The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

ගල්ගමු අලි ඇතුන් ගෙන් දෙනෙතට තුටු කඳුළු නංවන ක්‍රියාවක් - (රේණුකා දමයන්ති ගමගේ)

T

The Leader Desk

August 15, 2024 • 10:31 AM

ගල්ගමු අලි ඇතුන් ගෙන් දෙනෙතට තුටු කඳුළු නංවන ක්‍රියාවක් - (රේණුකා දමයන්ති ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ එම ඉසව්වේ දී අලි ඇතින් වැඩිම පිරිසක් දුම්රියවල ගැටී මරණයට පත් වීමත් රිය අනතුරු වලට ලක් වීමත් නිසා ය.
  • එමෙන්ම වනජීවී උමං මාර්ගයේ වැඩ නිම වන තෙක් ඉදිකිරීම් කටයුතු සිදු කරන ස්ථානයේ සේවකයින් සහ යන්ත්‍ර සූත්‍ර අලි ඇතුන් විසින් විනාශ කරනු ඇතැයි ද එම තත්වය වලකාලීම ද මහත් අභියෝගයක් විය හැකි බවට ද ඔව්හු තර්ක කළහ.
  • එමෙන්ම අලි ඇතුන් දෙසීයක් රංචුවකට එක්වර දුම්රිය මාර්ගය හරහා යෑමට වඩාත් පුළුල් ඉඩ කඩක් සහිත මාවතක් අවශ්‍ය බව පවසමින් ඒ සම්බන්ධ පුරෝකතන ද ඉදිරිපත් කරනු දක්නා ලදී.
  • ඒ අතර දුම්රිය මාර්ගයට යටින් ව නඋමං මාර්ගය ඉදි කිරීම සඳහා අවශ්‍ය පරිදි භූමිය සකස් කිරීම සඳහා වන මූලික වැඩ ආරම්භ කර ඇත.මේ වන විට ඉදිකිරීම් උපකරණ වැඩබිම වෙත ගෙනවුත් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ගල්ගමුව මායිමෙන් ගලා යන මී ඔය දෙපස ඇති පුළුල් නිම්න තලාවල පවත්නා ජලාශ්‍රිත බව හා සාරවත් තෘණ මුල් කොට වර්ග ඵලයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වැඩිම වන අලි ගහණයක් ජීවත් වෙති. 

එහෙත්, ඔවුන්ගේ එම ස්වාභාවික වාස භූමිය මැදින් පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගය හා උතුරු දුම් රිය මාර්ගය වැටී තිබීම එම අලි ඇතුන් ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වී තිබේ. ඒ එම ඉසව්වේ දී අලි ඇතින් වැඩිම පිරිසක් දුම්රියවල ගැටී මරණයට පත් වීමත් රිය අනතුරු වලට ලක් වීමත් නිසා ය.

 

gal1

එම අවාසනාවන්ත තත්වය පිටු දකිනු පිණිස ඉදි කෙරෙමින් පවතින ගල්මුව, කාසිකොටේ ගැට දිවුල ශ්‍රී ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ග වැඩබිමට ඒ අවට වන කලාපයේ ජීවත් වන වන අලින් ගෙන් බාධාවක් නොවනු පිණිස ඊට මඳක් ඔබ්බෙන් මහා මාර්ගය හරහා ගමන් කිරීම පිණිස ඔවුන් වෙනුවෙන් සාදා දුන් තාවකාලික පස් පිරවුම් බෑවුම් මාර්ගය ඊට පසුදින සිටම එම වන අලින් විසින් කිසිදු යොමු කිරීමකින් හෝ ආයාසයකින් තොරවම භාවිතයට ගැනීමට හුරු වී තිබෙනු මේ වන විට දක්නට පුළුවන.

gal2

 

මෙය එක්තරා අන්දමකින් විස්මය දනවන ආශ්චර්යමත් සිදු වීමකි. මෙම සිදුවීම මේ වන විට ගල්ගමුව ප්‍රදේශවාසීන් එම මාර්ගය භාවිතා කරන්නවුන් ඇතුළු අති විශාල පිරිසක ගේ නෙත ගැටී තිබීම ද විශේෂත්වයකි. 

