The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

පෙරහැර සෙනගටත් වෙව්ලන විපක්ෂය....? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

August 20, 2024 • 6:08 PM

පෙරහැර සෙනගටත් වෙව්ලන විපක්ෂය....? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාලකයා ප්‍රතික්ෂේප වූ විටෙක වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක රටේ වගකීම භාර ගත්තේ නැත.
  • දෙවන ලෝක යුධ තර්ජනයේදී 71 හැවිරිදි නෙවිල් චේම්බ්ලේන් බලය අත් හළ අවස්ථාවේ 66 හැවිරිදි වින්ස්ටන් චර්චිල් දෙ වරක් නො සිතා රටේ වගකීම භාර ගත්තේ බල කාමයෙන් හෝ අ සිහියෙන් නොව මහා බ්‍රිතාන්‍යය වෙනුවෙනි.
  • ජූලියේ 73 හැවිරිදි රනිල්ට රටේ පාලනය පැවරුණේ 56 හැවිරිදි අනුර සහ 57 හැවිරිදි සජිත් දෙ දෙනාගේ නො පැසුණ හැසිරීම් නිසා මිස හොරුන් ඒකාරාශී වීම නිසා නොවේ.
  • විපක්ෂය කියන 76 වර්ෂයක දූෂණ වංචා විදේශ ණය ගැතිභාවය පැවතියදීම ආර්ථීකය ශක්තිමත් කොට රනිල් රටේ ජන ජීවිතයද ආරක්ෂා කර ගත් බව බංග්ලාදේශ් පෙරළියට පසුව ලාල් කාන්ත කළ ප්‍රකාශයෙන් තහවුරු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පාලකයා ප්‍රතික්ෂේප වූ විටෙක වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක රටේ වගකීම භාර ගත්තේ නැත. ජනතාව ප්‍රතික්ෂේප කළ පාලකයා සමග කොන්දේසි කතා කිරීමත් තෙන්නකෝන්ගේ විහිළු තහළු වාගේ ය.

 

රනිල් වික්‍රමසිංහ කොන්දේසි විරහිතව රටේ වගකීම භාර ගෙන රට ආරක්ෂා කිරීමේ ප්‍රතිපලය ජනතාවට එපාවූ රාජපක්ෂ පවුල ඔවුන්ගේ පාර්ලිමේන්තු බහුතරය විසින්ද ප්‍රතික්ෂේප කර රනිල්ගේ සහායට ඒකරාශී වීමය. 2022දී  ආර්ථීක කුළුන දෙ දරා යන  බව දැන ගත් ජනාධිපති ගෝඨාභය පාර්ලිමේන්තු සහාය අපේක්ෂාවෙන් කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ උතුරු නැගෙනහිර පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහභාගි වුවද, රට වෙනුවෙන් වගකීම භාර ගැනීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදිව සහාය පළ කිරීමද, අනුර සජිත් දෙ දෙනාම ප්‍රතික්ෂේප කළහ.


දෙවන ලෝක යුධ තර්ජනයේදී 71 හැවිරිදි නෙවිල් චේම්බ්ලේන් බලය අත් හළ අවස්ථාවේ 66 හැවිරිදි වින්ස්ටන් චර්චිල් දෙ වරක් නො සිතා රටේ වගකීම භාර ගත්තේ බල කාමයෙන් හෝ අ සිහියෙන් නොව මහා බ්‍රිතාන්‍යය වෙනුවෙනි. ඒ පූර්වාදර්ශය අනුර සජිත් දෙ දෙනාම දැන නො සිටියා විය හැකිය. එකී හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රනිල් ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීම කිසිවෙකු අපේක්ෂා නො කළ තත්වයකි.

214NHH
2022 ජූලියේ 73 හැවිරිදි රනිල්ට රටේ පාලනය පැවරුණේ 56  හැවිරිදි අනුර සහ 57 හැවිරිදි සජිත් දෙ දෙනාගේ නො පැසුණ හැසිරීම් නිසා මිස හොරුන් ඒකාරාශී වීම නිසා නොවේ.
රනිල් රට භාර ගත් දවසේ හර්ෂ සිල්වා දිවුරා කී පරිදි  දින පනස් පහකින් රට කඩා නො වැටිණ. මාසික වැටුප දෙවරක් ගෙවීමට අපොහොසත්ව සිටි බංකොලොත් රට ශක්තිමත් කළ ජනාධිපති රනිල් මේ වන විට රාජ්‍ය හා වතු සේවක වැටුප් වැඩි කොට මහජන සහනාධාරයද, දෙ ගුණ කර තිබේ.


