The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

බංග්ලාදේශ අරගලය සහ ඉන්දීය විරෝධය

T

The Leader Desk

August 14, 2024 • 5:48 AM

බංග්ලාදේශ අරගලය සහ ඉන්දීය විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලාපීය වශයෙන් ගත්විට ඉන්දියාවට මෙම කලාපයේ සිටි හොඳම මිතුරු රාජ්‍යය අහිමි වීමේ අවදානමක් ඇතිවී තිබේ.
  • ක ජනගහණයක් ඇති මෙම දිවයින බංග්ලාදේශයට හිමිවූයේ 2012 වසරේ international tribunal for the law of sea (ITLOS) ලබා දුන් තීන්දුවක් හේතුවෙනි.
  • ෂෙයික් හසිනා සිය පියා වූ මුජබර් රහුමන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය සිදුවූ අවස්ථාවේ සිටම ගාන්ධි පවුල සමඟ මෙන්ම ඉන්දියාව සමග ඉතා සමීප සබඳතා පවත්වාගෙන ගියේය.
  • වසරේ ඉන්දියාව ඩොලර් බිලියන 13.8 ක අපනයන බංග්ලාදේශයට සිදු කොට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

තත්ත්වයක් උදාවී ඇත.

කලාපීය වශයෙන් ගත්විට ඉන්දියාවට මෙම කලාපයේ සිටි හොඳම මිතුරු රාජ්‍යය අහිමි වීමේ අවදානමක් ඇතිවී තිබේ. බංගලාදේශ භාරකාර රජයේ අග්‍රාමාත්‍ය මොහොමඩ් යුණුස් “ තම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දීය අත පෙවීම් පිළිබඳව” අප්‍රසාදය පළ කළේය.

 

sheik haseenaබංග්ලාදේශයේ සිදුවූ තරුණ අරගලයත් සමග අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනාට ඉන්දියාවට පලා ගොස් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට සිදුවන තත්ත්වයක්

අගෝස්තු එකොළොස්වනදා ඉන්දියාවේ සිට ප්‍රකාශයක් නිකුත් කළ බංගලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය තමා බලයෙන් පහ කිරීම පිටුපස සිටින බවත් බෙංගාල බොක්කේ පිහිටි ශාන්ත මාටින් දිවයින පිළිබඳව ඔවුන්ගේ ඇති අභිලාෂයන්ට එරෙහිව කටයුතු කිරීම තමා ධූරයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කිරීමට හේතුව වූ බවත් ඇය ප්‍රකාශ කළාය.

 

iland

වර්ග කිලෝමීටර් තුනක භූමියකින් යුතු යි මෙම දිවයින බංග්ලාදේශය සතු එකම කොරල් දූපතයි. 5500 ක ජනගහණයක් ඇති මෙම දිවයින බංග්ලාදේශයට හිමිවූයේ 2012 වසරේ international tribunal for the law of sea (ITLOS) ලබා දුන් තීන්දුවක් හේතුවෙනි. මෙම දූපත ඇමරිකානුවන්ට චීනයේ එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියට (BRI -Belt and road initiative) එරෙහිව උපායමාර්ගිකව භාවිතා කළ හැකි ස්ථානයකි.

ෂෙයික් හසිනා සිය පියා වූ  මුජබර් රහුමන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය සිදුවූ අවස්ථාවේ සිටම ගාන්ධි පවුල සමඟ මෙන්ම ඉන්දියාව සමග ඉතා සමීප සබඳතා පවත්වාගෙන ගියේය. භාරතීය ජනතා පක්ෂ රජය යටතේද එම සබඳතා තවත් වර්ධනය විය.

powerඉන්දියාවේ Jharkhand හි පිහිටි අදානි සමාගමට අයත් Godda plant බලාගාරයෙන් ගල් අඟුරු මගින් නිපදවන විදුලිය

ඉන්දියාවේ Jharkhand හි පිහිටි අදානි සමාගමට අයත් Godda plant බලාගාරයෙන් ගල් අඟුරු මගින් නිපදවන විදුලිය මෙගාවොට් 1600 ක් මිලදී ගැනීම පිළිබඳ වසර විසිපහක ගිවිසුමකට බංග්ලාදේශය එළඹුණේ 2017 වසරේදීය. ඉන්දියාවට දකුණු ආසියාව තුළ සිටින විශාලතම වෙළඳ සහකරු බංග්ලාදේශයයි. 2022 වසරේ ඉන්දියාව ඩොලර් බිලියන 13.8 ක අපනයන බංග්ලාදේශයට සිදු කොට ඇත. අරගලකරුවන්ගේ ඉන්දීය විරෝධය හමුවේ බංග්ලාදේශයේ ඇති ඉන්දීය ආයෝජන පිළිබඳ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පැමිණ ඇත.


නේටෝ සංවිධානයේ (NATO) 75 වන සංවස්තරය පසුගිය ජූලි මස 11 වන දින වොෂින්ටනයේදී පැවති අතර එයට ආරාධිතයකු ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කොට නොතිබිණි. එම කාලසීමාවේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ සංචාරයක් යොදාගත් අතර එහිදී ඔහුට රුසියානු ජනාධිපති වැඩිමීර් පුටින් විසින් එරට පුරවැසියෙකුට පිරිනැමෙන උසස්ම සම්මානය ඔහුට පිරිනමන ලදී.

 

 129663144 db648ed957a536a976a12ef0449fa856e8ec4983ඉන්දියාව සිය ඛනිජතෙල් අවශ්‍යතාවයෙන් 36% පසුගිය වසරේ ලබා ගත්තේ රුසියාවෙනි.
ලෝකයේ අනෙකුත් රටවල් රුසියානු ඛණිජ තෙල් සඳහා සම්බාධක පනවා තිබියදී ඉන්දියාව සිය ඛනිජතෙල් අවශ්‍යතාවයෙන් 36% පසුගිය වසරේ ලබා ගත්තේ රුසියාවෙනි. ද්වීපාර්ශ්වික ගිවිසුමක් මගින් සමාගමක් පිහිටුවා klasnikov AK 203 වර්ගයේ තුවක්කු 35000 ක් මිලදී ගැනීමට මෙන්ම න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුම් වලටද ඉන්දියාව සහ රුසියාව එළඹී ඇත.

කලාපීය රටවල දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන වෙනස් වීම් සියුම්ව අධ්‍යයනය කිරීම අනාගතයේ පත්වන දේශපාලන නායකයන්ගේ දේශපාලන සෞඛ්‍යයට බෙහෙවින් වැදගත්ය.

සටහන :

Rasanga
(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
prasadrharischandra@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බංග්ලාදේශ අරගලය සහ ඉන්දීය විරෝධය | The Leader