The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

ඡන්දයේ බොරු, අලංකාරොක්ති, බයිලා ! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

August 13, 2024 • 4:09 PM

ඡන්දයේ බොරු, අලංකාරොක්ති, බයිලා ! - (නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හඳෙන් හෝ හාල් ගෙනැවිත් ජනතාවට කන්න දෙනවා යයි ඡන්දයකදී කිවු කතා දැන් තේරුම් ගන්නේ එය බොරු පොරොන්දුවක් ලෙසටය.
  • එම ගනයේ බොරු පොරොන්දු දීමේ ප්‍රමුඛයා බවට පත්වී ඇත්තේ සජිත්ය.
  • එවැනි දෑ කීමෙහි ප්‍රමුඛයා වී ඇත්තේද සජිත්ය.
  • නමුත් මෙවර එම ප්‍රවනතාවයේ වෙනසක් පෙන්නුම් කරන බවක් පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


හඳෙන් හෝ හාල් ගෙනැවිත් ජනතාවට කන්න දෙනවා යයි ඡන්දයකදී කිවු කතා දැන් තේරුම් ගන්නේ එය බොරු පොරොන්දුවක් ලෙසටය.

මෙවර ඡන්දයෙදීද එවැනි බොරු පොරොන්දු තොග ගනනින් එලියට පැමිනෙමින් තිබේ. එම ගනයේ බොරු පොරොන්දු දීමේ ප්‍රමුඛයා බවට පත්වී ඇත්තේ සජිත්ය.

rfw454235

බලයට පැමිනිවිට IMF සමග කතා කොට කොන්දේසි වෙනස් කරගන්නවා යයි කිම දේශපාලනික අලංකාරෝක්තියකි(rhetorics). බලයට පැමිනි පසු වෘත්තිකයින්ගේ  බදු අඩු කිරීම සපථ කිරීමද එවැන්නකි. එවැනි දෑ කීමෙහි ප්‍රමුඛයා වී ඇත්තේද සජිත්ය.

ලංකාව තුල අනාගතයේදී නිශ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා යයි කීම දේශපාලන බයිලාවකි. ගමට අධිකරන බලය ලබා දීමද එවැන්නකි. එවැනි බයිලා බොහෝ දුරට ඇසෙන්නේ අනුරගේ වේදිකාවෙනි.

gfsetw45
මීට අමතරව දේශපාලන වේදිකාව තුල පට්ට කෙබර හා වැල් බයිලාද කියවෙන්නේය. ඒ ගැන අමුතු කතා අනවශ්‍යය.

ලාංකික දේශපාලන කර්මාන්තය තුල මෙවැනි බොරු, අලංකාරෝක්තීන් හා බයිලා කීම එම කර්මාන්තයට ආවේනික වුවකි.

ඡන්දයෙදී බොහෝ විට මෙම උපකරන භාවිතා කරන්නේ ඉන්න එකා පලවා හැරීමට මිස එන එකා ගැන විපරමක් කරන්නට නොවේ.

නමුත් මෙවර එම ප්‍රවනතාවයේ වෙනසක් පෙන්නුම් කරන බවක් පෙනේ.

දේශපාලන වේදිකාවෙන් නික්මෙන මෙවැනි අනේක විධ පනිවුඩ නිසා තරඟයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයා (leading Candidate in the race) පිලිබඳව මහජනයා තිරනයකට එලඹෙන්නේය.

ඉදිරියෙන් සිටින අපේක්ෂකයා යනු නියත ලෙසම 21 දා ජයග්‍රාහී අපේක්ෂකයා නොවේ. දැනට තරඟයේ ඉදිරියෙන් සිටින්නාය.

එසේම ඉදිරියෙන් සිටින තරඟ කරුවා බවට පත්වීම සඳහා සමාජය මත බලපවත්වන පනිවුඩය පිලිබඳවද තක්සේරුවක් ඉන් ලැබෙන්නේය.

gdrte45
අපට අනුව වයස අව්රුද 19 ත් 43ත් අතර ජනගහනය තුල මේ වන විට leading candidate වී සිටින්නේ අනුර ය. අනුරට ඇති කැමැත්ත එකී ජනගහනයෙන් 75% ට වඩා ඉහලය. (මුලාශ්‍රය පසුව දක්වනු ලැබේ)

ඒම ජනගහනයේ දෙවැනි කැමැත්ත තිබෙන්නේ රනිල්ටය. නමුත් එය 15% ට අඩු අගයකි.

