The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

බඩගින්න ලේ රහ ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

August 16, 2024 • 6:44 AM

බඩගින්න ලේ රහ ද?  - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලාදේශ් විනාසය ශ්‍රී ලංකාවේත් සිදු කිරීමට තමන් ගත් උත්සාහය අසාර්ථක වුණේ ලාල්කාන්තට අනුව ගෝල්පේස් අරගල කරුවන් සහාය නො ලැබීම ය. 2022 මැයි 9 අප්‍රේල් අරගලය පෙළ ගැසුණේ රටට පුද්ගලයෙක් වෙනුවට ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙනි.
  • මැයි 9 වෙනිදාත් පාරේ මිනිසුන් ඝාතනය කළ ලේ පිපාසිත මාලිමාව අප්‍රේල් අරගල භූමියට වැද්ද නො ගත් හෙයින් බංග්ලාදේශ ඉරණම ලංකාවට අත් නො වීය. ලාල්කාන්තගේ කතාව පාර්ලිමේන්තුව පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළ අතර, ඔහු වහා අත් අඩංගුවට ගත යුතු බව ප්‍රකාශ විය.
  • ඒ සමග පාර්ලිමේන්තුවේ 137 දෙනෙකු විසින් ව්‍යවස්ථානුකූලව තෝරා පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රටේත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේත් රැකවරණය ආරක්ෂක අංශවලට පැවරද්දී ලාල්කාන්තලා හඳුන්නෙත්තිලා දේශපාලන රැකවරණ පතා පැලවත්තට පළා ගියහ.
  • එසේම ලාල්කාන්තලා, 2022 මැයි 9 වෙනිදා රට තුළ පැතිරවූ භීෂණය 1971දී පටන් ගත් දේපල ගිනි තබන, මිනිසුන් ඝාතනය කරන, කැරළි මානසිකත්වය යළි ඉස්මතු කිරීමකි. බංගලිදේශ් විප්ලවය බංගලාදේශ් සිද්ධින් අළලා සමාජ මාධ්‍යයේ පළ කළ ප්‍රකාශයක් මෙසේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බංගලාදේශ් විනාසය ශ්‍රී ලංකාවේත් සිදු කිරීමට තමන් ගත් උත්සාහය අසාර්ථක වුණේ ලාල්කාන්තට අනුව ගෝල්පේස් අරගල කරුවන් සහාය නො ලැබීම ය. 

 

2022 මැයි 9
අප්‍රේල් අරගලය පෙළ ගැසුණේ රටට පුද්ගලයෙක් වෙනුවට ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙනි. 2022 මැයි 9 වෙනිදාත් පාරේ මිනිසුන් ඝාතනය කළ ලේ පිපාසිත මාලිමාව අප්‍රේල් අරගල භූමියට වැද්ද නො ගත් හෙයින් බංග්ලාදේශ ඉරණම ලංකාවට අත් නො වීය. 

ලාල්කාන්තගේ කතාව පාර්ලිමේන්තුව පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළ අතර, ඔහු වහා අත් අඩංගුවට ගත යුතු බව ප්‍රකාශ විය. එ දින පාර්ලිමේන්තුවේ ගොළුවන් බීරන් සේ ඇස් කන් පියා සිටි අනුර කුමාරලා මාලිමා වේදිකාවට නැග, සිංහ සෙයියාවෙන් අපි බය නෑ පුළුවන් දෙයක් කරපල්ලා කියමින් ඛෙරිහන් දුන්නේ මාලිමාවට පාර කියන්නේ ගල් කටස් තුවක්කුව බව තහවුරු කරමිනි. 

