The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සංචාරක කර්මාන්තයේ සිහිනය බොඳව යයි ද..?

T

The Leader Desk

August 22, 2024 • 12:07 PM

සංචාරක කර්මාන්තයේ සිහිනය බොඳව යයි ද..?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් 2023 වසරේ අවසාන කාර්තුවේ සංචාරක ව්‍යාපාරයේ උන්නතියට ගනු ලැබූ තීන්දු තීරණ කීපයක් නිසා 2024 වසරේ වත් මේ රට සංචාරක ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු කරා යනු ඇතැයි වැඩි දෙනෙකු විශ්වාස කළහ.
  • එක් පැත්තකින් සංචාරක කර්මාන්තයේ ව්‍යාපාරිකයෝ හා ව්‍යවසායකයෝ එක්ව සංචාරකයින් සඳහා වඩ වඩාත් පහසුකම් ඇති හෝටල කාමර, ගමනාන්ත හා සේවා ජාලය වැඩි දියුණු කරන්නට වූහ.
  • මේ අතරින් වඩාත් කැපී පෙනෙන කාරණාවක් ලෙස වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වූයේ සංචාරකයින්ට මාර්ගගත පහසුකම(online platform) යටතේ අලුතින් වීසාකාන්ඩ 17ක් ඇතිකොට (ETA) පහසුකම යටතේ වීසා ලබාදීම සදහා රජය ගනු ලැබූ ප්‍රගතිශීලී නූතනවාදී තීන්දුවයි.
  • වසරේදී විදේශිකයන්ගේ පැමිණීම බලා සිටියදී ඉහළ ගිය කාරණා අතර ප්‍රමුඛ කාරණාව වූයේ මෙම වීසා කාන්ඩ වැඩි දියුණු වීම බව රහසක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් 2023 වසරේ අවසාන කාර්තුවේ සංචාරක ව්‍යාපාරයේ උන්නතියට ගනු ලැබූ තීන්දු තීරණ කීපයක් නිසා 2024 වසරේ වත් මේ රට සංචාරක ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු කරා යනු ඇතැයි වැඩි දෙනෙකු විශ්වාස කළහ.

ඒ විශ්වාසයට සාධාරණ හේතු කිහිපයක් ද විය. එක් පැත්තකින් සංචාරක කර්මාන්තයේ ව්‍යාපාරිකයෝ හා ව්‍යවසායකයෝ එක්ව සංචාරකයින් සඳහා වඩ වඩාත් පහසුකම් ඇති හෝටල කාමර, ගමනාන්ත හා සේවා ජාලය වැඩි දියුණු කරන්නට වූහ. අනිත් පැත්තෙන් රජය සංචාරකයන්ට මේ රටට පැමිණීම සඳහා අතීතයේ සිට බලපා තිබූ බාධාවන් ඉවත් කරමින් පහසුකම් වැඩි දියුණු කරන්නට විය.

 

වීසා නිකුත් කිරීම කොටඋඩ !

මේ අතරින් වඩාත් කැපී පෙනෙන කාරණාවක් ලෙස වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වූයේ සංචාරකයින්ට මාර්ගගත පහසුකම(online platform) යටතේ අලුතින් වීසාකාන්ඩ 17ක් ඇතිකොට (ETA) පහසුකම යටතේ වීසා ලබාදීම සදහා රජය ගනු ලැබූ ප්‍රගතිශීලී නූතනවාදී තීන්දුවයි. මේ පහසුකම පුළුල් වීමත් සමඟම මාර්ගගත පහසුකම ඔස්සේ (electronic travel authorization) ලොව ඕනෑම තැනක සිට තමන්ගේ සංචාරයට ගැලපෙන පරිදි වීසා ලබා ගැනීමට විදේශිකයන්ට හැකියාව ලැබිණි...

2024 වසරේදී විදේශිකයන්ගේ පැමිණීම බලා සිටියදී ඉහළ ගිය කාරණා අතර ප්‍රමුඛ කාරණාව වූයේ මෙම වීසා කාන්ඩ වැඩි දියුණු වීම බව රහසක් නොවේ. එහෙත් අවසානයේ සිදුවූයේ කුමක්ද. අලුත් වීසා කාණ්ඩ ඇති කිරීම සඳහා සේවාවන් සපයන VFS හා IVS - GBS global services  හා ආණ්ඩුව ඇතිකර ගත් එකගතාවය සැක සහිත යැයි කියමින් විපක්ෂයේ කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් වාරණ නියෝගයක් ඉල්ලා සිටීමයි.




විපක්ෂයේ රව්ෆ් හකීම්, චම්පික රණවක හා සුමන්තිරන් ඇතුළු පාර්ශව හතකින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ගොණු කර තිබුණේ ඉහත කී සැක සහිත ගනුදෙනුව නිසා රටට පහත සඳහන් ආකාරයේ බරපතළ පාඩු හා අක්‍රමිකතාවලට මුහුණ පෑමට සිදුව ඇති බව කියමිනි.

1. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මීට පෙර සිදුකරන ලද වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිටස්තර සමාගමකට ලබා දීම තුළ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ වැටීම.

2. රටට ලැබෙන ආදායම අහිමි වී යාම.

3. මොබිටෙල් සමග, ඉතා ලාභදායීව කරගෙන යා හැකිව තිබූ ගණුදෙනුවක් විදේශීය සමාගමකට ලබාදීම...

ඉහත කී මූලික කාරණා ඇතුලත් පෙත්සම් ඉදිරිපත් කරමින් එම පාර්ශව උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණේ එම කටයුත්ත විදේශීය සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීන්දුව අත්හිටුවා පෙර පැවති ක්‍රමය බලාත්මක කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම  විභාගයට ගත්තේය. විභාගයට ගෙන තීන්දුව නිකුත් කරන තුරු නව සමාගමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා ‘‘පරණ පුරුදු ක්‍රමයට’’ වීසා නිකුතුව ආරම්භ කරන්නැයි රජයට නියෝගයක් නිකුත් කළේය.

නව අරුණළු මැකීයයි..!

