පුරුදු පරිදි රනිල් එකේ කතා කලේ ප්‍රතිපත්ති ගැන, සාර්ව ආර්ථික කාරණා ගැන. ආර්ථික සාක්ෂරතාවය අඩු අපේ රටේ පුරවැසියන් බහුතරයකට ඒ ලයිව් එක තේරෙන්නේ නැහැ. එයාලට තේරෙන්නේ බඩු මිල අඩු වෙන්නේ නැත්තේ ඇයි? අපි ඉස්සරට වඩා ලයිට් , කරන්ට් බිල් ගෙවන්න ඕනේ ඇයි? වැඩ ඉවර වෙලා පහසුවෙන් ගෙදර යන්න ක්‍රමයක් නැත්තේ ඇයි? රජයේ කාර්‍ය්ලයකින් ලේසියෙන් වැඩක් කරගන්න බැරි ඇයි ? අවසානයට හොරකම් කරපු සල්ලි ගෙනල්ලා අපිට සහන දෙන්න බැරි ඇයි කියන දේවල්.
හැබැයි රනිල් ගාව මේ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. සල්ලි අච්චු ගහන ඒක නවත්තපු එකම මේ ප්‍රශ්න වලට දිර්ඝ කාලීන හොදම උත්තරයක්. ලොකේ රටවල් හැම එකක්ම දියුණු වෙලා තියෙන්නේ මේ විදියට නිවැරදි, ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති මත ඉදලා. ඉතා තද මුල්‍ය වීනයක ඉදලා. නව ගෝලීය ප්‍රවණතා එක්ක රට ගන්න තීන්දු , තීරණ සහ අයෝජන සමපාත කරලා.

ප්‍රශ්නය තියෙන්නේ මේ Macro - economics කාරණා Micro - economics එක්ක යා කරන්න රනිල් වෙනුවෙන් කතා කරන දේශපාලනයින්ට බැරි වීම. එයාලා තාම කතා කරන්නේ රනිල් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ දැම්මා. පොලිම් නැති කලා කියන එක විතරයි. ඒත් දැන් මිනිසුන්ගේ ප්‍රශ්නේ එක නෙමේ. ඉස්සරහටත් අපිට මේ විදියට බඩෙන් භාගෙට කන්න වෙයිද කියන ප්‍රශ්නේ.
හැබැයි රනිල්ගේ Macro - economics සැලසුම් සහ ලෝකය ගැන රනිල්ට තියෙන දැනුම එක්ක රනිල් ආයෙත් ජනාධිපති වුනොත් රටට එන්නේ හොද කාලයක්. මේක වෙන විදිය Macro - economics සහ Micro - economics අතර තිත් යා කරලා පෙන්නන්න ඕනේ. මේ දේ 2001 - 2003 දීත් උනේ නැහැ. රනිල් එක්ක රටත් පැරදුනා. ඒ නිසා Campagin team එක මේ අභියෝගය ජය ගන්න ඕනේ. එක නොකර හිටියොත් මේ game එක දිනන්න පුලුවන් දේශපාලන තුරුම්පු ගැහිල්ලකින් විතරයි.
සටහන - (සඳුන්) අරෝෂ ප්‍රනාන්දු



