අර්බුදයකට ලක්වීම, රටේ සංවර්ධනය අහිමිවීම ගැනත් විවිධ කතා අහන්න ලැබෙනවා.
එහිදී උස් හඬින් ඇහෙන කතාවක් තමයි, හොරකම, දූෂණය , වංචා නිසා මේ රට දුප්පත් වීමට මූලික හේතුව වූ බව. හොරකම් කළ සල්ලි යළි ගන්න බවත් , එයින් රට දියුණු කළ හැකි බවත් අහන්න ලැබෙනවා. මේ කතා ගොබෙල්ස් න්‍යායට පුනරුච්චාරණය වන නිසා, ඇතමුන් මෙය පරම සත්‍යක් ලෙස සලකන බවක් පෙන්නුම් කරනවා.
දූෂණය, හොරකම සහ වංචා රටක සංවර්ධනය සම්බන්ධයෙන් යම් බලපෑමක් සිදුකරන බව ඇත්ත. නමුත් එය ප්‍රමුඛ හා පරම හේතුව ලෙස සැලකුවහොත් අපිට වරදිනවා. අප ජපානය වෙත අවධානය යොමු කළොත් ජපානයේ දූෂණ වංචා සිදුවෙනවා. දේශපාලන තන්ත්‍රය ඒ සම්බන්ධයෙන් බරපතළ චෝදනා ලබනවා. නමුත් ජපානය සංවර්ධිත රටක්. ජපානය දුප්පත් නෑ. ලෝකයේ බොහෝ රටවල් සංවර්ධනයේ මොඩලයක් විදිහට ජපාන ආකෘතිය අත්හදා බලමින් සිටිනවා. එහෙනම් අපේ සම්ප්‍රදායික සිතීමේ වරදක් ඇති බව පැහැදිලියි. එහෙනම් අපි වෙනස් මානයකින් මේ ගැටලුව හඳුනා ගැනීමට යොමුවිය යුතු වෙනවා.
ජපානය සංවර්ධිත රටක්. ජපානය දුප්පත් නෑ. ලෝකයේ බොහෝ රටවල් සංවර්ධනයේ මොඩලයක් විදිහට ජපාන ආකෘතිය අත්හදා බලමින් සිටිනවා.
ඔබ දන්නා ආකාරයට, රටක මූල්‍ය අවශ්‍යතාව එන්න එන්න වර්ධනය වෙනවා. පසුගිය වසරට වඩා මේ වසරේ මූල්‍ය අවශ්‍යතාව වැඩි වෙනවා. මෙතනදී රටේ මූල්‍ය අවශ්‍යතාව සපුරාලීමට එරට ආර්ථිකයේ සේවා සහ නිෂ්පාදන අංශ සමත් වනවාද නැද්ද යන්න තීරණාත්මකයි. වැඩි වන මේ මූල්‍ය අවශ්‍යතාවට සාපේක්ෂව හෝ එසේත් නැත්නම් ඊට වැඩි ප්‍රමාණයකින් ආර්ථිකය ප්‍රසාරණය කරගතහොත් ඒ රටට ගැටලුවකින් තොරව ඉදිරියට යාමට හැකි වෙනවා. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. එසේ නොවුණහොත් ලෝකයට ණය වී හෝ වැඩිවන මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීමට ඒ රටට සිදුවෙනවා.

මේකට හොඳම නිදර්ශනයක් විදිහට ආර්ජන්ටිනාව ගත හැකියි. මොකද ආර්ජන්ටිනාව කියන්නේ 1900 වසර වන විට, ලෝකයේ පොහොසත්ම රටක්. නමුත් අද ලෝකයේ ආර්ථික අවාසනාවක් අත්කරගත් රටක් බවට ආර්ජන්ටිනාව පත්ව තිබෙනවා. ඇත්තටම ආර්ජන්ටිනාවට මොකද වුණේ ? කෙටියෙන් සඳහන් කළොත් ඔවුන්ගේ වැඩි වූ මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීමට අවශ්‍ය ආකාරයට රටේ ආර්ථිකයේ සේවා සහ නිෂ්පාදනය අංශ වර්ධනය කර ගැනීමට අසමත් වුණා. ඔවුන් සේවා හා නිෂ්පාදන අංශ කාලීන අවශ්‍යතාව මත විවිධාංගීකරණය කර ගැනීමෙහිලා අසාර්ථක වුණා. ඒ තුළ අනිවාර්යයක් වන ආර්ථිකය ප්‍රසාරණය වීම අහිමිව ගියා. ඒ හමුවේ ආර්ජන්ටිනාව සිය වැඩිවන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ණය ගත්තා. ණය පිට ණය ගත්තත්, ඒ ණය ගෙවීමට සහ වැඩිවන මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීමට අවශ්‍ය ආකාරයට ආර්ථිකය සූදානම් කර නොගත් නිසා ණය ගෙවීමටත් නොහැකි තත්ත්වයකට පත් වුණා. අද ආර්ජන්ටිනාව තියෙන්නේ එතන.
