The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

මෙවර ජනපතිවරණ තරග බිමෙන් නිරුවත් උන්ඩියෙක් මතුවේ ද? – (ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

August 19, 2024 • 12:11 PM

මෙවර ජනපතිවරණ තරග බිමෙන් නිරුවත් උන්ඩියෙක් මතුවේ ද? – (ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනිසාම මැතිවරණ උණුසුම යනුවෙන් ව්‍යවහාර වන සමාජමය කැළඹීම ද දිනෙන් දින ඉහළ නැංවෙනු දක්නට පුළුවන.
  • මැතිවරණයක් ළං වන විට ඊට සම්බන්ධ දේශපාලනඥයෝ ජනතාව සුවිශේෂ අවධානයක් දිනා ගත හැකි හැගීම් අවදිකරන භාවයන් කුපිත කරන ප්‍රකාශයන් සිදු කරති මැතිවරණයක් ආසන්න වන විට මෙවන් සමාජයීය කැළඹීමක් ඇති වීම ස්වභාවික සංසිද්ධියක් නොවේ.
  • එවිට ඒ ප්‍රකාශවල පවත්නා ජනතාව ගේ හැගීම් ආවේග පිබිදුම් හි හැකියාව මත ජනමාධ්‍ය කරුවෝ ද ඒවාට ඉහළම ප්‍රසිද්ධියක් ලබා දෙති.
  • දේශපාලන රැස්වීම් වේදිකාවට නගින දේශකයා සාමාන්‍ය රැස්වීම් වල නොමැති ආවේගාත්මක බවකින් යුතු අංග චලනයන් සහ කතා ශෛලියක් අනුගමනය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එනිසාම මැතිවරණ උණුසුම යනුවෙන් ව්‍යවහාර වන සමාජමය කැළඹීම ද දිනෙන් දින ඉහළ නැංවෙනු දක්නට පුළුවන. එමෙන්ම මේ තත්වය තවදුරටත් ඉහළ නැංවීම මත සමාජ සන්ත්‍රාසය (Social panic) නම් අර්බුදකාරී තත්වය පැන නැඟීමේ ද පහසු අවකාශයක් තිබේ. කුමන කරුණක් මත හෝ එවන් වාතාවරණයක් පැන නැගීම කෙසේවත් සාධනීය දෙයක් නොවේ. මක් නිසා ද කිවහොත් එය මැතිවරණ ප්‍රචණ්ඩත්වය නම් ව්‍යසනකාරී තත්වයට මං පාදන්නක් බැවිනි.

 

මානීගේ තීරුව : ඡන්ද පාඩම - (සුන්දර නිහතමානි ද මැල්)මැතිවරණයක් ළං වන විට ඊට සම්බන්ධ දේශපාලනඥයෝ ජනතාව සුවිශේෂ අවධානයක් දිනා ගත හැකි හැගීම් අවදිකරන භාවයන් කුපිත කරන ප්‍රකාශයන් සිදු කරති

මැතිවරණයක් ආසන්න වන විට මෙවන් සමාජයීය කැළඹීමක් ඇති වීම ස්වභාවික සංසිද්ධියක් නොවේ. එය බොහෝ විට විවිධ දේශපාලන පක්ෂ, කණ්ඩායම් විසින් සමාජය තුළ රෝපනය කරනු ලබන උන්මාදනීය තත්වයකි. මැතිවරණ උණ (Election fever) යන හැඳින්වීම ද මීට ආදේශ කළ හැක. මැතිවරණයක් ළං වන විට ඊට සම්බන්ධ දේශපාලනඥයෝ ජනතාව සුවිශේෂ අවධානයක් දිනා ගත හැකි හැගීම් අවදිකරන භාවයන් කුපිත කරන ප්‍රකාශයන් සිදු කරති. ඒ ඡන්ද දායකයන් තමන් වෙත ආකර්ශනයකර ගනු පිණිස ය. එය ඔවුන් ගේ දේශපාලනික උපාය මාර්ගයකි. එවිට ඒ ප්‍රකාශවල පවත්නා ජනතාව ගේ හැගීම් ආවේග පිබිදුම් හි හැකියාව මත ජනමාධ්‍ය කරුවෝ ද ඒවාට ඉහළම ප්‍රසිද්ධියක් ලබා දෙති. ඒ දේශපාලනඥයන් සේම වැඩිපුර ප්‍රේක්ෂ්ක හා පාඨක ආකර්ශනයක් තමන් වෙත ලබා ගැනීම පිණිස ය. එය මාධ්‍ය කරුවන්ගේ ද උපාය මාර්ගයකි.

