The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අධ්‍යාපන පරිවර්තනයක් උදෙසා පුරවැසි සහභාගිත්වය - (සාගල රත්නායක)

T

The Leader Desk

August 25, 2024 • 8:04 AM

අධ්‍යාපන පරිවර්තනයක් උදෙසා පුරවැසි සහභාගිත්වය - (සාගල රත්නායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුගයේ අත්‍යවශ්‍ය පරිවර්තනයක් ඉල්ලා සිටින අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දාර්ශනික පසුබිම මේ කතා බහ තුළ ඉස්මතුව තිබුණා. මේ වන විට රජය අධ්‍යාපන පරිවර්තනයක් වෙනුවෙන් මුලික පියවර අරගෙන තිබෙනවා.
  • ඒ වෙනුවෙන් ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (2023-2033)’ නම් ලියවිල්ල මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා.
  • මේ පළමු කරනාවලට අදාලව නම් කියන්න වෙන්නේ මේක තවම සංකල්ප පත්‍රිකාවක මට්ටමේ තිබෙන ලියවිල්ලක් බවයි.
  • රටක් ආර්ථිකව වගේම සාමාජීයව සංස්කෘතිකව ශක්තිමත්ව ගොඩ නැගෙන්න, වඩා හොඳ අනාගතයක් නිර්මාණය කර ගන්න අධ්‍යාපනයේ වුවමනාව විභාගය කියන කඩ ඉමෙන් එහාට යන්න ඕන. 1943 දි ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාව නිකුත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙහෙයවනු ලැබු මෙම සාකච්ඡා සියල්ල Citizen University නම් Youtube නාලිකාවේ පළකර තිබෙනවා. 

 

 

 

මෙම සාකච්ඡා සදහා ආචාර්ය සුජාතා ගමගේ, මහාචාර්ය මංජුලා විදානපතිරණ, මහාචාර්ය පණ්ඩුක කරුණාරත්න, වෛද්‍ය රුවන් ඒකනායක, මහාචාර්ය හරිශ්චන්ද්‍ර ගම්භීර යන විද්වතුන් සහභාගී වෙලා තිබුණා. මේක වැදගත් සාකච්ඡාවක්. යුගයේ අත්‍යවශ්‍ය පරිවර්තනයක් ඉල්ලා සිටින අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දාර්ශනික පසුබිම මේ කතා බහ තුළ ඉස්මතුව තිබුණා. 

 

 

මේ වන විට රජය අධ්‍යාපන පරිවර්තනයක් වෙනුවෙන් මුලික පියවර අරගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (2023-2033)’ නම් ලියවිල්ල මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. ඉහත කී සාකච්ඡා මාලාව පදනම් වන්නේ මේ ලියවිල්ල සම්බන්ධ කරගෙන. මෙතන මුලික නිරීක්ෂණයන් තුනක් දකින්න පුළුවන්. මෙම වාර්තාවේ කර්තෘත්වය කවුරුන්ද යන්නත්, මෙම වාර්තාව සැකසීමට විශ්ව විද්‍යාල අධ්‍යයන අංශවල, ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන වල සහ මේ ගැන උනන්දුවක් දක්වන විද්වත් පාර්ශ්ව වල සහය අරගෙන නොතිබීමත් සහ අධ්‍යාපනයේ අරමුණ කුමක්ද යන්න ගැනත් මෙහි දී වැඩි අවධානයක් යොමු කරල තිබුණා. මේ පළමු කරනාවලට අදාලව නම් කියන්න වෙන්නේ මේක තවම සංකල්ප පත්‍රිකාවක මට්ටමේ තිබෙන ලියවිල්ලක් බවයි. අවසන් ලියවිලක් නෙවෙයි. මේ යෝජනා කෙටුම්පත අවසන් වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න  ඕන. සාකච්ඡාවකට අවශ්‍ය කරන පදනම සැකසීම තමයි මේ ලියවිල්ල හරහා කළේ. ඒ මත ඉඳලා මේක තවදුරටත් පෝෂණය වෙන්න ඕන. අධ්‍යාපනඥයන්ගේ අදහස්, විශ්ව විද්‍යාල අධ්‍යනයන්, ජාතික අධ්‍යාපන ආයතනයේ, ජාතික අධ්‍යාපන කොමිසම් සභාවේ වගේ ආයතන වල අදහස් වලින් මේක පෝෂණය වෙන්න  ඕන. ඒ අයව අනිවාර්යෙන්ම මේ සංවාදයට දායක කරගන්න  ඕන.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ  ලියවිල්ල - දෙවැනි කොටසමේ හැම තැනම වෙන්නේ විභාගයක් සමත් කරගැනීම අවසන් අරමුණ කියන එකට සරිලන සේ ඉගැන්වීම.

 

එතකොට අධ්‍යාපනයේ අරමුණ මොකක්ද කියන කාරණය වැදගත් මාතෘකාවක්. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නවා, අපේ දරුවෝ පාසල් යනවා, විශ්ව විද්‍යාල වල යවනවා. ඒත් මේ හැම තැනම වෙන්නේ විභාගයක් සමත් කරගැනීම අවසන් අරමුණ කියන එකට සරිලන සේ ඉගැන්වීම. එහි අපේක්ෂාව වෙන්නේ හොඳ රැකියාවක්. 

