The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

ජනපතිවරණ අනාවැකි කියන්න පච ගස් යටින් හොර සාත්තර කාරයන් නම් අහුලා ගන්න එපා -(හේම ශ්‍රී අමරසිංහ)

T

The Leader Desk

August 17, 2024 • 6:34 AM

ජනපතිවරණ අනාවැකි කියන්න පච ගස් යටින් හොර සාත්තර කාරයන් නම් අහුලා ගන්න එපා -(හේම ශ්‍රී අමරසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු පවසනුයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සංඛ්‍යාව එතරම් ඉහළ අගයක් ගෙන ඇති නමුදු මේ වන විට ජනපතිවරණ සටන තුන් කොන් මුහුණුවරක් ගෙන ඇති බවකි.
  • බොහෝ විට එවන් කටයුතු වල නිරත වනුයේ පංචාග ලිත් සම්පාදක වරුන් ඇතුළු එම විෂය කෙරෙහි පුළුල් අවධානයක් යොමු කරන්නවුන් පමණි.
  • එහෙත් 1980 දශකයේ සිට රූපවාහිනී මාධ්‍යයේ ආගමනයන් සමඟ එවන් දේශපාලන අනාවැකි කරුවන් බුරුතු පිටින් පහළ වනු දක්නට ලැබිණ.
  • ඒ අතර ඔවු`නොවුන් අතර ඇති වන සුසංවාද, විසංවාද සේම මත ගැටුම් ද පසුගිය කාලවල රූපවාහිනී මාධ්‍යයෙන් දැක ගත හැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු පවසනුයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සංඛ්‍යාව එතරම් ඉහළ අගයක් ගෙන ඇති නමුදු මේ වන විට ජනපතිවරණ සටන තුන් කොන් මුහුණුවරක් ගෙන ඇති බවකි. නමුදු ඒ සම්බන්ධ අපගේ පෞද්ගලික මතය මෙහි ඉදිරිපත් නොකරමු.

ඒ කෙසේ වුව මෙවර ජනපතිවරණයෙන් දිනා අප රටේ දහ නව වන විධායක බලතල සහිත ජනපති පදවිය හිමි වනුයේ කාටද? යන්න පිළිබඳව කුකුසක් මේ වන විට සමාජය තුළ පැන නැඟෙමින් තිබේ. එමෙන්ම ජනපතිවරණ ප්‍රචාරක කටයුතු මගින් ජනපති සටන මදින් මඳ උණුසුම් වත්ම ඒ කුකුස ද කෙමෙන් ඉහළ නැංවෙනු නොඅනුමාන ය.

 



ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය අත්වනුයේ කාටද? යන්න දැන ගැනීම පිණිස විවිධ සංවිධාන සේම පුද්ගලයන් ද නොයෙකුත් ක්‍රමෝපායන් අත්හදා බලනු නියත ය. ඒ අතුරින් සමාජයේ විවිධ කොටස් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් විවිධ ක්‍රම අනුව විමසා බැලෙන ජනමත සමීක්ෂණ වලට මුල් තැනක් හිමි වේ. ඒ අතර මෙවැනි කුකුස් දුරුකර ගැනීම සම්බන්ධයෙන් දිගු කලෙක සිට අප සමාජය තුළ පැවැති සාම්ප්‍රදායික ක්‍රමවේදයක් වූයේ ඒ සම්බන්ධයෙන් පළ කෙරෙන ජ්‍යොතීර්වේදී අනාවැකි විමසා බැලීම ය. සාමාන්‍යයෙන් වෘත්තීය වෘත්තීය ජ්‍යොතීර්වේදීහු මෙබඳු ජාතික මට්ටමේ ජ්‍යොතීර්වේදී විශ්ලේෂණ ඉදිරිපත් නොකරති.ඒ එය ඔවුන් ගේ වෘත්තියට අදාල නොවන බැවිනි.