Angry aggressive leader interviewed by media, he is shouting into microphonesදේශපාලන රැස්වීම් වේදිකාවට නගින දේශකයා සාමාන්‍ය රැස්වීම් වල නොමැති ආවේගාත්මක බවකින් යුතු අංග චලනයන් සහ කතා ශෛලියක් අනුගමනය කරයි.

 

සාමාන්‍ය රැස්වීම්, දේශන, සම්මන්ත්‍රණ, සාකච්ඡා ආදියට වඩා බෙහෙවින් වෙනස් අමුතුම ශෛලියක් දේශපාලන රැස්වීම් වල දක්නට ලැබේ. එනම් දේශපාලන රැස්වීම් වේදිකාවට නගින දේශකයා සාමාන්‍ය රැස්වීම් වල නොමැති ආවේගාත්මක බවකින් යුතු අංග චලනයන් සහ කතා ශෛලියක් අනුගමනය කරයි. එක්තරා අන්දමක ආවේගාත්මක ස්වරූපයක් ද සහිත එම දේශපාලන වේදිකා ඉදිරියේ සිටින ඔවුන්ගේ පාක්ෂිකයෝ ඉන් අමුතුම ජවයක් බලයක් පන්නරයක් සිත තුළ රෝපණය කර ගනිති. සාමාන්‍යයෙන් යමකු තුළ හට ගන්නා බිය,කෝපය සන්ත්‍රාසය වැනි ආවේග පහවීමට ද කිසියම් කාලයක් ගත වෙයි. ඒ සම්බන්ධ සරල නිදසුනක් දැක්වුවහොත් යමකු ගේ සිත තුළට නැගෙන එවන් ප්‍රබල ආවේගයක් සමනය වීම ස්විච්චිය නිවා දමන ලද විදුලි පංකාවක ක්‍රියාකාරීත්වය නතර කිරීමකට පමා කළ හැක.එසේ නොමැතිව එය ස්විච්චිය නිවා දමන ලද විදුලි බුබුළක් මෙන් ක්ෂණයකින් නිමාවට පත් නොවේ. 

 

මැතිවරණ ක්‍රියාවලියද අත්‍යවශ්‍ය සේවාවකි - ජෙහාන් පෙරේරාඅප රටේ සෑම දේශපාලන වේදිකාවකම පාහේ උද්වේගයෙන් තම කතාව සමාප්ත කරන දේශපාලනඥයා මෛක්‍රෆෝනය අද්දරින් ඉවත් වෙත්ම ඉතා ක්ෂණිකව සන්සුන් සාමකාමී බවක් පළ කරනු ඔබට ද නිරීක්ෂණය කළ හැක.

 
එහෙත් අප රටේ සෑම දේශපාලන වේදිකාවකම පාහේ උද්වේගයෙන් තම කතාව සමාප්ත කරන දේශපාලනඥයා මෛක්‍රෆෝනය අද්දරින් ඉවත් වෙත්ම ඉතා ක්ෂණිකව සන්සුන් සාමකාමී බවක් පළ කරනු ඔබට ද නිරීක්ෂණය කළ හැක. ඇතැම් විට ඔහු එසේ මෛක්‍රෆෝනය වෙතින් ඉවත් වනුයේ එහි සිටින තම හිතවතුන් හා සුහදශීලී ලෙස සිනාසෙමිනි. එක් එක් දේශපාලන පක්ෂ සම්බන්ධ ලොව බොහෝ රටවල අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන මෙම තත්ත්වය නම් කළ හැක්කේ දේශපාලනික උප සංස්කෘතිකාංගයක් ලෙසිනි. සාමාන්‍යයෙන් දේශපාලන වේදිකාවල සිදු කෙරෙන කතා බස්වල සංයුතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.
 