 

E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

නියෝගයට පහුවදාම VFS හා IVS - GBS global servicess සමාගම අධිකරණ නියෝගයට ගරු කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පහසුකම් තොරතුරු පද්ධතියෙන් සිය ‘‘සැපයුම් ජාලය’’ වහා ඉවත් කර ගත්තේය. ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙර පරිදි තොරතුරු ජාලය පවත්වාගෙන යන්නයි ‘‘ටෙලිකොම්’’ ආයතනට ආරාධනය කළේය. එහෙත් ඔවුන්ට එය සකසා ගැනීම ම කාලයක් ගතවන ක්‍රියාවලියකි. දැන් සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ  VTA වීසා ලබා ගැනීමේ පහසුකම මුලුමනින්ම අකර්මණ්‍ය වීමයි. සංචාරකයන්ට පමණක් නොව, ආයෝජන, ව්‍යාපාරික, අධ්‍යාපන, ආරක්ෂක හා විවිධ සේවා හා අවශ්‍යතාවන් මත ලංකාවට පැමිණෙන විදේශිකයන්ට අද සිදුව ඇත්තේ ලංකාවට පැමිණ ගුවන්තොටුපලේදී ලබා ගන්නා On arival visa පහසුකමෙන් පමණක් සෑහීමකට පත්වීමටය.

මෙම තත්ත්වය මත සංචාරක ව්‍යාපාරයේ ඇතිවෙමින් තිබූ ‘‘නව පුනරුදය හා නව අරුනළු’’ අභියෝගයට ලක්ව ඇතැයි කියමින් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත සංචාරක පහසුකම් සලසන්නත් මැසිවිලි නගමින් සිටිති.

 

ඔන්ලයින් වීසා ගැටලුවෙන් ගුවන්තොටේ පෝලිම්
සංචාරකයින් යනු ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ගෙන් එක් කොටසක් පමණි. එහෙත් විවිධ අරමුණු ඇතිව ලංකාවට පැමිණෙන විදේශිකයෝ සිටිති. ඇතමෙකු පැමිණෙන්නේ අධ්‍යාපනය පිණිසය. තවත් බොහෝ දෙනෙක් පැමිණෙන්නේ රැකියාවන් පිණිසය. මේ රටේ ආයෝජන අවස්ථා දැක දැක ආයෝජකයින්ද පසුගිය කාලයේ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරමින් පැමිණෙන්නට පටන්ගෙන තිබිණි. විවිධ අධ්‍යාපනඥයන් හා පර්යේෂකයින්ටද ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සඳහා ලංකාව හොඳ තෝතැන්නක් කොට ගත්හ. මේ සියලු දෙනාගේ පැමිණීම පසුගිය අප්‍රේල් මාසයට පසු ප්‍රවර්ධනය වූයේ VTA පහසුකම තුළ වීසා කාන්ඩ 17ක දොරගුළු විවරවීමෙන් මේ රටේ සංචාරක ක්ෂේත්‍රය මත ‘‘උදාවූ අරුණෝදය’’ මත බව රහසක් නොවේ. එහෙත් දැන් ඒ පිළිබඳ අභියෝගයක් දැනෙන්නට පටන්ගෙන තිබේ.

අවස්ථාවාදයෙන් අමන්දානන්දයට..!

 

image e4b9232008

ශ්‍රී ලංකාව වැනි සංචාරක කර්මාන්තය කෙරෙහි වැඩි විශ්වාසයක් තබන, ඩොලර් ඉපයීම ඉලක්ක කොට ගත් රටකට මේ කලාපයේ තරගකරුවෝ බොහෝය. ඔවුන් හා බලනවිට අප තවමත් සංචාරක කර්මාන්තයේ අත දරුවෝය. මාලදිවයින, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය භූතානය තායිලන්තය ඉන්දුනීසියාව මැලේසියාව සිංගප්පූරුව ආදී අපට තරගකාරී ගමනාන්ත ඇති රටවල් කොතෙක්ද. තරගකාරී ලෙස සංචාරකයින්ගේ අවධානය අප වෙත යොමු කරවා ගැනීමට නම් රටක් වැඩි වැඩියෙන් කළ යුත්තේ සංචාරකයින්ට මෙරටට පැමිණෙන්නට තිබෙන බාධාවන් දුරලා පහසුකම් හා සේවාවන් තව තවත් ව්‍යාප්ත කිරීමය. එහෙත් අද සිදුවන්නේ එයද...? දේශපාලන උවමනාවන් මත අද සිදුවන්නේ රටට පහසු ආදායම් ලබාගත හැකි මාර්ග තිබේ නම් ඒවා අවහිර කිරීමට දේශපාලනයේ අවස්ථාවාදය පාවිච්චි කිරීම නොවේද...

එදා සිට සිදුවූයේ එයම නොවේද. ඉදිරියටත් සිදුවන්නේ එයම නොවේද. ජාතියක් හැටියට අපි එකතුවී ගොඩනැගීමට නම් පරාජය කළ යුතු අභියෝගය වන්නේත් එහෙම නොවේද. මේ ගැන වැඩිදුරටත් කතා කිරීමට නම් මේ ප්‍රශ්නයේ ඉතිහාසය හා එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රශ්නය පැන නැගුණු ආකාරය ගැන මනා අවබෝධයක් ලබා ගැනීම වටනේය.

ටෙලිකොම් තැනූ ඔන්ලයින් වේදිකාව...

 

ශ්‍රී ලංකා ටෙලිකොම් ලාභය තවත් 100% වැඩි කල හැකියි - CNL
සංචාරක කර්මාන්තයෙන් තරගකාරීව ආදායම් ඉපයීමට නම් අපේ කලාපයේ රටවල මෙන් නව තාක්ෂණය පාවිච්චි කළ යුතුබව රහසක් නොවේ. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා සංචරණ වීසා බලපත් නිකුත් කිරීමේ ක්‍රියාන්විතය වැඩි දියුණු කර යාවත්කාලීන කළ යුතු විය. ඒ සඳහා නවතාක්ෂණය යොදා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය. විශේෂයෙන්ම තරගකාරී අනෙකුත් රටවල මෙන් අපටද මාර්ගගත වේදිකාව ඔස්සේ වීසා නිකුත් කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණේ අද ඊයේ නොවේ. එය අත්‍යවශ්‍ය කරුණක් විය.

