The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ගොඩ වෙදකම්'වල වටිනාකමක් ඇත්තේම නැද්ද? - (ඉන්දු පෙරේරා)

T

The Leader Desk

August 22, 2024 • 9:19 AM

'ගොඩ වෙදකම්'වල වටිනාකමක් ඇත්තේම නැද්ද? - (ඉන්දු පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉහත සඳහන් අන්දමේ වදන් පෙළක් ඔබ කිසිවකුට පවසා හෝ කිසිවකු ගෙන් අසා තිබෙන්නට පුළුවන.
  • නැතහොත් වෙනයම් දෙදෙනකුගේ කතා බහකින් හෝ අහඹු ලෙස ඔබට ඇසී තිබෙන්නට වුව පුළුවන.
  • “ගොඩ වෙදකම් ” සේම “ගොඩ පෙරකදෝරු” කම් යන්න ද අප ජන වහරේ සුලබව භාවිතා වන්නකි.
  • එහි “ගොඩ” යන්නෙන් නොවැදගත්, අවිධිමත් ආදී අදහසක් පළ වන බව හැඟේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉහත සඳහන් අන්දමේ වදන් පෙළක් ඔබ කිසිවකුට පවසා හෝ කිසිවකු ගෙන් අසා තිබෙන්නට පුළුවන. නැතහොත් වෙනයම් දෙදෙනකුගේ කතා බහකින් හෝ අහඹු ලෙස ඔබට ඇසී තිබෙන්නට වුව පුළුවන. එහෙත්’ මෙහි “ගොඩ වෙදකම්” යනුවෙන් පැවසෙනුයේ කුමක් විය හැකිද? “ගොඩ වෙදකම් ” සේම “ගොඩ පෙරකදෝරු” කම් යන්න ද අප ජන වහරේ සුලබව භාවිතා වන්නකි. එහි “ගොඩ” යන්නෙන් නොවැදගත්, අවිධිමත් ආදී අදහසක් පළ වන බව හැඟේ.

එහෙත්’ ගොඩේ යන වදන තනිව ගත් විට ඉන් පළවනුයේ ගම්බද, පිටිසර වැනි අදහසකි. මෙම ගොඩේ යන වදන නූතන තරුණ පරපුර “ඩොටේ” යනුවෙන් උච්චාරණය කරනු ද අසන්නට ලැබේ.

 

අතීතයේ අප රටේ ගැමි ජනාවාස බොහොමයක් කෘෂිකර්මය පදනම් කොට ස්ථාපිත වූ ඒවා ය

අතීතයේ අප රටේ ගැමි ජනාවාස බොහොමයක් කෘෂිකර්මය පදනම් කොට ස්ථාපිත වූ ඒවා ය. සාමාන්‍යයෙන් එහි භූ විෂමතාවයෙන් පහත් කොටස වී වගාව පිණිස යොදා ගැනුණු අතර ගැමි ජනාවාස පිහිටා තිබුණේ උස් භූමියේ ය. එය බොහෝ විට ගංගොඩ යනුවෙන් හඳුන්වන ලදී. මෙම වදන නිගරු හා උපහාස භාෂණයක් ලෙස යොදා ගත් නාගරිකයෝ එය පදනම් කොට අප රටේ ගැමි ජනතාව ‘ගොඩයන්’‘ගොඩේ මිනිසුන්’ ලෙස හැඳින්වීමට පුරුදු වූහ.


එමෙන්ම මේ ‘ගොඩේ’ කතාව මගින් ද්වනිත වන ප්‍රධානතම අරුතක් වේ. එනම් ‘නොදියුණු’ යන්න ය. අප මෙහි මුලින් සඳහන් කළ නොවිධිමත්, නොවැදගත් වෛද්‍ය ක්‍රම සඳහා ගොඩ වෙදකම් යන වදන යෙදීමට ආසන්නතම හේතුව එයයි.

මිනිසුන්ට වැළඳෙන කායික මානසික අසමතුලිතතා විෂමතා අර්බුද මත පදනම් වන එදිනෙදා දිවි පැවැත්මට සේම ජීවිතය පවත්වා ගෙන යාමට එරෙහිව පැන නඟින අසීරුතා සහ බාධාවන් පොදුවේ රෝග ලෙස හඳුන්වා දිය හැක. මේවා පොදුවේ කායික හා මානසික වශයෙන් දෙකට බෙදා දැක්වෙතත් මානසික බලපෑමක් සහිත කායික රෝග සේම කායික බලපෑමක් සහිත මානසික රෝග ද ඉතා සුලබ ය. එමෙන්ම මෙම රෝග සියල්ල ඖෂධ මගින් සුව කළ නොහැකි අතර ඒ සඳහා සමාන කාරක පිළියම් ද අවශ්‍ය පරිදි යොදා ගත යුතු බව මේ වන විට ලොව පුරා පිළිගැනීමක් ඇති වී තිබේ.

 

Hela Wedakamaලෝක සම්මතය අනුව මේවා අනුපූරක හා විකල්ප වෛද්‍ය ක්‍රම ( Complementary and alternative medicine) ලෙස හඳුන්වනු ලැබේ.

