The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අහම්බයක වාසනාව නැති සරත් ෆොන්සේකා - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

August 30, 2024 • 5:37 AM

අහම්බයක වාසනාව නැති සරත් ෆොන්සේකා - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේනානායක (2) ඩඩ්ලි සේනානායක (3) සර් ජෝන් කොතලාවල (4) එස්.
  • දහනායක (6) සිරිමා බණ්ඩාරනායක (7) ජේ.
  • විජේතුංග (10) චන්ද්‍රිකා කුමාරණතුංග (11) මහින්ද රාජපක්ෂ (12) මෛත්‍රීපාල සිරිසේන (13) ගෝඨාභය රාජපක්ෂ (14) රනිල් වික්‍රමසිංහ.
  • මේ අතරින්, පවුල්/පරම්පරා වශයෙන් සෘජු අනුප්‍රාප්තිකත්වයට උරුමකම් කී අවස්ථා ගණන 3 කි.
අකුරු ප්‍රමාණය (Font Size):


(1) ඩී. ඇස්. සේනානායක 
(2) ඩඩ්ලි සේනානායක 
(3) සර් ජෝන් කොතලාවල 
(4) එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 
(5) ඩබ්. දහනායක 
(6) සිරිමා බණ්ඩාරනායක 
(7) ජේ. ආර්. ජයවර්ධන 
(8) ආර්. ප්‍රේමදාස 
(9) ඩී. බී. විජේතුංග  
(10) චන්ද්‍රිකා කුමාරණතුංග 
(11) මහින්ද රාජපක්ෂ 
(12) මෛත්‍රීපාල සිරිසේන 
(13) ගෝඨාභය රාජපක්ෂ 
(14) රනිල් වික්‍රමසිංහ.


මේ අතරින්, පවුල්/පරම්පරා වශයෙන් සෘජු අනුප්‍රාප්තිකත්වයට උරුමකම් කී අවස්ථා ගණන 3 කි. ඒවා මෙසේ ය: (1) ඩී. ඇස්. සේනානායක (2) එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක (3) මහින්ද රාජපක්ෂ. 

ස්වාභාවික අහම්බ නිසා රාජ්‍ය නායකත්වයට පත් පුද්ගලයන් ගණන 3 කි. එනම්, (1) ඩබ්. දහනායක (2) සිරිමා බණ්ඩාරනායක (3) ඩී. බී. විජේතුංග ය. 

ඩඩ්ලිගේ පරාජයේ සිට අද තෙක් රටේ දේශපාලනය -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)ඩඩ්ලි සේනානායක
'ස්වාභාවික අහම්බය' යන වචනය මත අවශ්‍ය පමණට වඩා රැඳුණොත්, කෙනෙකුට අවශ්‍ය නම්, ඩඩ්ලි සේනානායකවත් මේ කුලකයට ඇතුළත් කළ හැකි වෙතත්, මගේ නිර්ණායකය අනුව එය කළ නොහැකියි. මගේ නිර්ණායකය වන්නේ, අදාළ ස්වාභාවික අහම්බය (ඩී. ඇස්. සේනානායකගේ මරණය) සිදු නොවු‚ නම්, කිසි දවසක අර කියන අනුප්‍රාප්තිකත්වය ඔහුට (ඩඩ්ලි සේනානායකට) ලැබේවිද/නැද්ද යන්නයි. එහිදී මට පෙනෙන්නේ, ඩී. එස්. සේනානායක අසු පිටෙන් වැටී අකල් මරණයට පත්නොවුණත්, යම් දවසක සිදු වන ඔහුගේ ස්වාභාවික මරණයේ ඇවෑමෙන් පවා ඩඩ්ලි සේනානායක රාජ්‍ය බලයට පත්වීමට හැම ඉඩකඩක්ම තිබුණු බවයි. සිදු වුණේ, පියාගේ මරණය නිසා ඔහුගේ අනුප්‍රාප්තිකත්වය ඉක්මන් වීම පමණි. ඒ නිසා ඔහුගේ අනුප්‍රාප්තිකත්වය ස්වාභාවික අහම්බයක් වශයෙන් සැලකිය නොහේ. 