Andre gunder frank
මෙහිදී මා Andre gunder frank සහ Paul loren යන විද්වතුන් දැක්වූ අදහසක් වෙත යොමු වෙනවා. 1950- 1960 ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල දේශපාලන ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය ඔවුන් පෙන්වා දුන්නේ, එම රටවල තිබෙන ඌන සංවර්ධනය නිධන්ගත තිබෙන්නක් බවයි. පරිදියේ රටවල සහ කේන්ද්‍රයේ අතර ඇති සම්බන්ධය වෙනස් කළ නොහැකි බවත් ඒ පදනමින් ඌන සංවර්ධනය නැති කළ නොහැකි දෙයක් බවද ඔවුන් පෙන්වා දෙනවා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ රාජ්‍යය ආර්ථිකය වෙත මැදිහත්ව ව්‍යාපාර කටයුතු වල නියැලීමට අවශ්‍ය බවයි. ඒ හරහා ජනතාවට සහන ලබාදීමට හැකි බව ඔවුන්ගේ පැහැදිලි කිරීම වුණා. මේ කාලයේ මෙම අදහස් දියුණු වෙමින් පැවති රටවලට බලපෑම් සහගත වුණා. ඒ අනුව එම රටවල් රාජ්‍ය ව්‍යවසාය වර්ධනය කිරීමට වැඩි වැඩියෙන් යොමුවුණා.
හෙන්රි කිසිංජර් වැනි වියතුන් ඒ සමයේ කිව්වේ , චීනයේ සහ ඉන්දියාවේ මිනිස්සුන්ට කන්න දෙන්න කන්න දෙන්න පුළුවන් නම් ලෝකයේ ප්‍රශ්න වලින් අඩක් අවසන් බවයි.
චීනය ලෝකයේ අංක එකේ ආර්ථිකය බවට පත්වන විට
නමුත් දශක කිහිපයක් යන විට, රජයේ ව්‍යවසාය ප්‍රයත්නයන් අසාර්ථක බව ඔප්පු වුණා. එකී ව්‍යවසාය ආර්ථිකයට බරක් බවට පත්වුණා. මේ කියූ අදහස් වෙනුවට වෙනස් මාර්ග වල ගිය රටවල් සිය ඉරණම වෙනස් කරගත්තා. නිදර්ශනයක් ලෙස චීනය ලෝකයේ අංක එකේ ආර්ථිකය බවට පත්වන විට, ඉන්දියාව ලෝකයේ පස් වන ආර්ථිකය බවට පත්ව තිබෙනවා.
සැබැවින්ම මෙහිදී සිදුවූ දේ අවබෝධයට ගැනීම ඉතාම වැදගත්. 1980න් පසුව ලෝකයේ නිෂ්පාදනය ගෝලීයකරණය වුණා. එක් රටක කර්මාන්තශාලාවක නිපදවූ කාරය, කොටස් ලෙස රටවල් කිහිපයක නිපදවීම බවට වෙනස් වුණා. එම ආයෝජන අවස්ථා නිසි ලෙස ග්‍රහණය කරගත්, ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිය වෙනස් කරගත් රටවල් සිය පැවති ඉරණම වූ සංවර්ධනය වෙමින් පවතින රටක සිට, සංවර්ධිත රටවල් දක්වා ඉදිරියට ගියා. මැලේසියාව , දකුණු කොරියාව , තායිවානය කියන්නේ එවැනි රටවලට කදිම නිදර්ශනයි.
එක් රටක කර්මාන්තශාලාවක නිපදවූ කාරය, කොටස් ලෙස රටවල් කිහිපයක නිපදවීම
සැබැවින්ම අප රටද 1977 වන විට මේ ගමනට අවතීර්ණ වුණා. නමුත් අභ්‍යන්තර දේශපාලන වියවුල් සහ පොදු ජාතික න්‍යායපත්‍රක් අනුව කටයුතු නොකිරීම හේතුවෙන් නිෂ්පාදනය ගෝලීයකරණය වීමේ වාසිය ගැනීමට නොහැකි වුණා. 1977 ආරම්භ කළ ගමන අඛණ්ඩව ඉදිරියට නොගොස් අතරමැද කඩාකප්පල් වුණා. ඒ නිසා අද තවමත් අප සංවර්ධනය වෙමින් පවතින රටක ඉරණම භුක්ති විඳිනවා වගේම , ගනු ලබන එක් වැරදි තීන්දුවක් නිසා ඕනෑම මොහොතක මහා ආර්ථික අඝාධයකට ඇද වැටීමේ අවධානමක සිටිනවා. එසේ නම් මේ ඉරණම වෙනස් කිරීම රටේ අංක එකේ ජාතික අභිලාෂයක්ව තිබෙනවා.
ඒ වෙනුවෙන් නිෂ්පාදනය ගෝලීයකරණය හමුවේ අපට අවස්ථා 2ක් තිබෙනවා. එයින් පළමු වැන්න , තරගකාරීත්වය හරහා ගෝලීය නිෂ්පාදනයට දායක වීමයි. දෙවැන්න , සාපේක්ෂ වාසිය සළකා ගෝලීය නිෂ්පාදනයට දායක වීමයි.
