The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පැරණි වම සහ දකුණ විසින් හඳුනා නොගත් අලුත් වම.. - (සුනිල් ගාමිණි)

T

The Leader Desk

August 29, 2024 • 4:24 PM

පැරණි වම සහ දකුණ විසින් හඳුනා නොගත් අලුත් වම.. - (සුනිල් ගාමිණි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒවා හඳුන්වනු ලබන්නේ පැරණි වම ලෙසය.
  • අලුත් වම ලෙස ප්‍රපංචයන් ⁣දෙකක් මතු විය.
  • බණ්ඩාරණායක, පසුව එම පක්ෂයෙන් ඉවත්වී බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ප්‍රගතිශීලී වාමාංශික බලවේගයක් ලෙසට භෞතීෂ්ම කිරීමට කටයුතු කළේ පැරණි වම විසින් ය.
  • පැරණි වමේ නායකයන්ට නාස් ලණුව දමා, සිරිමාවෝ බණ්ඩාරනායක විසින් ආණ්ඩුවක් ගොඩනගා ගත්තාය.ඒ ආණ්ඩුව විසින් ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වූයේ CIA ඒජන්තයන් ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකා සමසමාජ පක්ෂය ය. ඒවා හඳුන්වනු ලබන්නේ පැරණි වම ලෙසය.

අලුත් වම ලෙස ප්‍රපංචයන් ⁣දෙකක් මතු විය. එකක් ජනතා විමුක්ති පෙරමුණය. අනෙක නව සමසමාජ පක්ෂය ය. ⁣

sdrt353
මේ දෙකම බිහිවූයේ බිහි වූයේ පැරණි වමේ ගර්භාෂය තුළය. 1965 දී ජ.වි.පෙ. බිහි වූයේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ ගර්භාෂයෙනි.

1977 දෙසැම්බර්, නව සමසමාජ පක්ෂය බිහි වූයේ ලංකා සමසමාජ පක්ෂයේ ගර්භාෂයෙනි.

(මෙම ලියුම්කරු ද, 1982 දී න.ස.ස.ප.යේ සාමාජිකත්වය ලබා ගෙන එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු ලෙස 1994 දක්වා පූර්ණකාලිකයෙකු ලෙස ක්‍රියා කළ අයකුය.)

මේ දෙකම බිහිවීමට වාස්තවික තත්ත්වය නිර්මාණය වූයේ, පැරණි වම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති ධනපති පංතිය නියෝජනය කළ පක්ෂය සමඟ එක්වී සභාග ආණ්ඩු හැදීමට ගත් තීරණය නිසා ය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකුව සිටි S. W. R. D. බණ්ඩාරණායක, පසුව එම පක්ෂයෙන් ඉවත්වී බිහි කළ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය, ප්‍රගතිශීලී වාමාංශික බලවේගයක් ලෙසට භෞතීෂ්ම කිරීමට කටයුතු කළේ පැරණි වම විසින් ය.

පැරණි වමේ නායකයන්ට නාස් ලණුව දමා, සිරිමාවෝ බණ්ඩාරනායක විසින් ආණ්ඩුවක් ගොඩනගා ගත්තාය.ඒ ආණ්ඩුව විසින් ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වූයේ CIA ඒජන්තයන් ලෙසය. සිරිමාගේ තුරුලේ ආණ්ඩු කරමින් සිටි පැරණි වම ක්‍රියා කළේ ද එම මතයටම අනුව ය.

se53trdrt
ලංකා සමසමාජ පක්ෂය සභාගවාදයට නතුවීමට එරෙහිව ඒ පක්ෂය තුළ අභ්‍යන්තර අරගලයක් කළේ වික්‍රමබාහු කරුණාරත් සහ සුමනසිරි ලියනගේ ඇතුලු පිරිස ය. වාසුදේව නානායක්කාර සහ සිරිතුංග ජයසූරිය වැනි අය  න. ස. ස. ප. ය බිහිවෙන විට ඊට එකතු වූ අය ය.

ජ.වි.පෙ.. පිලිබඳව නව සමසමාජ පක්ෂයේ දේශපාලන විග්‍රහය වූයේ, එය සුළු ධනේශ්වර පක්ෂයක් මිස කම්කරු පක්ෂයක් නොවන බව ය.

