The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

වෛද්‍යවරියක් අමානුෂික ලෙස ඝාතනයට නැවතත් ඉන්දියාව වීදි බසී

T

The Leader Desk

August 19, 2024 • 10:56 AM

වෛද්‍යවරියක් අමානුෂික ලෙස ඝාතනයට නැවතත් ඉන්දියාව වීදි බසී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ 2024 අගෝස්තු මස 09 වෙනි දින අළුයම කල්කටාවේ දී සිදුවූ වෛද්‍ය මොව්මිතා දෙබ්නාත් ගේ ඝාතනයයි.
  • බටහිර බෙංගාලයේ පාලක පක්ෂය වන ඉන්දීය ත්‍රිනාමෝල් කොංග්‍රස් හා භාරතීය ජනතා පක්ෂය අතර මෙම සිදුවීම උණුසුම් තත්ත්වයක් ඇති විය.
  • මෙම සිදුවීමෙන් දේශපාලන වාසියක් ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂය උත්සාහ කරන අතර මෙම සිදුවීමට සම්බන්ධ යම් පාර්ශ්වයන් බේරාගැනිමට රජය හා පොලීසිය සිදුවීමේ සාක්ෂි විනාශ කිරීමට තැත් කරන බවට චෝදනාවන් රැසක් එල්ල විය.
  • පසුව ඉන්දීය මධ්‍යම පරීක්ෂණ ආයතතනය (CBI) පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ පරීක්ෂණ වේගවත් කිරීමට සමත්විය. 2012 දෙසැම්බර් මස ඉන්දියාවේ නවදිල්ලියේ මග ලිංගික අපරාධයක් කර මියගිය නිර්භයාගේ සිදුවීම සිහිගන්වමින් ඉන්දියාව පුරා විරෝධතාවයන් රැල්ලක් මේවන විට පවතියි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ 2024 අගෝස්තු මස 09 වෙනි දින අළුයම කල්කටාවේ දී සිදුවූ වෛද්‍ය මොව්මිතා දෙබ්නාත් ගේ ඝාතනයයි. ඝාතනයේ තොරතුරු වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ විද්යුත් මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග ජනතාව ඒ ගැන තොරතුරු සෙවීමට පටන් ගත්තෝය. 

කාලය ගත වෙද්දී රෝහලත්, පොලිසියත් සිදුවීම ගැන ගන්නා පියවර ගැන වාර්තා වුනු තොරතුරු නිසා ජනතාව ඒ ගැන තමන්ගේ විරෝධය පළ කිරීමට ආරම්භ කළෝය. ඇය ද වෛද්‍යවරියක් නිසා වෛද්‍යවරු, හෙදියන්, රෝහල් සේවකයන් ඇරඹී විරෝධය ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගියේය. 

 

AP24230282360175

විරෝධතාවයන් නිසාම සමහර අවස්ථාව වලදී එය දේශපාලන මුහුණුවරක් ද ගත්තේය. බටහිර බෙංගාලයේ පාලක පක්ෂය වන ඉන්දීය ත්‍රිනාමෝල් කොංග්‍රස් හා භාරතීය ජනතා පක්ෂය අතර මෙම සිදුවීම උණුසුම් තත්ත්වයක් ඇති විය. මෙම සිදුවීමෙන් දේශපාලන වාසියක් ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂය උත්සාහ කරන අතර මෙම සිදුවීමට සම්බන්ධ යම් පාර්ශ්වයන් බේරාගැනිමට රජය හා පොලීසිය සිදුවීමේ සාක්ෂි විනාශ කිරීමට තැත් කරන බවට චෝදනාවන් රැසක් එල්ල විය. පසුව ඉන්දීය මධ්‍යම පරීක්ෂණ ආයතතනය (CBI) පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ පරීක්ෂණ වේගවත් කිරීමට සමත්විය. 

2012 දෙසැම්බර් මස ඉන්දියාවේ නවදිල්ලියේ මග ලිංගික අපරාධයක් කර මියගිය නිර්භයාගේ සිදුවීම සිහිගන්වමින් ඉන්දියාව පුරා විරෝධතාවයන් රැල්ලක් මේවන විට පවතියි. නිර්භයාගේ සිදුවීම හා මෙම මව්මිතාගේ සිදුවීම අතර සමානකම් කිහිපයක්ම තිබේ. දෙදෙනාම වෛද්‍ය වෘත්තියට සම්බන්ධවීමත්, තරුණ කාන්තාවන් වීමත්, දෙදෙනාවම සමූහ දූෂණයකට ලක්වීමත් අවසානයේ දී දෙදෙනාම අවාසනාවන්ත ලෙස මිය යාමත් ඒ සමානකම් වේ. එමෙන්ම ඊට එරෙහිව නැගි විරෝධය ද සමානය. දැනටමත් ඉන්දියාවේ සෑම නගරයකම විරෝධතාවයන් පැවැත්වෙමින් තිබේ. 