එහෙත්, ඩබ්. දහනායක, සිරිමා බණ්ඩාරනායක සහ ඩී. බී. විජේතුංග සම්බන්ධයෙන් එවැනි විනිශ්චයකට පැමිණීම අසීරු ය. අදාළ මරණ (එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සහ ආර්. ප්‍රේමදාසගේ මරණ) සිදු නොවු‚ නම් ඔවුන්ට ඒ අනුප්‍රාප්තිකත්වයන් කොහෙත්ම ලැඛෙන්නේ නැත.

 

1241453453සමාජ-දේශපාලනික අහම්බ නිසා රාජ්‍ය නායකත්වයට පත් පුද්ගලයන් ගණන 2 කි.
සමාජ-දේශපාලනික අහම්බ නිසා රාජ්‍ය නායකත්වයට පත් පුද්ගලයන් ගණන 2 කි. එනම්, (1) මෛත්‍රීපාල සිරිසේන (2) රනිල් වික්‍රමසිංහයි.

මෛත්‍රීපාල සිරිසේන ඒ වන විට ආණ්ඩු බලය හෙබවූ පක්ෂයේ ලේකම් වශයෙන් සිටි බව ඇත්තයි. ඉස්සර කොමියුනිස්ට් රටවල මෙන්, ලංකාවේ ධනේශ්වර පක්ෂවල ලේකම්වරයා යනු මහා බලසම්පන්න කෙනෙකු හෝ අනුප්‍රාප්තිකත්වයට පත්වීම සඳහා නිතැතින් සුදුස්සෙකු බවට වන්නෙකු හෝ නොවේ. කෙසේ වෙතත්, ඒ වන විට (2015) මහින්ද රාජපක්ෂ ඇතුළු පවුල විසින් පක්ෂය තුළ ඇති කරගෙන තිබුණු බල කුලකය තුළ මෛත්‍රීපාල සිරිසේන සිටියේ ඊළඟ ආත්මයකදීවත් රාජ්‍ය නායකත්වයකට පත්විය හැකි තත්වයක නොවේ. 

 

13578758

සත්තකින්ම සිදු වුණේ, සමාජය තුළ ඇති වුණු විශාල පෙරළි ගණනාවක සංකලනයක් සහ රාජපක්ෂ කඳවුර පරාජය කිරීමේ දැඩි සමාජ අවශ්‍යතාව පෙරදැරිව අදාළ විපක්ෂ බලවේග ඒ අවස්ථාවේ කටයුතු කළ නිසා මෛත්‍රීපාල සිරිසේනට ඒ මහඟු අවස්ථාව ලැබීමයි. ඇත්ත වශයෙන්ම, එදා විපක්ෂ සන්ධානයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට ආරාධනා ලැබ සිටියේ, රාජපක්ෂ කඳවුරේ වෙනත් කෙනෙකි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළ නිසා මෛත්‍රීපාල සිරිසේනට ඒ අවස්ථාව ලැබුණි. 

13231451514554ලංකාවේ කිසි පුද්ගලයෙකු වැජඹී නැති තරමේ දීර්ඝ කාලයක් ප්‍රධාන පක්ෂයක නායකත්වය හොබවමින් සිට ඇතත්, වෙනත් කිසි පුද්ගලයෙකුට වඩා ඇමතිකම් සහ අගමැතිකම් ආදී තනතුරු හොබවා ඇතත්, අවසානයේ අහම්බයේ වාසනාවෙන්ම පමණක් රාජ්‍ය නායකත්වයට පත් එකම පුද්ගලයාද ඔහු වන බැවිනි.