ඒ අනුව එහි වගකීම මොබිටෙල් ආයතනයට භාර දෙන්නට රජය කල්පනා කළේය. ලෝකයේ ඕනෑම රටක සිට ලංකාවට පැමිණීමේදී අන්තර්ජාල පහසුකම ඔස්සේ වීසා අවසර ඉල්ලිය හැකි මාර්ගගත වේදිකාවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහා සකසා දීම හා එය යාවත්කාලීන කරමින් නඩත්තු කිරීම ඔවුන්ගේ වගකීම විය. ඒ අනුව මොබිටෙල් ආයතනයේ මැදිහත්වීමෙන් මාර්ගගත වේදිකාවක් නිර්මාණය වූයේ 2012 වසරේදීය. එදා එය අලුත් වැඩකි. ලොකු පහසුවකි. කොටින්ම ආගමන විගමන ක්‍රමවේද ඉක්මන් කරවන ආශ්චර්යයකි.

එහෙත් පසුකාලීනව ලෝකයේ අප හා තරගකාරී අනෙත් රටවල්වල (ETA) මාර්ගගත විද්‍යුත් සංචරණ අනුමැතිය හා සසඳා බලද්දී ලංකාව සපයා දී තිබූ පහසුකම ‘‘ඉතා දුර්වල ප්‍රාථමික’’ එකක් විය. පළමුවෙන්ම එමගින් ලබාගත හැකි වූයේ දින 30ක වීසා පහසුකමක් පමණි. සංචාරකයෙකුට වීසා සඳහා තම ඡායාරූපය මේ ජාලය හරහා ඉදිරිපත් කළ නොහැකි විය. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කළ නොහැකි විය. ලංකාවේ සිදුවූයේ නම හා විදේශ ගමන් බලපත් අංකය පමණක් ලිඛිතව ගෙන ඒ වෙනුවට දින 30ක වීසා බලපත් නිකුත් කිරීම පමණි. සාක්ෂි වශයෙන් ඡායාරූපයක් හෝ ගමන් බලපත්‍රයේ පිටපතක් ලබාදීමට නොහැකියාව මත අක්‍රමිකතා සිදුවන්නේද කියා සැකයක් මතු විය.

ඔන්ලයින්' අධ්‍යාපනය අසාර්ථකද? ඇත්තේ ටෙක්නෝෆෝබියාවද? - රසික ගුණවර්ධන

 

අනිත් අතට දින 30කට ලංකාවට එන සංචාරකයාට ඊට වඩා වීසා බලපත්‍ර දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් නැවත online පහසුකම් සෙවීමට සිදුවිය. සීගිරිය, අරුගම්බේ, යාල, විල්පත්තු වැනි සමහර ප්‍රදේශවල සංචාරය කරන විටදී එය මදක් දුශ්කර කටයුත්තකි. එපමණක්ද... නැත. ඒ වන විට විදේශවලින් අපේ රටට පැමිණියේ සංචාරකයින් පමණක්ම නොවේ. ලංකාවේ ඉගෙන ගැනීමට විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පර්යේෂකයින්, ආයෝජකයින් රොතු පිටින් පැමිණියහ. ලංකාවේ රැකියා කරන විදේශීය වෘත්තිකයින්ගේ හා  වෘත්තීයවේදීන්ගේ සංඛ්‍යාවද සීග්‍රයෙන් ඉහළ ගියේය. මේ නිසා ඔවුන්ට මාර්ගගත (online) පහසුකම් ඔස්සේ දින 30 ඉක්මවූ මාස 6ක, අවුරුද්දක, අවුරුදු 5ක, අවුරුදු 10 කාල අවකාශ සඳහා දිගුකාලීන වීසා බලපත් ලබා ගැනීමට අවශ්‍ය වූහ.

මේ අවශ්‍යතා යාවත්කාලීන කරමින් ඒ ඒ කාලරාමුවලට සරීලන වඩා දියුණු වඩා පුළුල්වැඩි පහසුකම් සහිත online මාර්ගගත වේදිකාවක් සාදා දෙන්නැයි 2019දී රජය ඉල්ලා සිටියත් මොබිටෙල් ආයතනයට ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් නොවීය. හෝටලවල හා විශේෂ නිවාඩු නිකේතනවල පවත්වන ලද සාකච්ඡාවලට කාලය ශ්‍රමය ධනය වැය කළා මිසක 2022 වනතුරුත් අලුත් යෝජනාවක් ගෙන එන්නට ඔවුන් අසමත් වූහ. වීසා කැටගරි ගණන වැඩි කරන්නැයි රජය කොතෙකුත් ඉල්ලා සිටියත් ඔවුන් නැවත නැවතත් ගෙන ආවේ දින 30 වීසා කාණ්ඩය පමණක්ම විය. එහෙත් ඒ වනවිටත් ක්‍රියාත්මක මොබිටෙල් ජලයේ නඩත්තුව වෙනුවෙන් Infomatics ආයතනයට හා මොබිටෙල් ආයතනයට මසකට මිලියන දෙක බැගින් ගෙවමින් තිබිනි.

 

පුවත් - Results from #864
ඒ අතරතුර ඒ කාලය වනවිට ලෝකයේ ඉතා හොඳම වීසා පහසුකම් සඳහා තොරතුරු ජාල පවත්වාගෙන යන ආයතනයක් ලෙස අන්තර්ජාතිකව නමක් දිනා සිටි VFS ආයතනය මගින්ද ලංකාවේ පවතින අවශ්‍යතාවය හා සැසදෙන ‘‘ව්‍යාපෘති යෝජනාවලියක්’’ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබිණි. එවකට ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවතියේ මහජන ආරක්ෂක අමාත්‍යංශය භාරයේ නොවන බැවින් සංචාරක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතන ව්‍යුහයන් තුනම එක්ව මේ ව්‍යාපෘතිය සලකා බලන්නට කමිටුවක් පත් කරනු ලැබූහ. 2022 පෙබරවාරියේ සංචාරක අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන් යුතු කමිටුවක් මෙම ව්‍යාපෘති යෝජනාව රටට සුදුසුදැයි විමසා බලන්නට වූහ. සාකච්ඡා කරමින් යෝජනාවලිය වෙනස් කරමින් නැවත සකස් කරමින් යළි යාවත්කාලීන කරමින් වසරක්ම කල්ගත විය.

වගකීම් ඔස්සේ ඇමැති මාරුවක්...