ඉන් පළමු කොටස වන්නේ තමන්ට ප්‍රති විරුද්ධ දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ නිර්දය විවේචනයට ලක් කිරීමය. තමන් බලයට පත් වූ පසු ජනතාවට අත් කෙරෙන සහන, ප්‍රතිලාභ ආදිය සම්බන්ධයෙන් වර්ණනාත්මකව කතා කිරීම දෙවන අංගය වේ. ඒ අතරේ තම දේශපාලන පක්ෂයේ ඇති පරමාදර්ශී දේශපාලනයක් (Idieal politics) පිළිබඳව ජනතා විශ්වාසය ගොඩනැගීම ද මෙම දේශපාලන කතාවන් හි සංයුතියෙන් සෑහෙන කොටසක් වෙන්වන බවක් පෙනෙන නමුදු මෙම දේශපාලන කතා බොහොමයක් සම්බන්ධයෙන් කෙරෙන මැදහත් විමසා බැලීම් වලදී ඒවා විද්‍යාත්මක,ශාස්ත්‍රීය සේම තාර්කික ද නොවන බව සනාථ කෙරෙන සාක්ෂි රැසක් ඉස්මතු කර ගත හැක. එහෙත්,එම ප්‍රකාශ වලට කන්දෙන පාක්ෂිකයන් ඒවා සම්බන්ධ විමසීම් කරන බවක් ද පෙනෙන්නට නැත.
මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අශ්වයාට පෙර කරත්තය ඉදිරියට දැමීම - ජෙහාන්  පෙරේරාමෙය බොහෝ විට සමාන වන්නේ ඇතැම් පදික වෙළඳුන් තමන් අලෙවි කරන භාණ්ඩ වල මිල ගණන් සඳහන් නොකොට ‘ලාබයි ලාබයි’ යනුවෙන් කෑ ගසමින් පාරිභෝගිකයන් තමන් වෙත නතු කර ගැනීමට ය.
 
පසුගිය දිනයෙක දේශපාලන රැස්වීමක් ඇමතූ එක් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු පවසා සිටියේ තම පක්ෂය ප්‍රතිපත්ති දේශපාලනයේ පමණක් යෙදෙන බවය. එහෙත් ඔහු එසේ කීවද එම පක්ෂය මේ වන තුරුම ඉදිරි ජනාධිපතිවරණය මුල් කොට ගත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වා නැත. මෙය අප ජන වහරේ එන “ගමන පයින් කතාව දෝලාවෙන්” යන්න සිහි ගන්වන්නක් ද වනු ඇත. එමෙන්ම මෙය බොහෝ විට සමාන වන්නේ ඇතැම් පදික වෙළඳුන් තමන් අලෙවි කරන භාණ්ඩ වල මිල ගණන් සඳහන් නොකොට ‘ලාබයි ලාබයි’ යනුවෙන් කෑ ගසමින් පාරිභෝගිකයන් තමන් වෙත නතු කර ගැනීමට ය.
 
