The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

පොදු ජනතාවගෙන් යුක්තිය උදුරාගත් කිසිවෙක් විධායකයට හෝ ව්‍යවස්ථාදායකට පත්නොකරමු - (ජයශ්‍රී ප්‍රියලාල්)

T

The Leader Desk

August 20, 2024 • 6:25 AM

පොදු ජනතාවගෙන් යුක්තිය උදුරාගත් කිසිවෙක් විධායකයට හෝ ව්‍යවස්ථාදායකට පත්නොකරමු - (ජයශ්‍රී ප්‍රියලාල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත.
  • මෙම තත්වය නිවැරදි කරවීමට ජනතාව එඩිතරව කටයුතු කරන ආකාරය සැප්තැම්බර් 21 වෙනි දින ඡන්ද ප්‍රතිඵල වලින් දැකගත හැක.
  • නියම ජනවරමක් ඇති ජනාධිපතිවරයා විසින් ජනමතය නියෝජනය නොවන දැනට හිස්ලූලුව කටයුතු කරන ව්‍යවස්ථාදායකය අනිවාර්යයෙන්ම විසුරුවනු ඇත.
  • ශ්‍රී ලාංකාව වර්තමාන අවාසනාවන්ත තත්ත්වයට පත්කල ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් විසින් සිදුකර ඇති ක්‍රියාකාලාපයන්ගේ ආදීනව ගැන පසුවිපරමක් කරමින් ඉදිරියේදී එවැනි වැරදීම් සිදුවීමට ඉඩතැබීම අවම කිරීම ඡන්ද දායකයින්ගේ මූලික වගකීමක්ද වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යතාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත. දැනට රට පාලනය කරන පරිපාලනය කටයුතු කරනුයේ ජනසම්මත ජනවරමකින් තොරව යන්න මෙම ලියුම් කරුගේ මතයයි. හැටනම ලක්ෂයක ජණවරමකින් පත්වූ ජනාධිපතිවරයා අරගලයකින් පන්නා දැමූ පසු කටයුතු කරන අනුප්‍රාප්තිකයාගේ ක්‍රියාකලාපය දැන් නිතර දෝෂදර්ශනයට ලක්වෙමින් පවතී. මෙම තත්වය නිවැරදි කරවීමට ජනතාව එඩිතරව කටයුතු කරන ආකාරය සැප්තැම්බර් 21 වෙනි දින ඡන්ද ප්‍රතිඵල වලින් දැකගත හැක.  නියම ජනවරමක් ඇති ජනාධිපතිවරයා විසින් ජනමතය නියෝජනය නොවන දැනට හිස්ලූලුව කටයුතු කරන ව්‍යවස්ථාදායකය අනිවාර්යයෙන්ම විසුරුවනු ඇත.

මෙකී භාරදූර වගකීමකට සූදානම්වන ඡන්දදායකයින්ගේ අවධානය පිණිස අදහස් කිහිපයක් සටහන් තැබීමට මෙම ලිපිය ඉදිරිපක් කරමි.

 

හැටනම ලක්ෂයක ජණවරමකින් පත්වූ ජනාධිපතිවරයා අරගලයකින් පන්නා දැමූ පසු කටයුතු කරන අනුප්‍රාප්තිකයාගේ ක්‍රියාකලාපය දැන් නිතර දෝෂදර්ශනයට ලක්වෙමින් පවතී.

ශ්‍රී ලාංකාව වර්තමාන අවාසනාවන්ත තත්ත්වයට පත්කල ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් විසින් සිදුකර ඇති ක්‍රියාකාලාපයන්ගේ ආදීනව ගැන පසුවිපරමක් කරමින් ඉදිරියේදී එවැනි වැරදීම් සිදුවීමට ඉඩතැබීම අවම කිරීම ඡන්ද දායකයින්ගේ මූලික වගකීමක්ද වනු ඇත. දූෂණය, වංචාව, සොරකම් මගින් ආර්ථිකය ණය බරින් දැඩි පීඩනයකට ලක් කර ඇති අයුරින්ම සිය දේශපාලන සටකපට කම් තුලින් ජනතාවට හිමිවිය යුතු යුක්තිය, නීතිරීති අවභාවිතා කරතීබීමෙන් අසුරාලීම උග්‍ර ඝණයේම දූෂණයකි. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු අණපනත් වල අන්තර්ගතය තම බලය රැක ගැනීම උදෙසා අවභාවිතාව ජනාතාවගේ නියෝජිතයින් හැටියට නොලකයුත්තකි. එවැනි දේවල් කිසිම ලැජ්ජාවකින් තොරව අතීතයේ සිදුකරමින් ජනතාවට ඉටුවිය යුක්තිය ක්‍රමානුකූලව සොරාගෙන ඇත .

