The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

බංගලිදේශය මේසය පෙරළාගෙන ඇත - (නීතිඥ අජානා රණගල)

T

The Leader Desk

August 10, 2024 • 9:42 AM

බංගලිදේශය මේසය පෙරළාගෙන ඇත - (නීතිඥ අජානා රණගල)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලිදේශය අවුදින් මුහුණේ හැපෙයි.
  • මානව වර්ගයා ඉතිහාසය පුරාම ක්‍රමයට එරෙහි ක්‍රියාදාමයන්හි නිරතව ඇත.
  • එම ශක්ති ප්‍රවාහය විසින් ශිෂ්ටාචාර, රාජධානි, රාජ්‍යයන්, අධිරාජයන්, රජුන් සහ පාලකයින් සුනු විසුනු කර දැමූ අයුරු අප කොතෙකුත් දැක ඇත.
  • මේ අතර අසාර්ථකත්වය නිසා ජන අවධානයෙන් ගිලිහී ගිය 1848 හංගේරියානු විප්ලවය වැනි අසාර්ථක ජනතා නැගිටීම්ද විප්ලවයක් හැටියට සාර්ථක වූ නමුත් හැරී බැලූ විට ජනතාව වඩා පීඩනයට ලක් කිරීමට හේතු වූ ක්‍රමයන් නිර්මාණය කර දුන් විප්ලවද පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

බංගලිදේශය අවුදින් මුහුණේ හැපෙයි. බංගලිදේශ ජන අරගලයට පක්ෂව සහ විපක්ෂව සේම එනයින් ලංකාවේ දෙවසරකට පෙර ක්‍රියාත්මක වූ ජන අරගලය නැවත කියවා ගැනීමට දරන උත්සාහයන්ද නිතර මුණ ගැසේ.

 
ක්‍රමයට එරෙහි ක්‍රියාදාම
 
454386382 2626811234165795 8301912218170572522 nඇමරිකානු විප්ලව, ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය, චීන කොමියුනිස්ට් විප්ලවය, කියුබානු විප්ලවය වැනි මාතෘකා යටතේ පත පොත සහ අන්තර් ජාලය කොනිහා බලත හැක.

මානව වර්ගයා ඉතිහාසය පුරාම ක්‍රමයට එරෙහි ක්‍රියාදාමයන්හි නිරතව ඇත. එරෙහිවීමේ නැමියාව සහ ලෝලය මිනිසා තුළ පවතින නෛසර්ගික හැඟීමකි. එම හැඟීම නිදිගන්වාගෙන සිටින හුදකලා මිනිසා මෙන් නොව ජන සමූහයක් වශයෙන් එම හැඟීම කුලුප්පා ගත් විට ඉතා ප්‍රභල ශක්ති ප්‍රවාහයක් විමෝචනය කළ හැක. එම ශක්ති ප්‍රවාහය විසින් ශිෂ්ටාචාර, රාජධානි, රාජ්‍යයන්, අධිරාජයන්, රජුන් සහ පාලකයින් සුනු විසුනු කර දැමූ අයුරු අප කොතෙකුත් දැක ඇත. ඒ පිළිබඳ වැඩිදුර කියවා ගැනීමට අවශ්‍ය නම් ඇමරිකානු විප්ලව, ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය, චීන කොමියුනිස්ට් විප්ලවය, කියුබානු විප්ලවය වැනි මාතෘකා යටතේ පත පොත සහ අන්තර් ජාලය කොනිහා බලත හැක.

මේ අතර අසාර්ථකත්වය නිසා ජන අවධානයෙන් ගිලිහී ගිය 1848 හංගේරියානු විප්ලවය වැනි අසාර්ථක ජනතා නැගිටීම්ද විප්ලවයක් හැටියට සාර්ථක වූ නමුත් හැරී බැලූ විට ජනතාව වඩා පීඩනයට ලක් කිරීමට හේතු වූ ක්‍රමයන් නිර්මාණය කර දුන් විප්ලවද පවතී. ඉඟුරු දී මිරිස් ගැනිමේ විප්ලව, කබලෙන් ලිපට වැටීමේ විප්ලව, අටුව කඩා පුටුව සෑදු විප්ලව ඕනෑ තරම්ය. ඒ අනුව සියලු ජනතා නැගිටීම් රටක, ජාතියක, ජන කණ්ඩායමක හෝ සමස්ථයක් හැටියට ගත් කළ මානව වර්ගයාගේ ප්‍රගමනය සඳහාම වී යැයි කිව නොහැක.

