සංවිධානය වෙමින් තියෙන්නේ, වෛරය, බය පිළිබඳ අවිනිශ්චිතතාව සහ බලාපොරොත්තු කඩවීම පදනම් කරගෙන.
සාමාන්‍යයෙන් අර්බුදයකට පසුව සමාජය ක්‍රියාකළ යුත්තේ යථාර්ථයවාදී බුද්ධිමය ප්‍රවේශයක් තුළින්. නමුත් වෛරය සහ කෝපය, අවිනිශ්චිතතාව, බලාපොරොත්තු කඩවීම පදනම් කරගෙන දේශපාලනය සංවිධානය කිරීම පශ්චාත් අර්බුද තත්ත්වය තුළ පහසුයි. ඒ වගේම එය වඩාත් ජනප්‍රියවාදීයි. ඒත් එය සාර්ථකද යන්න ගැටලුවක්. ලතින් ඇමරිකානු රටවල් ගණනාවක් ඒ ප්‍රවේශයේ අසාර්ථකත්වයට සාක්ෂි දරනවා.
19 සියවසේ මාක්ස්වාදය වෙත ලෝකය ඇදී ගියා
කොහොම නමුත් පශ්චාත් අර්බුද සමයේ ලංකාව තුළ මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අභියෝගය බවට පත්ව තිබෙනවා. අපි මඳක් ඉතිහාසය දෙස අවධානය යොමු කළොත්, වෛරය, අවිනිශ්චිතතාව සහ බලාපොරොත්තු කඩවීම පදනම් කරගෙන ,17 සියවස ආගමික මූලධර්මවාදය වෙත ලෝකය ඇදී ගියා. ඒ වගේම 19 සියවසේ මාක්ස්වාදය වෙත ලෝකය ඇදී ගියා. 20 වන සියවස ෆැසිස්ට් වාදයට ඇදී ගියා. මේ කිසිම අවස්ථාවකින් ජන සමාජයට යහපතක් කෙරුණේ නෑ. නමුත් සිදුවු දේ ගැන උගත් පාඩමක් තිබෙනවා.
ඒ උගත් පාඩම ඇසුරෙන්, හරි පාරේ යෝජනාව, මේ යුගය තුළ අවශ්‍ය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවේශයක් බවයි. ලංකාවේ ජීවත්වන ජනතාවගේ සමාජ ආර්ථික හා දේශපාලන අයිතිය පිළිගෙන, පෞද්ගලික අවශ්‍යතා, පුද්ගල අභිලාෂ අනුන්ට කරදරයක් නොවන ආකාරයට සපුරාගත හැකි, ව්‍යවස්ථාපිත තත්ත්වය තහවුරු කර ගත යුතුයි.
1948 සිට මේ නිදහස අපේ රට සතුව තිබුණා. මේ අද දක්වාත් තිබෙනවා. නමුත් ඉදිරිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. 2024 ජනාධිපතිවරණය පදනම් කරගෙන දේශපාලන වේදිකා ධ්‍රැවීකරණය වෙමින් ඇති ආකාරය අනුව අනාගතය තුළ පැහැදිලි අන්තරාවක් තිබෙනවා.
මානව හිමිකම්
මේ තුළ තිබෙන තවත් අන්තරාවක් තමයි, සමාජය ගොඩනඟා ඇති පොදු වටිනාකම් අභියෝගයට ලක්වීම. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි වාමාංශික සහ දක්ෂිණාංශික විදිහට අපි රටේ දේශපාලන ධාරා තිබුණා. ඒවා අතර රාජ්‍ය පාලනය, දේපොළ පාලනය සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්ති තිබුණා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය ඇතුළු ආයතනගත පාලනය පිළිබඳව පොදු එකඟතාවක්, නැත්නම් සම්මුතියක් පැවතියා. එකී සමාජ වටිනාකම් ප්‍රතික්ෂේප නොකර, දේශපාලන විවාදය ඉදිරියට ගෙන ගියා.
නිදර්ශනයක් ලෙස රෝම ලන්දේසි නීතිය මත පදනම් වූ මෙරට නීති පද්ධතිය තුළ, යම් චූදිතයෙකු අධිකරණය විසින් ඔහුව හෝ ඇයව වැරදිකරු ලෙස නම් කරන තෙක් නිවැරැදිකරු ලෙසයි සලකන්නේ. වාමාංශික දේශපාලන ධාරාව නියෝජනය කරන්නා වේවා, දක්ෂිණාංශික දේශපාලන ධාරාව නියෝජනය කරන්නා වේවා එය ප්‍රතික්ෂේප කළේ නෑ. ඊට අභියෝග කළේ නෑ. නමුත් දැන් වන විට පක්ෂය හෝ කඳවුර විසින් එකී අධිකරණ කටයුත්ත බාරගත් බවක් පෙන්නුම් කරනවා. ඔවුන් වේදිකාවේ නඩුව අහලා වැරදිකරු නම් කරනවා. දඬුවම පවා නියම කරනවා.