තුන්වන මනාපය සජිත්ටද හතරවන මනාපය නාමල් ලෙසත් සඳහන් වී තිබේ.

මෙම ප්‍රවනතාවයේ සුවිශේෂී බව නම් එම ජනගහන කන්ඩායමේ අදහස තුල දිලිත් ජයවීරගේ නම සඳහන් නොවීමයි.

ලාංකික ජනගහනයෙන් 10% පමන වන්නේ වයස 19 සහ 23 අතර වන ජනගහනයයි. එම කාන්ඩයේ සිංහල ජනගහනය 1,296,762 කි. සිංහල නොවන ජනගහනය 434,563 කි.

ලාංකික ජනගහනයෙන් 18.8 % පමන වයස 24 සහ 33 අතර වන ජනගහනයයි. එම කාන්ඩයේ සිංහල ජනගහනය 2,315,664 කි. සිංහල නොවන ජනගහනය 776,010 කි.

ලාංකික ජනගහනයෙන් 18.2% පමන වයස 34 සහ 43 අතර වන ජනගහනයයි. එම කාන්ඩයේ සිංහල ජනගහනය 2,241,203 කි. සිංහල නොවන ජනගහනය 751,058කි.

population 2020
අනුර තරඟයේ leading candidate බවට පත්වී සජිත් රනිල්ටත් පහලින් සිටීම තුලින් ගොඩනැගිය හැකි එක් අනුමිතියක් වන්නේ ලාංකික තරුණ ඡන්දයට බොරු, අලංකාරෝක්ති, හා බයිලා මඟින් එතරම් බලපෑමක් නොකරන බවය.

එසේම මෙම ප්‍රවනතාවය තුල රනිල් තරුණ ජනයා අතර අඩු ප්‍රතිශතයකින්ව හෝ දෙවැනියා වීම මඟින් පෙන්වන්නේ රට බංකොලොත් භාවයෙන් මිදීමට දරන උත්සාහයෙදී රනිල්ගේ භුමිකාව පිලිබඳව තරමක හෝ  අවදානයක් ඒ සඳහා ඔවුන් වෙතින් ලැබී ඇති බවය.

සැබවින්ම තරුනයන් කියන්නේ බොරු, අලංකාරොක්තින් හා බයිලා වලින් පරිපුර්නවු සජිත්ගේ දේශපාලන භුමිකාව වෙත ඔවුන්ගේ අවධානය කිසිසේත්ම යොමුවී නොමැති බවයි.

lkjhdrw53

සජිත්ගේ දේශපාලන වේදිකාව පරන බවත් එය ආචීර්න කල්පික බවත් ඉන් උපකල්පන වන්නේය.

මාගේ මුහුනු පොතේ වරෙක මා ලියා තැබුවේ රට ඉදිරියේ මුලික ප්‍රතිපත්තිමය අභියෝග දෙකක් පවතින බවය. ඉන් පලමු වැන්න ආර්ථිකය ගොඩගැනීම බවය.

 දෙවැන්න මෙරට පවතින සහචරවාදී පාලනය කඩා බිඳ දමා නව දේශපාලන සංස්කෟතියකින් හෙබි නව රාජ්‍ය පාලන ක්‍රමවේදයක් හඳුන්වාදීම වන බවය.

එසේම මා ලියා තැබුවේ ඉහත දැක්වු පලමු අභියෝගය කලමනාකරනය කිරීමේ විභවය රනිල් සතු වන බවත් ඉහත කී දෙවන අභියෝගය විසඳීමේ විභවය අනුර සතුවන බවත්ය.

එසේම මා කියා තිබුනේ මාගේ පලමු මනාපය අනුරට හිමි නොවුනද දෙවන මනාපය අනුරට හිමි වන බවය.

නමුත් ලාංකික තරුනයා සිතන්නේ සැබෑ වෙනසක් සඳහා ක්‍රම වෙනසක් අවැසි බවටය. ඒ සඳහා අනුර ඔවුන්ගේ තෝරාගැනීමවී තිබේ.

e5345
මා අයත් වන්නේ රටේ ජනගහනයෙන් 20% වන වැඩිහිටි පරපුරටය. 22% කට ආසන්න වයස 43 හා 63 අතර ජනතාවක්ද සිටී.