බොහෝ විට එවන් කටයුතු වල නිරත වනුයේ පංචාග ලිත් සම්පාදක වරුන් ඇතුළු එම විෂය කෙරෙහි පුළුල් අවධානයක් යොමු කරන්නවුන් පමණි. එහෙත් 1980 දශකයේ සිට රූපවාහිනී මාධ්‍යයේ ආගමනයන් සමඟ එවන් දේශපාලන අනාවැකි කරුවන් බුරුතු පිටින් පහළ වනු දක්නට ලැබිණ. ඔවුන් ගේ මුකරි කියුම් හා අංග චලන ආදිය මුල් කොට එම වැඩ සටහන් අතිශය ජනප්‍රිය තලයට පත් වූ අතර එවන් කරුණු සම්බන්ධයෙන් ජ්‍යොතීර්වේදීන් යැයි කියා ගන්නා විවිධ පුද්ගලයන් විවිධ විශ්ලේෂණාත්මක නොවූ අනාවැකි ඉදිරිපත් කරනු දක්නා ලදී. ඒ අතර ඔවු`නොවුන් අතර ඇති වන සුසංවාද, විසංවාද සේම මත ගැටුම් ද පසුගිය කාලවල රූපවාහිනී මාධ්‍යයෙන් දැක ගත හැකි විය.

COLOMBO, SRI LANKA - JANUARY 05:  Sri Lankan women walk past ruling President Mahinda Rajapaksa's election campaign posters on January 5, 2015 in Colombo, Sri Lanka. Sri Lanka is scheduled to go to the polls on January 8, 2015, after Sri Lankan President Mahinda Rajapaksa called a snap election for his third term. Political analysts predict that it will be a tight race between Mahinda Rajapaksa and main opposition candidate Maithripala Sirisena.  (Photo by Buddhika Weerasinghe/Getty Images)

පසුගිය ජනාධිපතිවරණ වලින් අතිශය තියුණු මුහුණුවරක් ගත් 2015 ජනපතිවරණය මුල් කොට මෙම ඊනියා ජ්‍යොතීර්වේදී අනාවැකි පැවසීම් ඉතා තියුණු සේම උද්වේගකර තත්වයකට පත් වූ අතර ඒ සම්බන්ධ ඇතැම් රූපවාහිනී වැඩසටහන් වලදී ජ්‍යොතීර්වේදීන් වශයෙන් ඉදිරිපත් වූ ඇතැමුන් එකි’නෙකාට බැන වදින සහ නින්දා අපහාස කර ගන්නා අවස්ථා පවා දැකිය හැකි විය. එහෙත්, ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක යෙදී සිටි ජ්‍යොතීර්වේදී විෂය සම්බන්ධ ප්‍රාමාණික දැනුම් අවබෝධයන් සහ අත්දැකීම් සහිත ප්‍රවීණ ජ්‍යොතීර්වේදීන් පවසා සිටියේ මෙය ජ්‍යොතීර්වේදය වැනි “වෙන දෙයක්”මිස සැබෑ ජ්‍යොතීර්වේදය නම් වීමට නොහැකි බවකි. ඊට හේතුව වූයේ ජ්‍යොතීර්වේදීන් වශයෙන් මාධ්‍ය මගින් පෙනී සිටි එම පුද්ගලයන් බහුතරය සෛද්ධාන්තික ජ්‍යොතීර්වේදය මත පදනම් වන ජ්‍යොතීර්වේදී විශ්ලේෂණ වෙනුවට සාමාන්‍ය ජනතාව පහසුවෙන් රැවටිය හැකි වෙනයම් බේගල් හා කෙබර පොදි පිටින් ඉදිරිපත් කිරීමය. ඊට හේතුව කුමක්ද? යන්න අප අමුතුවෙන් පහදා දිය යුතු නැන්තේ වත්මන් සමාජයේ ජාවාරම්කරණය ගැන ඔබ ද හොඳින් දන්නා බැවිනි.

