The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : මම ජනාධිපති වුණොත්...

T

The Leader Desk

August 25, 2024 • 6:58 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : මම ජනාධිපති වුණොත්...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතර කාලයේ ප්‍රචාරය වූ “ජනතාවගේ සේවකයා” යන අරුත් දෙන “Servant of the people” වැඩසටහන් මාලාවේ, ඔහු රඟපෑවේ ජනාධිපතිවරයකු ලෙසිනි.
  • අවසානයේ, යුක්රේනයේ 6 වැනි ජනාධිපතිවරයා බවට ද පත් විය.
  • විකට ජනාධිපතිත්, සැබෑ ජනාධිපතිත් දෙදෙනකු බව, ජනතාව තේරුම් ගන්නට වැඩි කලක් ගියේ නැත.
  • යුක්රේනය, නොනිමෙන ගිනි ජාලාවක් බවට පත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

2015 – 2019 අතර කාලයේ ප්‍රචාරය වූ “ජනතාවගේ සේවකයා” යන අරුත් දෙන “Servant of the people” වැඩසටහන් මාලාවේ, ඔහු රඟපෑවේ ජනාධිපතිවරයකු ලෙසිනි.

 

වොලොද්මීර් සෙලෙන්ස්කි

 

එම වැඩසටහන අතිශයින් ජනප්‍රිය වූ අතර, පසුව ඔහු, එහි නමින්ම දේශපාලන පක්ෂයක් ද පිහිටුවා ගත්තේය. අවසානයේ, යුක්රේනයේ 6 වැනි ජනාධිපතිවරයා බවට ද පත් විය.

විකට ජනාධිපතිත්, සැබෑ ජනාධිපතිත් දෙදෙනකු බව, ජනතාව තේරුම් ගන්නට වැඩි කලක් ගියේ නැත. යුක්රේනය, නොනිමෙන ගිනි ජාලාවක් බවට පත් විය. රටවැසියෝ, හිස් ලූ ලූ අත පලා ගියහ.

 

මෙය, අප රටේ ද අනාගත ජනපතිවරුන්ගේ කතා අසන්නට ලැබෙන යුගයකි. “මම ජනාධිපති වුණොත්, මේ මේ දේවල් කරනවා” යැයි ඔවුහු කියති. දහසක් පොරොන්දු දෙති. ප්‍රතිපත්ති ප්‍රකාශන බෙදති.

මේ කතා අසන කියන, සාමාන්‍ය පුරවැසියකු වන මට ද, ජනාධිපති වීමේ ආශාවක් උපන්නේය. ඇප බැඳීමටවත් මුදලක් මා සතු නැති බැවින්, එය හුදු ආශාවක්ම පමණක් බව කිව යුතුය. ණයට ගෙන හෝ ඇපය බැන්දත්, එය රාජසන්තක වීම අනිවාර්යය.

 

සාමාන්‍ය පුරවැසියකු වන මට ද, ජනාධිපති වීමේ ආශාවක් උපන්නේය
ඒ කෙසේ වෙතත්, මම ජනාධිපති වුවහොත්, කරන කියන දේවල් කිහිපයක් අවංකවම ඔබ හමුවේ තැබීමට කැමැත්තෙමි.

1. ජනාධිපති ලෙස දිවුරුම් දුන් වහාම ලෝකයේ සියලුම රටවල සංචාරය කිරීමට පටන් ගනිමි. බකිංහැම් මාලිගාවට ගොස්, රැජිනට අතට අත දී ඇය සමඟ ඡායාරූපයක් ගැනීම මගේ භාර්යාව දුටු සිහිනයකි. දැන් රැජින නැතත්, රජතුමා හමුවිය හැකිය.

2. පවුලේ අයට ද සියලු ඥාතීන්ට පමණක් නොව ගෑවුණු අයට පවා, සංස්ථා සභාපති, අධ්‍යක්ෂක, තානාපති ආදී තනතුරුවලින් ‘ඥාති සංග්‍රහ’ කරමි.

විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව 18 දා කොළඹ දි කතිකාවක්

3. මැතිවරණයට පෙර, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙමි. පත්වූ පසු අනෙක් ජනපතිවරුන් මෙන්ම එය අමතක කරමි.

4. අගමැති තනතුර සඳහා, මම පිටුපසින් පිහියෙන් නොඅනින, සුවච කීකරු, පතෝලයකු පත් කර ගැනීමට, අවශ්‍ය කටයුතු යොදමි.

5. හිටපු සමූපකාර සංගම් සභාපතිවරයකු වූ මගේ බාප්පා, මහ බැංකු අධිපති තනතුරට පත් කරමි. ඔහුගේ සහ කාර්ය මණ්ඩලයේ පඩි නඩි තීරණය කර ගැනීමේ අයිතිය ද ඔහුටම පවරමි.