ආගමන විගමන ක්ෂේත්‍රයේ ප්‍රශ්න රැසක් මැද ඔය අතරතුර අමාත්‍යාංශ විෂ්‍යපථ මාරුවක්ද සිදුවිය. ඒ වූ කලී  2022 වසරේ ඔක්තෝබර් 5 වෙනිදා ‘‘ආගමන විගමන දෙපාර්තමේන්තුව’’ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් ඉවත් කොට ‘‘මහජන ආරක්ෂක අමාත්‍යංශය’’ යටතේ ගැසට් කිරීමයි. එම විට අලුත් විෂය භාර අමාත්‍යවරයා වූයේ ටිරාන් අලස්ය. ආගමන විගමන ක්ෂේත්‍රයේ එතෙක් පැවැති ගැටලු හා අර්බුද සියල්ල ඇමති ටිරාන් අලස්ගේ කරමත පැටවුණේ එතැන් සිටය. දින 30ක වීසාව වෙනුවට වීසාකාන්ඩ 16කින් යුතු නවයෝජනාවලියක් පිළිබඳ අදහසක් පැමිණියේය. ඒ වන විට චූලානන්ද පෙරේරා කමිටුව ආරම්භ කර තිබූ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගියේ ඇමති ටිරන්ගේද අනුදැනුම හා අවබෝධය ඇතිවයි. ඊට හේතුද ගණනාවකි. 

 

එයින් පළමුවන හේතුව වන්නේ VFS ආයතනය එම තත්ත්වයේ online platform පහසුකම් සලසන ලෝකයේ ප්‍රමුඛතම ආයතනවලින් එකක් වීමයි. එය ව්‍යවහාරික භාෂා 40කින් ලෝකයේ රාජ්‍යයන් 67ක් වෙනුවෙන් රටවල් 151ක ආගමන විගමන සේවාවන් සඳහා පහසුකම් සලසන සමාගමකි. 2023 එබැවින් ඔවුන් පිළිබද ප්‍රශ්නයක් නොවීය. පෙබරවාරි මාසය වන විට දෙපාර්ශවයේ එකඟතාවයකින් යුතු රටට සුදුස ව්‍යාපෘති යෝජනාවක ඡායාමාත්‍රයක් එලියට පැමිණෙමින් තිබිණි...

දීර්ඝ වශයෙන් කරනු ලැබූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් 2023 ජුනි මාසයේ ව්‍යාපෘති පත්‍රිකාවක් එළියට ආවේය. VFS global ආයතනය, IVS globle ආයතනය හා GBS technology services යන ආයතන තුන එක්ව මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කර තිබුණේ IVS - GBS global servicess යන ආයතනයේ ව්‍යාපෘති යෝජනාවක් ලෙසයි. කීර්තිමත් VFS ආයතනය එහි ‘‘තාක්ෂණික පාර්ශවකරු’’ ලෙස කටයුතු කරන බව ව්‍යාපෘති වාර්තාවේ මුල් පිටුවේ ම සඳහන් විය.

ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ විය. ඇමතිවරයා විසින් VFS ආයතනයේ ව්‍යාපෘති යෝජනාව සලකා බලා සාකච්ඡා කොට එකඟතා ඇති කර ගැනීමටත් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමටත් ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නිර්මාණය කිරීමටත් විෂය පිළිබඳ උගතුන්ගේ හා පරිපාලන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය... 

 

vfsbkk 1000x420
ආගමන විගමන පාලක ජෙනරාල් අයි. එස්.  එච්.  ජේ. ඉලූක්පිටිය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති එස් කරුණාරත්න, රාජ්‍ය පරිපාලන ස්වේදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චම්පික රාමවික්‍රම, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මූල්‍ය නිලධාරී එම්. පී. ඩී. පී. පතිරණ, මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්. ආර්. පී. ඒ. මුතුකුඩ යන ඉහළ පරිපාලන නිලධාරීන් එම කමිටුවට අයත් වූහ. ‘‘ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා වන වීසා අයදුම් පත් සහ විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ ගමන් බලපත්‍ර අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයන් පත්කිරීම’’ යන මැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය මේ කමිටුවේ විමර්ශනයට ලක්විය.

VFS හා IVS - GBS  සමාගම තම ලියාපදිංචිය ඩුබායිහි ලිපිනයක් ඔස්සේ කර ඇතැයි යන නිරීක්ෂණය ඉහත කමිටුවේ ද අවධානයට ලක් වී ඇත. එසේම මෙම සේවාවන් සපයන සමාගම් තුනක් එකතු වී ලංකාවේ ආගමන විගමන සේවාවට පහසුකම් සලසන්නට ඉදිරිපත්ව ඇතැයි යන කාරණාවද කමිටුවේ නිරීක්ෂණ හමුවේ තහවුරු වී ඇත. කමිටුවේ යෝජනාව වී ඇත්තේ ‘‘උක්ත ආයතන තුන අතර වගකීම් බෙදී යන ආකාරය මෙන්ම එම පාර්ශවයන් තුන වෙන් වෙන්ව හා සාමූහිකව දෙපාර්තමේන්තුවට වග වන ආකාරය’’ හා දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගතවීමේදී ආයතන එක් ආයතනයක් ලෙස හෝ වෙන වෙනම හෝ තම ආයතනයේ වගකීම් පැහැදිලි වන ආකාරයෙන් ගිවිසුම් ගත වීම හා එම ආයතන අතර සංවිධානය වීම පිළිබඳ නීතිමය තහවුරුවක් ගිවිසුම අත්සන් කිරීමට පෙර ලබාගත යුතු බවකි. 

 

ඩොලර් අර්බුදය හෙටින් අවසන් !

දෙපාර්ශවය අතර සාකච්ඡාවන්ට මාස තුනක පමණ කාලයක් ගතවිය. ලංකාවට එන හෝ ලංකාවෙන් පිටවන එක් සේවාලාභියෙක් වෙනුවෙන් සපයන සේවාවට ගාස්තුවක් ලෙස සමාගම යෝජනා කර තිබූ ඩොලර් 25ක ගාස්තුව ඩොලර් 18.50 දක්වා අඩු කරගන්නට කමිටුවට හැකි විය. අනතුරුව කමිටුවේ නිරීක්ෂණ අනුව යෝජනාව සංශෝධනය විය. මූල්‍ය කටයුතු ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයගේ ද නිර්දේශ ඉදිරිපත්විය. එම සංශෝදනද සහිතව නීතිපතිවරයාගේද නිරීක්ෂණයට ලක් වූ ව්‍යාපෘති යෝජනාවට දෙසැම්බර් මාසයේදී  කැබිනට්  අනුමැතිය ලැබිණි. ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 200ක් විය. සාමාජික පාර්ශවයන් තුන අතරත් රජය වෙන්වෙන් අමාත්‍යාංශය සමගත් ගිවිසුමද අත්සන් කෙරිනි. අනතුරුව VFS හා IVS - GBS ආයතන එකමුතුව මාස කිහිපයක අධ්‍යයනයකින් හා ජාලගත කිරීමේ ව්‍යාපෘතියකින් පසුව අපේ ආගමන විගමන ක්ෂේත්‍රයේ වැඩ පටන් ගන්නේ මාස 5ට පසුව පසුගිය අප්‍රේල් 17 වන දාය. 