මේ අතර “නිදහස්, සාමකාමී සාධාරණ මැතිවරණ” යන වදන් ද සමාජයේ එක් පසෙකින් ව්‍යවහාර වෙයි. “බුද්ධිමත් ඡන්ද දායකයා” යන්න ද ඒ වාග් මාලාවේම තව කොටසකි. එහෙත්, අප පෞද්ගලිකව විශ්වාස කරන අන්දමට සමාජයේ බුද්ධිමතුන් වශයෙන් සැළකෙන පුද්ගලයන් ගේ බුද්ධිය ද මැතිවරණ හමුවේ සැළකිය යුතු ලෙස අව ප්‍රමාණ වේ. සාමාන්‍ය සමාජයේ ජීවත් වන නිදහස් පුරවැසියන් හුදෙක් එක් එක් දේශපාලන පාක්ෂිකයන් ලෙසින් සමාජය හමුවේ පෙනී සිටීම විද්වත් වෘත්තිකයන් අතුරින් පවා දක්නට ලැබෙන්නකි. එහෙත්, කැමති අපේක්ෂකයකුට පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවට මෙලෙස එක් එක් දේශපාලන කඳවුරු වලට ගොනු වීම කෙසේවත් ප්‍රබුද්ධ සමාජ ලක්ෂණයක් නොවේ.
මැතිවරණ වසරක බලය මාරුවීමේ නව ප්‍රවණතා - (මහාචාර්ය ජයදේව උයන්ගොඩ)තමන්ට අනර්ථයක් කළ පාලකයා හෝ දේශපාලන පක්ෂය ඉවත් කොට තමන් හට යහපත අභිවෘද්ධිය සළසන පාලකයකු හෝ දේශපාලන පක්ෂයක් බලයට පත් කර ගැනීම
 
මැතිවරණයක දී ඕනෑම දේශපාලන පක්ෂයකට ඡන්දය පාවිච්චි කිරීමේදී ඡන්ද දායකයා තුළ ඇති වන පොදු අභිලාෂයක් තිබේ. එනම් තමන්ට අනර්ථයක් කළ පාලකයා හෝ දේශපාලන පක්ෂය ඉවත් කොට තමන් හට යහපත අභිවෘද්ධිය සළසන පාලකයකු හෝ දේශපාලන පක්ෂයක් බලයට පත් කර ගැනීමය. මෙය නවෝත්පාදනය(Innovation) නම් වන පුද්ගල මනෝ භාවය පදනම් වන්නකි. එහෙත්, මෙහිදී එම අපේක්ෂකයන් හෝ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂකයා කරන සමාජ ආර්ථික පිළිවෙත් වලට වඩා නව පාලනයක් තුළින් උදා කර ගත හැකි සුබවාදී වෙනස පිළිබඳ බලාපොරොත්තු දල්වා හිඳීම ද සාමාන්‍ය මිනිස් ස්වභාවයයි.එහෙත්, එය බොහෝ විට භාවාත්මක කුළුගැන්වීමක් මත හට ගන්නා තත්වයකි.

අප බොහෝ දෙනකු දන්නා අන්දමට අප රටින් බුදු සමය මුළුමනින් අතුරුදන් වීමට ආසන්න යුගයක එය යම් ප්‍රමාණයකට හෝ මූලික ධර්ම විනය ආකෘතිය තුළ යම් අයුරකින් හෝ රඳවන ලද්දේ මහනුවර යුගයේ වැඩ සිටි වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් යුතු භික්ෂු පිරිසක් විසිනි.මෙරට බුදු සමය දැඩි පරිහානියකට පත් ව තිබූ බැවින් වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් සාමනේර අවදියේ දීම එම ගමන් මඟ වෙනස් කරනු පිණිස තමන් වහන්සේගේ ධර්ම විනයානුකූල ශාසනික ප්‍රතිපදාවනට මුල පුරමින් පිණ්ඩපාතයෙන් පමණක් යැපීමට කටයුතු කළහ. මෙලෙස පිණ්ඩපාතයෙන් ලත් දානය තුළින් පමණක් දිවි ගෙවූ සරණංකර හිමියන් ජනතාවට දහම කියාදෙමින්, බුදු දහම දත් සැබෑ උපාසක උපාසිකාවන් ලෙස ඔවුන් සමාජයට හඳුන්වා දුන් අතර එවක බෞද්ධ ප්‍රතිපදා මාර්ගයෙන් පිට පැන සිටි හිමි වරුන් මෙය දුටුවේ වැලිවිට සාමනේර හිමියන් මහණ කමේ වුව සීමාව ඉක්මවා යාමක් ලෙසිනි. නමුත් බුදු සමය මුල් කොට ගත් සමාජ සදාචාර සංවර්ධනයක අගය වටහා ගත් වැලිවිට සරණංකර සාමනේර හිමිපාණන් භාෂා ඥානය,ව්‍යාකරණය යනාදිය පිළිබඳ දැනුම අවබෝධය පවා සමාජගත කිරීම ඇරඹූ අතර මෙහිදී උන් වහන්සේ හා ඒකරාශී වූ සාමණේර පිරිස සිල්වත් සාමණේර සමාගම ලෙස ප්‍රසිද්ධ වූහ.
 