විපක්ෂය කියන 76 වර්ෂයක දූෂණ වංචා විදේශ ණය ගැතිභාවය පැවතියදීම ආර්ථීකය ශක්තිමත් කොට රනිල් රටේ ජන ජීවිතයද ආරක්ෂා කර ගත් බව බංග්ලාදේශ් පෙරළියට පසුව ලාල් කාන්ත කළ ප්‍රකාශයෙන් තහවුරු විය. ලාල්කාන්ත කීවේ බංගලිදේශයේ මෙන් විනාසයක් ලංකාවේ සිදු කිරීමට මාලිමාව උත්සාහ කළද, ඒ මිනීමරු සෙල්ලමට අප්‍රේල්  අරගල කරුවන් එකඟ වී නැත.

බිඳ වැටුණ ආර්ථීකය ශක්තිමත් කොට රටේ සාමය මෙන්ම ප්‍රජාතන්ත්‍රීය පාලනයත් ආරක්ෂා වුණේ රනිල් වික්‍රමසිංහට රටේ වගකීම පවරා ගත් නිසාය. රටේ මීළඟ පාලකයා තේරිමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය ජනතාවට පැවරී ඇත. 2020දී මෙන් විනාශකාරි තීන්දුවක් ගැනීමට යළිත් ජනතාව පෙළ  ගැසුණොත් රට බංග්ලාදේශය මෙන් ලේ විලක් වීම කිසිසේත් වැළැක්විය නො හැකිය. රාජ්‍ය පාලකයාට එරෙහිව නියෝග තීන්දු දෙන තරමට ලංකාවේ අධිකරණ පද්ධතිය, ස්වාධීන මෙන්ම ශක්තිමත්ය.


වැටුප් වැඩි කළ, බිත්තර මිල පාලනය කළ රාජ්‍ය නිවේදන පවා අධිකරණය අත්හිටවනු ලැබීය. මහජන ව්‍යෘපෘති නතර කරන තරමට මැතිවරණ කොමිෂම ශක්තිමත් වුවද අත්‍යාවශ්‍ය සේවාවක් වන ජනාධිපති මැතිවරණ රාජකාරි වලින් බැහැර වූ ග්‍රාම නිලධාරින් හසුරුවා ගැනීමට සමත් වී නැත. එහෙත් බහුතරයක් අහිමි ජනාධිපති වික්‍රමසිංහ නම් තනි චරිතය වර්ෂ දෙකක් රටේ පැවැත්ම තහවුරු කිරීමට සමත් විය.


දිනේෂ් ගුණවර්ධනලා, ප්‍රසන්න රණතුංගලා, සීතා අරඹේපොලලා ලංකාවට පුළුවන් කියන පිලටත්, නාලක ගොඩහේවලා, චන්න ජයසුමනලා. ජී.එල් පීරිස්ලා, ඩිලාන් පෙරේරාලා, ඩලස් අලහප්පෙරුමලා අනුරාධ යහම්පත්ලා රනිල් එක්ක ලංකාවට බෑ කියන තැන් වලටත් ඒකරාශි වී සිටිති.

වංචාව හොරකම දෙකම රටට බෝ කළ මහින්ද රාජපක්ෂ 2005දී රටේ ජනාධිපති කරවීමට ප්‍රභාකරන් සමග අත්වැල් බැඳ ගැනීමත්, ජනාධිපති සිරිසේන රටේ අගමැති ලෙස නම් කළ මහින්ද රාජපක්ෂට එරෙහිව විපක්ෂය බැංකු හොරා කී රනිල් වෙනුවෙන් 2018දී පාර්ලිමේන්තුවේ පෙනී සිටීමක් නිසා අනුර කුමාරලාට උනුත් එකයි මුනුත් එකයි කියා කට ඇර කියන්නට හයියක් නැත.

SDER4523
ගුරු වැටුප් වලින් අඹු දරුවන් පෝෂණය කළද, වසර විසි ගණනක් එක දරුවෙකුටවත් අකුරක් කියා දී නැති මහින්දලා ස්ටාර්ලින්ලා අනුර බලයට පත් කිරීමට පාසල් වෙලාවේ ගුරුවරු පාරට බැස්සා වර්ජන කරවීම යනු ඇන්ඇම්ලා වරාය වර්ජන මෙහෙයවා සිංගප්පූරුවට ලංකාවේ සිටි ආයෝජකයින් පළවා හැරීමටත් වඩා බරපතල අපරාධයකි.  