වන අලින් මෙම නව බෑවුම් මාර්ගය භාවිතා කිරීමට මැලි වී වැඩ බිම මැදින් වැටී ඇති ඔවුන්ට හුරුපුරුදු මාර්ගය දිගටම භාවිතා කිරීමට පෙළඹුණහොත් ඉන් බරපතල ගැටළුකාරී තත්වයක් ඇති වීමට පැහැදිලි අවකාශයක් තිබිණ. එමෙන්ම, මෙම වන ජීවී උමං මාර්ගය ඉදිකිරීම පිළිබඳව පැවති සාකච්ඡා වාර වල දී ඒවාට සහභාගී වූ විවිධ නිලධාරීන් සහ ඇතැම් පරිසරවේදීන්, සත්වවේදීන් පවා මිනිසුන් තනා දෙන කොරිඩෝ වල වන ඇතුන් ගමන් නොකරන බවත් ඔවුන් ගේ සුපුරුදු මංපෙත් අවහිර කොට මෙසේ කෘත්‍රිම මංපෙත් සකසා දුන හොත් අලි ඇතුන් එම මංපෙත හරහා ගමන් නොකොට අවට ගම්මාන වලට කඩා වැදී මහා විනාශයක් කළ හැකි හැකි බවට සාධාරණ ලෙස කරුණු දක්වන ලදී. එමෙන්ම වනජීවී උමං මාර්ගයේ වැඩ නිම වන තෙක් ඉදිකිරීම් කටයුතු සිදු කරන ස්ථානයේ සේවකයින් සහ යන්ත්‍ර සූත්‍ර අලි ඇතුන් විසින් විනාශ කරනු ඇතැයි ද එම තත්වය වලකාලීම ද මහත් අභියෝගයක් විය හැකි බවට ද ඔව්හු තර්ක කළහ.

 

gal3

එමෙන්ම අලි ඇතුන් දෙසීයක් රංචුවකට එක්වර දුම්රිය මාර්ගය හරහා යෑමට වඩාත් පුළුල් ඉඩ කඩක් සහිත මාවතක් අවශ්‍ය බව පවසමින් ඒ සම්බන්ධ පුරෝකතන ද ඉදිරිපත් කරනු දක්නා ලදී. නමුත් අලි ඇතුන් තම දරු පැටවුන්ගේ සහ රංචුවේ ආරක්ෂාව පිණිසත්, ඉක්මනින් බාධක පසුකර මහා මාර්ගය හරහා මාරුවීමේ පහසුව සඳහා “එක් රැයක් තුළ ”පස් පිරවූ නව බෑවුම් මාර්ගය භාවිතයට ගැනීම පරිසරවේදීන් සත්වවේදීන් ඇතුළු සොබා දහම කෙරෙහි උනන්දුවක් පළ කරන සැමට නවමු අද්දැකීමක් වූ බව නියත ය.ඔවුන් ගේ එම අවනත කීකරු ස්වභාවය සොබා දහම් ලෝලීන් ගේ නෙත් වලට සතුටු කඳුළු එක් කරන්නක් බව නිසැක ය.

gal4

 

වන අලි ඇතුන් පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් සහ උතුරු මාර්ගයේ දුම්රිය වලින් ආරක්ෂා කිරීම පිණිස ඉදිවන ගැටදිවුල වනජීවී උමං මාර්ගය ඉදිකිරීමේ අවසන් ඉංජිනේරු සැලසුම දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී අතර මේ වන විට වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම සඳහා එම ස්ථානයේ දුම්රිය මාර්ගය ද ඉවත් කොට ඇත. ඒ අතර දුම්රිය මාර්ගයට යටින් ව නඋමං මාර්ගය ඉදි කිරීම සඳහා අවශ්‍ය පරිදි භූමිය සකස් කිරීම සඳහා වන මූලික වැඩ ආරම්භ කර ඇත.මේ වන විට ඉදිකිරීම් උපකරණ වැඩබිම වෙත ගෙනවුත් තිබේ.