 

6AF3UAYB4FJNXABD5PVCT67TP4
"මගේ දුව අගෝස්තු 08 වෙනි දින ගෙදරින් උදේ 8.10 ට සේවාව සඳහා නිවසින් පිටත් වුනා. ඇය බාහිර වෛද්‍ය ප්‍රතිකාර අංශයේ සේවය කරද්දී රෑ 11.15 ට අම්මට කතා කරලා තියෙනවා. බිරිඳ උදේ දුරකතන ඇමතුමක් දුන්නත් එය ක්‍රියා කරත් ඇය ඊට පිළිතුරු දි තිබුණේ නැහැ. මම හිතන්නේ ඒ වෙනකොට මගේ දුව මිය ගිහිං තියෙන්නේ ඇති. අළුයම 3 සහ උදෑසන 10 අතර කාලය තුළ කිසිවෙකුට ඇයව අවශ්‍ය වී තිබුණේ නෑ ඇය රෝහලේ ඒ වන විට කාර්ය බාර වෛද්‍ය නිලධාරිනිය වුවත්. ඇයට වෛද්‍ය විද්‍යාලයේ දී යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුණා. සම්පූර්ණ අංශය ගැනම අපට සැකයි. "

කෲර ලිංගික බලහත්කාරකමකට, අපයෝජනයකට, පසුව කෲර වධශිංසනයට ඝාතනය වූ වෛද්‍ය මව්මිතා දෙබ්නාත් ගේ පියා එලෙස පවසා තිබුණු අතර ඔහු තවදුරටත් මාධ්‍ය වලට ලබා දුන් තොරතුරු මෙසේය.  

 

90

දැනට වාර්තා වී තිබෙන තොරතුරු අනුව තම දියණිය අදාල ශාලාවේ දී මෙම ලිංගික අපයෝජනය හා ඝාතනයට ලක්වුවේ ද යන්න ගැන  සැකයන් මතු වී ඇති බව පවසයි. ඇයව වෙනත් ස්ථානයක ඝාතනය කර අදාල ශාලාවට ගෙනැවිත් දමා ඇතැයි සැක කරන බවත්, කල්කටා පොලිස් නිලදාරීන්ගේ පරීක්ෂණයන් ගැන ගැටළු තිබෙන බවත් මේ වන විට ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන දැනුවත් බව ද පියා පවසායි. මෙම ඝාතනයට පසුදිනම තුන්වෙනි මහලේ රැස්වීම් ශාලාව ආසන්යේ ඇති හදිසි ඒකක ගොඩනැගිල්ලේ  පවත්වාගෙන යනු ලබන හෘද ඒකකයේ සිදු කරන ලද අලුත් වැඩියාවන් අතිශය වැදගත් සාක්ෂි විනාශ කිරීමට සිදු කරන්නක් බවට සැක මතු වී තිබෙනව බවත් තමන්ට CBI' පරීක්ෂණයන් ගැන විශ්වාසයක් ඇති බව පවසන පියා ඔවුන් විසින් තමන්ගේ දියණියට අපරාධය කළ පුද්ගලයන්ව නීතිය හමුවට ගෙන එනු ඇතැයි පවසයි. 

මීට අමතරව තමන්ගේ දියණියගේ ජීවිතය වෙනුවෙන් සිදු කරන නීතිමය කටයුතු අත් හරින ලෙස පවසා පිරිසක් මුදල් දීමට තැත් කළ බවත්, තමන්ට ඊට විරුද්ධවූ බවටත් මාධ්‍යයට පවසා තිබුණි. 

ඇගේ මව පවසා තිබුණේ, තමන්ගේ දියණිය එදින රෝහල වෙත යාමට අකමැත්තක් දැක්වූ බව ඇගේ මව පැවසුවාය. තමන්ට කරදරයක් සිදුවිය හැකි බවත් තවදුරටත් එම රෝහලේ සේවය කිරීමට අකමැති බවත් පවසා මව්මිතා පවසා තිබුණි.ඔවුන් අපිට තමන්ගේ දියණියගේ මුහුණවත් බලා ගැනීමට ඉඩ නොදුන් බවත්, තමන් ඒ සම්බන්ධයෙන් ආයාචනා කළත් ඔවුන් ඊට ඉඩ නොදුන් බව පැවසුවාය. තමන්ට දරා ගැනීමට තරම් වූ විශාල වේදනාවක් ඔවුන් තම පවුලට ලබා දී ඇති බවත් පවසුවාය. 

