ක්‍රමය එයින් වෙනස් කරන්නට පුළුවන්. හැබැයි, භූමියේ දේශපාලනය කළ යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ වියදම් නියාමන පනත ගෙන එන්නට මුල් වූ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ යුත්තේ රු. 20ක් පමණක් බව ඊයේ පැවති රැස්වීමේදී මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කළා.
වැඩිම මුදලක් වැය කිරීම සඳහා යෝජනා කළේ නාමල් රාජපක්ෂයි. එම මුදල රු. 300ක්.
සජිත් හා රනිල් රු. 250ක් යෝජනා කළා.
මේ අතර සාධාරණ මැතිවරණ ගැන කතා කරන ජාතික ජන බලවේගය ද තම මුදල් බලය පෙන්වමින් එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම රු. 200ක් විය යුතු බව යෝජනා කළා.
පක්ෂවලට සල්ලි ඇති තරම හෝ සල්ලි ලැබෙන තරම නිගමනය කිරීම සඳහා ඔවුන් එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කිරීමට කැමති මුදල එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයෙන් වැඩි කර බලන්න.
කෙසේ වෙතත්, අවසානයේදී මැතිවරණ කොමිෂන් සභාව නියම කර ඇත්තේ එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල රු. 109ක් ලෙසයි.
ඒ අනුව, එක් අපේක්ෂකයකුට වැය කළ හැකි මුදල රු. කෝටි 186ක් වෙනවා.
ජනාධිපතිවරණයෙන් දින 21ක් ඇතුළත අපේක්ෂකයන් තමන් කළ වියදම් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුයි. දින දහයකට පසු කොමිෂන් සභාව එම විස්තර ප්‍රසිද්ධ කරනවා.
පුරවැසියන්ට එම විස්තර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාවිච්චි කරන්නට පුළුවන්.
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com
(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)
සබැඳි පුවත් :
ඔබත් එකසිය නමයෙ කෑල්ලක්ද? - (අජිත් පැරකුම් ජයසිංහ)
T
The Leader Desk
August 21, 2024 • 4:09 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ක්‍රමය එයින් වෙනස් කරන්නට පුළුවන්.
- ක් පමණක් බව ඊයේ පැවති රැස්වීමේදී මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කළා.
- පක්ෂවලට සල්ලි ඇති තරම හෝ සල්ලි ලැබෙන තරම නිගමනය කිරීම සඳහා ඔවුන් එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කිරීමට කැමති මුදල එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයෙන් වැඩි කර බලන්න.
- කෙසේ වෙතත්, අවසානයේදී මැතිවරණ කොමිෂන් සභාව නියම කර ඇත්තේ එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල රු.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


