ඒක හරිම සීරියස් කථාවක්. ඒක අවංක කථාවක්. ඒක refreshing කථාවක්. ඒක කාටවත් ලියලා දෙන්න පුළුවන් කථාවක් නොවෙයි. ඒ කථාවේ කාටවත් බැන්නේ නැහැ. එහෙම Authentic කථාවක් මා ඇහුවේ කාලෙකින්. පහුගිය ටික කාලයට නාමල් අවුරුදු ගාණක් පරිණත වෙලා වගේ දැනෙන්නේ මට විතරද! මේක හරිම සිත් ගන්නා සුලු තත්ත්වයක්.
මේක තමයි මම හිතන්නේ අර ඉංග්‍රීසියෙන් කියන “Rise to the Occasion” අවස්ථාව. අපේ මතවාදයට අපහාස කරලා කරලා, අපේ කඳවුරට ගහලා ගහලා, අපේ මිනිස්සුන්ට තලලා තලලා, අපේම සමහරු අපේ පිටට පිහියෙන් ඇනලා, අපිව මර්දනය කරන්න පුළුවන් හැම විදිහෙන්ම අපිව තද කළාම ඒ පීඩනය පුපුරුවාගෙන නැගිටින නායකයාගේ මොහොත. නාමල්!
කියමනක් තිබෙනවා “ඔබ අඳුරේ නම් බිය නොවන්න. මන්ද ඔබව පැළ කර ඇති බැවිණි” යනුවෙන්. අඩි ගාණක් යට අඳුරේ හිටිය නාමල් පස් බොරළු ගල් අතරින් රිංගගෙන අනෙක් උන්වත් අතින් අල්ලගෙන පොළොව මතුපිටට එන හැටි අධ්‍යයනය කිරීම දැන් මගේ විනෝදාංශයක්. ඇත්තටම මට නම් අනෙක් ප්‍රතිවාදීන් ගැන කිසිම උනන්දුවක් නැහැ. මට බලන්න ඕනා නාමල් මේ කරන විප්ලවීය සටන දිහාම විතරයි.
නාමල් නායකත්වය අරගෙන ඉවරයි. මේ ජනාධිපතිවරණයේ ඉන්න දක්ෂතම කථිකයා වගේම ආකර්ශනීයම අපේක්ෂකයා තමයි නාමල්. හරිම අලුත් බවක් දැනෙනවා. ලංකාවේ දේශපාලනය Paradigm Shift එකක් ඉල්ලා සිටියා. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියූ නිර්මාල් දේවසිරිවත් හිතන්නේ නැතුව ඇති ඒ පරිවර්තනය ගෙනෙන්නේ නාමල් රාජපක්ෂ කියලා. ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
204 අගෝස්තු 21



