The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නැති වූ මංගල .....

T

The Leader Desk

August 23, 2024 • 9:12 AM

නැති වූ මංගල .....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උනන්දුවක් දක්වන අලුත් පිරිසද ඔහු ගැන කතා කරනු ඇත.
  • මන්ද, ඔහු ගැන කතා කිරීමට බොහෝ දේ ඇත.
  • එහිදී ලැබෙන අත්දැකීම් ඇතැම් අවස්ථාවලදී සුන්දර විය හැකිය.
  • විකටයින් රජ වාසලට ගිය පසු රජවාසල රාජධානියක් බවට පත් නොවන අතර සර්කස් මණ්ඩපයක් බවට පමණක් පත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
උනන්දුවක් දක්වන අලුත් පිරිසද ඔහු ගැන කතා කරනු ඇත. මන්ද, ඔහු ගැන කතා කිරීමට බොහෝ දේ ඇත.

මංගල වෘත්තිමය වශයෙන් ගත් කල දේශපාලනඥයෙකි. අනෙකුත් බොහෝ දේශපාලනඥයින් සේම දෙවැනි පෙළක් ගැන තැකීමක් නොකළ දේශපාලනඥයෙකි. නායකයෙකු විසින් දෙවැනි පෙළක් තැනිය යුතුය; යන මිත්‍යාවේ කාලයක් තිස්සේ මාද එල්බගෙන සිටියෙමු. නමුත් එය මුලාවකි.
 
09MangalaSamaraweera0510Deljpgමංගල වෘත්තිමය වශයෙන් ගත් කල දේශපාලනඥයෙකි.

සැබෑ නායකයකු වූ කලී දෙවැනි පෙළක් නිර්මාණය නොකිරීමට දායකවන පුද්ගලයෙකි. ඔහු තමන් කෙරෙහි විශ්වාස කරන පුද්ගලයා තමන් අනුගමනය කිරීමට වඩා එම පුද්ගලයාට සිය ජීවිතයේ අර්ථය සොයා ගැනීම සඳහා අවශ්‍යය පරිසරය නිර්මාණය කරගැනීමට අවශ්‍යය අත්දැකීම් ලබා දෙන පුද්ගලයෙකි. සැබෑ වහල් භාවයෙන් නිදහස් වීමේ මාර්ගයය එයයි. එහිදී ලැබෙන අත්දැකීම් ඇතැම් අවස්ථාවලදී සුන්දර විය හැකිය. නමුත්, බොහෝ අවස්ථා වලදී ඉතාම අනුවේදනීය සහ වේදනාකාරී වේ.

ghkl විකටයින් රජ වාසලට ගිය පසු රජවාසල රාජධානියක් බවට පත් නොවන අතර සර්කස් මණ්ඩපයක් බවට පමණක් පත් වේ.
 
නමුත් එදිනෙදා දේශපාලන සන්දර්භයන් වල සුලභව හමුවන්නේ තම නායකයා හෙවත් තමන්ගේ යැපීම වෙනුවෙන් තෝරාබේරාගෙන වන්දනාමාන කරන පුද්ගලයා, ගැන අනවශ්‍යය ගුණ වයමින් ඔහුගේ මාර්ගයෙන් තමන්ගේ මඩිය තරකරගන්නා කෛරාටක විකටයින්ය. අවසානයේදී එම කෛරටක විකටයින්ට බලය ලැබේ. කාලයාගේ අවෑමෙන් ඔවුහු නායකයින් බවට වෙස්බැඳ ගන්නේය. එහෙත්, විකටයින් රජ වාසලට ගිය පසු රජවාසල රාජධානියක් බවට පත් නොවන අතර සර්කස් මණ්ඩපයක් බවට පමණක් පත් වේ. රාජ්‍යයන් වල ක්‍රමික දිරායෑමට හේතුවන්නේ එයයි.

මංගල එම විකටයින්ට එරෙහි විය. එම විරෝධය ඉතාම අලංකාරව දැක්වීමට ඔහු සමත් විය. එහෙත් මංගල එම මාදිලියේම විකයින්ගේ ගොදුරක් බවට පත්වූයේද යන්න සැක සහිතය. එය හැදෑරීමෙන් ලැබෙන අවබෝධයකි.

208552273 370847244405086 1489343037288347221 n
මංගල තනි මිනිසෙකි. ඔහු සිය මනුෂ්‍යය ආශාවන් වඩාත් ගුණාත්මකව භුක්තිවිඳි පුද්ගලයෙකි. සිය ජීවිතය සන්නාමයක් බවට පත් කිරීමට සමත් වූ පුද්ගලයෙකි. මංගල මියගියේ රටට අවශ්‍යම කාලයක යැයි බොහෝ දෙනෙකු  කියති. යම් දෙයක් සිදු වූ පසු එය එසේ සිදු නොවුනා නම් යන අදහස මනසේ ස්වභාවයෙන්ම හටගන්නා  ප්‍රතිචාරයකි. ඊට විවිධ හේතු තිබෙනවා විය හැකිය. ඉන් ප්‍රධාන හේතුවක් ලෙස මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ, දෙයක් සිදු වූ පසු ඇතිවන තත්වයට (නව-සාමාන්‍යය තත්වය යැයි අපි එය නම් කළොත්), මුහුණ දීමට අපට, තනිව සහ සාමූහිකව ඇති හැකියාවේ ඌනතාවය නිසාය. මෙම ඌනතාවය විසඳාගැනීම තනි පුද්ගලයෙකු මෙන්ම සාමූහික කණ්ඩායමක් මත පැටවෙන මූලික වගකීම වේ. රාජ්‍යයක් සැලකු විටද මෙය පොදු කාරණයකි.  
 
lka covid results 2කොවිඩ් වසංගතය
රාජ්‍යයක් මුහුණ දෙන බරපතල සිදුවීම් එනම් එම රාජ්‍යයේ සමාජ සුසමාදර්ශ වෙනසකට හේතුවන සිදුවීම් ( උදා. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන් ශ්‍රී ලංකාව හැරයෑම, 83 ජනසංහාරය, සුනාමි, යුද්ධය නිමාවීම, කොවිඩ් වසංගතය) වලින් පසුව අත්වන නව-සාමන්‍යය තත්වය යනු එම රාජ්‍යයට හැදීමට හෝ නැසීමට ලබාදෙන අවස්තාවන් වේ. මංගලගේ වියෝවෙන් පසු ඇති වූ තත්වයද ඒ හා සමානය.

ඔහු තවමත් ජීවත්ව සිටියේනම් කියන හිතළු වැදගත් නොවන්නේ මේ නිසාය.  

(මාතලී)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...