The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

බංගලි මතක - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

August 17, 2024 • 9:11 AM

බංගලි මතක - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්සේ බෙදී සිටි හා ඒවාට අනුබද්ධිත ඒවා විය.
  • දෙපැත්තේ ම සිසු කණ්ඩායම් කුඩා පිස්තෝල හා පිහි ආදියෙන් සන්නද්ධ ව සිටි බව මතක ය.
  • ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර, විශේෂයෙන් විශ්ව විද්‍යාල මට්ටමේ, නවක වදය හා සමහර සිද්ධීන්වලදී ගුටිබැට හුවමාරු හා ඔලු පලා ගැනීම් වරින් වර සිදුකර ගත්ත ද, බංග්ලදේශයේත් තරම් ප්‍රචණ්ඩත්වයක් නොතිබුණ බවයි මගේ නිරීක්ෂණ ය.
  • කාලයේ අප සම්බන්ධයෙන් අප ඉතාමත්ම තීව්‍ර සංවර්ධනයක් අත්පත් කර ගත්ත ද, ඒ බිහිසුණු සමයේ ප්‍රධාන ක්‍රියාකාරිකයන් ශිෂ්‍ය ව්‍යාපාරයේ කොටසක් නොවූ බවයි මගේ වැටහීම.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔස්සේ බෙදී සිටි හා ඒවාට අනුබද්ධිත ඒවා විය. දෙපැත්තේ ම සිසු කණ්ඩායම් කුඩා පිස්තෝල හා පිහි ආදියෙන් සන්නද්ධ ව සිටි බව මතක ය. එක් කලක් ඩකා සරසවිය බිහිසුණු යුද පිටියක් වූයේ එකිනෙකාට විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් දෙක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වෙනුවෙන් ප්‍රොක්සි යුද්ධයක් කළ නිසා ය. මේ කාලයේ ම ය  ලංකාවේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබුවේ.  ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර, විශේෂයෙන් විශ්ව විද්‍යාල මට්ටමේ, නවක වදය හා සමහර සිද්ධීන්වලදී   ගුටිබැට හුවමාරු හා ඔලු පලා ගැනීම් වරින් වර සිදුකර ගත්ත ද, බංග්ලදේශයේත් තරම් ප්‍රචණ්ඩත්වයක් නොතිබුණ බවයි මගේ නිරීක්ෂණ ය. ඉහත කතා කරන කාලයේ ම  මා තායිලන්තයේ තමාසාත් විශ්ව විද්‍යාලයට විද්‍යාලයට ද ගිය අතර, එහි තිබු ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය හා ආයුධ භාවිතය අතින් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය සිටියේ ප්‍රාථමික මට්ටමක ය. 87 89 කාලයේ අප සම්බන්ධයෙන් අප ඉතාමත්ම තීව්‍ර සංවර්ධනයක් අත්පත් කර ගත්ත ද, ඒ බිහිසුණු සමයේ ප්‍රධාන ක්‍රියාකාරිකයන් ශිෂ්‍ය ව්‍යාපාරයේ කොටසක් නොවූ බවයි මගේ වැටහීම.

 

Sheikh Hasinaහසිනාගේ රජයක් පවතින විට, කලිඩාගේ හිතවත් රාජ්‍ය නොවන සංවිධාන මර්ධනයට

ශිෂ්‍ය ව්‍යාපාර කටයුතු වලින් පසුව මම වෘත්තිය ජීවිතයට පිවිසුණු විට, බංගලි සිවිල් සමාජ හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වීමි. ඒ වැඩ සඳහා මා එම රටට බොහෝ වාරයක් ගොස් ඇති අතර, ඊට අමතර ව බංගලි සිවිල් සමාජ නායකයන් සමඟ වෙන රටවල්වල පිහිටා ඇති ජාල හා සමුළු ගණනාවක කොටසක් වීමි. 1990 දශකයේ  බංග්ලදේශ ආර්ථිකයේ හා සමාජ දේහයේ තීරණාත්මක සංඝටකයක් වූයේ සිවිල් සමාජ හා රාජ්‍ය නොවන සංවිධාන ය. විශේෂයෙන් ම සුභසාධන ආර්ථික කටයුතු, සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු, කටයුතු රජයට වඩා කරනු ලැබුවේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි. එම සංවිධානවල බජට්ටු රජයේ අයවැයට (අදාල ක්ෂේත්‍ර)  වඩා වැඩි විය. එම නිසා රාජ්‍ය නොවන සංවිධාන හා ඒවායේ නායකත්වය බංගලි සමාජයේ ඉතා බලවත් ප්‍රභූ පිරිසක් වූහ. මේ නිසා ම ඔවුහු දේශපාලනය සමඟ ද ඈඳී සිටිය හ. ශිෂ්‍ය ව්‍යාපාරය මෙන් ම, රාජ්‍ය නොවන සංවිධානද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඔස්සේ බෙදී සිටි බව මතක ය. හසිනාගේ රජයක් පවතින විට, කලිඩාගේ හිතවත් රාජ්‍ය නොවන සංවිධාන මර්ධනයට ලක්වෙන අතර කලීඩා බලයට ආ විට සිදුවන්නේද එය ම ය.


