර්ථික ස්ථායිතාව නැතිව දුර්වලව පැවතීම.  ඒ කියවීම එක්ක මේ මෙවර හරි පාර යොමුවෙන්නේ , "අනාගත ආර්ථිකය නිවැරදිව පෙර දැකිය යුත්තේ ඇයි ? " යන්න පහදන්න .  

 

Black Swan effect ලෙස හඳුනා ගැනෙන්නේ යම්කිසි ආර්ථිකයකට අනපේක්ෂිත ලෙස ඇතිවන අර්බුදයක්

මේ අදහස ඉබේම හිතට ආවා නෙවෙයි. අප දකිනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2048 දී මෙරට ආර්ථිකය තිබිය යුත්තේ කොතනද? කියන අතිශය වැදගත් අවධාරණය සිදුකරන විට, ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන විට, විපක්ෂය විසින් එය හාස්‍යට ලක්කරනවා.  ඔවුන්ට අනුව එය විහිළුවක් . නමුත් ලංකාවේ ප්‍රශ්නය තියෙන්නෙත් එතන .
 

සැබවින්ම ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාවේ බිඳ වැටීම සටහන් වෙන්නේ 1995 න් පස්සේ.  1948 - 1995 වගේ කාල සීමාව ගතහොත් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක් පමණ අගයක පැවතුණා .  නමුත් එය 1995 ට පසුව ක්‍රමයෙන් අඩුවෙලා 2020 වන විට 8.6% ක් දක්වා පහත වැටෙනවා .  ඔය පසුබිමේ තමයි Black Swan effect එකක් එන්නේ.  ඒ තමයි කොරෝනා අර්බුදය. 1995 සිට අපි රටක් විදිහට Grey Rhino risk  එකක හිටපු නිසා,  එනම් සාර්ව ආර්ථික ස්ථායිතාව අහිමි කරගෙන හිටපු නිසා ,   Black Swan effect (කොරෝනා) තත්ත්වයට මුහුණදෙන්න බැරි වුණා.  ලංකාව වගේම Grey Rhino risk තත්ත්වයේ සිටි රටවල් ආර්ථික වශයෙන් කඩා වැටුණා.  ඒ වගේම ලෝකයේ වෙනත් රටවල අත්දැකීම සැළකිල්ලට ගත්තොත්, කෙන්යාව කියන්නේ Grey Rhino risk තත්ත්වයේ සිටි රටක්.  ඒ නිසා එම රටද අප රට මෙන්ම Black Swan effect (කොරෝනා) හමුවේ බරපතළ කඩා වැටීමකට ලක්වෙනවා. නමුත් Grey Rhino risk තත්ත්වයේ නොසිටි රටවල් දුෂ්කර නමුත් දරුණු අර්බුදයකට නොගොස් Black Swan effect (කොරෝනා) තත්ත්වයට මුහුණදුන්නා.

කොරෝනා අර්බුදය

  දැන් ප්‍රශ්නය තමයි කොරෝනා හමුවේ Black Swan effect එකකට ලංකාව මුහුණදුන්නේ පළමු වතාවටද යන්න .  නෑ .  නිදහස් ලංකාව අවස්ථා කිහිපයකදී Black Swan effect තත්ත්වයන්ට මුහුණදී තිබෙනවා .  නිදසුනක් ලෙස, 53 හර්තාලය ,  71 කැරැල්ල , 83 කළු ජූලිය ,  88-89 ජවිපෙ භීෂණය සහ LTTE ත්‍රස්තවාදය පෙන්වා දෙන්න පුළුවන් .  

මේ කියන Black Swan effect ඉදිරියේ ලංකාවට මොකද වුණේ ? පුනරාවර්තන වියදම 50%ක පවත්වා ගෙන යාම ,  රාජ්‍ය ආයෝජන 5%ක මට්ටමක පැවතීම සහ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% ක අගයක පැවතීම නිසා, මේ  1948- 1995 කාළවකවානුවේදී අපට ආර්ථිකය දරුණු අර්බුදයකට ඇද වැටීමට ඉඩනොදී තත්ත්වය කළමනාකරණය කරගන්නට හැකිවුණා .

