The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

ඔයාලට මතකද ජිප්සීස් පියල්? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 19, 2024 • 5:40 PM

ඔයාලට මතකද ජිප්සීස් පියල්? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුනිල් නැත්නම් ජිප්සීස් කියල එකක් නැතිවෙන තරම් සුනිල්ගේ හඬ ජිප්සීස් එක්ක බද්ධ වෙලා තිබ්බ.
  • ඉන් පස්සේ ඇත්තටම ජිප්සීස් එකක් නැති වෙනවා වගේ දෙයක් අපිට දැනෙනවා.
  • ඇත්තටම අද දවසේ ඉඳල ගත්තම සුනිල්ගේ හඬ කියන්නේ ආදේශකයක් නැති හඬක්.
  • ඒ හොයන කොට තමයි අවුරුදු විස්සක විතර පොඩි කොල්ලෙක් එයාට හම්බ වෙන්නේ ඒ තමයි ඔය ෂෙනාල් නිශ්ශංක.
අකුරු ප්‍රමාණය (Font Size):
අනන්‍යතාව. සුනිල් නැත්නම් ජිප්සීස් කියල එකක් නැතිවෙන තරම් සුනිල්ගේ හඬ ජිප්සීස් එක්ක බද්ධ වෙලා තිබ්බ.

සන්ෆලවර් නීල් කියනවා බෑන්ඩ් එකක අනන්‍යතාවයෙන් සීයට පනහක් බෑන්ඩ් එකේ ලීඩ් කටහඬ කියල (ප්‍රධාන හඬ - lead vocal). අනික් සීයට පහන ෆිල්වෙන්නේ අනික් කටහඬවල් සහ වාදන භාණ්ඩ වලින් කියල (instruments).

නීල්ගේ තර්කය එහෙමම තියාගෙන අපි බලමු තව කෙනෙක් දිහා.

දැන් සුනිල් අයිය මතකයි වගේම ඔයාලට තවත් නමක් මතකද? ඒ තමයි ජිප්සීස් පියල්. ජිප්සිස් ආපු කාලේ සුනිල් එක්කම කියවෙච්ච අනික් නම තමයි පියල්. දෙන්න සහෝදරයෝ. ඒ උනාට පියල් කවදාවත් සුනිල් වෙන්න ගියේ නැහැ. සුනිල් ලීඩ් වෝකල් නම් එයා ඒක සුනිල්ටම දීල තමන් සපෝට් එකට හිටිය. ඒ වගේම එයාගෙම සිංදුත් කිව්වා.

දසක ගණනක මුළු කාලෙම එයා සුනිල් එක්ක සපෝට් එකේ හිටිය. සුනිල් වෙන්න ගියේ නැහැ.

එක කොරෝනා මොහොතක සුනිල් ජිප්සීස් දාල යනවා. අපි හැමෝම දාල යනවා. ඉන් පස්සේ ඇත්තටම ජිප්සීස් එකක් නැති වෙනවා වගේ දෙයක් අපිට දැනෙනවා. ඇත්තටම අද දවසේ ඉඳල ගත්තම සුනිල්ගේ හඬ කියන්නේ ආදේශකයක් නැති හඬක්. ඒක තේරෙන්නේ දැන්.

නමුත් ජිප්සීස් එකේ අර පිටිපස්සේ හිටිය පියල් ටික දවසක් එහෙම ඉඳල අලුත් වැඩක් පටන් ගන්නවා. ඒ තමයි එයා බෑන්ඩ් එකේ මුදුන වෙන්න යන්නේ නැතුව සුනිල්ට ආදේශකයක් හොයනවා. ඒ හොයන කොට තමයි අවුරුදු විස්සක විතර පොඩි කොල්ලෙක් එයාට හම්බ වෙන්නේ

ඒ තමයි ඔය ෂෙනාල් නිශ්ශංක. ෂෙනාල්ට බැහැ සුනිල් රීපේල්ස් කරන්න. හැබැයි එයාට පුළුවන් වෙලා තියනවා සුනිල් ඔස්සේ වෙනම රහක් අරන් එන්න. වෙන එනජී එකක් අරන් එන්න.

ෂෙනාල් කියන්නේ එච්චරම පරිණත කටහඬක් නොවුනට අලුත් ෂෙන්ශේෂන් එකක්. දැනුත් ෂෝස් වලදී බලන්න පියල් කවදාවත් සුනිල් වෙන්න හදන්නේ නැහැ. ෂෙනාල් පොඩි එකා කියල මුදුන වෙන්න යන්නෙත් නැහැ. ෂෙනාල් ලීඩ් වෝකල් කරද්දී ඒ දිහා පුදුමයෙන් වගේ පියල් බලාන ඉන්නවා. එයත් එන්ජෝයි කරනවා මේ නැවත ඉපදීම ගැන. මම දැන් සුනිල්ට වඩා පියල්ට ආස කරන්නේ අන්න ඒ ගතිය නිසා.

සුනිල් ගැන කොච්චර ලිව්වත් කවදාවත් කවුරුවත් පියල් ගැන ලියන එකක් නැහැ. හැබැයි ජිප්සීස් නැවත උත්ථානය වෙලා තියනවා නම් කොයි හැටියකට හරි ඒක පිටිපස්සේ ඉන්නේ පියල්. එයා එයාගේ තැන මාරුකරන්නේ නැතුව එතැනම ඉන්නවා. වැඩේ යනවා.

දැනට පියල් පෙන්නලා තියෙන්නේ මෙච්චරයි. යමක් කරන්න ලොක්ක වෙන්නම ඕනි නැහැ.

(පස්සේ වෙනත් මානයකින් වෙනත් සටහනක් දාන්නම්).
 

 
Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔයාලට මතකද ජිප්සීස් පියල්? - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader