The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව

T

The Leader Desk

August 11, 2024 • 5:27 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක දෙකක කාලයක් රට පාලනය කළ ඇයට, අවසානයේ දිවි ගලවාගෙන පලා යාමට උදව් වූයේ හෙලිකොප්ටරයකි.
  • ෂීක් හසීනාගේ පියා වන ෂීක් මුජිබර් රහමන් යනු, ජාතියේ පියා ලෙසින් විරුදාවලි ලත් නායකයෙකි.
  • බංග්ලා බන්ධු නොහොත් ‘බංග්ලාදේශයේ මිත්‍රයා’ ලෙසින් ද ඔහු ජනාදරයට පාත්‍ර වුණි.
  • පළමු අවස්ථාව, 1975 දී හමුදා කුමන්ත්‍රණයකට පසුව, ඝාතනය කිරීමෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

දශක දෙකක කාලයක් රට පාලනය කළ ඇයට, අවසානයේ දිවි ගලවාගෙන පලා යාමට උදව් වූයේ හෙලිකොප්ටරයකි. දහසක් දෙනා වට කරගෙන සිටියත්, අවසානයේ තනියට ඉතිරි වූයේ සොහොයුරිය පමණි.

ඇයට විරුද්ධව අරගල කළ සරසවි ශිෂ්‍යයෝ පැන, ඇගේ අසුනේ පමණක් නොව යහනේ ද හිඳ, ඡායාරූප ගත්හ.

 



අරගලයේ පසුපසින් ඇදුණු පිරිස් අගමැතිනියගේ නිවසේ වූ සකලසබ්බමනාව කොල්ල කෑහ. ඇගේ උඩු ඇඳුම් පමණක් නොව යට ඇඳුම් පවා ගෙන ගියහ. එළුවකුට කුකුළකුට තාරාවකුට පවා නිදහස ලැබුණේ නැත.

අරගලවල ස්වභාවය මෙයයි. ඉදිරිපස කණ්ඩායමක් මෙන්ම පසුපස කණ්ඩායමක් ද සිටී. අවසානයේ දී දෙවැනි කණ්ඩායම පාලනය කළ නොහැකි තැනකට පත් වෙයි.

 

ෂීක් හසීනාගේ පියා වන ෂීක් මුජිබර් රහමන් යනු, ජාතියේ පියා ලෙසින් විරුදාවලි ලත් නායකයෙකි. පකිස්ථානයෙන් මිදී, බංග්ලාදේශයක් පිහිටුවා ගැනීමේ මූලික වූයේ ඔහුගේ විමුක්ති ව්‍යාපාරයයි. බංග්ලා බන්ධු නොහොත් ‘බංග්ලාදේශයේ මිත්‍රයා’ ලෙසින් ද ඔහු ජනාදරයට පාත්‍ර වුණි.

‘බංග්ලා බන්ධු’ සිය දේශය තුළදී දෙවරක් මිය ගියේය. පළමු අවස්ථාව, 1975 දී හමුදා කුමන්ත්‍රණයකට පසුව, ඝාතනය කිරීමෙනි. දෙවනුව, පසුගියදා සිදු වූ ශිෂ්‍ය අරගලයේ දී, බැකෝ යන්ත්‍ර යොදාගෙන ඔහුගේ ප්‍රතිමාවේ හිස ගසා දැමීමෙනි!

 

අරගල හටගන්නේ, ජනතා විරෝධය උත්සන්න වීමෙනි. එහෙත් බොහෝ විට, ඒවාට හිසක් නැත.

අරගල හටගන්නේ, ජනතා විරෝධය උත්සන්න වීමෙනි. එහෙත් බොහෝ විට, ඒවාට හිසක් නැත. සිරි ලංකාවේ අරගලයේ දීද සිදුවූයේ, කොහේවත් තිබූ හිසක් ගෙනැවිත්, කිරුළු පැළදීමය. අරාබි වසන්තයට ද සිදු වූ දේ, දැන් පැහැදිලිය.

දේශපාලන කාටූනයක දැක්වුණු පරිදි, බංග්ලා ශිෂ්‍යයෝ, මුජිබර් රහමන්ගේ (ජාතියේ පියා) ප්‍රතිමාවේ හිසට, කුළුගෙඩි පහර දෙමින් සිටිති. ඒ බලා සිටින සාමාන්‍ය වැසියෙක් ශිෂ්‍යයකුට ළංව මෙසේ අසයි.

“අනේ ඇයි ඒ ප්‍රතිමාව විනාශ කරන්නෙ?”

“එයා ෂීක් හසීනාගෙ පියා නිසා.”

 

ඒ කෙසේ වෙතත්, සෑම අරගලයක්ම ඉතිහාසය තුළ ලියා තබන පාඩමක් වෙයි. ජනතා විරෝධය යනු, කිසිදු ජගතකුට නවතාලිය නොහැකි සුනාමියක් බවය. බලයෙන් උමතුව හැසිරෙන්නට ගිය සෑම පාලකයකුම, අවසානයේ දඬුවම් ලැබුවේ ජනතාවගෙනි.