මෙම තත්ත්වය විමසා බලන විට සමාජය ගොඩ වෙදකම් ලෙස හඳුන්වන ප්‍රතිකාර බොහොමයක් මේ ගණයට අයත් වේ. ලෝක සම්මතය අනුව මේවා අනුපූරක හා විකල්ප වෛද්‍ය ක්‍රම ( Complementary and alternative medicine) ලෙස හඳුන්වනු ලැබේ.

සමාජය ගොඩ වෙදකම් යනුවෙන් හැඳින්වෙන නොවිධිමත් වෛද්‍ය ක්‍රම විධිමත් ලෙස විස්තර කළ හැක්කේ ජන වෙදකම් (Folk medicine ) ලෙසිනි. සාමාන්‍යයෙන් පිළිගත් වෛද්‍ය ක්‍රම වලට මුල් වන වෙන් වෙන් සිද්ධාන්ත ඇතත් මේ ජන වෙදකම සඳහා එබඳු සිද්ධාන්ත කිසිවක් නොමැති වීම ද විශේෂත්වයකි. ඒ අනුව ඒවා එක් එක් ජන කොටස් විසින් කාලයක් තිස්සේ අත්හදා බලා ඒවායේ සාධනීය බව යම් තරමකට හෝ අත්දුටු සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම (Traditional medicine ) ලෙස ද හඳුන්වා දිය හැක.

 

thumb 13කිසි ඖෂධීය වටිනාකමක් නැති ජලය ආදිය ද ජන වෙදකමේ ඖෂධ වශයෙන් භාවිතා කරන අවස්ථා එමට ය.

ජන වෙදකම යනු හුදු ඖෂධ මත පදනම් වන්නක් නොවේ. ජන වෙදකමේ ඖෂධ භාවිතය සඳහා ලැබී ඇත්තේ ඉතා සුළු අගයකි. එම ඖෂධ ද ශාක, සත්ව සහ පාෂාණ යන මූලික වලින් යුතු ඖෂධ මිස බටහිර වෛද්‍ය ක්‍රමයට අයත් ඖෂධ නොවේ. ඊට අමතරව කිසි ඖෂධීය වටිනාකමක් නැති ජලය ආදිය ද ජන වෙදකමේ ඖෂධ වශයෙන් භාවිතා කරන අවස්ථා එමට ය.

as 9සාමාන්‍යයෙන් අදටත් අප සමාජයේ භාවිතා වන කෙම් ක්‍රම, වතුර මැතිරීම්, දෙහි කැපීම්, බලි තොවිල් ශාන්තිකර්ම ආදී සියල්ල ද ඒකාන්ත ලෙසම ජන වෙදකමේ කොටස් ලෙස නම් කළ හැක. ඒ අනුව මෙම ජන වෙදකම ගැමි සමාජයේ වෘත්තීන් හතරක් හා සම්බන්ධ වූ බව පෙනේ. එනම් වෙද රාළ , කපු රාළ, කට්ටාඬි රාළ හා ඇනමිති රාළ ය.



වත්මන් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවියේත් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් හතර කෝරලයේත් ප්‍රධාන වශයෙන් දක්නට ලැබුණු මේ ඇනමිති රාළ ගේ භූමිකාව අද වන විට සමාජයෙන් අතුරුදන් වෙමින් පවතී. මෙවැනි කටයුතු සඳහා විශේෂ දැනුමක් ඇත්තා මුල දී දැනුමැති රාළ වශයෙන් හැඳින් වී පසුව ඇනමිති රාළ බවට පත් වූ බවට මතයක් තිබේ. එහෙත්’ ඒ සම්බන්ධ වඩාත් ප්‍රකට මතය නම් ගැමි සමාජය හා සබැඳි ගුප්ත කටයුතු සඳහා දෙවියන් ගේ අනුමැතිය ලබා දුන් පුද්ගලයා අනුමැති රාළ වශයෙන් හැඳින් වී පසුව ඇනමිති රාළ වශයෙන් හැඳින්වූ බවයි.

විශේෂයෙන් අතීතයේ දෙවියන් ගේ ලෙඩ නමින් හැඳින්වුණු පැපොල, සරම්ප ආදී වසංගත රෝග සඳහා ප්‍රතිකාර කිරීමෙන් ගමේ වෙද මහතා ඉවත් වූ අතර අතීතයේ ඒ වගකීම ද ඇනමිති රාළ විසින් දරන ලදී. සාමාන්‍යයෙන් ගැමි සමාජයක් තුළ මේ රාළලා හතර දෙනා එකි’නෙකා අතර පවත්නා සහයෝගාත්මක වැඩ පිළිවෙලක් යටතේ ගැමි සමාජයේ රෝග සුව කිරීමේ යෙදුණු අතර බොහෝ විට මොවුන් හට අනුශාසකත්වය ලබා දෙන ලද්දේ ගමේ පන්සලේ විහාරාධිපති හිමියන් විසිනි.