2001 වසරේ මා ඩකා නුවරට ගියේ නීතිඥ සංවිධානයක් විසින් සක්කාරක භූමිකාවක් ඉටු කළ ආසියාතික රාජ්‍ය නොවන සංවිධාන රැස්වීමකට සහභාගි වීමට ය. එම රැස්වීමේ ප්‍රධාන සංවිධායකයා හා සත්කාරක ලෙස සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වූ හසන් අරීෆ් ය. කලක සිට අප අතර දැන හැදුනුම්කමක් තිබුණු අතර, හසන් මා ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර නියෝජිතයින් පිළිගත්තේ උණුසුම් ආකාරයට ය. හසන්ගේ සහායට හිටියේ තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු වූ, ආදිල් (අදිල්යුර්) රහ්මාන් ඛාන් ය. අපගේ රැස්වීමේ මුල් දිනයේ මොවුන් දෙදෙනා ඉතාමත් ක්‍රියාකාරී වූ නමුදු දෙවන දිනයේ  හසන් ද ආදිල් ද දක්නට නොලැබිණ. දවස අවසානයේදී අප මේ ගැන විමසීමේ දී  ඔවුන් වෙනුවෙන් සංවිධාන කටයුතු කළ බංගලි නියෝජිතයන් අපට කීවේ, එදින උදෑසන හසන් නීතිපති (ඇටර්නි ජනරාල්) ලෙසත්  ආදිල් නියෝජ්‍ය නීතිපති ලෙසත් දිවුරුම් දුන් බවත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් වගකීම් ඇති නිසා සෙසු වැඩසටහනට පැමිණිය නොහැකි බව යි. අප ඩකා නුවරට ගිය කාලයේ ය හසිනා මැතිවරණයෙන් පරාජය වී කලීඩාගේ ආණ්ඩුවක් පිහිටවනු ලැබුවේ.

 