 

රටට අවශ්‍ය ගුරු බලයක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහහිටපු අධ්‍යාපන ඇමැති සී. ඩබ්. ඩබ්. කංනන්ගර

ඒත් අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ ඒක නෙවෙයි. රටක් ආර්ථිකව වගේම සාමාජීයව සංස්කෘතිකව ශක්තිමත්ව ගොඩ නැගෙන්න, වඩා හොඳ අනාගතයක් නිර්මාණය කර ගන්න අධ්‍යාපනයේ වුවමනාව විභාගය කියන කඩ ඉමෙන් එහාට යන්න ඕන. 1943 දි ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාව නිකුත් වුණා. ඒකෙ දී ප්‍රමුඛ කාර්යභාරයක් කළ හිටපු අධ්‍යාපන ඇමැති සී. ඩබ්. ඩබ්. කංනන්ගර මැතිතුමා මෙහෙම කියනවා. ‘‘අධ්‍යාපනයේ  පරමාර්ථය නම් ලෞකික වූද ලෝකෝත්තර වූද පැවැත්ම සඳහා ජීවිතය පිළියෙල කිරීමයි. මෙකල පිළිගෙන තිබූ පරමාර්ථ වනාහී ගනනින් තුනකි. එනම් මානසික සංවර්ධනය නොහොත් මානසික විනය, පුද්ගල චරිතය ද ඇතුළත් සංස්කෘතිය, කාර්යක්ෂමතාවය යන තුනයි.’’ 

ඒත් අද අපේ පවතින අධ්‍යාපනය තුළ මේ මුල් පරමාර්ථ දෙක ගිලිහිලා තියෙන්නේ. ඒක පැහැදිලියි. සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ පූර්ව යුගය වන වයස අවුරුදු 14 දක්වා කාලය තුළ සිදු විය යුත්තේ මානසික සංවර්ධනය නැතිනම් මානසික විනය. ඒ තුළින් ශිෂ්‍යයා ශික්ෂණය කිරීම සිදු විය යුතුයි. සමාජයේ පුරවැසියකු ලෙස ජීවත් වීමේදි තිබිය යුතු පොදු වටිනාකම් පද්ධතියට හුරු කිරීම සිදු විය යුතුයි. අද බොහෝ වේලාවට දකින්න තියෙන සාමාජීය අර්බුද වලට හේතුව මේ මුලික අඩිතාලම අධ්‍යාපනයෙන් ගිලිහී යෑම කියන එක වැරදි නැහැ. මේ තත්වය වෙනස් විය යුතුයි.

 

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි? - (ආචාර්ය සුජාතා  ගමගේ )සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ පූර්ව යුගය වන වයස අවුරුදු 14 දක්වා කාලය තුළ සිදු විය යුත්තේ මානසික සංවර්ධනය නැතිනම් මානසික විනය.

 

ඒත් අපි ඉදිරියේ ඇති අභියෝගය වෙන්නේ, අද පොදු ජන කතිකාවේ මුල් බැහැගෙන ඇති විභාග කේන්ද්‍රීය තරගකාරී අධ්‍යාපනය පිළිබද ආකල්පය වෙනස් කර ගන්නේ කොහොමද කියන එක. මේක ලෙහෙසි නැහැ. අද විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නිසා විශාල සේවා ආර්ථිකයකුත් ගොඩනැගී තිබෙනවා. විශාල පෞද්ගලික ආයතන ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. විභාගය ජය ගැනීම කළ නොහැකි නම් ජීවිතයට පැවැත්මක් නැහැ කියන මතයක් හැදිලා තියෙනවා. මේ තත්වයන් නිසා දෙමාපියන් බහුතරයකට අධ්‍යාපනයේ ඇත්ත අරමුණ විය යුත්තේ කුමක්ද කියන එක පහදල දෙන්න විශාල අපහසුතාවයක් තියෙනවා. ඔවුන් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ ඉහළ මට්ටමේ රැකියාවක් ලබා ගැනීමට පමණක් කියන මතයක හිර වෙලා ඉන්නේ. ඒ නිසා දරුවනුත් මේ විභාග කේන්ද්‍රීය තරගකාරි අධ්‍යාපනය තුළ බරපතල වැඩ ඇතිව හිරගත වීමකට ලක්වෙලා. අපේ රට තුළ අධ්‍යාපන අවස්ථා සුලබ නොවීමත් මේ තත්වයට යම් තරමක බලපැමක් වෙලා තියෙනවා කියන එක පෙනෙන්න තියෙනව.

 

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ  ලියවිල්ල - දෙවැනි කොටසදරුවනුත් මේ විභාග කේන්ද්‍රීය තරගකාරි අධ්‍යාපනය තුළ බරපතල වැඩ ඇතිව හිරගත වීමකට ලක්වෙලා.