බාල අපචාර කරන භික්‍ෂුන් සිවුරෙන් ඉවත් කළ යුතුයි - බුද්ධ ශාසන ඇමතිඔවුන් ගෙන් බහුතරය ධර්ම විනය, භාෂා ශාස්ත්‍රාදිය පිළිබඳ මනා දැනුමකින් යුක්ත වූ පිරිසක් වීම ද විශේෂත්වයකි.
මෙම සිල්වත් සමාගම තුළ එවක පැවති භික්ෂුත්වය, තුළට ආරෝපනය වී තිබූ ධනෝපායනය ඇතුළු පස් කම් සැප අරමුණු කර ගත් “බෞද්ධ පූජක සම්ප්‍රදාය”ට එරෙහි සැබෑ ශ්‍රමණ පිළිවෙත් අනුගමනය කළ භික්ෂු කණ්ඩායමක් එක් වූහ. ඔවුන් ගෙන් බහුතරය ධර්ම විනය, භාෂා ශාස්ත්‍රාදිය පිළිබඳ මනා දැනුමකින් යුක්ත වූ පිරිසක් වීම ද විශේෂත්වයකි. මෙම සිල්වත් සාමණේර සමාගම වටා ඒකරාශී වූ සාමණේර පිරිස අතර ඉසිපිටියේ සාමණේර හිමි ඇතුළු කොට කප්පාගොඩ, නාගොල්ලේ,අලුත්නුවර, මැදවල, කුඹල්දිවෙල, වැවගෙදර, අහුගොඩ, පහන්කුඹුර, දහිගමුවේ,මාලගම්මන යනාදී නම් සඳහන් ගම් නාමයන්ගේ සාමණේර ස්වාමින් වහන්සේලා වූ බව පැවසෙයි. නමුත් මෙලෙස දිනෙන් දින ව්‍යාප්ත වන සිල්වත් සමාගම කෙරෙහි උරණව ඊර්ෂියා උපදවා ගත් සැබෑ බුදු මඟින් බැහැරව පූජක ස්වරූපයක් දැරූ හිමි වරුන් එවකට රජ කම් කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා වෙත විවිධ කේලාම්,දෝෂාරෝපනික දෑ පවසමින් සිල්වත් සමාගම වෙත බාධා පැමිණවීමට මහත් වූ උත්සාහයක යෙදුනහ.
 
එහෙත් එවන් තත්ත්වයක් යටතේ වුව සැබෑ බුදු සමය ශ්‍රී ලාංකේය ජන සමාජය තුළම පිහිටුවීමේ පරිශ්‍රමය අත් නොහළ සිල්වත් සමාගමේ භික්ෂුහු තමන් ගේ පන්සල් විහාරාරාම ආදියේ බුදු දහමේ මූලික අංගයක් වන තෘෂ්නාව පහ කොට කෙලෙස් ප්‍රහීණ කොට නිර්වාණාවබෝධයට පත් වීම පිළිබඳව ධර්ම දේශනා පැවැත්වීමට පුරුදුව සිටියහ. ඒ එය බෞද්ධ සදාචාරය ඉස්මතු කිරීමේ නොවරදින මඟක් වූ බැවිනි.
සංඝ කල්ලි, සිවුරු අඳින රස්තියාදුකාරයෝ සහ මංගල කරුණු -ශ්‍රීලාල් සෙනෙවිරත්නතෘෂ්ණාව අත හරිනවා කියන එක, එක පාරටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි.
 
“තෘෂ්ණාව අත හරිනවා කියන එක, එක පාරටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි.ඒක ඉතාම හෙමින් ටිකෙන් ටික කරන්න ඕනේ දෙයක්. මොකද අපි මේ ජීවත් වෙන ලෝකේ තෘෂ්ණාවෙන් අල්ලා ගෙන බදාගෙන වැළඳගෙන ඉන්න මේවා එක පාරටම අත අරින්න අපිට පුවළුන් කමක් නෑ.”