රජයේ පාසල් ප්‍රමාණයට ආසන්න පුද්ගලික පාසල් ප්‍රමාණයක් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ජෝෂප් ස්ටාර්ලින්ලා අනුර කුමාරලා වෙනුවෙන් ගුරු සංහතියට දුන් නායකත්වය නිසා ය.    

රනිල්ගේ වේදිකාවට නැග රාජපක්ෂලාට අභියෝග කරන චාමර සම්පත් දසනායකට අත් පොළසන් දෙන මිනිස්සු ඔහුගේ පාසල් සහතික ඉල්ලා නො සිටින්නේ අනුරලා අරගල හරහා රටේ අධ්‍යාපනයට කළ විනාසය තේරුම් ගත් නිසාය.

2022 අරගලයට පසුව පාසල් විවෘත කිරිමෙන් පසුව මුල් වරට උසස් පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිපල නිකුත්වූ සිසුන් පිරිසක් පදනම් කළ මත විමසීමදී 47%ක් සිසුන් රනිල්ට රට භාර දිය යුතු බව කියා තිබේ. අරගලය හෝ පාසල් වසා තැබීම අමතක කිරීමත් ගුරු වර්ජන නිසා පන්ති නො පැවැත්වීම සහ උත්තර පත්‍ර බැලීමේ රාජකාරියත් ඉල්ලීම් දිනා ගැනීමත් ඒ තීරණයට හේතු ලෙස දක්වා ඇත.  

දශක දෙකකට ආසන්න කාලයක් රාජපක්ෂලාව විශ්වාස 2020දී හැට නව ලක්ෂයක් වූ ඡන්ද පදනම මෙවර නාමල් රාජපක්ෂ ප්‍රතික්ෂේප කොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි විශ්වාසය පළ කර හමාරය.

DFYHERTY
රනිල් සමග එකතු වන්නේ හොරුන් නම් 2015දී ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂලා යළි බලයට පත් කිරීමට ජනතාව මුලා කළ ගොඩහේවලා චරිත හේරත්ලා චන්න ජයසුමනලා වීරවංශලා ගම්මන්පිලලා දිලිත් ජයවීරලා හොර තක්කඩීන් නොවන්නේදැයි පෙරළා විමසිය හැකිය.  


මැතිවරණ සටන ආරම්භ වත්ම දෙ වසරක් පුරා රටේ දියුණුවට අකුල් හෙලමින් තනිව සෙල්ලම් කළ අනුරලාගේ සජිත්ලාගේ සටන් පාඨ කඩා වැටෙමින් පවතී. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මූල්‍ය අරමුදල් කොන්දේසි බදු බර භාණ්ඩ මිල ගැන දැන් විපක්ෂය කතා නො කරති.

රජයේ ආයතන පුද්ගලික කරණය කිරීම ගැන පිනුම් ගැසූ විපක්ෂයට දුම්රිය වර්ජන නිසා පීඩාවත් පත් මගීන් මාධ්‍ය හරහා කීවේ මේවාත් පුද්ගලික අංශයට පවරා දිය යුතු බවය. ස්වාභාවික බල ශක්තිය විදුලි උත්පාදනයට යොදා ගැනීමට බාධා කළලංකා විදුලි ඉංජිනේරු මාෆියාව බිඳ හෙළීමට බල ශක්කි අමාත්‍ය කන්චන විජේසේකරට ශක්තිය ලැබුණේ රනිල්ගේ නායකත්වය යටතේය.

අද රට පුරා දහස් ගණනක් දෙනා සූර්ය පැනල් යොදා අමතර ආදායම් උපදවා ගනිති. නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර වලින් අපේක්ෂා කළ සහන වෘත්තිය සමිති මාෆියාව නිසා ජනතාවට අ හිමිව ඇති බව වැටුප් නො ලබන සාමාන්‍ය ජනතාව තේරුම් ගෙන සිටිති.