 

කොහොම වුණත් මේ අර්බුදයේ දිග පළල ගැඹුර අද වටහා ගෙන තිබුණත් රජයකට කඩිනම් කෙටිකාලීන පියවරයන් මගින් මේක වෙනස් කිරීම කරන්න බැහැ. 1943 සිට අද දක්වා යම් වෙනස්කම් කළා. ඉන් පසුව අධ්‍යාපන පරිවර්තනයන් වෙනුවෙන් නොයෙකුත් පියවර විවිධ කාල වකවානුවල රජයන් විසින් ගත්තත්, ඒ හැම අවස්ථාවකම ජනප්‍රියවාදී දේශපාලන කතිකාවන් නිසා ඒ උත්සාහයන් බිඳ වැටී තිබෙනවා. 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව ඒකට හොඳම උදාහරණයක්. 

 

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව : ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ  ලියවිල්ල - (විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)ඇත්තටම රටේ අධ්‍යාපන පරිවර්තනයක් සඳහා අත ගහන්නත් ආණ්ඩුවකට සුවිශේෂ හැකියාවක් ශක්තියක් තියෙන්න ඕන.

ඒ වගේම අධ්‍යාපන පරිවර්තනයකට ආණ්ඩුවක් අත ගහනව කියන එක, මේ රටේ ජනප්‍රිය දේශපාලන භාවිතාවන් අනුව ආණ්ඩුව පෙරළා දමන්න තරම් යොදා ගත හැකි අවියක්. ඕනෑම ආණ්ඩුවක් මුහුණ දෙන ප්‍රශ්නයක් මේක. මේ නිසා ඇත්තටම රටේ අධ්‍යාපන පරිවර්තනයක් සඳහා අත ගහන්නත් ආණ්ඩුවකට සුවිශේෂ හැකියාවක් ශක්තියක් තියෙන්න ඕන. ඒ කොහොම වුණත්, මේ අධ්‍යාපන පරිවර්තනය පිළිබඳ කතිකාව මතු වෙන්න ඕන මහජන වුවමණාවක් ලෙසයි. මහජනතාවගේ ඉල්ලීමක් වෙනවා නම් එම වෙනස්කම් කිරීම රජයකට ඉතාම පහසු තත්වයක්.

මහාචාර්ය නිර්මාල් දේවසිරි මෙහෙය වූ සාකච්ඡා මාලාව බොහොම වැදගත් වෙන්නේ ඒ නිසා. මේ සාකච්ඡා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් අතර වගේම දෙමාපියන් අතරත් වෙන්න ඕන. සෑම තරාතිරකම පුරවැසියත් මේකට සහභාගී වෙන්න ඕන. ඒක වඩාත් යහපත් පරිවර්තනයක් වෙනුවෙන් විශාල දායකත්වයක් ඇති කරයි කියන අදහසක මම ඉන්නවා. 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රටේ අධ්‍යාපන පරිවර්තනයක් වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියාත්මකව සිටිනවා. මොකද එහෙම නැතිව මේ රටට තවදුරටත් මේ දියුණු ලෝකය තුළ ඉදිරියට යන්න බැහැ. අපි දැනටමත් දශක ගනනාවක් පසු පසින් ඉන්නේ. ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ සැකසීමෙන් ඉලක්ක කරන්නේ 2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අඩිතාලම දමන්න. මේ වෙනුවෙන් අධ්‍යාපන විප්ලවයක අවශ්‍යතාවයක් අද තියෙන්නේ. ජනාධිපතිතුමා මීට පෙර අවස්ථා ගනනාවක දී මේ රටේ අධ්‍යාපනය පවතින තැනින් ඉදිරියට ගන්න විශාල වැඩ කොටසක් කරල තියෙනවා. එතුමා අධ්‍යාපනය සම්බන්ධ ආයතන ගනනාවක් බිහි කළා. ඔහුට ඒ ගැන විශාල පරිචයක් තිබෙනවා.

මේ අධ්‍යාපන විප්ලවය, වඩා සාර්ථකව කර ගැනීමට ජනාධිපතිතුමාගේ ඇති උනන්දුව හා කැපවීම අනුව ඔහුගේ දායකත්වය මේ රටට ඉදිරියටත් අවශ්‍යයි කියලා මම හිතනවා.

 

සාගල රත්නායක
එජාප ජාතික සංවිධායක
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි

[උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප]

 

සබැඳි ලිපි

ආපදාවට පෙරසූදානම - ( සාගල රත්නායක)

මතාන්තරය : වැඩ වර්ජන රැල්ල   - ( සාගල රත්නායක)  

ප්‍රතිසංස්කරණය අධ්‍යාපනයටත් අවශ්‍යයි - ( සාගල රත්නායක)

ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂි නවීකරණය - (සාගල රත්නායක)

දියුණු රටවල සංවර්ධනයේ රහස - (සාගල රත්නායක)

ආර්ථික හැකියාව සහ මැතිවරණ පොරොන්දු - ( සාගල රත්නායක)

ප්‍රජාතන්ත්‍රවාදයේ ආසියානු ආදර්ශය  - (සාගල රත්නායක)

දුප්පත්කම තුරන් කිරීමට ධාරිතා සංවර්ධනය - (සාගල රත්නායක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...