පැරණි  වම විසින් ජ.වි.පෙ. සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන විට  න.ස.ස.ප. ය ගත් ස්ථාවරය ඊට හාත්පසින්ම වෙනස් එකක් විය.

සුළු ධනේශ්වර පංතිය සෑම විටම ධනේශ්වර පංතියට ඇතුල් වීමේ අභිලාෂය ඇතිව ක්‍රියා කරන නමුත්, රටක විප්ලවීය පරිවර්තනයකදී එම බලවේගය තීරණාත්මක ගාමක බලවේගයක් බව න.ස.ස.ප. යේ දේශපාලන  මතය විය.

එම නිසාම ජ.වි.පෙ.යනු , ධනපති පංතිය මෙන් සතුරු බලවේගයක් ලෙස නො සැලකිය යුතු බව න. ස. ස. ප. ය තුළ දේශපාලනිකව අවධාරණය වී තිබිණ.

1980 පැවැති මහ වැඩ වර්ජනය, ඉන්දු ලංකා ගිවිසුම අනුව ආ පලාත් සභා ක්‍රමය ආදී සුවිශේෂ දේශපාලන සංසිද්ධීන් වලදී ජ.වි.පෙ. ගත් ස්ථාවරය වමේ පොදු  මතවාදයට බොහෝ පටහැනි විය. ඒ නිසාම ජ.වි.පෙ. පිලිබඳව වමේ සහ ප්‍රගතිශීලී අදහස් දරන්නන් අතර කෝපයක් මෙන්ම පිලිකුලක් ද පැවතිණ.

xdtw45
1983 කළු ජූලිය නිර්මාණය කළ JR , එහි වගකීම න.ස.ස.ප. ය, ජ.වි.පෙ.. සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට පටවා ව⁣ම මර්ධනය කරන්නට උත්සාහ කළේ එම පක්ෂ තහනමට පත් කිරීමෙන් ය.

තහනමට ලක් වූවත්, ජ.වි.පෙ. සහ න.ස.ස.ප. තමන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය කිසිදු  අඩුවක් නොමැතිව රහසිගතව අඛණ්ඩව සිදු කරමින් තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි, විජය කුමාරණතුංග සහ චන්ද්‍රිකා, ජනප්‍රිය ලේඛකයෙකු සහ කලාකරුවකුව සිටි කරුණාසේන ජයලත්ව ලේකම් ලෙස පත් කර ගනිමින් ශ්‍රී ලංකා මහජන පක්ෂය නමින් නව දේශපාලන පක්ෂය බිහි කිරීමට කටයුතු කරමින් සිටියේ මේ අවදියේ ය.

දේශපාලන පක්ෂ තුනක් තහනමට ලක්ව තිබූ අවදියක, ශ්‍රී ල.නි.ප. ය. කැඩී නව දේශපාලන පක්ෂයක් බිහිවීමට යෑම සැලකිය යුතු දේශපාලන විපර්යාසයක් විය.

නව සමසමාජ පක්ෂය, මෙම සිද්ධිය නිවැරදිව තක්සේරු කර, ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහිවෙන මොහොත, සැඟවී සිට සිදුකරණ දේශපාලනයෙන් එලියට ආ යුතු මොහොත බවට පත් කර ගත යුතු යැයි තීරණය කළේය.

එම තීරණය , න.ස.ස.ප.ය විසින් එවකට සැඟවී දේශපාලනය කළ ජ.වි.පෙ. ට ද දන්වා ඔවුන්ට ද එලියට එන ලෙස යෝජනා ක⁣ළ නමුත් ඔවුන් ඊට එකඟ නොවීය.

ජ.වි.පෙ. ගත් එම ස්ථාවරයේ අවසන් ප්‍රතිඵලය වූයේ 87-89  දරුණු හා බිහිසුණු  කැරැල්ලක්  ඇතිවීමය.

xdt453
මෙම කැරැල්ලේ දී ජ.වි.පෙ. සම්බන්ධයෙන් ශ්‍රී  ල. නි. ප. ය. මෙන්ම පැරණි වම ද ගත් ස්ථාවරය,  UNP ආණ්ඩුව විසින් ජ.වි.පෙ.. මර්දනය කිරීමට ගත් ක්‍රියා මාර්ග සාධාරණයට ලක් කිරීමක් විය.