ගුවන් තොටුපළ වෘත්තීය සමිති නායකයින් 28කගේ සේවය අත්හිටුවයි

 

නව සමාගම අප්‍රේල් 17 වනදා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වැඩ ආරම්භ කිරීමෙන් පසුව ඔවුන්ට අර්බුද රාශියකට මුහුණ දෙන්නට සිදුවිය. එක්  අර්බුදයක් වූයේ ගුවන්තොටුපොලේ සේවය කරන ඇතැම් ආගමන විගමන නිලධාරීන්ගේ සහ තොරතුරු ජාලාවල සහයෝගය ඔවුන්ට නොලැබීමයි. මේ නිසා ඔවුන්ට පමණක් නොව වීසා ලබා ගැනීමට එන දහස් සංඛ්‍යාත මගින්ට ද නොයෙකුත් අපහසුතාවලට මුල් කාලයේ ලක්වන්නට සිදුවූ බව රහසක් නොවේ.

සටන බුරබුරා ඇවිළෙයි...

මෙම තත්ත්වය විදහා දක්වන එක් ප්‍රබල සිදුවීමක් පසුගිය මැයි පළමු වන දා දක්නට ලැබිණි. තම රුසියානු පෙම්වතිය සමඟ ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙක් තම පෙම්වතිය වෙනුවෙන් වීසා බලපත්‍රයක් ලබා ගැනීමට යාමේදී ගැටලුවක් මතුවිය. නිවැරදිව වීසා බලපත්‍රයක් ලබා ගැනීමට ඔහුට ඇය වෙනුවෙන් පෝලිමේ සිටින්නට සිදුවිය.

 



වෙනදා නම් එවන් පෝලිමක් කටුනායක ගුවන්තොටුපොළේ වීසා සඳහා නොවීය. එදා සිදුව තිබුණේ වෙනදා වීසා බලපත් නිකුත් කරන සුපුරුදු ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවට අලුත් සමාගමක් වීසා නිකුතුවට සහාය දීමට එළැඹ සිටීම හේතුවෙන් ඇතිවූ අනවබෝදය හා තදබදය මත පෝලිමක් නිර්මාණය වී තිබීමය. අදාල තරුණයා ඒ පෝලිමේ සිටීම ප්‍රතික්ෂේප කරමින් වීසා නිකුතුව සඳහා පැමිණ සිටින ‘‘අලුත් සමාගම ඉන්දියානු සමාගමක්’’ යැයි චෝදනා කරමින් ප්‍රසිද්ධියේ බැන වදින්නට පටන් ගැනීමය. එම අවස්ථාවේ යම්කිසි පිරිසක් ඔහුගේ දැඩි ප්‍රකාශ හා විවේචන අඩංගු දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබීම නිසා සංචාරකයන් සඳහා වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ සැකයක් හා අවිස්වාසයක් රට පුරා නිර්මාණය වන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත.

 


මැයි පළවෙනිදා කටුනායක ගුවන් තොටේ කලබගෑනියට මැදිවූ තරුණයාගේ චෝදනාවෙන් පසු සමාජයේ තහවුරුවූ කාරණා කිහිපයක් තිබේ. ආණ්ඩුව මෙතෙක් කරගෙන ගිය සංචාරකයන්ට හා විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේ කටයුත්ත ඉන්දියානු සමාගමකට පවරා ඇතැයි යන චෝදනාව ඒ අතරින් ප්‍රධානය. දෙවන චෝදනාව වීසා නිකුත් කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව නොව, අදාල ඉන්දියානු සමාගම යන්නයි. තුන්වන චෝදනාව වීසා පත් නිකුත් කිරීමෙන් රජය ලබන ආදායමෙන් යම් කොටසක් සමාගමට ගෙවිය යුතු බවයි. හතරවන චෝදනාව රජය කතා කරන්නේ කීර්තිමත් VFS සමාගමක් ගැන වුවද ලංකාව සමඟ ගිවසුමකට එළඹ ඇත්තේ එතරම් කීර්තියක් හෝ ප්‍රසිද්ධියක් නොලද IVS - GBS global servicess නම් සමාගමක් බවයි. මේ ප්‍රධාන චෝදනා හැරුණු විට අමාත්‍යවරයා විධිමත් ටෙන්ඩර් පටිපාටියක් නොමැතිව ප්‍රසිද්ධ සමාගමක් ඉදිරියට දමා වෙනත් අවශේෂ සමාගමකට ටෙන්ඩරය ලබාදී ඇතැයි කියන චෝදනාවක්ද තිබිණි. දැන් මේ චෝදනා එකින් එක ගෙන විමසා බැලිය යුතුය.

 

මේ චෝදනා අතරින් බොහෝ ඒවා පදනම් විරහිත චෝදනා බව පැහැදිලිය. එක් චෝදනාවක් වන්නේ මෙම VFS හා IVS - GBS global servicess සමාගම කීර්තිමත් VFS සමාගම නොවන බවය. චෝදනාව මෙය මුළුමනින්ම ඉන්දියානු සමාගමක් පමණක් කියාය. ලෝකප්‍රකට බහුජාතික සමාගම් රටවල හා කලාපවල රාජකාරි කිරීමේදී එම කලාපවලට හෝ රටවලට බලපාන වෙනත් ආයතන සමඟ එකතුවීම රහසක් නොවේ. එහෙත් ගිවිසුම් මගින් මූලික සමාගම එහි තම වගකීම් කොටස දරනවා යැයි පැහැදිළිව සඳහන් කරන්නේ නම් ඒ පිළිබඳ ඇති ප්‍රශ්නය කුමක්ද. VFS සමාගම මෙහි අසීරුම තාක්ෂනික කොටස ඉටුකරනු ලබන බව ගිවිසුමේ පැහැදිලිව සඳහන්ය. ඉදින් ඒ ගැන සැක කළ යුතුද.