 


තමන් අකමැති තීරණයකට අත් උස්සා එළියට එන කොයි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාටවත් ගෙදර යාමක් නැත දෙන්නේ කියා පොල්දූව හන්දියේදී ලාල්කාන්තලා හඳුන්නෙත්තිලා කෑ ගසන විට නිට්ටඹුවේදි පහර දී ඝාතනය කළ පද්මකීර්ති අතුකෝරළගේ සිරුර සීතල වෙලා තිබුණේත් නැත. ඒ සමග පාර්ලිමේන්තුවේ 137 දෙනෙකු විසින් ව්‍යවස්ථානුකූලව තෝරා පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රටේත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේත් රැකවරණය ආරක්ෂක අංශවලට පැවරද්දී ලාල්කාන්තලා හඳුන්නෙත්තිලා දේශපාලන රැකවරණ පතා පැලවත්තට පළා ගියහ. හමුදාවන් පවා බැරැක්කවලට සීමා කළ අප්‍රේල් අරගලය, රනිල් වික්‍රමසිංහ රට භාර ගැනීම සමග සන්සුන් වුණාද සන්සුන් කළාද යන්න ජාත්‍යන්තරය විමසමින් සිටිති.

එදා රට අස්ථාවර කර බලය අල්ලා ගැනීමට අසමත් වීම ගැන අදත් ප්‍රසිද්ධියේ හඬා වැටෙන ලාල්කාන්තලා අනුරලා බලයට පත් කොට, බංගලාදේශයට සිදුවූ විනාසය අත් විඳීමට ලංකාවේ කිසිවෙකු කැමති වන්නේ නැත. බංගලාදේශයේ පාලම් යට එල්ලෙමින්  තිබුණ මිනිස් සිරුරු දුටු හැදිච්ච මිනිසුන්ගේ විමතිය හා භීතිය උතුම් මනුස්සකම මිස දේශපාලනයක්  නොවේ. එසේම ලාල්කාන්තලා, 2022 මැයි 9 වෙනිදා රට තුළ පැතිරවූ භීෂණය 1971දී පටන් ගත්  දේපල ගිනි තබන, මිනිසුන් ඝාතනය කරන, කැරළි මානසිකත්වය යළි ඉස්මතු කිරීමකි. 

 

බංගලාදේශය උඩු යටිකුරු කෙරුණේ ඇයි? - (කුසල් පෙරේරා)බංගලිදේශ් විප්ලවය
බංගලාදේශ් සිද්ධින් අළලා සමාජ මාධ්‍යයේ පළ කළ ප්‍රකාශයක් මෙසේය. බටලන්ද ක්‍රමය මතකයේ පැවති නිසා දෝ රනිල් රට භාර ගත් ජූලි 13 වෙනිදා අරගල කරුවන් පොදු දේපල ආපසු ප්‍රසිද්ධියේ භාර දුන් අතර, 21 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට රිංගා ගත් කණ්ඩායමට රාජ්‍ය බලය පාවිච්චි කිරීමෙන් ලංකාව බංග්ලාදේශයක් නො වුණේ. රනිල් වික්‍රමසිංහ නිසාය. මේ සටහනට කිසිවෙකු ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. නඩු නො අසා පුර වැසියන් ඝාතනය කිරීමට රාජ්‍යයට හැකිදැයි බටලන්ද රනිල්ට ආරෝපනය කරන්නෝ නැවත නැවත විමසති. විජේවීර පන පිටින් ඝාතනය කළා කියන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදි ජන රජය, ඔහුගේ අඹු දරුවන් හත් අට දෙනෙකු උස් මහත් වන තෙක් රැක බලා ගත්තේ නඩත්තු උසාවියක නියෝගයක් නිසාදැයි කවුදෝ විමසීය, මානව වර්ගයා ගරු කරන, සදාචාරයේ යහ ගුණ නො තකන මිනිසුන්ට රටක සක්‍රිය නීතියේ ආරක්ෂාව ලැබුණේවත් අනාගතයේ ලැඛෙන්නේවත් නැත.  