කෙසේ නමුත් බොහෝ ජනතා නැගිටීම් විසින් පවතින ක්‍රමය කඩා ඉහිරුවා නව ක්‍රමයක් නිර්මාණය කර ඇත. වඩා හොඳ කවර ක්‍රමයද යන්න සාපේක්ෂ වන නමුත් ක්‍රමය බිඳ වැටීමේ අවසානයේ නව ක්‍රමයක් නිර්මාණය වූ අතර නව ක්‍රමයද පසු කාලීනව ජන අප්‍රසාදයට සහ විවේචනයට භාජනය වී ඇත.

ක්‍රම වෙනසක් සඳහා වූ අතීත ජනතා ව්‍යාපාර සියල්ලම පාහේ ක්‍රියාත්මක වූයේ ප්‍රචණ්ඩ ස්වරූපයකිනි. සෑම විප්ලවයක් විසින්ම අවිචාර සමයක් නිර්මාණය කර දුන් අතර අවිචාර සමයේ ඉතාම දරුණු අයුක්තිසහගත සහ ම්ලේච්ඡ ක්‍රියා සිදුවිය. විප්ලවය කැටිව එන අවිචාර සමය නිමා වී නැවත බිම සන්සුන් වීමට සහ ජන ජීවිතය සාමාන්‍යකරණය වීමට ගතවූ කාලය දශකය ඉක්මවූ අවස්ථාද පවතී (ප්‍රංශ විප්ලවය). තවමත් සුව නොවූ උඩු දුව ගිය තුවාල කකුල් සහිතව කොර ගසමින් ඇදෙන රටවල්ද පවතී.
 
454648022 2626811314165787 8633772953955115530 nප්‍රංශ විප්ලවය

ප්‍රජතන්ත්‍රවාදී මෙවලම්

පසු කාලීනව වඩා ශිෂ්ට සම්පන්න සහ බුද්ධිමත් ජාතීන් ඓතිහාසික විප්ලව හරහා උගත් පාඩම් මත පදනම් වී ක්‍රමය වෙනස් කිරීමට ජනතාව තුළ ඇති නිසඟ කැමැත්තට ඉඩ සැලසීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ ඡන්දය වැනි මෙවලම් භාවිතයට පිළිපන්හ. ජනතා කැමැත්තට අනුව ක්‍රමය නිර්මාණය වීමත් ජනතා කැමැත්ත අනුව ක්‍රමය වෙනස් කර ගැනීමත් වඩා සරළ සහ පහසු වනු පිණිස නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා ජනතාව ජන බලය ක්‍රියාවට නැගීම හරහා වඩා දියුණු සහ මානව හිතකාමී දේශයන් බිහි විය. ලෝකයේ වඩා සන්සුන් සහ ජීවත් වීමට සුදුසු යැයි අප හඳුනා ගන්නා රටවල පවතින්නේ මෙම ක්‍රමයයි.

ජනතාවගේ ඉච්ඡාභංගත්වය
 
454502346 2626811377499114 1676212070287216412 n2022 ලංකාවේද 2024 බංගලිදේශයේද ක්‍රියාත්මක වූ ජන අරගල ව්‍යාපාරවලට පදනම් වූයේ ජනතාවගේ ඉච්ඡාභංගත්වයයි.
 

නමුත් ජනතා නියෝජිතයා ජනතාව නියෝජනය නොකරන්නේ යැයි ජනතාවට හැඟී ගිය අවස්ථාවල සිදුවන ජනතා නැගී සිටීම් අදද අපට හමුවේ. ඉච්ඡාභංගත්වයට පත්වන ජනතාව ස්වකීය නියෝජිතයාට එරෙහිව සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවය රැල්ලක් සේ ලෝකය පුරා පැතිරී යන ස්භාවයක් වර්තමානයේ දක්නට ලැබේ. 2022 ලංකාවේද 2024 බංගලිදේශයේද ක්‍රියාත්මක වූ ජන අරගල ව්‍යාපාරවලට පදනම් වූයේ ජනතාවගේ ඉච්ඡාභංගත්වයයි.