එසේනම් ලංකාවේ ක්‍රියාත්මක අනෙකුත් බහුජාතික සමාගම්වලටද ඔය ප්‍රශ්නය ඇත. අප නිතර දෙවේලේ නම අසන ප්‍රකට බහුජාතික සමාගම් මේ රටේ කටයුතු කරද්දී ක්‍රියාත්මක වන්නේ මේ රටේ ලියා පදිංචි දේශීය සමගමත් හරහා බව නොදැනීම කාගේවත් වරදක් නොවේ. නොදන්නා කෙනාගේම නොදන්නාකම පිළිබඳ ප්‍රශ්නයකි. නෙස්ලේ ලංකා සමාගම, යුනිලීවර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම, සී අයි සී සමාගම, ආදී ප්‍රකට උදාහරණ කොතෙක්ද. ලංකාවේ ප්‍රචලිත මැක්ඩොනල්ඩ් සමාගම නෙදර්ලන්තයේ බිහිවූ ‘‘මැක්ඩොනල්ඩ්ම’’ යයි හිතන්නේ නම් එය ඔහුගේ හෝ ඇයගේ දුර්වලකමක් වන්නේය.

මේ ගනුදෙනුවලට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොතිබුණේ යැයි සැක කරන බොහෝ දෙනා මාස ගාණක් තිස්සේ දෙපාර්ශවය අතර පවත්වන ලද ද්වී පාර්ශ්වික සාකච්ඡා හා එකඟතා ගැන කිසිවක් නොදන්නේ දැයි සැකයකි. එහෙත් පරිපාලන නිලධාරීන්ගෙන් හා ප්‍රාමාණික උගතුන් බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් එම කමිටුවේ නිර්දේශ හා නිරීක්ෂණ, නිගමන අපට බැහැර කළ නොහැක්කේ ඒවා  විනිවිද පෙනෙන ලියවිලි ලෙස සුරක්ෂා වී තිබෙන නිසාය. කැබිනට් අනුකමිටුව පමණක් නොව, නීතිපතිවරයාගේ මෙන්ම අදාල ඇමතිවරයාගේ නිර්දේශ ද ඊට අදාලය. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ මේ සියල්ල  සැලකිල්ලට ගෙනය.

 

වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක්ට හදිසි කැඳවීමක්
පසුව කෝප් කමිටුවේ අවධානය ද මේ කෙරෙහි යොමු වූ බව නො දන්නා කෙනෙකු නැති තරම්ය. අවසානයේ එහි සභාපති හර්ෂද සිල්වා දේශපාලනයට ගැලපෙන සේ කවර කතා කිව්වත් කමිටුවේ අනෙකුත් සාමාජිකයන්ගේ නිර්දේශ නිගමන හා අදහස් ඊට සපුරාම වෙනස් බව දැන් පැහැදිලිය.

වීසා දෙන්නේ ආණ්ඩුවයි...

විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව චෝදනා නගන්නේ ශ්‍රී ලංකාවේ වීසා ලබාදීමේ කාර්යභාරය ඉන්දියානු ආයතනයකට භාර කර ඇතැයි කියාය. ඒ ඔවුන්ගේ නොදන්නාකම මිස වෙන කුමක්වත් නොවේ. රටක වීසා ලබාදීම හෝ රාජ්‍යතන්ත්‍රයේ කටයුතු වෙනත් සමාගම්වලට පවරාදිය නොහැක. එදා මෙන්ම අදත් ලංකාවට පැමිණීමේදී වීසා ලබා ලබාගත යුත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පමණකි. අදාල සමාගම කරනු ලබන්නේ ඒ සඳහා තොරතුරු අදාල රටවල්වලින් හා පුද්ගලයන්ගෙන් ගෙන්වා බලා සමාලෝචනය කර ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පමණකි. ඒ වෙනුවෙන් ඔවුන් අය කරනු ලබන්නේ සේවා ගාස්තුවක් පමණි. වීසා ගාස්තුව අයත් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවටය. රජයටය. රටටය.  සේවා ගාස්තුව පමණක් සමාගමටය. අනිත් එක එය සංචාරකයාගේ වැය බරක් මිස රටෙන් ගෙවන හෝ රටට අඩුවන වැය බරක් නොවන්නේය.

පුවත් - Results from #1815

 

වීසා වෙනුවෙන් සංචාරකයා හෝ අයදුම්කරැවා ගෙවන ගාස්තුවක් තිබේ. එය ඩොලර්වලින් ගෙවිය යුතුව ඇත. ඒ ආධායම මුලුමනින්ම ලබන්නේ රජයයි. රජය මෙසේ එන සංචාරකයන්ගෙන් විසා ගාස්තු ලෙස පසුගිය වසරේ (2023) ලැබූ ආදායම රු බිලියන 24.8 ක් බව ගණන් බලා ඇත. එසේනම් වැඩිවූ ගාස්තු සංශෝධන මත 2024 ආධායම කොපමණ වනු ඇත්ද.

වීසා බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත වේදිකාව වෙත එන අයදුම්පත් විමසා බලා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත විශ්වාසදායී නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම සිතන තරම් ලේසි පහසු කටයුත්තක් නොවේ. බරපතළ වගකීමකි. එය භාරදූර ක්‍රියාන්විතයකි. ඒ වෙනුවෙන් සංචාරකයා හෝ සේවා ලාභියා ගෙවන සේවා ගාස්තුව පමණක් අදාල සේවාව ඉටුකරන සමාගමට ලබාගත හැකිය. වර්තමානයේ වීසා ගාස්තුව ලෙස රජය ඩොලර් 50ක් ලබා ගනිද්දී ඒ වෙනුවෙන් සේවා සපයන අදාළ සමාගම හෝ සමාගම් එකමුතුව ලබාගන්නා මුදල ඩොලර් 18. 50කි. එය රජයට ලැබෙන වීසා ගාස්තුවෙන් අඩුවන මුදලක් නොව, ඊට අමතරව සංචාරකයා ගෙවන මුදලකි. එය සංචාරකයන්ට ලංකාවට පැමිණීම එපා කරවන මහා විශාල ගසාකෑමක් ලෙස විවේචනයට ලක්විය. එහෙත් ඩොලර් 18 රැපියල් වලින් ගත්කළ රු 5000ක් පමණ වන බව විවේචකයෝ අමතක කර දමති. 5000ක් යනු හොද සංචාරකයෙක් පීසාවක් කමින් කොකා කෝලාවක් බී ගෙවන මුදලය. එසේත් නැත්නම් අහිංසක ගැමියෙකුගෙන් තැබිලි ගෙඩියක් බී සංචාරකයා සන්තෝෂමක් ලෙස අතහරින මුදලය.