ඉතිහාසය පුරාම එවැනි අප්‍රසන්න ක්‍රියා කිරීම කර ඇත්තේ නීතිය සිය වෘත්තීය හෝ මූලික උගැන්වීමක් ලෙසට අධ්‍යයනය කල දේශපාලකයින්ම වීම යුක්තිය සහ සාධරනත්වය පවතින ක්‍රමවේදයන් ඉටු නොවීම නිසා ඒ පිළිබඳ ජනතාවගේ විශ්වාසය පළුඳුවීම මේවන විට උත්සන්නව ඇත.

 

xgterසිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය නැතිකරවීම

 

මෙම අවාසනාවන්ත තත්වය ඇරඹෙන්නේ 5/6 අසීමිත ජනවරමකින් බලයට පත් 1977 ජේ. ආර්. ජයවර්ධන මහතා නායකත්වයක් දුන් එ. ජා. ප. පාලන සමෙය් සිටය. එතෙක් පටන් දිවයිනේ පැවැති යුක්තිගරුක, නීති රීතියට ගරුකරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් එකිනෙක සමාජ දේශපාලන භූමිකාවෙන් ගිලිහී යාමට මුල්විය. අධිකරණ තීන්දු රජයේ අවාසියට හේතුවූවිට විණිසුරුවරුන්ගේ නිවෙස්වලට මැරවරුන් ලවා ගල්ගැස්සවීය. ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන ප්‍රතිවාදිනිය වු සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය නැතිකරවීමට අධිකරණය එකඟ නොවීම මෙම සිද්ධියට මුල් විය. අධිකරණ තීන්දුව නොසලකා හරිමින් කෙසේ හෝ  පාර්ලිමේන්තු බහුතරය අවභාවිත කරමින් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් ඇය ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම  වැලැක්වූයෝය. ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් ජනනායිකාවගේ යුක්තිය උදුරාගතතේ එවැනි වැරදි පූර්වාදර්ශ ඉතිහාස ගත කරමිනි.


දෙවැනි යුක්තිය උදුරා ගැනීම සිදුවන්නේ වයස අවුරුදු 14 ක් වූ දැරියක් ගෝල්ෆේස් පිටියේදී දූෂණයකට කිරීම නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්වී බන්ධණගාරගතව සිටි අපරාධකාරයෙක් නිදහස් කරගනිමින් ඔහුට මුළු දිවයිනටම බලයලත් සාමදාන විනිසුරු පදවියක් ප්‍රධානය කරවීමය. මෙම අප්‍රකට ක්‍රියා ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයේ හඳුන්වන්නෙනේ සුනිල් සමාව හැටියටය. ගෝනවල සුනිල් නමින් ප්‍රකට මෙම අපරාධකරු කැළණිය, බියගම, සිය ගෝනවල ප්‍රදේශයේ ප්‍රබල එ. ජා. ප. අධාරකරුවෙකි.

 

IMG 20211016 WA0001විජය කුමාරතුංගයන්ගේ ජයග්‍රහණය උඳුරා ගැනීමට සිය මැර භීෂණ ක්‍රියාකාරකම් උපරිමයෙන් දියත් කලේය.

 

සිරෙන් නිදහස් වී සිය දේශපාලන හාම්පුතුන්ගේ බල අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවීමකින් කටයුතු කලෝය. සුප්‍රකට මහර අතුරු මැතිවරණයෙන් විජය කුමාරතුංගයන්ගේ ජයග්‍රහණය උඳුරා ගැනීමට සිය මැර භීෂණ ක්‍රියාකාරකම් උපරිමයෙන් දියත් කලේය. 1988 -89 කීර්ති විජයභාහු සහ ජනාධිපති ආර් ප්‍රේමදාස සහපාලන වකවනුවේදී නාඳුනන වෙඩික්කරවෙකුගේ තුවක්කු ප්‍රහාරයකින් අවසන් ගමන් ගියෝය. අපරාධකරුවන් විශ්‍රාම නොයන යතාර්ථය අපට නැවත මතක් කරගත හැක. මෙම වෙඩිතැබීම සිදුවෙන විට ඔහුගේ නිවසේ එවකට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්යට පත්වීය. එම පොලිස් නිලධාරීන් සුනිල් සාමදාන විණිසුරුතුමා මුණගැසීමට ගොස් සිටියේ ඔහුගේ බලපෑමකින් එවකට සිටි අධ්‍යාපන ඇමතිවරයාගෙන් ලිපියක් ලබාගෙන ඔවුගේ දරුවන් කොළඹ උසස් පාසලකට ඇතුලත් කරගැනීමට බව එම නිලධාරීන්ගෙගේ බිරියන් මාධ්‍යවේදීන්ට  පවසා ඇත.