ඒ කෙසේ හෝ මෙවර ද ජනාධිපතිවරණ සටන තුන් කොන්, දෙකොන් හෝ සිව් කොන් සටනක් ලෙසින් මෝදු වන අතරේ සාමාන්‍ය ජනතාව ගේ කුකුස සංසිදුවනු පිණිස ජනමාධ්‍ය මගින් නැවතත් මෙවර දිනන අපේක්‍ෂකයා පිළිබඳ ජ්‍යොතීර්වේදී අනාවැකි ඉදිරිපත් කරවීමේ පහසු ඉඩකඩක් පවතී. ඒ සඳහා කවර නම් ජ්‍යොතීර්වේදීන් සහභාගී කර ගනු ඇත්දැයි අප නොදන්නා අතර එය අපට අදාල වූවක් ද නොවේ. එහෙත්, එසේ ඉදිරිපත් කරන ජ්‍යොතීර්වේදීයකු ජනපතිවරණයට පෙනී සිටින එක් අපේක්‍ෂකයකු ගේ ග්‍රහ බල විනිශ්චයකට එළැඹී ඒ මගින් ඔහු නියත වශයෙන්ම රටේ අනාගත ජනපති බවට පත් වන බව පවසනුයේ නම් එම වැඩ සටහනට යොමු කළ යුත්තේ විකට වැඩ සටහන් ගොන්නට බව කාරුණිකව සිහිපත් කරමි.

අප එසේ ප්‍රකාශ කරනුයේ ඉතා වැදගත් ශාස්ත්‍රීය පදනමක් සහිත ජ්‍යොතීර්වේදය එබඳු තොරොම්බල් කාරයන් අතින් පොදු ජන සමාජය හමුවේ අත පල්ලෙන් බිම දැමීමට කිසිවකුටත් ඉඩ දිය නොහැකි බැවිනි. පසුගිය කාලය තුළ මාධ්‍ය ඔස්සේ ඔවුන් පතුරුවා හැරි දුර්මත නිසා ජ්‍යොතීර්වේදය නම් වන සම්භාව්‍ය විෂය පථය කෙරෙහි සාමාන්‍ය ජන සමාජය තුළ පැවැති විශ්වාසය බරපතල අයුරින් බිඳ වැටිණ.දැන් එය නැවත යථාවත් කර ගැනීමේ කාලය පැමිණ තිබේ.

yogaමූලික ග්‍රහ පිහිටීම් වල රාජ යෝග සහිත ඇතැමකු යාචක වෘත්තියේ යෙදීමට සේම මූලික ග්‍රහ පිහිටීම් වල රාජ යෝග කිසිවක් නැති අයකු රාජ්‍ය පාලකයකු ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව

 

‘රාජ යෝග’ යන්න ජ්‍යොතීර්වේදයේ එන ජනප්‍රිය සම්ප්‍රදායට අයත් වූවකි. නමුදු මූලික ග්‍රහ පිහිටීම් අනුව රාජ යෝග පිහිටි අයකු රජ කමට රාජ්‍ය නායකත්වයට පත් වන බවක් සෛද්ධාන්තික ජ්‍යොතීර්වේදයේ කිසිම තැනක නැත. ඒ අනුව මූලික ග්‍රහ පිහිටීම් වල රාජ යෝග සහිත ඇතැමකු යාචක වෘත්තියේ යෙදීමට සේම මූලික ග්‍රහ පිහිටීම් වල රාජ යෝග කිසිවක් නැති අයකු රාජ්‍ය පාලකයකු ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව සෛද්ධාන්තික ජ්‍යොතීර්වේදය ඉත සිතින් පිළිගනියි. නමුදු ඇතැමකු එසේ රාජ්‍ය පාලකයකු හෝ වෙනයම් නායකයකු සහ රාජ යෝග අතර පවත්නා එම සංකීර්ණ සම්බන්ධය ජ්‍යොතීර්වේදයේ වරදක් අඩු පාඩුවක් ලෙස දකින අවස්ථා ද කොතෙකුත් තිබේ. එහෙත්, එහි සැබෑ වරද අඩු පාඩුව ඇත්තේ ජ්‍යොතීර්වේදය සම්බන්ධයෙන් එවන් වැරදි විශ්ලේෂණ ඉදිරිපත් කරන්නාගේ බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.