ලාල්කාන්තලාගේ අරගලය සාර්ථක වී නම් ජූලි 21 වෙනිදා ආපසු යහතින් ගෙදර යාමේ වාසනාව හිමි වන්නේ අනුර කුමාර, විජිත හේරත් සහ හරිනි අමරසූරිය යන මාලිමා මන්ත්‍රීන් තිදෙනාට පමණකි. අනෙක් 222 දෙනාම පොල්දූව හන්දියේදී නිරුවත් කොට පහර දී මරා දිය වන්නාවට දැමීමට නියමිතව තිබිණ. එතනින්  නතර නොවී 2022 මැයි 9 වෙනිදා යටි බිම්ගත සැලැස්ම යළි ක්‍රියාවට නංවමින් ගෝඨා බලයට පත් කළ රට පුරා විසිරී සිටින හැට නව ලක්ෂයක් දෙනා පෝලිමේ ගෙනැවිත්  බංගලාදේශයේ මෙන් ඝාතනය කර පාලම් බෝක්කුවල එල්ලනවාත් සිකුරුය.

 

අරගලයෙන් පාලකයෙකු පළවා දැමූ අවදානම් සහගත රට සන්සුන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති මැතිවරණ ලකුණ ගෑස් සිලින්ඩරය වන අතර සටන් පාඨය ජනතාව ජීවත් කරවීම මිස චණ්ඩිකම නොවේ. 2022 මැයි 9 වෙනිදා බේරේවැවේ සිට ඈත පිටිසර ගම්මාන බියපත් කළ භීෂණයේ හෙවනැලි මකා දැමූ රනිල්ගේ නායකත්වයෙන් අලුත් අපේක්ෂා නිර්මානය වෙමින් පවතී. වැඩිහිටියන් පුරුදු ජීවනෝප යන්හී යෙදෙමින් සිය දරු පවුල් රකිති. දරුවන් පාසල් යමින් අධ්‍යාපනය ලබති. සංචාරකයන් නිදහසේ රට පුරා සැරි සරමින් ඩොලර් වපුරමින් සතුටු වෙති. පෙරහැර පවත්වති. මේ සන්සුන් පරිසරයෙහි සිය දේශපාලන ඩිංගි ගැහිල්ලට ඉඩක් නැති බව තේරුම් ගත් ලාල්කාන්තලා බංගලාදේශ් සිද්ධිය හරහා යළි ජනතාව 2022 මැයි 9 වෙනිදාට රට ආපසු ගෙන යාමට තැත් කරති. බලයෙන් පහවූ රාජපක්ෂලා රටට කළ විනාසය අමතක කළ අනුරලා සජිත්ලා රනිල්ගේ සහායට දිනපතා පෙළ ගැසෙන ජන රාශීය, හොරුන් එක්ව කඳවුරු බැඳීමක් හැටියට හංවඩු ගසමින් සිටින්නාහ. 

රටක ඉරණම තීන්දු කරන නායකයින් සහ නායකත්වය - ක්‍රිශාන්ත කුරේනෙල්සන් මැන්ඩේලා

දීර්ඝ සිර දඬුවමකට නියමව කුඩා දිවයිනක රඳවා සිටි නෙල්සන් මැන්ඩේලා සිර කුටියට ආසන්නයේ එළවළු වගාවකට බිම සකසද්දී පස් අතරින් දිරා ගිය මිනිස් ඇටකටු මතුවිය. එදා නෙල්සන් මැන්ඩේලා, දිරා ගිය මිනිස් ඇටකටු එළවළු පොහොරක් ලෙස පාවිච්චි කළා මිස ලාල්කාන්තලා මෙන් වැළලී ගිය අවාසනාව දෙ පයින් ඇවිද්දවීමට උත්සාහ කළේ  නැත. මැන්ඩේලාගේ මෙම හැසිරීම නිරීක්ෂණය කළ බලධාරින් එළවළු වගාවට අවශ්‍ය පොහොර ආදි අවශ්‍ය දේ කඩිනමින් මැන්ඩෙලාට සැපයීමට ක්‍රියා කළේය. 

