ඔහු අකාලයේ මිය ගිය බවක් විශේෂයෙන්ම දැනෙන්නේ ඒ නිසා විය යුතුයි.
තරුණ මන්ත්‍රීවරු සහ දේශපාලන ක්‍රියාකාරීන් මංගලගෙන් දේශපාලන ගුරුහුරුකම් ලබාගත් බව නොරහසකි. ඔහුගේ විනිශ්චයන් සහ දේශපාලන තීන්දු ඔවුන්ගේ දේශපාලන භාවිත හැඩ ගැස්සීමට පාදක විය. ඔහුගේ විරුද්ධවාදීන් පවා මංගලට ගරු කළ අතර ඔහුගේ විවේචන බරපතල ලෙස තක්සේරු කළහ.
මංගල මාගේ ඉතා හොඳ මිතුරෙකු මෙන්ම දේශපාලනය යන විෂයෙහි
මාර්ගෝපදේශකයෙක්ද විය.
මංගල මාගේ ඉතා හොඳ මිතුරෙකු මෙන්ම දේශපාලනය යන විෂයෙහි මාර්ගෝපදේශකයෙක්ද විය. මාගේ විසි වසරක දේශපාලන දිවිය දෙස හැරී බලන විට එම චාරිකාව තුල මංගල මොන තරම් වැදගත් වුයේ දැයි එදාට වඩා අද පැහැදිලි ය. කිසිවෙකු තමන් සිටිනා දේශපාලන සංවිධානය පිළිබඳවත් අදාළ නායකයින් පිළිබඳවත් සියයට සියයක් සතුටු වන්නේ නැත. මෙය පොදු සත්‍යයකි. මා ඉගෙනගෙන ඇත්තේ සහස් විශේෂයෙන් මංගල මට උගැන්වුයේ අභ්‍යන්තර සංවාද ඕනෑම සංවිධානයක තිබිය යුතු ඉතා සාධනීය කාරණයක් බවයි. මෙරට සංවිධානයක, විශේෂයෙන්ම දේශපාලන පක්ෂයක, ඉදිරි ගමනට ඉතා වැදගත් වන අතර, ඒ සඳහා අත්‍යවශ්‍ය වන්නේ තමන් දරන මතය නිරවුල්ව සහ එඩිතරව ප්‍රකාශ කිරීම සඳහා ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙන් සිටීමයි. මංගල සමරවීර එවන් චරිතයකි.
මෙරට සංවිධානයක, විශේෂයෙන්ම දේශපාලන පක්ෂයක, ඉදිරි ගමනට ඉතා වැදගත් වන අතර,
ඒ සඳහා අත්‍යවශ්‍ය වන්නේ තමන් දරන මතය නිරවුල්ව සහ එඩිතරව ප්‍රකාශ කිරීම සඳහා
ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙන් සිටීමයි. මංගල සමරවීර එවන් චරිතයකි
මංගල ඔහුගේ අදහස් එඩිතරව ප්‍රකාශ කර සිටියේ එමගින් තමාට අත්විඳින්නට සිදුවන වාසි අවාසි නොතකාය. බහුතර මතයට ගරු කර පොදු තීරණ වලට අවනත වීම ඔහුගේ ක්‍රමවේදය වුවත් ඒ එක්තරා සීමාවක් දක්වා පමණි. යම් පක්ෂයක නායකත්වය එම පක්ෂයේ දේශපාලන මූලධර්මයන් වලට පටහැනිව කටයුතු කරන්නේ නම්, එම නායකත්වය නිවැරදි මාවතකට යොමු කිරීමට නොහැකි නම්, තව දුරටත් එම පක්ෂයේ රැඳී සිටීම අඥාන බවත් තමන්ගේ හෘදසාක්ෂිය පාවා දීමක් ලෙස මංගල සැලකු බව ඔහුගේ දේශපාලන ඉතිහාසය විමසන ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත. සමගි ජන බලවේගයෙන් මංගල ඉවත්ව ගියේ එබැවිනි.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් වෙනම දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට විවිධ අයට විවිධ හේතු තිබෙන්නට ඇත. බොහෝ දෙනා ඒ වෙනස සඳහා එජාපයෙන් ඉවත් වුයේ මංගල සමරවීර ඉදිරිපත් කළ කරුණු කාරණා තර්ක හේතුවෙන් බව මාගේ විශ්වාසයයි. මංගල යම් මතයක් ඉදිරිපත් කලේද එම මතය ඉදිරිපත් කරන්නේ මංගල නිසාම එයට එකඟ වීමේ ප්‍රවනතාවයක් එජාපය තුල තිබිණ. ඒ කෙසේ වෙතත් ඒ වන විද සංකීර්ණ සහ දීර්ඝ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයක් තිබුනේ ද නැත. මංගල යනු ප්‍රජාතන්ත්‍රවාදියෙකි. බලය පුද්ගලයෙකු වටා කේන්ද්‍රගත වීමට ඔහු මනාප නොවුනේය. ඒකාධිපති ප්‍රවණතා ඉවසන පිළිවෙතක් ඔහුට තිබුනේ නැත.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් වෙනම
දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට විවිධ අයට විවිධ හේතු තිබෙන්නට ඇත.