නමුත් අපි 2001 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ලවූ LTTE ප්‍රහාරය ( Black Swan effect ) සමඟ මෙරට ආර්ථිකයට අත්වූ ඉරණම විමසුවහොත් දකින්න ලැබෙන්නේ කුමක්ද ?  එහිදී අයවැය පරතරය 10.8% කට ගියා .  උද්ධමනය 14.2% ක් වුනා . ආර්ථික වර්ධනය සෘණ 2.5% ක් වුණා .  ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආර්ථිකය සෘණ බවට පත්වුණා .  ආර්ථිකයේ හැකිළීම දේශපාලන අර්බුදයක් ඇති වුණා .  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවක් පිහිටුවමින් බලය අත්පත් කරගත්තා .  

 

109736035 3461113787255955 3764597342767090641 n 2001 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ලවූ LTTE ප්‍රහාරය

නිදහස් ලංකාවේ පළමු වතාවට පැමිණි ඒ ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් එදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගනුලැබූ ක්‍රියාමාර්ග සාර්ථක වුණා .  මමද, ඒ ආණ්ඩුවේ හිටපු වාණිජ හා වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් විශාල වැඩ කොටසක් සමඟ රට යළි ගොඩනගන කටයුත්තට දායක වුණා .  එහිදී අපි  IMF වෙත ගියා. ඔවුන් පෙන්වා දුන්නා සාර්ව ආර්ථික ස්ථායිතාව ඇතිකර ගැනීමට නම් , නව නීති අවශ්‍ය බව .  නිදසුනක් ලෙස අප 2003 අංක 3 දරන ,  මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත ගෙන ආවා .  2003 අංක 9 දරන පාරිභෝගික පිළිබඳ කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටවූවා .  ඒ වගේම මහජන උපයෝගීතා කොමිසම සහ සමාජ සුබ සාධක මණ්ඩලය පිහිටවුවා . ඒ ආකාරයට  මුල්‍ය ප්‍රතිපත්තියේ සිට අර්බුදයේ පීඩනයෙන් ජනතාව මුදවා සහන සැළසීම යන පුළුල් ක්ෂේත්‍රය ආවරණය කළා .
 

2004 වන විට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුතු අප ආණ්ඩුව සෘණ ආර්ථිකය ,  ධන ආර්ථිකයක් බවට පත්කළා . නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සහාය ඇතිව එවකට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය අප ආණ්ඩුව විසුරවනු ලැබුවා . 2005 -2015 දක්වා පැවතුණේ මහින්ද රාජපක්ෂ පාලනය. එහිදී ආර්ථික වර්ධනයක් ගැන පුරසාරම් ඇහෙනවා .  නමුත් කෙටි කාලීන ගෙවීම් පදනමින් ඉහළ පොලී අනුපාත යටතේ ලබාගත් වාණිජ ණය කාටත් නොපෙනී ලංකා ආර්ථිකයේ  Grey Rhino risk තත්ත්වය පෝෂණය කළා .  වාණිජ ණය නිසා ගමට සල්ලි ගිය බව ඇත්ත .  නමුත් ඒ ඩොලර් වලින් ලබාගත් ණය ගෙවීමට ඩොලර් කොහෙන්ද ? ණය ගත්තට ඒ ණය ගෙවන වැඩපිළිවෙලක් ,  විධිමත් සැලැස්මක් තිබුණේ නෑ .  2015 අපි ආණ්ඩුව පිහිටවූවත් එම ණය ගෙවීමට සිදුවුණා .  ඒ තවත් ඩොලර්  ණයක් අරගෙන .  ඒ මධ්‍යයේ වුවත් අපි නිවැරදි මුල්‍ය කළමනාකරණයක පිහිටා කටයුතු කළ නිසා රුපියල් 10000 ක රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම ඇතුළු සහන රැසක් ලබාදීමට හැකිවුණා .  