මෑත කාලයේ ලෝකය පුරාම සිදුවන ජනතාව තම බලය ප්‍රදර්ශනය කිරීමේ සහ අත්හදා බැලීමේ උත්සාහයන්ට සහ ඒවායේ ප්‍රභලතාවයට බලපෑ හේතු රැසකි. සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇතිව ඇති විශාල දියුණුව නිසා මතවාද පැතිරවීමේ සහ අදහස් හුවමාරු කර ගැනීමේ පහසුව ඉන් එකකි. ජනතාව ඒක රාශී කිරීම, ඔවුන්උසි ගැන්වීම, ඔවුන් සංවේදනාවට පත් කිරීම සහ අරගල අනුරාගයෙන් මත් කිරීම සන්නිවේදන මෙවලම් හරහා ඉතා පහසුවෙන් කළ හැක. එසේම පරම්පරාවක් වශයෙන්ද නූතන පරම්පරාව වඩා නොඉවසිලිමත් සේම උද්වේගශීලී කණ්ඩායමකි.

එසේම බොහෝ ජන නැගිටීම් මෙහයවන අදිසි  න්‍යායපත්‍ර සහිත අදිසි හස්තයන් මොනවාදැයි හඳුනා ගැනීම පවා ඉතා සංකීර්ණ ගැටළුවකි. ජනතාව බොහෝ වීට රූකඩය. නූල් කෙලවරවල් වල සිටින්නන්ගේ අභිප්‍රායයන් ජනතාවගේ සැබෑ අභිලාෂයන්ගෙන් බොහෝ දුරස් පරස්පර කාරණාය. නමුත් සියල්ලන් මහා නාට්‍යයක කොටස් කරුවන්‍ ය. අවසානයේ සියල්ල තීරණය කරනුයේ තිර රචකයාය. කැකුණ තැලුවේ වල් ඌරන් නමුත් අවසන මඟුල් කෑවේ හබන් කුකුළන්‍ ය.

අවිචාර සමය
 
table“සාදය හමාර කිරීමට මේසය පෙරළා දැමීම”
 
ක්‍රමය බිඳ දැමීමේ ප්‍රයත්නයන් අලළා කෙරෙන කතා බහකදී “සාදය හමාර කිරීමට මේසය පෙරළා දැමීම” ගැන කියවේ. මේසය පෙරළා දැමූ පසු එළඹෙන්නේ අවිචාර සමයයි. අවිචාර සමයක ඕනෑම දෙයක් සිදු විය හැක. එකිනෙකා පොර බදමින් ආහාර සඳහා සටන් වදින්නන් හමුවිය හැක. ආහාරය සඳහා මරා ගන්නන් මුණ ගැසෙනු ඇත. ආහාර තනන්නන් වෙනුවට බුදින්නන් පමණක් සිටින කාල පරාසයක අවසානයේ ආහාරද අවසන් වී ගහ මරාගන්නන් පමණක් ඉතුරු වනු ඇත. අවිචාර සමයක ක්‍රියාත්මක වන එකම නීතිය ශක්තිවන්තයා ජය ගැනීමේ නීතියයි. එය ශිෂ්ට ලෝකයේ නොව තිරිසන් ලෝකයේ දහමයි.
 
පසු ගිය දින කීපයේ අප ත්‍රස්තව බලා සිටීයේ බංගලිදේශය මේසය පෙරළා ගැනීමෙන් පසු ඇතිවූ තත්වය දෙසයි.
 
454425732 2626811350832450 5402341892551137417 nබංගලිදේශය මේසය පෙරළා ගැනීමෙන් පසු ඇතිවූ තත්වය

හැකි ඉක්මනින් නැවතත් මේසය කෙලින් කර බිම පිරිසිදු කර ආහාර සකසා ගත යුතුය. ක්‍රමය කඩා විසුරුවා අලුතින් තනා ගන්නේද ක්‍රමයකි. ක්‍රම වෙනසක් සඳහා පවතින විකල්ප අතරින් මේසය පෙරළා ගැනීමේ විකල්පය තෝරාගත් බංගලිදේශයේ ඉරණම තීරණය වන්නේ අලුත් ක්‍රමය ස්ථාපිත කර ගැනීමට ඔවුන් ගන්නා කාලය සහ වෑයම මතයි. එතෙක් පවතිනුයේ අවිචාර සමයයි.

අවිචාර සමයක ඕනෑම දෙයක් සිදු විය හැකියි.
 
 
 


11816122 460431504137123 4014149597282391061 o
(නීතිඥ අජානා රණගල)
ajana.ranagala@gmail.com
 
 

[උපුටා ගැනීම - Ajana Ranagala ගේ ෆේස්බුක් පිටුවෙන්..]



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...