 

වර්තමාන අහම්බ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැන විශේෂයෙන් කීමට අවශ්‍ය නොකරන තරමට ඒ ඉතිහාසය තත්කාලීන නිසා, එක දෙයක් පමණක් අපට කිව හැකිය. එනම්, නියමිත වෙලාවේ, නියමිත තැන සිටීමේ වාසනා මහිමයෙන් ඔහු රාජ්‍ය නායකත්වයට පත්වූ බවයි. ඒ අහම්බයේ විශේෂත්වය වන්නේ මෙයයි. ලංකාවේ කිසි පුද්ගලයෙකු කර නැති තරමින් රාජ්‍ය නායකත්වයට පත්වීමට උත්සාහ දරා ඇතත්, කිසි පුද්ගලයෙකු වැජඹී නැති තරමේ දීර්ඝ කාලයක් ප්‍රධාන පක්ෂයක නායකත්වය හොබවමින් සිට ඇතත්, වෙනත් කිසි පුද්ගලයෙකුට වඩා ඇමතිකම් සහ අගමැතිකම් ආදී තනතුරු හොබවා ඇතත්, අවසානයේ අහම්බයේ වාසනාවෙන්ම පමණක් රාජ්‍ය නායකත්වයට පත් එකම පුද්ගලයාද ඔහු වන බැවිනි. එය, ජිම්කානා ජයග්‍රහණයකි. ජිම්කානාව යනු, ජයග්‍රාහකයාගේ දක්ෂතාව පෙන්වන්නක් නොව, වාසනාව පෙන්වන්නකි.

 

COLOMBO, SRI LANKA - MAY 21:  Sri Lankan former army chief Sarath Fonseka waves to his supporters after he was released from jail on May 21, 2012 in Colombo, Sri Lanka. Sri Lanka's President Mahinda Rajapaksa has ordered the release of Sarath Fonseka, his highest-profile political challenger. Rajapaksa, a former General in Sri Lanka who is revered by many, was jailed by Rajapaksa in 2010.  (Photo by Buddhika Weerasinghe/Getty Images)මේ අහම්බ වාසනාව නොලද ප්‍රධාන පුද්ගලයා වන්නේ සරත් ෆොන්සේකා ය.

කෙසේ වෙතත්, රාජ්‍ය නායකයන් 14 දෙනාගෙන් 5 දෙනෙක්ම අහම්බ රාජ්‍ය නායකයෝය යන්න එහි අදහසයි. එය, සමස්තයේ අනුපාතිකයක් වශයෙන් ගත්තොත්, තුනෙන් එකකටත් වැඩියි. මේ අහම්බ වාසනාව නොලද ප්‍රධාන පුද්ගලයා වන්නේ සරත් ෆොන්සේකා ය. යුද ජයග්‍රහණය නමැති අහම්බයේ හිමිකාරීත්වය රාජපක්ෂ පවුලට යාම ඔහුගේ අබග්ගය විය. 2010 ජනාධිපතිවරණයේදී, විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය ලැබී තිබියදීත් ඔහුට මෛත්‍රීපාල සිරිසේන කෙනෙකු විය නොහැකි වුණේ එබැවිනි. 

රණසිංහ ප්‍රේමදාස අනභිභවනීය නායකයාරණසිංහ ප්‍රේමදාස

 

(ලංකාව වැනි රටක) රාජ්‍ය නායකත්වය පවුල් උරුමයෙන් නොඑන්නේ නම් සහ අහම්බ හේතුවක් උඩත් නොලැඛෙන්නේ නම්, කෙනෙකු දීර්ඝකාලීන දේශපාලනික ක්‍රියාකාරීත්වයේ යෙදිය යුතුව තිබේ. ආර්. ප්‍රේමදාස ඊට හොඳ උදාහරණයකි. ඔහු නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වෙද්දී, කිසි දවසක මේ රටේ ප්‍රධාන පුරවැසියා වීමට එය පාදක කරගත හැකි වෙතියි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත. එහෙත්, තිරසාරව යම් පක්ෂයක් සහ ප්‍රතිපත්ති දාමයක් වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ  කෙරෙහි අනලස්ව තත්පර වීම කෙතෙක්ද යත්, ඔහුට වඩා සමාජ තත්වයෙන්, පංති තත්වයෙන් සහ අධ්‍යාපනික තත්වයෙන් උසස් යැයි පිළිගත් අඩියක සිටි, ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායකට පවා ඔහු පරයා පක්ෂ නායකත්වය ගැනීමට නොහැකි විය. 