යම් චූදිතයෙකු අධිකරණය විසින් ඔහුව හෝ ඇයව වැරදිකරු ලෙස නම් කරන තෙක් නිවැරැදිකරු ලෙසයි සලකන්නේ
මේ තුළ සිදුවන නරකම දේ තමයි සම්මුතිවාදී දේශපාලන සංවාදය බිඳ වැටීම. අපි කවුරුත් දන්නවා දෙවැනි ලෝක යුද්ධයට පසුව 1950- 1970 කාලය තමයි අද ලෝකයේ හොඳම යුගය ලෙස හැඳින්වෙන බව. ලංකාවේ අත්දැකීම අනුව ගත්තත් නිදහසින් පසුව ගෙවුණු මුල් දශක දෙක හොඳ කාලයක් ලෙස සැලකෙනවා. මේ කාලයේ ආසියාව සහ අප්‍රිකාව ආශ්‍රිත ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් බවට අපි පත්වෙනවා. ඒ අඩු ආදායම් ලැබුවත්, ඉහළ මානව දර්ශකයක් තබා ගැනීම නිසයි.
නමුත් මේ වන විට ඒ තත්ත්වය ගිලිහෙමින් පවතිනවා. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී එයින් ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ ජන සමාජය මිදෙමින් ඇති පසුබිමක, රටක් ලෙස විමුක්තියක් ලැබීමට නම් අවශ්‍ය වන්නේ සම්මුතිවාදී දේශපාලන ප්‍රවේශයක්. ඒ හැර පසමිතුරුතා උග්‍ර කිරීම නෙවෙයි.
සම්මුතිවාදී දේශපාලන ප්‍රවේශයක් වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් අතුරින් පෙනීසිටින්නේ, ඒ බව යෝජනා කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණයි.
මෙහිදී සම්මුතිවාදී දේශපාලන ප්‍රවේශයක් වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් අතුරින් පෙනීසිටින්නේ, ඒ බව යෝජනා කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණයි. වෙනත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ඒ වෙනුවෙන් පෙනීනොසිටිනවා පමණක් නොවෙයි, එය ප්‍රතික්ෂේප කරනවා.
නමුත් මේ යුගයේ අවශ්‍යතාව සම්මුතිවාදී දේශපාලනය මිස පසමිතුරුතා උග්‍ර කිරීම නොවෙයි. මෙහිදී අප අමතක නොකළ යුතු කාරණය සහ අවධාරණයට ගත යුතුම කාරණය වන්නේ 2022 දී මෙරට අද බංග්ලාදේශයට අත්ව තිබෙන ඉරණමින් මුදවා ගත්තේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සම්මුතිවාදී දේශපාලන ප්‍රවේශය විසින් බවයි. එහිදී පොදුජන පෙරමුණේ සහාය ප්‍රතික්ෂේප කළා නම් විවිධ කොන්දේසි දමමින් ජනතාව මුහුණදී සිටි අති දුෂ්කර තත්ත්වය ගැන සංවේදී නොවුනා නම් අත්වෙන තත්ත්වය හිතාගන්නවත් බෑ.
17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් රාජ්‍ය පාලනයේ කොටස් කරුවන් කරගන්න කටයුතු කළා.
මේ ප්‍රවේශයේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටට පෙන්වා දුන්නේ කාලයක සිටයි. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් රාජ්‍ය පාලනයේ කොටස් කරුවන් කරගන්න කටයුතු කළා. 2015 දී එය තවත් ශක්තිමත් කළා. ඒ වගේම තමයි ආංශික කාරක සභා සක්‍රීය කර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඒවායේ සභාපති ධූර සඳහා පත්කිරීමට කටයුතු කළා.
නමුත් අවාසනාවකට ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් එය තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීමට සහ පක්ෂයේ බල අවශ්‍යතාව වෙනුවෙන් අවභාවිතා කළ බවත් සඳහන් කළ යුතුයි. ව්‍යවස්ථා සභාවේ දී පවා ඒ බව දැකගන්නට ලැබුණා. නමුත් සුළු පිරිසකගේ හැසිරීම නිසා සම්මුතිවාදී දේශපාලන ප්‍රවේශය ප්‍රතික්ෂේප කළ නොහැකියි.