දෙවන වසරේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක වන ඇය ආර්.ජී.කාර්. වෛද්‍ය විදුහලට අනුබන්ධ රෝහලේ ඇය පැය 36 ක් දිගු සේවාමුරයක යෙදී වෙහෙස නිවා ගැනීමට තුන්වෙනි මහලේ තිබූ රැස්වීම් ශාලාවට ගොස් තිබුණු අළුයම 3 ට අවදිවන ඇය අදාල වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවතත් අදාල ශාලාව තුළ නින්දට ගොස් තිබුණි. ඇය මෙම බලහත්කාරකමට හා ඝාතනයට ලක්වන්නේ අළුයම 3.00 ත් අළුයම 5.00 අතර බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වී තිබෙනවා. 

256y5765

 

මව්මිතාගේ මව්පියන් අපරාධ පරීක්ෂකයන්ට සැක සහිත පුද්ගලයන් රැසක ගේ අනන්‍යතාවයන් හෙළි කර තිබේ. ඇය සමග සේවයේ යෙදී සිටි තාවකාලික සේවකයන්, වෛද්‍යවරුන් ඒ අතරේ සිටියි. මුලින්ම මෙම ඝාතනයට සැකපිට කල්කටා පොලිසියේ ස්වේච්ඡා සේවකයෙක් වන සන්ජේ රෝයි අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහුව අත්අඩංගුවට ගැනීමට මව්මිතා ගේ නිය මත වූ රෝයීගේ ඩී.එන්.ඒ. හේතු විය. නමුත් මෙම අපරාධයට රෝයි ට පමණක් සිදු කිරීමට නොහැකි බවත්, එය එතරම් කුරුරු බවත් ඇය වෙනුවෙන් අරගල කරන වෛද්‍ය කණ්ඩායමේ විය. ඇගේ අපරාධය සම්බන්ධයෙන් ක්ෂණිකව පැන පැගුණ විරෝධයන් නිසා ත් මරණ පරීක්ෂණයේ දී හෙළිවුණු කරුණු නිසාත් පුද්ගලයන් 30 දෙනෙකුගේ කණ්ඩායමක් සැකකරුවන් ලෙස හඳුනාගෙන ඔවුන්ව ප්‍රශ්න කරමින් යනවා. මේ බව පැවසුවේ ඉන්දියානු අපරාධ පරීක්ෂණ ආයතනයේ මෙම අපරාධයේ පරීක්ෂණයන් සිදු කරන කණ්ඩායමයි. 

මරණ පරීක්ෂණයේ දී අණාවරණය වී තිබුණේ ඇයගේ සිරුර තුළ ශුක්‍රාණු ග්‍රෑම් 150 ක් පමණ තිබුණු බවයි. සිරුර ස්ථාන 113 සපා කෑමට ලක් වි තිබුණු බවත්, අවසානයේ දී ඇගේ ඇස් පිටතට තරම්, නාසයෙන්, කටින් රුධිරය වහනය වන තරම් පීඩනයකින් ගෙල සිරකර තිබුණු බවත් ආණාවරණය වී තිබේ. ඇය ගෙල සිරකරද්දී දෙදෙනෙක් ඇගේ අත්වලින් අල්ලාගෙන සිට ඇත. ඉන් එක් අයෙක් කාන්තාවක් වන අතරම ඇය මම්මතා සමග එකට අධ්‍යාපනය ලබන වෛද්‍යවරියකි. මේ සියලු දෙනාම දැනට අත්අඩංගුවේ පසුවේ.

 

 8pp
කල්කටා අපරාධ පරීක්ෂණ නිලධාරීන් ප්‍රශ්න කිරීම මග හැර සිටියත් ඉන්දීය මධ්‍යම පරීක්ෂණ ආයතතනය (CBI) විසින් මේ වන විට ඇති වු විරෝධතාවයන් නිසා සේවයෙන් ඉල්ලා අස්වී තිබෙන ආර්.ජී.කා වෛද්‍ය විද්‍යාලයේ විදුහල්පති වූ වෛද්‍ය සන්දීප් ගොෂ් ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

බී.ජේ.පී. නායක අමිත් මලාවියා සමාජ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් බෙංගාල ප්‍රධාන අමාත්‍යවරිය වූ මම්තා බෙනර්ජි සහ කල්කටා පොලිසිය විසින් සාක්ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා කර තිබේ. වින්දිත කාන්තාවගේ මව සහ ඝාතනයට ලක් වූ තරුණිය විසින් කල්කටා පොලීසිය විසින් තමන්ව හිරිහැර කළ අන්දම ප්‍රකාශ කර තිබීම, නැවතත් ඔවුන්ට එයම සිදුව තිබීම, අවසානයේ දී ඇයගේ දේහය ලබාදීම දිග්ගස්සමින් ඒ සඳහා පවුල දැඩි පීඩනයකට ලක් කර තිබීම, ඇගේ මෝටර් රථය විනාශ කිරීමට පවා පොලිසිය උත්සාහ කර තිබීම සැක සහිත ක්‍රියාකාරකම් බව මලාවියා ප්‍රකාශ කර තිබේ. 

