The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

කිව්වා වගේම මැතිවරණයක් හැටියට ජනාධිපතිවරණය ලොකු බොරුවක් - (කුසල් පෙරේරා)

T

The Leader Desk

August 20, 2024 • 12:21 PM

 කිව්වා වගේම මැතිවරණයක් හැටියට ජනාධිපතිවරණය ලොකු බොරුවක් - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “මේ රටේ දේශපාලන සංස්කෘතිය සමග, පූර්ණ බලැති ජනාධිපතිවරයෙකු ජනාධිපති පුටුවේ වාඩිවෙලා, අපේක්ෂකයෙකු ලෙස තරග වැදීම, ලෝක විහිළුවක් නොවේදැයි” පසුගිය ජුලි 31 වන දින මා ඇසුවේ, අපේක්ෂකයා ජනාධිපති වශයෙන් අත්සන් තබන බොහෝ දේ මැතිවරණයට අයුතු ලෙස බලපාන්නට ඉඩ ඇති බව කීමටය.
  • මෙහිදී මැතිවරණ කොමිසම මුහුණ දෙන බරපතල අවුලක් ඇත.
  • ජනාධිපති නිල ලිපි ශීර්ෂයක් සහිත ලිපියක රනිල් වික්‍රමසිංහගේ අත්සනට යටින් නිලය සඳහන් වන්නේ “ජනාධිපති” ලෙසින් ජනාධිපති මුද්‍රාවද සමගින් වුවහොත් එය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ යැයි සළකා තීන්දු දිය නොහැක.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදයෙහි සඳහන් අයුරු “අත්හළ නොහැකි” ජනතා පරමාධිපත්‍ය, එහි අනු ව්‍යවස්ථා අංක 04.(අ) සහ (ආ) අනුව ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව හා ජාතික ආරක්ෂක වගකීම් සම්බන්ධයෙන් ජනාධිපති ධූරය මගින් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


“මේ රටේ දේශපාලන සංස්කෘතිය සමග, පූර්ණ බලැති ජනාධිපතිවරයෙකු ජනාධිපති පුටුවේ වාඩිවෙලා, අපේක්ෂකයෙකු ලෙස තරග වැදීම, ලෝක විහිළුවක් නොවේදැයි” පසුගිය ජුලි 31 වන දින මා ඇසුවේ, අපේක්ෂකයා ජනාධිපති වශයෙන් අත්සන් තබන බොහෝ දේ මැතිවරණයට අයුතු ලෙස බලපාන්නට ඉඩ ඇති බව කීමටය.

 


මෙහිදී මැතිවරණ කොමිසම මුහුණ දෙන බරපතල අවුලක් ඇත. ජනාධිපති නිල ලිපි ශීර්ෂයක් සහිත ලිපියක රනිල් වික්‍රමසිංහගේ අත්සනට යටින් නිලය සඳහන් වන්නේ “ජනාධිපති” ලෙසින් ජනාධිපති මුද්‍රාවද සමගින් වුවහොත් එය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ යැයි සළකා තීන්දු දිය නොහැක. මේ ජනාධිපතිවරණ ක්‍රමයට අනුව, “ජනාධිපති අපේක්ෂක” වෙනුවෙන් විධායක ජනාධිපතිට ආදේශ විය හැක. ජනාධිපතිවරයා හා අපේක්ෂකයා වෙන් කිරීම සඳහා “ඉර” ගැසිය යුත්තේ කොතැනින්ද කෙසේද යන්න නොවිසඳිය හැකි අවුලකි.

මෙයටම ඈඳෙන තවත් අවුල් ඇත. ඇමති මණ්ඩලයේ මූලාසනය හිමි වන්නේ තමන්ගේ අභිමතය අනුව ඇමති ධූරද තියා ගන්නා ජනාධිපතිවරයාට ය. එබැවින් මේ ජනාධිපති මැතිවරණ කාලයේ ඒ අසුනෙහි වාඩි වන්නේ ජනාධිපතිද, ජනාධිපති අපේක්ෂකදැයි කිව හැක්කේ කාටද? ඇමති මණ්ඩලය ගන්නා තීන්දු පාර්ලිමේන්තුව මගින් සම්මත කර ක්‍රියාවට නැගීමට විරුද්ධ විය හැකි වූවත්, කිසිවකුට එවැන්නක් ක්‍රියාත්මක කිරීම නතර කළ නොහැකිය. නතර කිරීමට අවශ්‍ය නම්, එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ප්‍රථම අධිකරණ තීන්දුවකින් ය. එයට ප්‍රධානම හා මූලිකම හේතුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව “ජනතා පරමාධිපත්‍ය” වන “පාලන බලතල, මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය” මැතිවරණයකින් පත් කෙරෙන ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට බාර වන හෙයින්ය.