බැද්දේගම කෘතියේ එන සිළිඳුට දඬුවම තීරණය කරන්නේ අධිකරණය හරහා මිස ගමේ පාලම් බෝක්කුවක් උඩ නෙවෙයි.
අප රටක් ලෙස වසර 200 ක පමණ කාලයක් තිස්සේ මානුෂවාදී වටිනාකම් ගොඩනගා තිබෙනවා. ප්‍රසිද්ධ බැද්දේගම කෘතියේ එන සිළිඳුට දඬුවම තීරණය කරන්නේ අධිකරණය හරහා මිස ගමේ පාලම් බෝක්කුවක් උඩ නෙවෙයි.
නමුත් 1917 රුසියානු විප්ලවය සැලකුවහොත් එය සාර් ඝාතනයෙන් අවසන් වන්නේ නෑ. කුඩා දරුවා, සේවකයින්, වෛද්‍යවරයා ගේ සිට මාලිගයේ සිටි බල්ලා පවා කුරිරු ඝාතනයෙන් අවසන් කරනවා. වසර 300ක පමණ සිට ක්‍රමයෙන් ගොඩනැඟී තිබූ යුරෝපා මානුෂික වටිනාකම් අහෝසි කෙරෙනවා.
ඒ ආශ්‍රයෙන් ලංකාවේ මේ මොහොතේ නඟමින් තිබෙන වෛරී දේශපාලන ප්‍රවේශයේ ඇති අවධානම තේරුම් ගත යුතුයි. අර්බුදයට විසඳීමට අවශ්‍ය රටේ ජාතික අභිලාෂ තේරුම් අරගෙන, එම අභිලාෂ සාක්ෂාත් කරගන්නට අවශ්‍ය සම්මුතිවාදී දේශපාලන ප්‍රවේශයක් මිස, ප්‍රතිවිරුද්ධ දේශපාලන මත ධාරියා කෙරෙහි වෛරය සමාජගත කිරීම නෙවෙයි.
ජනාධිපතිවරණය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවා, එළැඹෙන මහ මැතිවරණයේදී ඒ සම්මුතිවාදී දේශපාලනය පිළිගත් පිරිසක් පාර්ලිමේන්තු එවීමයි.
ඒ නිසා මේ 2024 ජනාධිපතිවරණය අභිමුව ජනතාව තීන්දුව ගැනීමේදී මේ සම්මුතිවාදී දේශපාලන ප්‍රවේශය ජයග්‍රහණය කරවීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුම වෙනවා. නැත්නම් සිදුවන්නේ ආයෙත් දේශපාලන පසමිතුරුතා උග්‍ර කරගනිමින් 2022 දී රට තිබූ තත්ත්වයටත් වඩා අන්ත තත්ත්වයක් වෙත ඇද වැටීමයි. ඒ නිසා මේ මොහොතේ තෝරාගැනීම් රැසක් නෑ. තිබෙන එකම තෝරාගැනීම ජනාධිපතිවරණය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවා, එළැඹෙන මහ මැතිවරණයේදී ඒ සම්මුතිවාදී දේශපාලනය පිළිගත් පිරිසක් පාර්ලිමේන්තු එවීමයි. එයත් මේ මොහොතේ ආපසු හැරවිය නොහැකි ජාතික අභිලාෂයක් ව තිබෙනවා.
(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk
[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]
සබැඳි ලිපි:
'හරි පාර' : ඇයි අපි දුප්පත් ? - (රවී කරුණානායක)
ප්‍රශ්නය ආර්ථිකය වුණත් උත්තරය රනිල් !
'හරි පාර' : අයිස් කුට්ටියකින් වැඩක් ගමු : පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ගොඩනගමු ! - (රවී කරුණානායක)
'හරි පාර' : අලුත් දේශපාලන සිතියමේ අපි සිටිය යුත්තේ කොතනද ? - (රවී කරුණානායක)
'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)
හරි පාර : හොඳටම කරන්න ඉල්ලන විපක්ෂය සහ රටවල් 4ක කතාව ! - (රවී කරුණානායක)
හරි පාර : ආපසු හැරෙන්න බෑ ! - (රවී කරුණානායක)
ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)
වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම ! - (රවි කරුණානායක)
ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)
හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)



