The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

නාමල් දැම්මේ මොකටද?- (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 10, 2024 • 4:16 PM

නාමල් දැම්මේ මොකටද?- (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තේරෙන භාෂාවෙන් කිව්වොත් කට්ටියට “හික්” ගෑවිලා ඉන්නේ.
  • ඒවට උත්තර දෙන එක වෙනම ආතල් එකක් වුණත් ඇත්තටම වෙලාවක් නැහැ.
  • පොහොට්ටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විදිහට මගේත් මේ කඳවුරේත් අදහස් දැන ගන්න කැමති නම් අද ඉඳලා ගිනිහුළ WA Group එකට එකතු වෙන්න: https://chat.whatsapp.com/ Ip3Et3LWpXo2kAJGBRlIOT දේශපාලන විතරක් නොවෙයි, මගේ වෙනත් ලිපිත් එතන දානවා.
  • ගිය පාර ඡන්දේ ඉල්ලලා පරාදයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තේරෙන භාෂාවෙන් කිව්වොත් කට්ටියට “හික්” ගෑවිලා ඉන්නේ. පක්ෂ විපක්ෂ කිසිවෙක් බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි සිද්ධ වුණේ. “සිතු දේ නොම වෙයි - නොසිතු දෙයක් වෙයි - ලෝ දම් කැරකෙනවා” කියලා ලස්සන ගීතයක් තිබෙනවා.

දවස් දෙකක විතර ක්ලාන්තයකට පස්සේ පරණ ප්‍රතිවාදීන් ටිකක් දැන් අර මහින්ද හොරා යැයි-යැයි-යැයි හම්පඩ බේගල් ලැයිස්තුව එළියට ඇද ගෙන එනවා පේනවා. 2015 ට කලින් ගහපු ඒ බයිලා දැන් මිනිස්සුන්ට අදාළම නැහැ. ඒවට උත්තර දෙන එක වෙනම ආතල් එකක් වුණත් ඇත්තටම වෙලාවක් නැහැ. මොකද අපිට ඊට වැඩිය ඉතා වැදගත් වැඩ ටිකක් පැවරිලා තිබෙනවා.

නමුත් මම හිතුවා දිගටම කළා වගේ දවසකට එක ගානෙවත් කෙටියෙන් හරි ලිපියක් ලියනවා කියලා. පොහොට්ටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විදිහට මගේත් මේ කඳවුරේත් අදහස් දැන ගන්න කැමති නම් අද ඉඳලා ගිනිහුළ WA Group එකට එකතු වෙන්න: https://chat.whatsapp.com/Ip3Et3LWpXo2kAJGBRlIOT

දේශපාලන විතරක් නොවෙයි, මගේ වෙනත් ලිපිත් එතන දානවා. සමහර විට අභ්‍යන්තර රහස් දාන්නත් පුළුවන්…


xdfyte546
සරලව කිව්වොත් මිනිස්සු කැමති අලුත් දේට. අලුත් ෆෝන් එකට. අලුත් ෆැෂන් එකට. අලුත් කාර් එකට. ඒක තමයි මිනිස් ස්වභාවය. නැත්නම් ලෝකයට පැවැත්මක් නැහැ. සැම්සන්ග් සමාගම කොච්චර හොඳ ෆෝන් එකක් හැදුවත් මාස ගාණකට පස්සේ තව අලුත් ෆෝන් එකක් හදලා එළියට දානවා. මොකද තමන්ගේ අතේ තියෙන ෆෝන් එක කොච්චර හොඳට වැඩ කළත් ඔයා බලන්නේ අලුත්ම ෆෝන් එක ගන්න. අන්න ඒ වගේ දැන් පොහොට්ටුව බස්සලා තියෙනවා අලුත්ම භාණ්ඩයක්.


සජිත් පරණයි. ගිය පාර ඡන්දේ ඉල්ලලා පරාදයි. අනුර පරණයි. පිට පිට තුන් පාරක් ඡන්දේ ඉල්ලලා පරාදයි. ඔවුන්ගේ කිසිම අලුත් බවක් නැහැ. ඔවුන්ට සාපේක්ෂව නාමල් මාර විදිහට අලුත්. නාමල්ගේ අදහස් අලුත්. නාමල්ගේ කතාව අලුත්. නාමල්ගේ පෙනුමත් අලුත්. අනිත් අපේක්ෂකයන් ළඟින් තිබ්බම කැපිලා පේනවා. හරියට පරණ ෆෝන් මැද්දේ බැබලෙන අලුත් ෆෝන් එක වගේ. ඇහැ යන්නේ නාමල්ට. හිත යන්නේ නාමල්ට.


හැම මිනිහම කැමතියි අලුත් වෙන්න. සිංහල අලුත් අවුරුද්දක් කියලා එකක් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගේ ඒ අලුත් වෙන්න තියෙන නෛසර්ගික ආසාව නිසා. පරණ කතාම කිය කිය ඉන්න බෝරින් චාරිතවලට මිනිස්සු කැමති නැහැ. ඒ නිසා ඔය පරණ ප්‍රතිවාදීන්ට පරණ වැල්බයිලා කිය කිය ඉන්න දෙන්න ඕනා. අපි නාමල් එක්ක අලුත් ගමනක් යනවා. අලුත් වෙන්න කැමති අය අපිත් එක්ක එකතු වෙන්න.

ධර්මය අපට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 අගෝස්තු 10


සබැඳි ලිපි :
කඳවුරක සටන - (එරන්ද ගිනිගේ)

දිනනකොට දිනන්න නම් කාට බැරිද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාමල් දැම්මේ මොකටද?- (එරන්ද ගිනිගේ) | The Leader