 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදයෙහි සඳහන් අයුරු “අත්හළ නොහැකි” ජනතා පරමාධිපත්‍ය, එහි අනු ව්‍යවස්ථා අංක 04.(අ) සහ (ආ) අනුව ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව හා ජාතික ආරක්ෂක වගකීම් සම්බන්ධයෙන් ජනාධිපති ධූරය මගින් ය. එය මේ මැතිවරණ කාලයේද එළෙසින්ම පැවතිය යුතුය. එහි ප්‍රතිපාදන සතු අන්තර්ගතය, මැතිවරණ කොමිසමට පාලනය කිරීමට හෝ සීමා කිරීමට නොහැක. එනිසා ඒ අසුන්වල ඉන්නා, ජනතාව තෝරා පත් කරන ලද දේශපාලකයින් ඉහතින් සඳහන් ඒ ව්‍යවස්ථාමය අවසර භාවිත කරන්නේ කෙසේදැයි තීන්දු කෙරෙන්නේ ඔවුන්ගේ අභිමතය අනුවය. හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානාක්කාර තමන්ගේ උපදේශකයින් ලෙස පත්කර ගැනීම පමණක් නොව, “ජනාධිපති” අත්සනින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්ලා පත්කර ගතහොත් මැතිවරණ කොමිසමට, එයටද විරුද්ධ විය නොහැක.  

 

2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය - (නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක)  
සදාචාරයක් වගකීමක් නැති, අන්ත දූෂිතයින්ගේ දේශපාලනයක් සමග සමාජ වගකීමක් නොදන්නා, තරගයට හම්බ කරන්නට හැල්මේ දුවන ආත්මාර්ථකාමී පාරිභෝගිකයින්ගේ ඡන්ද වලින් මෙවැනි විධායක ජනාධිපතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කෙරෙන මැතිවරණ මේ රටේ සුගතියට හේතු නොවන්නේය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඡන්දදායකයාටද එය වගක් නොවීමෙහිය. මේ රටේ මෙතෙක් උගත් නූගත්, නාගරික හා ග්‍රාමීය සියල්ලන් අවුරුදු 93 ක කාලයක් “සර්වජන ඡන්දය” භාවිත කර තිබෙන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් නොවේ යැයි මම කිහිප වර කියා ඇත.

මෙවරද එසේම ය. කිසිදු සංවර්ධන සැළසුමක් ගැන කතා නොවන, අනෙකා විවේචනය කරන, “දූෂිතයින් හිරේ දානවා” වැනි නෙකෙරෙන දේවල් සඳහා පොරොන්දු දෙන, ජනාධිපති අපේක්ෂකයින් පසුපස යන ඡන්දදායකයින් කවුරුන් ජනාධිපති ලෙස පත් කළද, ඒ පත් කරන්නේ මෙවැනි ව්‍යවස්ථාමය අවුලක් තමන්ගේ අභිමතයට භාවිත කිරීමේ බලය හා අවසරයද ලබා දෙමින්ය.

 

විධායක ජනාධිපති ධූරයෙන් රට සහ ජනතාව බේරා ගනිමු. -ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

මෙය වහා වෙනස් කළ යුතුව ඇත. එනිසා මේ ජනාධිපති අපේක්ෂකයින්ට ජනතාව විසින් අවම තරමින් එක කොන්දේසියක් පැනවිය යුතුය. ජනාධිපති ලෙස තේරී පත් වූ විගස, මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට මත්තෙන්, විධායක ජනාධිපති ධූරය මුළුමනින් අහෝසි කිරීමට පොරොන්දු වන්න යැයි කිව යුතුය. එය හුදු පොරොන්දුවක් ලෙස නොව, ඊට අදාල ව්‍යවස්ථා සංශෝධනය මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමින් දෙන පොරොන්දුවක් විය යුතු යැයිද කිව යුතුය. 

එම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් ලෙස ජනතා වරමක් ලබා ගැනීම එහි අරමුණ විය යුතු හෙයින් දිගු වැල්වටාරම් නොමැති “විධායකය - ජනරජයේ ජනාධිපතිවරයා ලෙසින් සඳහන් 07 වන පරිච්ඡේදයෙහි අනු ව්‍යවස්ථා අංක 30 සිට 41(7) දක්වා වන සියලු අනු ව්‍යවස්ථා අහෝසි කරමින් ජනාධිපතිවරයා වෙත අනු ව්‍යවස්ථා අංක 33 සිට 34(3) දක්වා වන ප්‍රතිපාදන මගින් පවරා ඇති කාර්ය හා බලතල පාර්ලිමේන්තුව වෙත ඊට අදාල ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යටතේ පවරනු ලබන්නේය” වැනි සංශෝධනයක් ජනතාවට ඉදිරිපත් කරන මෙන්ද අපේක්ෂකයින්ට කිව යුතුය.

මැතිවරණයකදී එවැනි වගකීමක් හෝ නොගන්නා රැල්ලට යන ඡන්දදායකයින් සඳහා නොව, මෙය යම් සමාජ වගකීමක් දැරීමට සූදානම් අතළොස්සක් හෝ ඇතැයි සිතමින් ලියූවකි.

අලුත් අවුරුද්දට මගේ යෝජනාව - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 අගෝස්තු 20

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...