IMF 2 IMF සමඟ වැඩසටහනක් දියත්කර තිබුනා .
නමුත් ඉදිරියේ එන අභියෝගයට මුහුණදීමට විධිමත් ආර්ථික උපාය මාර්ගික වැඩපිළිවෙලක අවශ්‍යතාව අප දැක්කා .  ඒ වෙනුවෙන් අපි IMF සමඟ වැඩසටහනක් දියත්කර තිබුනා . රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ,  නව දේශීය ආදායම් පණත ඇතුළු විධිමත් සැලැස්මක් ඔස්සේ ආර්ථිකය හරි පාරට ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණත් ,   නමුත් 2019 බල පෙරලිය හමුවේ එය මුළුමනින්ම කඩාකප්පල් වුණා .  ජනප්‍රියවාදී වැරදි ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ රට බංකොලොත් වුණා .  සැබවින්ම ඔවුන් අනාගත ආර්ථික අනතුර දැක තිබුණේ නෑ .  වමේ දකුණේ කියාගෙන කෑ ගහන කවුරුත් ඒ ගැන වචනයක් කියලා තිබුණේ නෑ.

නමුත් 2020 මහ මැතිවරණය අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අනාගත ආර්ථික අර්බුදය ගැන නිවැරදි පෙරකීමක් ඉදිරිපත් කර තිබුණා  . සජබ ඊනියා  ආර්ථික ඕස්තාද්ලා පවා , මේ අති මූලික කරුණ මඟහැර ගෙන තිබුනා .   නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ  ඉතා පැහැදිළිව ආර්ථිකය අර්බුදයකින් තොරව ඉදිරියට ගෙන යාමට නම් ඩොලර් බිලියන 6ක විදෙස් සංචිතයක අවශ්‍යතාව, තාර්කිකව පෙන්වා දුන්නා .  නමුත් ජනතාව හඬට කන්දුන්නේ නෑ . අවසානයේ කාට කාටත්  රනිල්ගේ  අනාගත ආර්ථිකය ගැන නිවැරදිව පෙරකීමේ වැදගත්කම තේරුම් ගන්න විශාල සමාජීය වන්දියක් ගෙවන්න සිදුවුණා .  2001 පැමිණි අර්බුදය විසඳු රනිල්ට තවත් වසර 5ක කාලයක් දුන්නා නම් , Grey Rhino risk තත්ත්වයෙන් රට ගලවා ගන්න තිබුණා . කොහොම නමුත් මිනිසුන්ට වැරදි වෙන්න පුළුවන් .  හැබැයි එකම වරද දිගටම කළොත් ඒක අපරාධයක් වෙනවා .  2022 අර්බුදය සමනය කරදුන් රනිල්ට තවත් අවුරුදු 5ක් දෙන්න ඕන කියන්නේ ඒ නිසා . අන්න ඒ නිසා මේ වෙලාවේ රනිල් තමයි කියන්නේ සටන් පාඨයක් නෙවෙයි,  ජාතික අභිලාශයක්.

 

Posterමේ වෙලාවේ රනිල් තමයි කියන්නේ සටන් පාඨයක් නෙවෙයි,  ජාතික අභිලාශයක්.

 

(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk

[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]


සබැඳි ලිපි:

'හරි පාර' : අයිස් කුට්ටියකින් වැඩක් ගමු : පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ගොඩනගමු ! - (රවී කරුණානායක)

'හරි පාර' : අලුත් දේශපාලන සිතියමේ අපි සිටිය යුත්තේ කොතනද ? - (රවී කරුණානායක)

'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)

හරි පාර : හොඳටම කරන්න ඉල්ලන විපක්ෂය සහ රටවල් 4ක කතාව ! - (රවී කරුණානායක)

හරි පාර : ආපසු හැරෙන්න බෑ ! - (රවී කරුණානායක)

ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)

වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම  ! - (රවි කරුණානායක)

ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)

හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'හරි පාර' : ප්‍රශ්නය ආර්ථිකය වුණත් උත්තරය රනිල් ! - (රවී කරුණානායක) | The Leader