KUUMM255
මහනුවර රන්දෝලි පෙරහැර නැරඹීමට කල් තබා පැමිණ දළදා වීදියේ ඉටි කොළ අතුරා සූදානම්ව සිටි සැදැහැවතුන් දහවල් ආහාරයගන්නා හැටි නිරූපිත වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා දුටු මාලිමා ආධාර කරුවන් පෙරහැර සොයා ගත්තේ රනිල්දැයි තිරිසන් භාෂාවෙන් විමසා තිබිණ. ඔවුන් සිතන්නේ 76 වසරක් රටේ කෙරුවාව ඉටි කොළ මත ලැග පෙරහැර බැලීමෙන් පවා තහවුරු වන බවය.


ජනතා විමුත්කි පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කළ 1989දී පවා සැදැහැවතුන් පදික වේදිකාවල වැතිර ඇසල පෙරහැර නැරඹූ බව මොවුන් දන්නේ නැත. ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගසා භික්ෂූන් ඝාතනය කර රට බිය ගැන්වූ මේ ව්‍යාපාරය 2024 ජනතාව රැස් කකා ඇසල පෙරහැර නැරඹීසමට පැමිණ සතුටුවීමත් රනිල්ගේ සාර්ථකත්වය බව සිතන තරමට අන්දමන්දව සිටින්නාහ.


අනුර කුමාර වැට් බැද්ද 18% සිට 08% තෙත් අඩු කරන බවට ප්‍රකාශ කරන්නේ ජනාධිපති ගෝඨා බදු කපා හැරීමෙන් ඇතිවූ ආර්ථීක අවපාතය නිසා පාසල් වැසී ඉන්ධන පෝලිම් ඇතිවී ඖෂධ හිඟවී රටේ ඇති වූ විනාසය මිනිසුන්ට අමතක වී ඇත සිතා විය යුතුය.


දිවයින පුරා ආසන්න අඩ සිය වසක් සාර්ථකව ක්‍රියාක්මක වන අවමංගල්‍යාධර සමිති සංවිධාන ක්‍රියාත්මක වන්නේ සාමාජික මුදලිනි. යමෙකු සාමාජික මුදල් ගෙවීම පැහැර හරියි නම් ඔවුන්ට නියමිත ප්‍රතිලාභ අහිමිවීම නියතයකි. රටක සිද්ධ වන්නේද මේ ක්‍රියාවලියම බව අනුර කුමාරලා දන්නේ නැත.

DW4ER535
රනිල් අගමැතිව සිටියදී 2015දී ඇති කළ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදුන්  15% නිත්‍ය පොලී ප්‍රතිලාභය 2022දී නතර වුණේ රට බංකොලොත් කළ ගෝඨාගේ බදු ප්‍රතිපත්තිය නිසාය. එය නැවත ලබා දෙන ලෙස  ඉල්ලා සිටි අවස්ථාවක ජනාධිපති වික්‍රමසිංහ එය නැවත ලබා දිමට නම් වැට් බදු තවත් වැඩි කළ යුතුව ඇති බව ප්‍රකාශ කළද මෑතක ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා 10%ක නිත්‍ය පොලියක් ගෙවීමට ආණ්ඩුව ගත් තීරණය මැතිවරණ කොමිෂම විසින් අත්හිටුවා තිබේ.  


මැතිවරණ කොමිෂම විපක්ෂය වෙනුවෙන් විශ්‍රාමිකයන්ට වැඩි කළ විශ්‍රාම වැටුපද අත් හිටුවා තිබේ. ජන ගහනයෙන් බහුතරය වන ජ්‍යෙෂ්ඨ පුර වැසියන් සඳහා ලබා දුන් මේ සහන මැතිවරණය නො තකා ලබා දෙන ලෙස බදු අඩු කර සහන සැලසීමට පොරොන්දු දෙන විපක්ෂය ඉල්ලා නො සිටිති.


මේ විස්තර කළ සියලු සිද්ධින් හරහා තහවුරු වන්නේ දෙ අවුරුදු ආර්ථීක සාර්ථකත්වයෙන් ශක්තිමත් රටේ ප්‍රගතිය ඇස් බැන්දුමක් නො වන බවය.  

බංග්ලාදේශ් නව පාලක මොහොමඩ් යූනුස් ශ්‍රී ලංකාවේ රනිල්ගෙන් සහාය අපේක්ෂා කරන වටපිටාවක රටත් ජනතාවත් අනුරලා සජිත්ලා විශ්වාස කරයි නම් ඒ තවත් 2022ක් වෙත රට තල්ලූ වීමකි.

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...