බංග්ලාදේශ අරගලයේ දීද මන්ත්‍රී නිවාස ගිනි තැබීම සිදුවුණි. ඒ අතර වූ එක් කනගාටුදායක සිද්ධියක් වූයේ, එරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි මෂ්රාෆි මොර්ටසාගේ නිවස ද ගිනිබත් කිරීමය. හේතුව වූයේ, ඔහු ද ‘අවාමි ලීග්’ පක්ෂයෙන් දේශපාලනයට පිවිස, පාර්ලිමේන්තුවට පත්ව සිටීමය.

ඉන්දියාව වැනි රටවල, ජාත්‍යන්තර ක්‍රිකට් තරග පරාජය වූ විට, ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ගල්මුල් එල්ල කරන බව අප අසා ඇත. එනිසාම, තරග පරාජය වීමෙන් පසු, ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට පොලිස් ආරක්ෂාව ද යෙදේ.

 

IMG 20240806 WA0112මොර්ටාසාට නම් ක්‍රිකට් ජීවිතයේ දී එවැනි පහරදීම්වලට මුහුණ පෑමට සිදු වුණේ නැත.
මොර්ටාසාට නම් ක්‍රිකට් ජීවිතයේ දී එවැනි පහරදීම්වලට මුහුණ පෑමට සිදු වුණේ නැත. එහෙත්, ක්‍රිකට් සහ දේශපාලනය යනු දෙකක් බව ඔහු දැන් තේරුම්ගෙන ඇතුවාට සැක නැත.

අරගලයක් තුළ, අපේක්ෂාවන්, ඉල්ලීම් මෙන්ම කොන්දේසි ද වෙයි. ගෝල්ෆේස් අරගලයේ එක් ඉල්ලීමක් වූයේ, පාර්ලිමේන්තුවේ සිටින 225 ම එපා යන්නය. එහෙත් එය සිදුවූයේ නැත. දැන් නැවත බලය ඉල්ලා, කඳවුරු බඳින්නේ ඒ 225 මය.

නාමල් මහින්දගේ පුතෙක් නෙමෙයිද ? - (වීඩියෝ)හිටපු ජනපතිවරයා, තම පුතු නාමල් ඉදිරිපත් කරමින්, “අරගලයේ ඉල්ලීමක් වන, තරුණ නායකයකු ලබාදුන් බව” කියා සිටී

 

මහල්ලන් වෙනුවට තරුණයන් දේශපාලන පිටියේ ඉදිරියට ගැනීම තවත් අපේක්ෂාවක් විය. අරගලය කෙරුවේද තරුණයෝය. එය ද ඉටු වූයේ නැත. එහෙත්, දැන් හිටපු ජනපතිවරයා, තම පුතු නාමල් ඉදිරිපත් කරමින්, “අරගලයේ ඉල්ලීමක් වන, තරුණ නායකයකු ලබාදුන් බව” කියා සිටී.

බංග්ලාදේශයේ ප්‍රකට කවට කථිකයකු වන සැමී දෝහා (Sammy Doha) පවසන අන්දමට, ඔහු හාස්‍යයට ප්‍රිය කරන්නේ, ලෙඩරෝගවලට බෙහෙත් ගැනීම අනවශ්‍ය බැවිනි. සිනාසී තරවීම කෙසේ වෙතත්, සිනාසී සුවවීම ද කළ හැකි බැව් සැමී දෝහාගේ කියුමෙන් ඇඟවෙයි. කොමඩිය යනු තෙරපියකි.

දේශපාලනඥයෝ ද හොඳ විහිළුකාරයෝය. අරගලයකින් පලා ගිය නායකයකු, අරගලකරුවන්ගේම ඉල්ලීමක් ඉටු කිරීමට යාමද කෙනකු තුළ සිනහවක් උපදවන කාරණයක් ලෙස දැකිය හැකිය. “මාව එපා නම්, ඒ තැන පුතාට දෙන්න.” සැඟවුණු ඉල්ලීම එය නම්, පිළිතුර ජනතාවට බාරය.

ෂීක් හසීනාගේ බංගලි වළලු හෝ ගෙනත් දෙනවා යැයි පොරොන්දු දුන්නොත් ඒ පිළිගන්නට, සූදානම් එවුන් දැන් නම් අඩුය

 

මැතිවරණයත් සමඟම යළි යළිත් දහසක් පොරොන්දු ඇසෙන්නට වෙයි. හඳෙන් සහල් ගෙනවිත් දෙනවා යැයි කියූ කාලයේ, හඳේ තුත්තිරි ගහක්වත් හැදෙනවා දැයි අහන්නට එකෙක් සිටියේ නැතත්, ෂීක් හසීනාගේ බංගලි වළලු හෝ ගෙනත් දෙනවා යැයි පොරොන්දු දුන්නොත් ඒ පිළිගන්නට, සූදානම් එවුන් දැන් නම් අඩුය. නරියකුට බොක්ක සෝදන්නට දුන් එකකුගේ හත්මුතු පරම්පරාවවත් නැවත ඒ මෝඩකම කරන්නේ නැත.

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව | The Leader