සජබෙන් අස් වීම වෙනුවෙන් දැවැන්ත වන්දියක් ඔහුට ගෙවන්නට සිදු විය. එසේ නොකළේ නම් මංගලට ඔහුගේ පාර්ලිමේන්තු ආසනය ඉතා පහසුවේ ආරක්ෂා කර ගැනීමට තිබිණ. එහෙත් වාසි-අවාසි ඔහුගේ ගණන් බැලීමට අදාළ නොවින. වාසි-අවාසි ගැන සිතන අයට මංගලගේ නික්මයාම පුදුමයක් විය. වාසිය පමණක් සොයන දේශපාලන සංස්කෘතියක් තුල ජීවත් වීමට සිදුව ඇති ඡන්දදායකයින්ටට එම තීරනය ප්‍රහේලිකාවක් වන්නට ඇත. ඒත් ඒ මංගල. මංගලගේ දේශපාලන භාවිතය. මංගලගේ විදිහ. නොරුස්සන දේ රුස්සනවා යැයි පෙන්වීම හෝ ආරක්ෂා කිරීම මංගලට හැමදාම නුහුරු දෙයක් වින.
මංගල සජබයෙන් ඉවත් වීම කණගාටුවට කරුණක් වුයේ පක්ෂයට ඔහු මොනතරම් ශක්තියක් දැයි මා දැන සිටි බැවිනි. පක්ෂයේ ප්‍රතිරූපයට මෙන්ම පක්ෂයේ දේශපාලන අනාගතයටද එවැනි දුර්ලබ චරිත බෙහෙවින් වැදගත් වන බව මාගේ විශ්වාසය විය. දේශපාලන මාර්ගෝපදේශකයෙක් මෙන්ම පක්ෂය තුල කල්‍යාන මිතුරෙකුද එකවර නැතිවීම පිළිබඳව මම දුක් වුනෙමි.
වසර තුනක් ගතව ඇත. දේශපාලන පරිසරය බොහෝ විපර්යාස වලට ලක් ව ඇත. මංගල අද සිටියා නම් ඔහු ස්තානගතවන්නේ කොතනද සහ කා සමගද යන්න පිළිබඳව අදහස් දැක්විය හැකි වුවද එය නිරර්ථක අභ්‍යාසයක් වනු ඇත. එහෙත් එදාට වඩා අද ඔහුගේ එම තීරණය වඩා නිරවුල්ව විභාග කළ හැක.
පක්ෂයේ රැඳී සිටීමේ වාසිය නොතකා එසේ නික්ම යාමට හේතුවූයේ
අන් සියලු දෙනාට පෙර ඔහුට යම් දෙයක් අවබෝධ වූ බැවිනි.
මංගල සජබයෙන් ඉවත් වුයේ පක්ෂය නිර්මාණය කිරීමෙන් වැඩි කාලයක් ගත වීමට පෙර ය. පක්ෂයේ රැඳී සිටීමේ වාසිය නොතකා එසේ නික්ම යාමට හේතුවූයේ අන් සියලු දෙනාට පෙර ඔහුට යම් දෙයක් අවබෝධ වූ බැවිනි. පක්ෂය යන මග සහ පක්ෂ නායකත්වය පිලිබඳ ඔහු සතු වූ කණස්සල්ල විමසීමට හෝ විමසා සමනය කිරීමට කිසිඳු උනන්දුවක් නොමැති බව ඔහුට අවබෝධ වන්නට ඉඩ ඇත. ඉවත් වීම විනා වෙන විකල්පයක් ඔහු නොදුටුවා විය හැක. එජාපයේ සහ එහි නායකත්වයේ සියලු ගැටළු සජබය තුල සහ එම නායකත්වයෙහි නැවත නිර්මාණය වීම ඔහු ඉවසුවේ නැත.
ඒ සියලු දේ ඉවසා පක්ෂය තුලම රැඳී සිටියේ නම් ඉන් කියවෙන්නේ මන්ත්‍රීකම හෝ අනාගත ඇමතිකමක් වෙනුවෙන් තම හෘදසාක්ෂිය සහ ප්‍රතිපත්ති පාවා දීම බව මංගල සමරවීර තීන්දු කළ බව අපට නිගමනය කිරීමට සිදු වේ. සජබය යනු තවත් එජාපයක් නම් සමස්ත ප්‍රයත්නය අර්ථ ශුන්‍ය බව ඔහු මෙන්ම එජාපයෙන් එදා ඉවත්වූ ඕනෑම කෙනෙක් තීරණය කළ යුතු ය.
අර්ථයක් නොමැති කිසිවක් සමග අනන්‍ය වීම මංගලගේ ස්වභාවය නොවිය. ඔහු ඉවත් වූයේ ය. ඔහු ඉතිරි කළේ ඉතා සරල පාඩමකි. ඉන් අපට ඉගෙන ගත යුත්තේ හෘදසාක්ෂිය සහ ප්‍රතිපත්ති පිලිබඳ ඉතා සරල දෙයකි. ඔහු අපට අපෙන්ම ඇසීමට ප්‍රශ්නයක් ඉතුරු කළේය: 'මාව මෙහෙයවන්නේ පුද්ගල අභිලාෂයන් ද එසේ නොවේ ද?' එජාපය අතහැර සජබය වැළඳගත් සියලු දෙනා තමන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය මෙයයි. මංගල සමරවීර සැමරීමට අවශ්‍ය නම් මෙම ප්‍රශ්නය ඇසිය යුතුම වේ.
(නීතිඥ තලතා අතුකෝරල)




ඒ සියලු දේ ඉවසා පක්ෂය තුලම රැඳී සිටියේ නම් ඉන් කියවෙන්නේ මන්ත්‍රීකම හෝ අනාගත ඇමතිකමක් වෙනුවෙන් තම හෘදසාක්ෂිය සහ ප්‍රතිපත්ති පාවා දීම බව මංගල සමරවීර තීන්දු කළ බව අපට නිගමනය කිරීමට සිදු වේ. සජබය යනු තවත් එජාපයක් නම් සමස්ත ප්‍රයත්නය අර්ථ ශුන්‍ය බව ඔහු මෙන්ම එජාපයෙන් එදා ඉවත්වූ ඕනෑම කෙනෙක් තීරණය කළ යුතු ය.