ප්‍රතිලාභ රටට එන්නේ මෙහෙම...

 

Sri Lanka Airport Visa On Arrival
අනිත් අතට මේ සේවය සැලසීම නිමිත්තෙන් VFS සමාගම ලෝකයේ අනෙක් රටවල් වලින් ලබාගන්නා සේවා ගාස්තු හා සසඳා බලද්දී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් අය කරන ඩොලර් 18. 50 කොයි තරම් සාධාරණ අයකිරීමක් දැයි විමසා බලන්න....

VFS සමාගම ලෝකයේ රාජ්‍යයන් 67ක තම සේවාව සපුරා ළමින් ඒ ඒ රටවලදී අය කරන ගාස්තුව විවිධය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පහසුකම් සැලසීමට  VFS සමාගම ශ්‍රී ලාංකික සංචාරකයෙකුගෙන් ලබන ප්‍රතිලාභය ඩොලර් 13 ක් වූවාට අන් රටවලින් අය කරන සේවා ගාස්තු ඉතා වැඩිය.  බහරේනයෙන් 79 ක්, භූතානයෙන් 57ක්, ඉරාකයෙන් 59ක්, ක්වේටයෙන් 62ක්, ඕමානයෙන් 52ක් දකුණු කොරියාවෙන් 43ක් සවුදි අරාබියාවෙන් 55ක් ආදී වශයෙන්  ඔවුන්ගෙන් සමාගම ඩොලර් අය කරයි. ඇමරිකාවට ඔවුන් ලොව  ඕනෑම රටකින් ඩොලර් 185ක් ගනියි. ඉන්දියාව වෙනුවෙන් ලොව බොහෝ රටවල් වලදී අය කරන්නේ ඩොලර් 20 ගණන්ය. ප්‍රංශය සඳහා බොහෝ රටවල්වලින් ඩොලර් තිහකට වැඩි මුදලක් ඉල්ලයි. සමහර රටවලට එය 70 ද ඉක්මවයි. කැනඩා යාමට ඔවුන් ශ්‍රී ලංකාවෙන් අය කරන සේවා ගාස්තුව ඩොලර් 15ක් වූවාට ස්වීඩනයෙන් 127කි. නයිජර් වලින් 132කි.   මියන්මාරයෙන් 135කි. ඊශ්‍රායලයෙන් 128කි. ෆින්ලන්තයෙන් 164කි.  

 

වාණිජ බැංකු ඩොලර් විකුණන 'කළු කඩ' වෙලා

චීනයේ වීසා ඉල්ලීමට සේවා ගාස්තුව ද සුළු නැත. ඇන්ගෝලාවෙන් ඩොලර් 100කි. කුවේටයෙන් 90කි. අනෙකුත් රටවලට විවිධ ගාස්තුය. නවසීලන්තය වෙනුවෙන් සේවා සැපයීමට ඉරානයේදී මොවුන් අයකරන ගාස්තුව ඩොලර් 325කි. නෝර්වේ රාජ්‍යය වෙනුවෙන් බොහෝ රටවලදී සමාගම ඩොලර් අසූ එකක් ඉක්මවූ ගාස්තු අය කරයි. එක්සත් රාජධානිය ලොව වැඩිම වීසා ඉල්ලුමක් ඇති රටක් ලෙස සැලකෙයි. ඒ රට සඳහා ලෝකයේ බොහෝ තැන්වලදී සමාගම අය කරන සේවා ගාස්තුව පමණක් ඩොලර් 145 කි. ලින් මැඩියන් මෙන් කල්පනා කරන අපේ රටේ විපක්ෂය තවමත් කතා කරන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අය කරන  ඩොලර් 18. 50 වැඩියි කියාය. එයද අපි ගෙවන්නක් නොවේ. ශ්‍රී ලංකාවට පැමිණෙන්නට වීසා අයදුම්කරුවන් ගෙවන සේවා ගාස්තුවයි.

තවත් සමහරු ඒ සඳහා කිසිදු පදනමක් නැති මහම මහ මරිමෝඩ තර්කයක් ගොඩනඟති...." මොබිටෙල් සමාගම මේ සේවා සැපයීම ‘‘ඩොලරයක් බඳු‘‘ අඩුමුදලකින් කර දෙද්දී රජය අදාල විදේශීය සමාගම වෙනුවෙන් ඩොලර් 18.50ක් වියදම් කරන්නට යෝජනා කරන්නේ ඇයි...?

අනිත් අතට ශ්‍රී ලාංකිකයෝ ලෝකයේ අනෙක් රටවල වීසා ලබා ගැනීමට යාමේදී ඒ ඒ රටවලට ලබා දෙන වීසා සඳහා සේවා ගාස්තුව කොපමණදැයි බලන්න. එය මැලේසියාවට 73කි. ලැට්වියාවට 42කි. යුරෝපා සංගමයේ රටවලට 21කි. දහ අටේ ගාස්තුවට වඩා අඩුවෙන් ඇත්තේ ඕස්ට්‍රේලියාව, කැනඩාව හා ස්වීඩනය පමණි. 

සාධාරණ චෝදනාව..!

 

විදෙස්ගත ශ්‍රමිකයින් ඩොලර් එවා පාකිස්තානය ගොඩ ගනී 
විපක්ෂය නඟන චෝදනා අතර එක් චෝදනාවකට පදනමක් තිබේ. සංචාරකයකුට මෙරටට පැමිණීමේදී ගෙවිය යුතු අවම ගාස්තුව වන දින 30  ක ගාස්තුව වන ඩොලර් 50 ක මුදල ඩොලර් 75 දක්වා වැඩි කර ඇතැයි යන චෝදනාව සාධාරණය...