ලංකාවේ රනිල් වික්‍රමසිංහ, අහිමි වූ බදු ආදායම එකතු කරමින් රාජපක්ෂලා විනාස කළ ආර්ථීකය යළි ශක්තිමත් කළා මිස, සිල්ලර දේශපාලන පොරොන්දු වලින් ජනතාව රැවටුවේ නැත. හැමදාම තමන් ජයග්‍රහණය කරවූ පොහොට්ටුවේ ක්‍රියාකාරීන් තනි කොට සිය පවුල් සමග රාජපක්ෂලා මර බියෙන් පලා යද්දී, රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති ලෙස ආර්ථීක සුරක්ෂිත භාවය පමණක් නොව ලාල්කාන්තලාගෙන් යටි බිම්ගත දේශපාලනයද දුර්වල කර කාටත් ජීවත් විය හැකි රටක් ගොඩ නැගීමට තවමත් සහාය ඉල්ලා සිටියි. දිගු කලක් රනිල් වික්‍රමසිංහට එරෙහි දේශපාලනයක යෙදුණ පොදුජන පෙරමුණේ මැති ඇමතීන් ජනාධිපති වික්‍රමසිංහ ශක්තිමත් කරන්නේ රට යළි ගොඩ නගා ශක්තිමත් කළ නවෝදයේ නියමුවා ලෙස හඳුනා ගත් නිසාය.  

දකුණු අප්‍රිකා ඉතිහාසයේ ස්වදේශිකයන් විමුක්ති අරගලය ආරම්භ කළේ අන්තිම සුද්දාත් මරා මුහුදට වීසි කිරීමේ ඉලක්කගත ප්‍රතිඥාව ඇතිවය. එකී අරගලයයේ නායකත්ව නෙල්සන් මැන්ඩේලාට ලැබුණ පසුව, ඔහු මිනිස් ශක්තිය ඒකරාශි කිරීමට ස්වකීය වර්ගයා දැනුවත් කළා මිස වෛරය පැතිරවූයේ නැත. අද  දකුණු අප්‍රිකාව යනු සුදු කළු මිනිසුන් සතුටින් සහජීවනයෙන් ජීවත්වන ශක්තිමත් රටකි. මැන්ඩේලා යනු පුරාවෘතයකි.

 

455353649 1065070748316067 7221240667054844220 nරනිල් වික්‍රමසිංහගේ සටන් පාඨය වටා ඒකරාශී වන පෙළ ගැස්ම


බඩගින්නට දේශපාලනයක් නැත යන රනිල් වික්‍රමසිංහගේ සටන් පාඨය වටා ඒකරාශී වන නිර්පාක්ෂික පෙළ ගැස්ම විපක්ෂයට දකින්නේ ලාබ සිල්ලර දේශපාලන තේරුමකිනි. බංග්ලාදේශ් ඛේදවාචකය විප්ලවීය ජයගහණයක් ලෙෂ දකින අනුර කුමාරලාගේ දේශපාලනය විසිවෙනි සියවසේදීම ලෝකයෙන් ප්‍රතික්ෂේප විය. කුඩා දූපතක පලහිලව්වක් හේතුවෙන් සිදු කළ කුමන්ත්‍රණයක් නිසා බංග්ලාදේශය අනාරක්ෂිත වූ බව කියන අගමැතිනි ෂික් හසීනා, යළි රටට පැමිණෙන අපේක්ෂාවෙන් පසු වෙතී යයි වාර්තා වේ.  