එහෙත් මේ කියන කිසි සුදුසුකමක් සරත් ෆොන්සේකාට නැත. ඔහුට ඇත්තේ, තවත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු තුළත් දක්නට ලැඛෙන, අනිත් සියල්ලන්ට වඩා රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමේ 'පරම අයිතියක්' තමාට ඇතැයි සිතින් ගත් මහන්තත්වයකි. සමහරු සිතන්නේම, තමන් මෙලොව ඉපිද ඇත්තේම යම් රටක පළමුවැනියා වීමට පමණක්ම බවයි. දෙවැනි තුන්වැනි තැන් ඔවුන් සලකන්නේ මදිපුංචිකම් වශයෙනි. මේ ගති ලක්ෂණ පෙන්නුම් කරන තවත් කැපීපෙනෙන දේශපාලනික චරිතයක් වන්නේ, චම්පික රණවකයි. දක්ෂයෙකු යැයි සැලකිය හැකි ඔහු, ජනාධිපති වීමේ සිහිනය මානසික ආතතියක තත්වයට පත්කරගෙන කටයුතු කරන බවක් පසුගිය කාලයේ දක්නට ලැබුණි. එහෙත් අවසානයේ ඔහු හිත හදාගත්තේය. 

 

සාදෘෂ්‍යයකින් මෙය පැහැදිලි කළොත් මෙසේ ය: සංගීත පුටු තරඟයකදී සංගීතය වැයෙන කාලය තුළ ඔබ ගමනේ යෙදිය යුතුය. එහෙත් සංගීතය අවසන් වන මොහොතේම යම් පුටුවක වාඩි වීමට වගබලාගත යුතුය. චම්පික රණවක කෙළේ එයයි. ඔහු සමගම, අනිත් පැත්තෙන් රාජිත සේනාරත්න කෙළේත් එයයි. එහෙත්, සරත් ෆොන්සේකා මේ දේශපාලනය දන්නේ නැත. ඒ තරමට, ඔහුගේ මමංකාරය වැඩියි. සංගීතය නතර වන මොහොත තේරුම්ගත නොහැකිව, නිශ්චිත මොහොතේදී පුටුවේ වාඩි වීමට ඔහු අසමත් වුණා පමණක් නොව, තම මානසිකත්වය සායනික අත්හදා බැලීමක් කරන අදියරකට ගෙනයාමටත් කටයුතු කෙළේය. එනම්, ජනාධිපතිවරණයට තනියම ඉදිරිපත් වීමෙනි. 

එයින් පෙන්නුම් කෙළේ මොන තරම් ස්වයං-අධිතක්සේරුවක මෙපමණ කලක් මොහු සිටින්නට ඇත්ද යන්නයි. ඒ අධි-තක්සේරුව ඔහු පදනම් කරගෙන තිබුණේ එකම සාධකයක් මත ය. එනම්, යුධ ජයග්‍රහණයේ ප්‍රධාන සෙන්පතියා වීම යන කාරණයයි. යුධ ජයග්‍රහණයේ කීර්තිය 2015 වසරෙන් පසු, භාවාතිශමය වශයෙන් අවසන්ව තිබුණු බව තේරුම්ගැනීමට පවා දේශපාලනික අවබෝධයක් මොහුට නැති බව එයින් පෙන්නුම් කෙරුණි. ඒ වසරේදී (2015) පරාජය කෙරුණේ, යුද ජයග්‍රහණයේ 'ගෝත්‍රික පියා' වූ මහින්ද රාජපක්ෂව ය. ඊළඟට, 2022 දී රටත් අතහැර පලායන තත්වයට පත්වුණේ, ඒ යුද ජයග්‍රහණයේ තවත් නායකයෙකු වශයෙන් සැලකුණු ගෝඨාභය රාජපක්ෂ ය. 

 

A Sri Lankan man walks past posters of detained former Army Chief and defeated presidential candidate General Sarath Fonseka outside the Democratic National Alliance (DNA) campaign office in Colombo on March 17, 2010. The court martial of Sri Lanka's former army chief was adjourned March 17 after judges said they could not hear both of the separate sets of charges against him, officials said. Fonseka, who led the military to victory over the Tamil Tiger rebels last year, fell out with President Mahinda Rajapakse and unsuccessfully tried to unseat him in January elections. AFP PHOTO/ Ishara S.KODIKARA. (Photo credit should read Ishara S.KODIKARA/AFP via Getty Images)ඒ අධි-තක්සේරුව ඔහු පදනම් කරගෙන තිබුණේ එකම සාධකයක් මත ය. එනම්, යුධ ජයග්‍රහණයේ ප්‍රධාන සෙන්පතියා වීම යන කාරණයයි.