abdul karආදිල් (අදිල්යුර්) රහ්මාන් ඛාන් හා හසන් අරීෆ් 

බංග්ලදේශයේ මගේ තවත් සමීප මිතුරෙකු වූයේ ගණකාධිකාරයෙකු ලෙස මුලින් පුහුණුව ලද පසුව ජන මාධ්‍යවේදියෙකු හා සන්නිවේදනවේදියකු වූ ශාෆික්‍ රෙහ්මාන් ය. මා ඔහු දැන හඳුනා ගත්තේ ශාෆික් හසිනාගේ රජයේ මර්දනයට ලක් ව, රටින් පලා ගොස් එංගලන්තයේ විප්‍රාවාසී ව වෙසෙන කාලයේ ය. මොහුට එසේ පලා යාමට හේතුව වූයේ 'ජයි-ජයි-දින්' නමින් ඔහු සංස්කරණය කළ අතිශය ජනප්‍රිය ටැබ්ලොයිඩ් පත්තරය නිසා ය. ඒ පත්තරේ කිසිදු පූර්ණ කාලීන මාධ්‍යවේදියෙකු නොවී ය. කතෘගේ කාර්යය වනුයේ, පාඨකයන්ගෙන් ලැබෙන ලිපි, රචනා, කාටූන් ආදිය මනා සේ සකසා මුද්‍රණය කිරීම ය. පසුව සිටිසන්ස් ජර්නලිසම්  කියා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වුණේ මේ වගේ දේවල් ය. කෙසේ හෝ මා 2001 ඩකා නුවරට පැමිණි විට, ඒ බව දැනගත් ශාෆික් කොහෙන්දෝ මතුවිය. එවිටයි මා දැනගත්තේ ඔහු කලිඩාගේ සහායට බංග්ලදේශයට පැමිණ සිටි බව. 2001 කලීඩාගේ ආණ්ඩුවේ මාධ්‍ය ඇමතිකම ශාෆික්ට පිරිනැමූ බව මා දැනගත්තේ වෙන මිතුරෙකු ගෙනි. කලකට පසු හමු වූ අපගේ මිත්‍රත්ව රියූනියනය  සැමරීමට ශාෆික් මා කැඳවාගෙන ගියේ ඩකා නුවර අතිශය ප්‍රභූ අවකාශයක් වන 'ඩකා ක්ලබ්' එකට ය. යටත් විජිතවාදී ඇම්බියොන්සයකින් හෙබි එම අවකාශයට ගැලපෙන ඇඳුමක් මා නොඇඳ සිටි නිසා, එහි ම කුලියට ගත හැකි කළු සූට් එකක් හැඳ ශාෆික් සමග මා අඩියක් ගැසීමට ගියෙමි. ඒ ගත කළ පැය දෙක තුනේය මට පශ්චාත් උපාධි පාඨමාලාවකට වඩා ගැඹුරු දැනුමක් හා අවබෝධයක් ලැබුණේ බංගලි සමාජ බලතන්ත්‍රයේ හැඩරුව හා ගතිකයන් ගැන. අප වීථි පුරා දකින මහා විරෝධතා ජන ගඟ මෙහෙයවන, ඉංග්‍රීසියෙන් කියත්තොත්, 'ශේකර්ස් ඇන්ඩ් මුවර්ස්' කවුරුන් ද යන වග.

  

rehamanගණකාධිකාරයෙකු ලෙස මුලින් පුහුණුව ලද පසුව ජන මාධ්‍යවේදියෙකු හා සන්නිවේදනවේදියකු වූ ශාෆික්‍ රෙහ්මාන් ය.

සිවිල් සමාජ හා රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ වැඩවලින් අනතුරු ව, 2012 වසරේ පමණ සිට මාගේ වෘත්තීය සබඳතා තිබුණේ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන හා තින්ක් ටෑන්ක සමග ය. මේවා රාජ්‍ය නොවන සංවිධාන තරම් ම තීව්ර ලෙස පක්ෂ දෙක ඔස්සේ බෙදී නොසිටියේ ය. ඒවායේ බොහෝ විට සිටියේ කලක් රාජ්‍ය හා තානාපති සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ය. ඔවුන්ගේ අවධානය පර්යේෂණ හා ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාවලියට බලපෑම් කිරීම නිසා කුමන පවතින ආණ්ඩුවක් සමග යාප්පුවෙන් කටයුතු කිරීම ඔවුන්ගේ සිරිත විය. මේ පිරිස් ද 'ඩකා ක්ලබ්' යන එන බලවත් නමුත් කුඩා ප්‍රභූ පිරිසේ කොටසක වූ හ. ඔවුන්ගේ බොහෝ දෙනා සිටියේ අපගේ කොළඹ හත මෙන් අවකාශයක වූ ධන්මොන්ඩියේ ය.      

 

debappriyaඩෙබප්‍රිය බටචර්යා (ප්‍රකට ආර්ථික විද්‍යාඥ හා කලින් රුසියාවේ බංග්ලාදේශ තානාපති)  