සුරාබදු ආදායම අඩුවෙයි : රටපුරා 'හොර මත්පැන්' වැඩිවෙලාජනතාවට විනෝදයෙන් ජීවත්වීමට ඇති අයිතියට ගරු කිරීම මගේ ප්‍රතිපත්තියකි.
6. (I) ජනතාවට විනෝදයෙන් ජීවත්වීමට ඇති අයිතියට ගරු කිරීම මගේ ප්‍රතිපත්තියකි. ඒ අනුව, ජන මතයට හිස නමමින්, සියලුම මත්පැන් වර්ගවල, මිල සියයට පනහකින් අඩු කිරීමට කටයුතු කරමි. සෑම ග්‍රාමසේවා වසමකම, මත්පැන් හලක් පිහිටුවීමට බලපත්‍ර ලබා දෙමි. අවශ්‍ය නම් ග්‍රාමසේවා හෝ සංවර්ධන නිලධාරියාටම එම බලපත්‍රය ලබාගත හැකිය. එවිට ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය වන්නේ ද නැත.

(II) දේශීය මත්පැන් නිපදවන්නන්ට අතදීමක් වශයෙන්, ගෘහස්ත කර්මාන්තයක් වශයෙන් ද මත්පැන් නිෂ්පාදනයට අවසර දෙමි. මෙමගින් අඩු ආදායම්ලාභී ග්‍රාමීය ජනතාවගේ, ජීවන තත්ත්වය ද නගා සිටුවිය හැකිය.

(III) සිරි ලංකාවේ දැනටත් සාර්ථකව සිදුකෙරෙන කංසා වගාව, නීතිගත කරන අතර, එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කරමි. මෙමගින්, විශාල වශයෙන් විදේශ විනිමය (ඩොලර්) ලබාගත හැකි බව, මීට පෙර පාර්ලිමේන්තුවේ දී පවා පෙන්වා දී තිබෙන කරුණකි.


රැකියා විරහිත උපාධිධාරීන්ට රජය ලබා දෙන විසඳුම මොකක් ද?රැකියා විරහිත උපාධිධාරීන්
7. රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ස්වයංරැකියා යෝජනා ක්‍රමයක් යටතේ, ‘පෙට්ටි කඩ’ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමි. එමගින්, එකී උපාධිධාරීන්ට, තම නිවෙස් අසලම කුඩා පෙට්ටි කඩ පවත්වාගෙන යා හැකිය. උපවාස සඳහා, එක් රැයකින් වේදිකා ඉදිකර දෙන, ඔවුන්ගේ සගයන්ට ද පෙට්ටි කඩ ව්‍යාපෘතියෙන් ආදායමක් ලබාගත හැකිය.

පෙට්ටි කඩ මගින්, උපාධිධාරීන්ගේ නිවෙස්වල සිටින, පවුලේ සාමාජිකයන්ට ද රැකියා අවස්ථා උදාවනු ඇත. සියලුම පෙට්ටි කඩ, වෙළෙඳ අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර, ආදායම් බද්දෙන් ද නිදහස් කිරීමට කටයුතු කරමි.

8. ප්‍රංශයේ 14 වැනි ලුවී රජු පැවසුවාක් මෙන්, ‘රාජ්‍යය යනු මමය’ ප්‍රතිපත්තිය, මම ද අනුගමනය කරමි.

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8රාජ්‍ය පාලනය සඳහා, පාර්ලිමේන්තුව නිතර රැස්වීම අනවශ්‍යයය

 

එහෙයින්, රාජ්‍ය පාලනය සඳහා, පාර්ලිමේන්තුව නිතර රැස්වීම අනවශ්‍යයය. අයවැය ලේඛනය අනුමත කිරීම වැනි අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක්, එය රැස්විය හැකිය. එමගින්, දැනට එය පවත්වාගෙන යාමට වැය වන, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදල්, ඉතිරි කොට, ජනාධිපති අරමුදලට බැර කළ හැකිය.

9. ජනාධිපති උපදේශක තනතුරට, පවුල් බලයෙන්ම, මගේ භාර්යාව (ආර්යාව) පත්වීමට නියමිතය. ඉන්පසු මුළු රටේම කාන්තාවන් පමණක් නොව පිරිමින් ද එක මිටට ගැනීමට ඇයට හැකිවනු ඇත.

10. නැවත වරක් ජනාධිපති තනතුරට තරග වැදීමට මගේ කිසිදු අදහසක් නැත. මම දේශපාලනයෙන් සමුගෙන ගමට ගොස්, ගොවිපළක් පවත්වාගෙන යාමට අදහස් කරමි. ඉන් ලබන සියලු ආදායම, මගේ පුතා අනාගත ජනපති කරවීමේ දේශපාලන ව්‍යාපාරය සඳහා යොදවනු ලැබේ.

(තවත් අදහස් රාශියක් ඇති අතර, ඒ සියල්ල ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණයෙන් පසු, ජනගත කෙරේ.)

(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' - deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...