මෙවන් පසුබිමක් යටතේ මෙවර ජනාධිපතිවරණයෙන් දිනන අපේක්‍ෂකයා පිළිබඳව මාධ්‍ය මගින් අනාවැකියක් පළ කිරීමට ජ්‍යොතීර්වේදියකුට ඇති හිමිකමට; අයිතියට බාධා පැමිණවීමේ කිසිදු අභිලාෂයක් අප තුළ නැත.

ඒ සම්බන්ධයෙන් අප ඔවුන් වෙත යොමු කරනුයේ එක් කාරුණික ඉල්ලීමක් පමණි. එනම් තමන් එම අනාවැකිය පළ කිරීම පිණිස යොදා ගන්නා ජ්‍යොතීර්වේදී සිද්ධාන්තය සහ ග්‍රහබල විශ්ලේෂණය ද ඒ සමඟම ඉදිරිපත් කිරීමට කාරුණික වන ලෙස ය. එවිට ඒ ජ්‍යොතීර්වේදියාගේ පරිශ්‍රමයේ සාධනීය නිශේධනීය බව සම්බන්ධ යම් යම් නිගමන වලට ඒමට ජ්‍යොතීර්වේදයේ නියුතු සෙසු ජ්‍යොතීර්වේදීන්ට’ අවකාශ ලැබෙනු ඇත. එමෙන්ම එම ජ්‍යොතීර්වේදියා ඉදිරිපත් කරන විශ්ලේෂණය සම්බන්ධ ශාස්ත්‍රීය විචාර හා විවේචන ඉදිරිපත් කිරීමට ද සෙසු ජ්‍යොතීර්වේදීන්ට හැකි වනු ඇත. එය සාමාන්‍ය ජනතාව ද ජ්‍යොතීර්වේදය නම් විෂය පථය කෙරෙහි උනන්දුකරවීමටත් ජ්‍යොතීර්වේදීන් අතරේ ජ්‍යොතීර්වේදය සම්බන්ධ සෛද්ධාන්තික හා ශාස්ත්‍රීය දැනුම බෙදා හදා ගැනීමටත් මහෝපකාරී වනු නියත ය.

 

news media hero istock 22042018 FNM CMYප්‍රබල සමාජ දේශපාලනමය සංසිද්ධියක් පිළිබඳ අනාවැකි පළ කරවීම පිණිස ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍රීය විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට තරම් දැනුම් අවබෝධයන් සේම ශාස්ත්‍රීය ශික්ෂණයන් ගෙන් යුතු ජ්‍යොතීර්වේදී විද්වතුන් මිස මීට පෙර බොහෝ විට සිදු කළ අන්දමින් පච ගස් යටින් ඇහිද ගත් හොර සාත්තර කරුවන් ජ්‍යොතීර්වේදීන් ලෙසින් ඉදිරිපත් නොකරන ලෙසයි.

 ඒ අනුව ජනමාධ්‍ය ආයතන වලින් ද මේ සම්බන්ධයෙන් කළ යුතු කාරුණික ඉල්ලීමක් තිබේ. එනම් මෙවැනි ප්‍රබල සමාජ දේශපාලනමය සංසිද්ධියක් පිළිබඳ අනාවැකි පළ කරවීම පිණිස ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍රීය විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට තරම් දැනුම් අවබෝධයන් සේම ශාස්ත්‍රීය ශික්ෂණයන් ගෙන් යුතු ජ්‍යොතීර්වේදී විද්වතුන් මිස මීට පෙර බොහෝ විට සිදු කළ අන්දමින් පච ගස් යටින් ඇහිද ගත් හොර සාත්තර කරුවන් ජ්‍යොතීර්වේදීන් ලෙසින් ඉදිරිපත් නොකරන ලෙසයි.

 

 

186456032 100943552200993 1786754498424826887 n

 

(හේම ශ්‍රී අමරසිංහ)
උපුටා ගැනීම -  vinivida.lk





The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපතිවරණ අනාවැකි කියන්න පච ගස් යටින් හොර සාත්තර කාරයන් නම් අහුලා ගන්න එපා -(හේම ශ්‍රී අමරසිංහ) | The Leader