ඊයේ පෙරේදා මහාචාර්ය යුනුස්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවන ලද අන්තර්වාර පාලන කමිටුවේ සාමාජික සාමාජිකාවන්ගේ නම් හා ප්‍රොෆයිල මා පිරික්සූවේ මහත් ඕනෑකමකිණි. ඒ අතර මා වෘත්තීය මට්ටමෙන් කටයුතු කර ඇති දෙතුන් දෙනෙක්ගේ නම් දැකබලා ගත හැකි විය. ෆරීඩා අක්තාර් මහත්මිය එරට මුල් පෙලේ තින්ක් ටෑංකයක ප්‍රධානියා ලෙස සිටියා මතක ය. ලැයිස්තුවේ උඩ පහළ මා බැලුවේ ෂාෆික් රෙහ්මාන්ගේ නමත් එහි ඇති දැයි කියා ය. එසේ නොමැති කල මා, වහා මගේ මිතුරෙකුට කතා කර ඔහු ගැන විමසූ විට, මට දැනගන්නට ලැබුණේ හසිනාගේ පාලන සමයේ, දැඩි මර්දනය හා කෙනෙහිලිකම්  නිසා ඔහු කලක් සිරගත ව සිට පසුව රටින් පිටව ගොස් ඇති බව යි. නමුත් මගේ මිතුරා කීවේ, වැඩි කල් නොගොස් ඔහු බංග්ලදේශයට සම්ප්‍රාප්ත විය හැකි බවයි. මාගේ තින්ක් ටෑන්ක සගයෙකු වූ ඩෙබප්‍රිය බටචර්යා (ප්‍රකට ආර්ථික විද්‍යාඥ හා කලින් රුසියාවේ බංග්ලාදේශ තානාපති) අන්තර්වාර ආණ්ඩු කමිටුවට එන ලෙස ආරාධනා කලත් එය ඔහු ඩිප්ලෝමැටික ව මග හැර ඇති බව මට දන්නට ලැබිණ. ඩෙබප්‍රිය වැන්නන් කුමන පක්ෂයක හෝ හුදු ඉත්තන් වීමට තරම් වැලේ වැල් නැති එන්ජීයෝ කාරයෙකු නොවන බව මා හොඳාකාර ව දන්නේ අප වසර අටක් පමණ සමී ව වැඩ කර ඇති නිසා ය.  

 

19 Poetic 01 යූනුස්  නිර්පාක්ෂික නොවන්නේ ඔහු නොබෙල් ත්‍යාගය ලත්  කාලයේ ම 'නාගොරික් ශක්ති' නම් දේපාලන පක්ෂයක් තනන්නට මහත් වෙරක් දැරූ නිසා ය 

මාගේ දෑස් උඩ ගියේ, 2001 වසරේ මා ඩකා නුවරට ගිය විට සඳුදා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ව හිඳ, අඟහරුවාදා නීතිපති හා නියෝජ්‍ය නීතිපති වූ, පිළිවෙලින්,  හසන් හා ආදිල් ද අන්තර්වාර පාලන කමිටුවේ සාමාජිකයන් බව දුටු විට ය. එක අතකට  එලෙස පුදුම නොවිය යුතු බව ඊළඟ මොහොතේ ම මට අවබෝධ වූයේ මොවුන් දෙදෙනා ම 2001 දී ඛලීදා සියාගේ ඇපොයින්ටීලා වීම හා 2007 හසීනා නැවත බලයට ආ විට මොවුනට එළ ව එළවා පහර දුන් නිසා ය. පැරිසියේ සිට ආනයනය කළ අන්තර්වාර  ආණ්ඩුවේ ලොක්කා මහැදුරු යූනුස් ද හසීනාගේ කාලයේ නානාවිධ කිරිමෙල් හා බදු නඩු ගණනාවක පැටළිණ. යූනුස්  නිර්පාක්ෂික නොවන්නේ ඔහු නොබෙල් ත්‍යාගය ලත්  කාලයේ ම 'නාගොරික් ශක්ති' නම් දේපාලන පක්ෂයක් තනන්නට මහත් වෙරක් දැරූ නිසා ය. එක්සත් ජනපදයේ හා බටහිර රටවල ඩාර්ලින් චරිතයක වූ යූනුස් ඔවුන්ගේ උපදෙස් පරිදි එම ව්‍යායාමය තරමක් තාවකාලික ව රිවර්ස් කළේ ය. යූනුස් ව්‍යාපාර අධිරාජ්‍යයේ පුරුකක් වූ ග්‍රාමීන් ටෙලිකොම් හි ට්‍රස්ටීවරියක වන නුර්ජහන් බෙගම් ද අන්තර්වාර් ආංඩුවේ සාමාජිකයකි. බංගලි සමාජයේ ස්වාධීන හා නිර්පාක්ෂික අයෙකු සෙවීම කළුනික සොයනවා වැනි ය. බංගලි සමාජය සැමදාම සිටියේ දෙකට බෙදී, හට්ටිය කේතලයට කළු ය කියමින් ය.  


Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

udanfer2014@gmail.com

 


(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...