මේ අතර බටහිංර බෙංගාලයේ ඉන්දීය ත්‍රිනාමෝල් කොංග්‍රස් මහඇමති මම්තා බෙනර්ජි 

 

6i89i9
"මට තිබෙන තොරතුරු අනුව මම සිසුන්ට චෝදනා කරන්නේ නෑ. මෙම සිදුවීම ඉතාම අවාසනාවන්තයි. අපි තාමත් කියන්නේ ඔවුන්ව එල්ලා මැරිය යුතුයි. අපි සියළුම අදාල ලිපි යවා තිබෙනවා. අපගේ පොලීසිය පරීක්ෂණ කරනතුරු කිසිඳු තොරතුරක් අනවසරයෙන් පිටත යන්නෙ නෑ. මගේ සහ බටහිර බෙංගාලයේ ජනතාවගේ ශෝකය අපි පවුලේ අයට පිරිනමන්න කැමතියි. මේක විශාල අපරාධයක්. මෙම අපරාධකරුවන් දිය යුතු එකම දඬුවම එල්ලා මැරීමයි. එහෙම වුනොත් විතරයි මේ වගේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නේ. ඒත් කිසිම අහිංසක පුද්ගලයෙක් වැරදිකරුවෙක් විය යුතු ද නැහැ. " යනුවෙන් තමන්ට එල්ල වෙමින් ආ විරෝධතාවයන්ට පිළිතුරු දෙමින් පැවසුවාය. 

ඉන්දියානු වෛද්‍ය සංමේලනය (IMA) විසින් පැය 24 ක සමස්ත ඉන්දීය වෛද්‍ය වැඩ වර්ජනයක් නිවේදනය කර තිබිනි. ඒ අනුව සියළුම බාහිර වෛද්‍ය ප්‍රතිකාර, තෝරාගත් ශල්‍යකර්ම, අගෝස්තු 17 වන සෙනසුරාදා පෙරවරු 6 සිට ඉරිදා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක විය. නමුත් හදිසි ප්‍රතිකාර අංශයන් ඒ කාලය තුළ ක්‍රියාත්මක වන බවත් ඔවුන් දන්වා තිබුණි. 

වෛද්‍ය මව්මිතාට යුක්තිය ඉටුවනතුරු නොනැවතී සටන් කරන බව වෛද්‍ය වෘත්තීය සමිති සපථ කර තිබේ. 

 

 67u6

අගෝස්තු 14 වෙනි දින හත්දහසක් පමණ වූ මැර කණ්ඩායමක් ආර්.ජී. කා රෝහලට කඩා වැදුණු අතර, ඔවුන් එදින විරෝධතාවයේ යෙදී සිටි වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන්, දැඩි ලෙස පහර දෙමින්, රෝහලට උපකරණ වලට, බඩුබාහිරාදිය  දැඩි හානියක් සිදු කළා. පසුව ආරක්ෂ හමුදාවන් පැමිණ තත්ත්වය පාලනය කර තිබුණා. අගෝස්තු 16 වෙනි දින මෙම සිදුවීමට අදාල 19 දෙනෙක් පොලීසිය විසින් අත්ඩඅංගුවට ගෙන තිබේ. මේ සඳහා ඡායාරූප හා වීඩියෝ භාවිතා කර ඇති අතර,සු‍ෙ තවත් පිරිසක් ඉදිරියේ දී අත්අඩංගුවට ගනු ඇතැයි බලාපොරොත්තු වේ. 

පවතින දේශපාලන තත්ත්වයන් අනුව ඉදිරියේ දී මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් බටහිර බෙංගාල රජය නිසි ක්‍රියා මාර්ග නොගතහොත් එය දේශපාලන කුණාටුවක් වනු වැලැක්විය නොහැකි වනු ඇත.

සටහන :
(සුදේශ් ද සිල්වා) 
Script Writer/ Director 

Tele drama/ Documentaries
No. 36/19B, Convent Lane, Handala, Wattala. 
sudesh.desilva@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...