42% වැඩිහිටි ප්‍රජාවකගේ තෝරා ගැනීම උත්තේජනය කරන්නට සජිත් ප්‍රමුඛ සජබය දඟර නැටුම් දේශපාලන වේදිකාව තුල සංවිධානය කරමින් සිටින කල 47% වු තරුන ප්‍රජාව එම කලාව ප්‍රතික්ෂේප කරමින් සිටී.

සජිත් දිනපතා තමන්ගේ පිලට කව්රුන් හෝ දේශපාකයකු වැද්ද ගනී. MOU අත්සන් කරති. නව සන්ධාන ගොඩ නඟති. සජිත් සිතන්නේ ඒවා දැක ජනයා අමනාන්දයට පත්වී ඇති ලෙසටය.

නමුත් මොනරා පිල් විහිදුවාට තම පශ්චාත්භාගය එලියේ බව වැටහෙන්නට තරමක් කල් ගත වනු ඇත්තේය.

සජිත් සමග එක්වන ඇතමෙකු තුච්ඡ ඝනයේ හොරකම් වල යෙදුන අය වන්නේය. අනෙකුන් රාජපක්ෂ දේශපාලන වෘපෘතිය හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැවීමට ඉදිරිපෙල කාර්යභාරයක් කලවුන්ය.

20 වැනි සංශෝදනයට එරෙහිව තම පිල තුල සිටිමින්ම ගෙවිඳු කුමාරතුංග එහි ප්‍රජාතන්ත්‍රවිරෝධී ඇතැම් වගන්ති පිලිබඳව සිහින් කෙඳිරියක් හෝ නැගුවෝය නමුත් දැනට සජිත් සමග එක්ව සිටින GL, නාලක, ඩලස් 20 හරියයි තර්ක කලේ මාධ්‍ය ඉදිරියට පැමිනෙමිනි.

වරක් වැන්දොත් කැළනි විහාරය සියලු පෙර පව් සේදෙන්නේ යයි පවතින විශ්වාසයට අනුව යමින්ම මේ අජුත දේශපාලනඤයන් සජබය වැඳ පුදා ගන්නවා පමනක් නොව අනාගත ප්‍රජාතන්ත්‍රවාදී පිරිසිදු නිකැලැල් සජිත්ගේ පාලනයක් පිලිබඳව ජනතාවට බන දේශනා කිරීම අරඹා තිබේ.

සජබයට අනුව රාජපක්ෂ පිලෙන් තමන් වෙතට පැමිනියවුන් හැර රනිල් පිලට ගොස් සිටින්නේ හොරුන්ය.

මෙම අලංකාරෝක්තිය වැඩහිටි පරපුරේ ඇතමුන්ට අරුමයක් වන්නට පිලිවන.

නමුත් අප ඉහතින් දැක්වු 47% වු තරුණ ප්‍රජාව දකින්නේ එය මුසාවක් බවය. එම නිසාම ඔවුන්ගේ මිනුමට අනුව සජිත් වැටෙන්නේ 5% කට අඩු අගයකටය.

sdt453

ඒ අනුව බලන කල මෙවර ජනතාවගේ බහුතරය බොරුවට, අලංකාරෝක්තියට නොරැවටෙන බව පෙනෙති.

නමුත් අනුරගේ වේදිකාවෙන් ඇසෙන බයිලා නොතකමින් අනුර සතු අයිතිහාසික මැදිහත්වීමේ වැදගත් කම පිලිබඳව තරුන පරපුර අවධාරනය කරන බවක් පෙනේ.

නමුත් තරුණ පරපුරෙන් 13% ක කැමැත්තක් දිනා ගෙන සිටින රනිල්ගේ භුමිකාවද අවතක්සේරු කිරීමට නොහැකි වන්නේය.

තරුනයන්ගේ කැමැත්ත රනිල්ට නොව රනිල් ආර්ථිකය කලමනාකරනය කරන ලද ආකාරයටය.

තත්වය එසේ නම් වැඩිහිටි පරපුරේ ඡන්දයත් සමග රනිල්ට තරඟයේ දෙවැනියා වීමේ සම්භාවිතාවක්ද මතුවිය හැකිව තිබේ.

එම නිසා ඉදිරි දේශපානය බොරුවෙන්, අලංකාරොක්තියෙන් හෝ බයිලා වලින් තොරව සිදු කිරීමට අපේක්ෂකයන් වගබලා ගැනීම රටටත් අපටත්, තම තමන්ටත් වැඩදායක වනු ඇතැයි මට සිතේ.

shiral lakthilaka(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...