 

1709274807 ele L
ඒ අතර එහිදී මේ වන විට මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සිදු වන ව්‍යාපෘතිය යටතේම රුපියල් ලක්ෂ 658ක පමණ අමතර වියදමක් දරමින් මේ උමං මාර්ගය ඉදිකිරීමට ඉදිකිරීම් භාර සියයට සියයක්ම ඉන්දීය රජය සතු සමාගමක් වන ඉර්කෝන් සමාගම ඉදිරිපත් වී තිබේ. මෙහි සැලසුම් සකස් කිරීම ඇතුළු කටයුතුවලට මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය නොමිලේ සිය දායකත්වය දී තිබේ. එමෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට අභිනවයෙන් පත්කර ඇති ලේකම්වරයා ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් සහිත ඉංජිනේරුවරයකු වීම හේතුවෙන් මේ ව්‍යාපෘතිය ඉතාමත් කෙටි කාලයක් තුළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇතැයි පැවසෙයි.

නමුත් මෙම ව්‍යාපෘතියට එරෙහිව කටයුතු කරන කණ්ඩායමේ පුද්ගලයින් ඉදිකිරීම් කටයුතු සිදුකරන උප කොන්ත්‍රාත් සමාගමට සහ විවිධ නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබා දී විවිධ බලපෑම් කර ඇති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ එම ආයතන සහ නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු විකෘති කර ප්‍රචාරය කර ඇති බවත් වාර්තා වන අතර, එම පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද කියනු ලැබේ.

IMG 20240301 WA0054
අලි – දුම්රිය ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර වශයෙන්, මෙරට ප්‍රථම වරට දුම්රිය මාර්ගයට යටින් ඉදිකරනු ලබන ශ්‍රී ලංකාවේ මුල්ම වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ගල්ගමුව-ගැටදිවුල-කාසිකොටේ දී 2024 මාර්තු 01 ආරම්භ කරන ලද්දේ 2024 මාර්තු 01 දා ය.ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, සුරකිමු දුම්රිය ජාතික ව්‍යාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව වන අලින් මෙම දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරට පත්වීම වැළැක්වීම සඳහා මෙම විශේෂ පියවර ගෙන තිබේ.

මෙම වනජීවී උමං මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ සිදු කෙරෙන මහව – ඕමන්තේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, එහි ඉදිකිරීම් ආරම්භ කරන ලදී.පසුව එහිදී මේ ගැටලුව විසඳීම සම්බන්ධ දිගු කාලීන, මැදි කාලීන සහ කෙටි කාලීන විසඳුම් රාශියක් ඉදිරිපත් විය.

gal5

 

එහිදී සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පරිසර සංවිධාන නියෝජිතයන් දෛනිකව අලි ඇතුන් විශාල පිරිසක් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන සහ අනතුරු රාශියක් සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති ගල්ගමුව ප්‍රදේශයේ වන ජීවී උමං මාර්ගයක් ඉදි කිරීම ඉතාමත් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් බව පෙන්වා දෙන ලදී.ඒ අනුව දෙස් විදෙස් පරිසර හිතකාමීන්ගේ විශාල අවධානයක් මේ ව්‍යාපෘතිය වෙත යොමුවී තිබේ. මේ වන විටත් එම ස්ථානයෙන් දිනපතා වන අලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේ අහඹු දර්ශන නැරඹීමට විශාල පිරිසක් එම ප්‍රදේශය වෙත පැමිණීමට හුරුවී තිබේ.ඒ අනුව තමන්ගේ මතු පැවැත්ම හා ජීවිතාරක්ෂාව වෙනුවෙන් ගනු ලබන මෙම දිගු කාලීන පියවර කෙරෙහි සොබා දම් ලෝලී සැමගේ නොමඳ අවධානය යොමු විය යුතු බව අප ගේ ද වැටහීම ය.

(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com
(උපුටා ගැනීම - vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගල්ගමු අලි ඇතුන් ගෙන් දෙනෙතට තුටු කඳුළු නංවන ක්‍රියාවක් - (රේණුකා දමයන්ති ගමගේ) | The Leader