 

1525296155588මිනිසා ගේ ආයු අපේක්ෂාව (Life expectancy ) දීර්ඝ කාලීන මට්ටමකට ගෙන ඒමට බටහිර වෛද්‍ය විද්‍යාවට හැකි වීම

මිනිසුන්ට වැළඳෙන රෝග පීඩා සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීම පිණිස බටහිර වෛද්‍ය විද්‍යාව වෙතින් හිමිව ඇති මෙහෙවර අති විශාල ය. දහස් ගණනක් පුරා රෝග පීඩා සම්බන්ධයෙන් මිනිසා තුළ පැවැති ගුප්ත ආකල්ප වලින් මුදුමනින් අත් මිදී හුදු විද්‍යාත්මක පදනමක් යටතේ බටහිර වෛද්‍ය ක්‍රමය ස්ථාපිත වීම ඒ සම්බන්ධ විප්ලවීය වෙනස ලෙස සැලකේ. විශේෂයෙන් මිනිසුන් හට අකල් මරණ උදා කර දුන් රෝග පීඩා වලින් සැළකිය යුතු කොටසකට විධිමත් ප්‍රතිකාර ලබා දීම නිසා මිනිසා ගේ ආයු අපේක්ෂාව (Life expectancy ) දීර්ඝ කාලීන මට්ටමකට ගෙන ඒමට බටහිර වෛද්‍ය විද්‍යාවට හැකි වීම බෙහෙවින් අගය කළ යුත්තකි. ඒ අනුව ලොව විද්‍යාව පරිනාමය වීමට කලින් පැවැති ජන වෙදකම මගින් නිසි ප්‍රතිකාර ලද නොහැකි රෝග රැසකට බටහිර වෛද්‍ය විද්‍යාවේ තිරසාර ප්‍රතිකර්ම ලැබී තිබීම මානවයා සතු සුවිශේෂ ජයග්‍රහණයකි.


බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වීමට පෙර ජන වෙදකම මගින් නොවිධිමත් ප්‍රතිකාර ලත් විවිධ රෝග නිවාරණය සුවපත් වීම උදෙසා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ලත් නොමඳ පිටිවහල සනාථ කළ හැකි සාක්ෂි බොහොමයකි, භීතිකාව, සර්ප දෂ්ඨනය ආදිය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව මගින් ලබා දෙන ඖෂධ හා ප්‍රතිකාර වල සුරක්‍ෂිතාව මේ වන විට ඉතිරිව ඇති ජන වෙදකමේ නොමැති බව ඒකාන්ත සත්‍යයකි.

තත්ත්වය එසේ වුවත් ජන වෙදකම සම්බන්ධ ඇතැම් සාධනීය තත්වයන් බටහිර වෛද්‍ය විද්‍යාව ඉක්මවන බවට ද නොයෙකුත් තොරතුරු ලැබී ඇතත් මේ දක්වා ඒ සම්බන්ධ විධිමත් නිරීක්ෂණ අධ්‍යයන (Observational stadies ) හෝ සායනික පරීක්ෂණ (Clinical trials ) සිදු වී නැත.

 

dda0fce59bb58fc9ce5a37078965a11d XL ජන වෙදකම් අප රටට සමාජයට පමණක් සීමා වූවක් නොවේ.
අප සමාජයේ ඇතැමුන් ගොඩ වෙදකම් යනුවෙන් හඳුන්වන මෙම ජන වෙදකම් අප රටට සමාජයට පමණක් සීමා වූවක් නොවේ. ලොව සෑම සමාජයකම දක්නට ලැබෙන මේ වෙදකම් වලට ලොව ඇතැම් රටවල විශේෂ අගැයුමක් ද ලබා දී තිබේ. තුර්කිය වැනි රට වල මහළු කතුන් ගේ වෙදකම් (Old woman`s medicine ) නමින් හැඳින්වෙන මෙය අඛණ්ඩ සම්ප්‍රදායක් වශයෙන් රැක ගැනීමට එහි සමාජය සමත් වී තිබේ. එහෙත් අද වන විට අප රටේ එම ජන වෙදකමේ අක් මුල් සිඳී ඇති අතර වෙනුවෙන් ද පෙනී සිටින ලෝක හොරුන් ගේ ක්‍රියාකාරීත්වයන් සමාජ ජාලා පරිහරණය කරන ඒ සම්බන්ධ දැනුමක් සහිත ඕනෑම කෙනෙකුට මනාව දැක ගත හැක.

අපට ආසන්නම ඉන්දියාවේ පවා වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ අන්තර් සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම පිණිස සමෝධානික වෛද්‍ය ක්‍රම ( Integrative medicine) අතරට මෙම ජන වෙදකම ද යොදා ගනු දක්නට ලැබේ. එහෙත් බොහෝ වටිනා දේ අතහැර දමන අපේ සමාජය මෙම ජන වෙදකම නම් වන මෙම වටිනා විෂය පථයට ගොඩ වෙදකම් සේ හඳුන්වමින් ඊට නිගරු කිරීම මුලු ජාතියේම අවාසනාවකි.

සටහන :

361653365 3028335617300282 5394802710898571461 n
(ඉන්දු පෙරේරා)

(උපුටා ගැනීම - vinivida.lk)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...