එහෙත් එහි සිදුවී ඇත්තේ වැඩි කිරීමක් නොව, අඩුම කාණ්ඩය වූ දින 30ක වීසාවකට ඩොලර් 50ක්ව තිබූ කාණ්ඩය මුළුමනින්ම ඉවත් කර දමා තිබීමයි. ඉවත් කර දැමීමක් නොව, සැබැවින්ම එතන සිදුවී ඇත්තේ තාක්ෂණික ගැටලුවක් නිසා පළමු කාණ්ඩය අතපසු වීමක් පමණක් බව බලධාරීන් පවසයි. ඇතිවූ නොසන්සුන්තාවයෙන් පසුව එය නැවත ලබාදීමට බලධාරීන් කටයුතු කිරීමෙන්ම ඔවුන්ගේ නම්‍යතාවය පැහැදිලි විය. වීසා කාණ්ඩ 17ක් වූයේ ඒ අනුවයි.

අප ආගමන විගමන ඉතිහාසය තුළ ආගමන විගමන කටයුතුවලින් ලංකාවට වැඩිම ආදායමක් ලැබී ඇති අවුරුද්ද 2018 බව රහසක් නොවේ. එම අවුරුද්දේ සංචාරකයින්ගේ පැමිණීම මිලියන දෙකකට ආසන්න බව සංඛ්‍යා ලේඛන හෙළිදරව් කරයි. පාස්කු බෝම්බ නස්පැත්තිය හා කොරෝනා උවදුර නිසා ඉන්පසුව අවුරුද්දෙන් අවුරුද්ද සංචාරකයින්ගේ පැමිණීම බරපතල අවපාතයකට ලක්විය. 

එය කෙසේ ද යත් 2020 අවුරුද්දේ සටහන් වූයේ සංචාරකයින්ගේ පැමිණීම 432  850ක් බවටය. නැවත සංචාරකයින්ගේ පැමිණීම මිලියනය පැන්නේ 2023 වසර තුළය. නව කාණ්ඩ හඳුන්වාදීමෙන් අනතුරුව මේ වසරේ නිසැකවම එම සංඛ්‍යාව මිලියන 2.5කට ආසන්න වනු ඇතැයි බොහෝ දෙනා මත පල කර සිටියේ ජූලි මාසය වන විටත් මිලියන 1.192 ක් පමණ වූ තත්ත්වයක් තුළය. ඒ අනුව සංචාරකයින්ගේ පැමිණීම අතිශයින් වැඩි වන්නේ ශ්‍රී ලංකාවේ ‘‘සංචාරක සීසන් එක’’ ආරම්භ වන සැප්තැම්බරයෙන් පසුවය. උපරිමය නොවැම්බර් දෙසැම්බර් ජනවාරි මාසවලය. 

එහෙත් වර්තමානයේ උද්ගතව ඇති වීසාකාන්ඩ අවම වීමේ තත්ත්වය තුළ මේ ඉලක්ක ලබාගත හැකි වේදැයි බරපතළ ප්‍රශ්නයක් තිබේ....
 
රට බංකොලොත් : ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි
අද විදේශ සංචිත සොයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී තිබෙන අප දැන දැනම අපට ලැබෙන විදේශ විනිමය මේ ආකාරයෙන් අවම කරගත යුතුද... ආණ්ඩුව විපක්ෂය කියා නැත. අපි ඒ ප්‍රශ්නය පිළිබඳ කල්පනා කළ යුත්තේ දේශපාලන දෘෂ්ටි කෝණයෙන් නොව, එකම ශ්‍රී ලාංකික රටක් එකම ජාතියක් හැටියටය.
 
VFS හා IVS - GBS global servicess සමාගම ඉන්දියානු සමාගමක් යැයි චෝදනා කළත් එය මුළුමනින්ම ඩුබායි රටේ සමාගමක් බව පැහැදිලිය. ඒ තුළ ඉන්දියන්කාරයෝ සේවකයෝ ලෙස නොව අධ්‍යක්ෂවරු ලෙස ද සිටින්නට බැරිනැත. තහනමක් ද නැත. ශ්‍රී ලාංකිකයෙකුට වුවද එහි සේවය කිරීමේ තහනමක් නැත. එම තත්ත්වය හුවා දක්වමින් විපක්ෂයේ බොහෝ පිරිස් අද චෝදනා නගන්නේ රටේ රහිසිගතව තබාගත යුතු තොරතුරු මේ ආකාරයේ ඉන්දියානුපන්නයේ ආයතනයන් තුළින් ඉන්දියාවට ලැබී අපේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනවා ඇතැයි කියාය. එහෙත් එසේ කියන දේශපාලන පක්ෂවල අයම ඉන්දියාවට වන්දනාමාන කරන ආකාරය අප නොදන්නවා නොවේ. ඔවුන්ගේ ද දේශපාලන පක්ෂවල යම් යම් උපදේශකයෝ ඉන්දියානුවෝ මිස වෙන කවුරුද. ඇතැම් අය අඳින්නේ පළඳින්නේ කතා කරන්නේ පවා ඉන්දියානු පන්නයේ තාලයට අනුව බව දන්නෝ දනිති.
 
අප කටයුතු කළ යුතු වන්නේ විශ්වාසයන් හෝ සැකයන් මත පදනම් වී නොව, පෙනෙන්නට තිබෙන දත්ත හා සාක්ෂි මත පදනම් වී බව අපි යෝජනා කරමු. විපක්ෂය හෝ අනෙකුත් පාර්ශ්වයන් පෙන්වා දෙන අන්දමේ මහා භයානක ප්‍රතිඵල මේ ගිවිසුම හෝ මේ ගනුදෙනුව හරහා සිදුවිය හැකි යැයි විශ්වාස කරන්නට තරම් පොහොසත් සාධක සොයා ගැනීමට නැත. දැනට මේ තිබෙන විවේචන මත පදනම් වී ඇත්තේ හුදු විශ්වාසයන් හා සැකයන් කීපයකි. සාධනීය කරුණු හා සාධක අතහැර චෝදනා පමණක් විශ්වාස කිරීම යුක්ති යුත්ත නැත්තේය.

ඒවාට සාපේක්ෂව බලන විට මේ ගණු දෙනුව තුළ අපේ රටට අත්පත් වේ යැයි විශ්වාස කළ හැකි සප්‍රයෝජනවත් ප්‍රතිඵල බොහෝය. 

(විශේෂ ලියුම්කරුවකු විසිනි) 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...