 
අපරාධකරුවන්, දේශපාලනඥයින් සහ පොලීසිය අතර පවතින සහ සම්බන්ධය සහ සුසංයෝගය කෙබඳුද යන්න තේරුම් ගැනීමට මෙම සිද්ධිය අවශ්‍ය තරම් සාධක සපයයි. අතීතයේ සිට වර්තමානයට පිවිසෙමු. පොදු ජනතාවට හිමි යුක්තිය උදුරා ගැනීම අරාම්භ වන්නේ ඉහත විස්තර කර ඇති  ආකාරයටය. ශිෂ්ඨ සඟ,වෙඳ, ගුරු, ගොවි, කම්කරු බලවේගයන් අතරට අශිෂ්ඨ මැරවරයින් බලගැන්වුනේ මෙම සන්ධර්භය තුලය. මැරවරයින් සමාජ දේශපාලන ක්‍රියාදාමයේ ප්‍රබල සංගටකයක් බවට දැන් පත්වී තිබීම පොදු ජනයාට අයිති යුක්තිය පැසදලීමේ ක්‍රමවේදය උඩු යටිකුරු ඇත.

 

පොලිස්පති පත්කිරීමේ ලිපියට බාලගිරි දෝෂය!පොලිස්පති ධුරය  

19 වැනි ආණඩුක්‍රම ව්‍යවස්තාව අර්ථ නිරූපණය කිරීමටත්, 36 වැනි පොලිස්පති වරයා පත්කිරීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය කටයුතු කර ඇත්තේද ඉහත විස්තර කර අති පරිදි ගෝනවල සුනිල්ට සාමදාන විණිසුරු කම පිරිනැමීම හා සමාන ක්‍රියාවකි. මානව හිමිකම් උල්ලංඝණය පිලිබඳ චෝදනා ලද, ගොල්ෆේස් අරගල කරුවන්ට අමාණුෂික පහරදීම් කල බවට නීතිපති දෙපාර්තමේන්තුව නම් කල, ව්‍යවස්තාදායක මණ්ඩලය අනුමත නොකල වැඩ බලමින් සිටි දේශබන්ධු තෙන්නකෝන් මහතා අවිදිමත් ලෙසට පොලිස්පති හැටියට පත්කිරීම දැන් උසාවිය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරමින්, අධිකරණය පොලිස්පති වරයාගේ රාජකාරී කටයුතු අත්හිටවමින් වාරණ නියෝගයක් පනවා ඇත. එම තීණ්දුවට ගරු කරමින් වැඩබලන පොලිස්පතිවරයෙකු පත් නොකිරීමට ජනාධිපතිවරයා සහ රජය හොර ගල් අහුලන්නේ මැරයින්ගේ සහ අපරාධකරුවන්ගේ පිහිටෙන් තොරව ඔවුන්ට පැවැත්මක් නැති බව පැහැදිලි නිසාය. ගෝණවල සුනිල් මහර අතුරු මැතිවරණය එජාපයට වාසි දායක ලෙසට මැර බලයෙන් පෙරළීය. ඒ ආකාරයටම එලැඹෙන මැතිවරණ වලදී සිය ජයග්‍රහණය සදහා මැරබලය අත්‍යාවශ්‍ය වන බවට දේශපාලන උපදේශකයන් බෝහෝවිට පුරෝකතනය කර ඇතැයි විශ්වාස කල හැක.

අවාසනාවක තරම වත්මන් ජනාධිපතිවරයා නීතිය හදාරා කොළඹ සරසවියෙන් උපාධියක් ලබා ඇති නීති වේදියෙකු  ලෙසට සිය බලය රැකගැනීම සඳහා නීතියට පිටුපා ජනතාවට හිමි යුක්තිය උඳුරා ගැනීමට කටයුතු කිරීමය.

Vote

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් පත්කර ගැනීමේදී ඔබගේ ඡන්දය පොදු ජනතාවගේ යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට බලපෑම් කරන අධිමානසිකත්වයෙන්, අතීත කාමයෙන් පෙලෙන, යුක්තිගරුක නොවන කිසිම පුද්ගලයෙකු වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි නොකරන්න වග බලාගන්න.

ශ්‍රී ලංකාවේ පද්ධතියමය වෙනසක් ඇතිකරවීමට මූලිකත්වය සහ නායකත්වයක් ගත හැකි අවංක පරාර්තය වෙනුවෙන් කටයුතු කරන ඍජු බුද්ධිමත් පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා යැවීමට අවංක උත්සහයක් ගන්න. ජාතියේ අනාගතය නිවැරැදිව ගොඩ නැගිය හැකි නායකත්වයක් තුළින් අපට අවශ්‍ය නව පද්ධතිය තනාගැනීම සිදු කර ගත යුතුව ඇත.

රට වත්මන් තත්ත්වයට පත් කල කිසිවෙකුට නව පද්ධතිමය ක්‍රමවේදය නිර්මාණය කල නොහැක.

Jayasri
(ජයශ්‍රී ප්‍රියලාල්)
jayasripriyalal59@gmail.com

 

 


|ජයශ්‍රී ප්‍රියලාල් :  යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා වන අතර, ඔහු ලිපි රචකයෙක් හා පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...