ජ.වි.පෙ. කැරැල්ල සම්බන්ධයෙන් න.ස.ස.ප.යට තිබුණේ, එ.ජා.ප. ය, ශ්‍රී  ල.නි.ප. හෝ පැරණි  වමට තිබුණු ස්ථාවරයට වඩා සපුරාම වෙනස් ස්ථාවරයක් ය.

ශ්‍රී ල.නි.ප. සහ පැරණි වම ජ.වි.පෙ. සතුරකු සේ සලකා කටයුතු කළ මුත්, න.ස.ස.ප.ය ට්‍රොස්කිවාදී, විප්ලවවාදී පක්ෂයක් ලෙස ජ.වි.පෙ. යනු විප්ලවයට අත්‍යාවශ්‍ය බලගතු ගාමක බලයක් නියෝජනය කරන සංවිධානයක් ලෙස සැලකීය.

නමුත් න.ස.ස.ප. ය ට ජ.වි.පෙ. වෙත ලංවීමට හෝ එය ආකර්ශනය කර ගැනීමට නොහැකි විය.

නව සමසමාජ පක්ෂයට ජ.වි.පෙ. විසින්  නියෝජනය කරන සමාජ ස්ථරය ආකර්ශනය කර ගත හැකිව තිබුණේ, පක්ෂය නායකත්වය සපයන පක්ෂයෙන් පිට ශක්තිමත් බහුජන ව්‍යාපාරයක් ගොඩනැඟීමෙන් පමණය.

න.ස.ස.ප. ය ඊට අසමත් විය. පක්ෂය තුළ  සහ පක්ෂයෙන් පිට නායකයා ලෙස ඉදිරිපත් කළ යුත්තේ කවුරු කවුරුන්ද යන්න පිලිබඳව ඇති වූ අවුල, වාසු - බාහු නායකත්ව අවුලේ සිට දේශපාලන අවුලක් දක්වා ගමන් කර, අවසානයේ පක්ෂය ද විනාශ  විය.

ඉතිහාසය තුළ  කොතරම් වැරදි තීන්දු තීරණ ගත්තද, එම තීරණ හේතුවෙන් කොතරම් විනාශයන්ට මුහුණ දුන්නද, ජ.වි.පෙ. මේ වන විට පැරණි වම සහ දකුණ අතික්‍රමණය කොට හමාරය.
 
xr345
වම ගැන කතා කරන්නටවත් කැමැත්තක් නොදක්වන නව පරම්පරාවක් ද ඇතුලත් පුලුල් සමාජ ස්ථරයක් වමට ගොණු කර ගනිමින්, මෙතුවක් කාලයක් පුරාවට ධනපති පංතිය සතුව තිබූ ලංකාවේ පාලන බලය තමන්ට  ලබා ගැනීමට හැකි බව ජ.වි.පෙ. විසින් පෙන්වා හමාරය.

ජාතික ජන බලවේගය යනු ජ.වි.පෙ. නොවන බවත්, එය ජ.වි.පෙ. දේශපාලන නායකත්වය නිවැරදිව යොදා ගනිමින් ඉතාමත් නිර්මාණශීලීව ගොඩ නගාගත් ශක්තිමත් බහුජන ව්‍යාපාරයක් බවත් සියල්ලෝම වටහා යුතුව ඇත.

එය පිලිගැනීම හැර ඊට එරෙහිව කුහකකම් කිරීමෙන් හෝ ආඩාපාලි කීමෙන් පලක් නැත.

මෙම බලවේගය, වමේ හෝ දකුණේ පැරණි න්‍යායික කෝවන් තුළ දමා කිසිදා විග්‍රහ කර ගත නොහැකි වනු ඇත.

sunil gamini(සුනිල් ගාමිණී ජයලත්ගේ)
ප්‍රංශයේ සිට..
Jayalathges1@gmail.com
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පැරණි වම සහ දකුණ විසින් හඳුනා නොගත් අලුත් වම.. - (සුනිල් ගාමිණි) | The Leader