ජාතිවාදය ආගම් වාදය අවුස්සා 2019-2020දී වියත් මග ඇති කළ ලංකාවේ බල පෙරළිය 2022දී ආපසු හැරුණේ අසාර්ථක පාලකයන්ට එරෙහි කැරැල්ලක් හැටියටය. 2020දී රාජපක්ෂලාට රැවටී ජනතාව ප්‍රතික්ෂේප කළ රනිල්ට රටේ බලය පැවරුවේ පවුලේ ආරක්ෂාව පිණිස ටෙම්පරියක් හැටියට බව නාමල් රාජපක්ෂ පිළිගෙන හමාරය. රාජපක්ෂලාව ශක්තිමත් කළ පතාක යෝධයන් බඩගින්නට දේශපාලනයක් නැත යන රනිල්ගේ නව දැක්ම හරහා බොරුව සහ සැබෑව අතර පැවති බරපතල විරසකය තේරුම් ගෙන සිටිති. 

සජබයේ හර්ෂ සිල්වා 2022 ජූලි 22 දින රනිල් ජනාධිපති වූ දවසේ රට වැඩිම වුණොත් දුවන්නේ දින 55ක් පමණක් බවට කී අනාවැකියට දින 730ක් හෙවත් වසර දෙකක් ඉක්ම ගිය තැන වැටුණ රට යළි ගොඩ නැගෙන බව සාමාන්‍ය ජනතාව තේරුම් ගෙන ඇත. 

 

හයිගේට්ස් සුසානයේ නිදන, අපි දන්න කියන, අපේ කෙනෙක් ඔයා මාක්ස්! - (අරවින්ද  හෙට්ටිආරච්චි)88-89 කාලය
88-89 කාලයේ ඉන්දීය නිෂ්පාදන අලෙවි කළ ගමේ කඩ මුදලාලිලාත් ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණ, ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වූ අත්‍යාවශ්‍ය ඖෂධ තොග වරායෙන් ගෙන යාමට තහංචි දමා තිබියදී විශේෂඥ වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන මහත්මිය එකල රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති හැටියට නාවික හමුදා සහායයෙන් එකී ඔෂධ තොගය වරායෙන් රැගෙන විත් රජයේ රෝහල්වලට නිකුත් කිරීමේ වරදට නො හඳුනන තුවක්කු කරුවෙකු විසින් 1989දී ඝාතනය කළේය. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරත්,ශිෂ්‍ය දයා පතිරණත් මරා දැමුණේ මේ කාලයේය. අද 35 හැවිරිදි වියේ පසුවන රටේ පුරවැසියන් මේ ඝාතන සිදුකළ කාලයේ ඉපදිලාත් නැත. වර්තමානයේ  මාලිමාට රට භාර දීමට යමෙකු සිතන්නේ නම් ඒ තමන් නූපන් යුගයක වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනලා ස්ටැන්ලි විජේසුන්දරලා දයා පතිරණලා විනාස කළ මිනි මරු දේශපාලනය ශක්තිමත් කිරීමක් බව බංග්ලාදේශ් ඛේදවාදකයට අනුර කුමාරලා දෙන වටිනාකම අනුව තේරුම් ගත යුතුවේ. 

එසේම බඩගින්නට දේශපාලනයක් තිබේදැයි රනිල් වික්‍රමසිංහ මතු කළ විවෘත ප්‍රශ්නයේ යටි අරුත මිනිස්සු බඩගින්නට මිනී මස් නො කති යන්න ය. ඊට ඍජු පිළිතුරක් ඝාතන දේශපාලනයකට අනුගත අනුර කුමාරට හෝ බඩු මළු ඛෙදා හිඟනකම පෝෂණය කරන සජිත්ට ඇත්තේ නැත. හේතුව නැතිබැරිකම බලය අල්ලන ඇමක් හැටියට මිස රටක ප්‍රශ්නයක් ලෙස අනුරලා සජිත්ලා තේරුම් නො ගැනීමය. 

ඒබ්‍රහම් ලින්කන් කී ආකරයට මිනිසුන් හැමදාමත් හැම විටෙකමත් රැවටීම කළ නො හැකිය. 

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...