The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මං සමනළයෙක් මං පැණි බොනවා..- (චින්තන ධර්මදාස)

T

The Leader Desk

August 23, 2024 • 6:51 AM

මං සමනළයෙක් මං පැණි බොනවා..- (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි තවත් මංගල මොහොතක ආරම්භයේ ඉන්න වෙලාවක්.
  • ඒක ඇතුලෙ ආර්ට් තිබුන, සාදයන් තිබුන, ආදරය තිබුන, ආධ්‍යාත්මිකත්වය තිබුන.
  • මංගල ඩයොනීසියානුවාදියෙක් පැවැත්ම ඇතුලෙ.
  • මේ වගේ මැතිවරණයක් කාලෙක ඒ පාලම් තනන්නාගේ අහිමි වීම දරුණු විදිහට දැනෙනවා. මංගල විසින් දිගින් දිගටම සටන් වැදුනු ජාතිවාදයෙන් ඔද වැඩුනු ජාතිකවාදය මේ වෙද්දි බිමටම සමතලා වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අපි තවත් මංගල මොහොතක ආරම්භයේ ඉන්න වෙලාවක්.

මංගල නැති අඩුව වඩාත්ම දැනෙන වෙලාවක්.

මංගලගෙ දර්ශනය හරි පැහැදිලි එකක්. නිදහස් වෙළඳපොල ක්‍රමය මූලික සංවර්ධනය තමයි එයාගෙ ආර්ථික දැක්ම වුනේ. නිදහස් වෙළඳපොල කියන්නෙ භාණ්ඩ හා සේවා විතරක් නෙමෙයි ආකල්ප සහ සංස්කෘතීන්ද හුවමාරු වෙන අත්‍යාවශ්‍ය විවෘත වීමක් විදිහට මංගල දැක්කා. සියලු ජාතීන්ගේ, සියලු ආගම්වල, සියලු ලිංගිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ප්‍රජාතන්ත්‍රවාදයක් මංගල දේශපාලනය විදිහට දැක්කා. නිදහස, සතුට, විනෝදය පිරුනු ශිෂ්ට සංස්කෘතික ජීවිතයක් ගැන සිහිනයක් සමාජීය විදිහට දැක්කා. 

ඇත්තටම මංගල සතුව තිබුනු ඒ නිදහස් සංස්කෘතික ජීවිතය ඇතුලෙන් දේශපාලන ආර්ථික දැක්ම නිර්මාණය වුනා කියන එකයි නිවැරදි. 

 

මතක මංගල : උපන් ගමෙන් මංගලට අද අවසන් බුහුමන්
මෑතක මහේෂ් හපුගොඩ එයාගෙ වීඩියෝවක කියනවා දේශපාලනයට පරිබාහිරින් රනිල්ට පවතින කූල් ජීවිතය ගැන. අනිත් හැමෝම දේශපාලනයම ජීවිතය කරගනිද්දි රනිල්ට දේශපාලනය අතෑරලා නෙට්ෆ්ලික්ස් බලමින්, පොත් කියවමින් ආස්වාද කළ හැකි ජීවිතයක් පැවතීම ගැන. ඒ ජීවිතය ඊට වඩා සුවිසල් විදිහට මංගලට තිබුනා. මංගලගේ සංස්කෘතික ජීවිතය ඉතාම පොහොසත් එකක්. ඒක ඇතුලෙ ආර්ට් තිබුන, සාදයන් තිබුන, ආදරය තිබුන, ආධ්‍යාත්මිකත්වය තිබුන. මංගල ඩයොනීසියානුවාදියෙක් පැවැත්ම ඇතුලෙ.

එයාගෙ දේශපාලනයෙ තිබුනු වැදගත්ම දේ තමයි පාලම් තැනීම. දේශපාලනය කරනවා කියන්නෙ මතවාද වලින් පවුරු තනාගැනීම නෙමෙයි කියල මංගල විශ්වාස කළා. ඒ හින්දම එයා පුළුවන් තරම් මතවාද කඳවුරු අතර පාලම් හැදුවා. මේ වගේ මැතිවරණයක් කාලෙක ඒ පාලම් තනන්නාගේ අහිමි වීම දරුණු විදිහට දැනෙනවා. 

මංගල විසින් දිගින් දිගටම සටන් වැදුනු ජාතිවාදයෙන් ඔද වැඩුනු ජාතිකවාදය මේ වෙද්දි බිමටම සමතලා වෙලා තියෙනවා. මේ මැතිවරණයෙදි කිසිම කඳවුරකින් ජාතිවාදය ගැන ප්‍රකාශ ඇහෙන්නෙ නෑ. ග්‍රාම්‍ය ජාතිකවාදී මඩ පොකුනෙ පොහොට්ටු පරවෙලාම ගිහින්. ඒ ජයග්‍රහණය වෙනුවෙන් විස්කි වීදුරුවක් පුරන්න අද මංගල නෑ.

 

Mangala freedom
මංගල එක වෙලාවක කිව්වා, රනිල් කියන්නෙ අපේ රටට ලබාගත නොහැකි වූ ජනපති කියල. රනිල් ජනාධිපති කරන්න වැඩ කරමු කියල මංගල යෝජනා කරද්දි මං ඊට සපුරාම විරුද්ධ වුනා. අද රනිල් රටේ ජනාධිපති. ඒක දකින්න, රනිල්ගේ පිලෙහි අවශ්‍යම මිතුරා වෙන්න අද මංගල නෑ.

නමුත් රාජපක්ෂවාදය පෙරලා දැමීමේ මංගලගේ අවසන් සටනේ හිටපු යාලුවො තාම ඉන්නවා. මංගල නැතත් මංගලව හැමදවසකම වගේ සැමරෙනවා. මංගල වෙනුවෙන් ඒ දේශපාලනය නිර්මාණය කරන්න ඒ යාලුවො සටන් කරනවා. පක්ෂ විදිහට, කණ්ඩායම් විදිහට, තනි තනියම හැබැයි මංගල එක්ක එකට.

අනෙකා කෙරෙහි පතුරන වෛරය, ද්වේශය, කුහකත්වය වෙනුවට ආදරය, ආස්වාදය, අභිමානය පිරුනු පොහොසත් ජීවිත ඇති මිනිසුන් නිර්මාණය කිරීම තමයි මංගල ව්‍යාපෘතිය. ඒ දෙසට හැරී අපි Party Politcs හෙවත් පක්ෂ දේශපාලනයෙන් Party Politics හෙවත් සාද දේශපාලනයට මාරු වෙමු.

ගණිකා වෘත්තියේ උරුමය සහ කරුමය - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...