සාක්ෂරතාව, වෘත්තීය පුහුණුව , අධ්‍යාපන සංස්ථාව ( පාසල් පද්ධතිය සහ විශ්වවිද්‍යාල) අප සතුයි
තරගකාරීත්වය හරහා ගෝලීය නිෂ්පාදනය වෙනුවෙන් දායක වීමට එහි අපේ පංගුව අත්පත් කරගන්න අවශ්‍ය , සාක්ෂරතාව, වෘත්තීය පුහුණුව , අධ්‍යාපන සංස්ථාව ( පාසල් පද්ධතිය සහ විශ්වවිද්‍යාල) අප සතුයි. නමුත් බංග්ලාදේශය වැනි රටවල ශ්‍රම මිල අඩු නිසා ඒ තුළ තරගයක් දීම දුෂ්කරව තිබෙනවා. මොකද අපි ශ්‍රම මිල බංග්ලාදේශය මෙන් තුන් ගුණයක පමණ ඉහළයි.
මේ වන විට තත්ත්වය එසේ වුවත් , 1977 දී ගෝලීය නිෂ්පාදනයට එක්වීමට ගනුලැබූ ආරම්භය අඛණ්ඩව ඉදිරියට ගියා නම් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබුණා. 1977 වන විට තේ, පොල්, රබර් වලට පමණක් සීමා වූ මෙරට අපනයන අංශය 1995 වන විට, ඇඟලුම් ප්‍රමුඛ තවත් නිෂ්පාදන ගණනාවකින් සමන්විතව තිබුණා. එහි ඊළඟ පියවර විය යුතුව තිබුණේ , නිදර්ශනයක් ලෙස වාහන එකලස් කිරීම වැනි ආයෝජන ආකර්ශනය කර ගැනීමයි. නමුත් ආයෝජන ආකර්ශනය කර ගැනීමට අවශ්‍ය මූලික කාලීන වෙනස්කම් පවා සිදුකිරීමට අප රට අසමත් වූ බව සඳහන් කළ යුතුයි.
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදුන් මේ රට
ඒ අනුව පවතින කොන්දේසි හමුවේ දැන් අප සාපේක්ෂ වාසිය සමඟ ලෝක නිෂ්පාදනයට දායක වීම කෙරෙහි අවධානය යොමුකළ යුතුව තිබෙනවා. නිදර්ශනයක් ලෙස අප භූ භෞතික පිහිටීම අනුව නාවුක පරිවහනය තුළ අපට නාවුක කේන්ද්‍රයක් බවට පත්වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඉස්ලාම් රටවල නොමැති විනෝදාස්වාද ආර්ථිකය මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව තිබෙනවා. මෙතෙක් බටහිර කේන්ද්‍රීයව තිබූ ලෝක ආර්ථිකය , ආසියාව සහ අප්‍රිකාව කේන්ද්‍රීයව පැතිරෙන ප්‍රවණතාවක් පවතින නිසා, ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමුකළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් රැඩිකල් තීන්දු තීරණ ගත යුතුව තිබෙනවා. දුප්පත් රටක් වන ලංකාවට පොහොසත් රටක් වෙන්න යතුර තියෙන්නේ එතන.

ඒ වගේම මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරටට මෙතෙක් අහිමිව තිබූ, අත්‍යවශ්‍ය ආර්ථික පරිවර්තනය දියත් කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් රට හමුවේ තබා තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකු වෙතින් එතරම් දියුණු , විධිමත් වැඩපිළිවෙළක් දකින්න නෑ. ඒ වගේම ඉතා වැදගත් කරුණ වන්නේ , ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදුන් මේ රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දියත් කර , මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය තැනක රට පැවතීමයි. ආපසු හැරීමක් නොමැති ඒ ගමන තවත් වසර 10ක් වත් ඉදිරියට ගෙන යාම අනිවාර්යයක් වනවා. වැරදීමකින් හෝ ආපසු හැරීමක් සිදුවුණොත් මේ රට යළි ගොඩ ගැනීම සිතාගත නොහැකියි. ඒ නිසා ඇයි අපි දුප්පත් ? යන ප්‍රශ්නය නැවත නොඅසන්න නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවන්නම වෙනවා. එයත් රට පවතින තත්ත්වය හමුවේ ජාතික අභිලාෂයක් වනවා.
(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk
[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]
සබැඳි ලිපි:
ප්‍රශ්නය ආර්ථිකය වුණත් උත්තරය රනිල් !
'හරි පාර' : අයිස් කුට්ටියකින් වැඩක් ගමු : පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ගොඩනගමු ! - (රවී කරුණානායක)
'හරි පාර' : අලුත් දේශපාලන සිතියමේ අපි සිටිය යුත්තේ කොතනද ? - (රවී කරුණානායක)
'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)
හරි පාර : හොඳටම කරන්න ඉල්ලන විපක්ෂය සහ රටවල් 4ක කතාව ! - (රවී කරුණානායක)
හරි පාර : ආපසු හැරෙන්න බෑ ! - (රවී කරුණානායක)
ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)
වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම ! - (රවි කරුණානායක)
ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)
හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)