සිල්වත් සමාගමේ එක් හිමි නමක එලෙස ධර්ම දේශනාව පවත්වා ගෙන යන අතරේ ධර්ම ශාලාවට එපිටින් “ඒත් මෙන්න බලාපල්ලා” යනුවෙන් කිසිවකුගේ කෑ ගැසීම් හඬක්ඇසුණි. ඉන් විස්මයට පත් උපාසක උපාසිකාවන් හනික ඉන් පිටතට බැලූ විට දක්නට ලැබුණේ ධර්ම ශාලා මිදුලේ ‘උපන් ඇඳුමින්’ සිටගෙන හිඳින ඒ ගම් ප්‍රදේශයේ ’උන්ඩියා නම් මිනිසෙකි. ’ඔය සිල්වත් සමාගමේ උන්නාන්සේලාට පොතේ දැනුම තිබුණට වැඩ බෑ. ඒ හින්දා උන්නාන්සේලා පස්සේ ගිහින් උඹලට ඔය තෘෂ්ණාව ද මොකක්ද? දුරු කරන්න බෑ.උඹලාට එහෙම දුරු කර ගන්න ඕනේ නම් මං වගේ තෘෂ්ණාව දුරු කරපු එකෙක් ළඟට එන්න ඕනේ, එය මොනවා කිව්වත් ඔය උන්නාන්සේ සිවුරට අඳනෙට ආසා හින්දා උන්නාන්සේට ඒක අත හරින්න බෑ. මේ බලපල්ලා මම අඩු ගාණේ අමුඩෙටවත් ආසාවක් තියන එකෙක්ද කියලා” උන්ඩියා එසේ කෑ ගසත්ම උන්ඩියා ගේ කතාවේත් කුමක් හෝ ඇත්තක් ඇතැයි කියා ඇතැමකු බුදු සමය අතහැර ඔහුගේ සරණ ගිය බව ද පැවසෙයි.
 
ඡන්දය තියයිද? නැද්ද? : මැතිවරණය ගැන පෙත්සම අද කැඳවයිඉදිරි ජනාධිපති අපේක්ෂකයන් අතුරින් විවිධ පසුබිම් කරුණු මත උන්ඩියාලාගේ මාදිලියේ ඇත්තන් ද ඉදිරිපත් විය හැකි බැවින් ඔබේ ඡන්දය වඩාත් සිහි නුවනින් යුතුව පාවිච්චි කරන්න
 
එමෙන්ම ඒ උන්ඩියාගේ පැමිණීම තම අභිලාෂයක් මත සිදු වූවක් නොවන බවත් එය වෙනත් බලවේගයක් විසින් මෙහෙය වූ නිර්ලජ්ජිත ව්‍යාපෘතියක් බව අප ගේ වැටහීම ය. ඒ අනුව අපට හැඟී යනුයේ තමන්හට අවශ්‍ය අනේක විධ ප්‍රතිලාභ ලබා ගැනීම පිණිස කෙතරම් සාධනීය වුවද අසීරු පිළිවෙත් අතහැර එතරම් සාධනීය නොවුවද ඒ සඳහා වන පහසු කෙටි මං සෙවීම පොදු මිනිස් ස්වභාවයක් බව ය. ඒ සඳහනත් සමඟම මේ සටහන නිමාවේ එය මුල්කොට ඔබට ද යම් දැනුම් දීමක් කළ යුතුව තිබේ. එනම් ඉදිරි ජනාධිපති අපේක්ෂකයන් අතුරින් විවිධ පසුබිම් කරුණු මත උන්ඩියාලාගේ මාදිලියේ ඇත්තන් ද ඉදිරිපත් විය හැකි බැවින් ඔබේ ඡන්දය වඩාත් සිහි නුවනින් යුතුව පාවිච්චි කරන ලෙස ය.
 
(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...