යුද ජයග්‍රහණය දේශපාලනික පෙට්ටගමක් වශයෙන් තවමත් කරේ තියාගෙන යාම යනු, 87-90 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් තවමත් දේශපාලනික අධිබලැති බෝම්බ වශයෙන් ඔවුන්ට දමාගැසීමට ඇතැමුන් ගන්නා උත්සාහයට හැම අතකින්ම සමානයි. (මෙය, මොන ලෙසකින්වත්, භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩකාරී නොවුණු බවක් හෝ ඔවුන්ගේ ඒ ප්‍රචණ්ඩකාරීත්වය සාධාරණය කිරීමක් හෝ වශයෙන් භාරගත යුතු නැත. එහෙත්, යසර් අරෆත් සහ නෙල්සන් මැන්ඩේලා, 'සදාකාලික ත්‍රස්තවාදීන්' කිරීමට ඉතිහාසය ඉඩ දී නැති බව වටහාගැනීම, සමාජ-දේශපාලනය අවබෝධ කරගැනීමට අත්‍යාවශ්‍ය වන බව කෙනෙකු පිළිගත යුතුය). 

12321678Fonseka election rallyසමාජ මාධ්‍ය තුළ මෙය සිනාවට කාරණයක් කරගෙන තිබුණත්, ඇත්තෙන්ම එය කෙනෙකු වටහාගත යුත්තේ, දේශපාලනික ක්‍රියාකාරීත්වයේ ගැඹුරු පාඩමක් වශයෙනි.

 

පසුගිය දා සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ මංගල රැලිය පැවැත්වුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔහු එල්ල කරමින් කරන ලද ප්‍රහාරයට ලක් වූ වාහනයත්, වෙනම ට්‍රක් රථයකින් මේ රැස්වීම් භූමියට ඔහු ගෙනැවිත් තිබුණි. වේදිකාවේ හත්අට දෙනෙක් සිටියහ. රැස්වීමට සවන්දීම සඳහා පැමිණියේ යැයි සිතිය හැකි තවත් දහපහළොස් දෙනෙක් වේදිකාවට ඈතින් සිටියහ. සමාජ මාධ්‍ය තුළ මෙය සිනාවට කාරණයක් කරගෙන තිබුණත්, ඇත්තෙන්ම එය කෙනෙකු වටහාගත යුත්තේ, දේශපාලනික ක්‍රියාකාරීත්වයේ ගැඹුරු පාඩමක් වශයෙනි. 

 



මෙය දකිද්දී, 1977 මහ මැතිවරණය වෙනුවෙන් අනුරාධපුරයේ කලාවැව ආසනයේ පැවති 'විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ' මෙවැනිම ප්‍රචාරක රැළියක් මට මතක් විය. එදා එම වේදිකාවේ සිටියේ මමත්, එවකට පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයේ සිටි විජේ ඩයස් සහ පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා මහාචාර්යවරයෙකු බවට පත් නිමල් අත්තනායකත්, ඒ පළාතේ හේන් ගොවියෙකුත් ය. අපේ කතා ඇසීමට පැමිණ සිටි පිරිස වැඩිම වුණොත් දහපහළොස් දෙනෙක් වන්නට ඇති. ඒ අතරේ ධාරානිපාත වැස්සකුත් ඇදහැලූණි. එවිට, අර පිරිසත් ගියහ. එහෙත්, අප අපේ කතා නැවැත්තුවේ නැත! 

ආශාව සහ යථාර්ථය අතර පරතරය වැඩි වන තරමට, ගුරුත්වාකර්ෂණය කියා දෙයක් ඇති බවක් අපට නොහැඟෙයි. කාලයකට එය ඉමහත් වින්දනීයයි. එහෙත්, යම් මොහොතක මහපොළොවට කඩාවැටීමට නියමිතයි. වෙනත් කාටත් වඩා මේ සත්‍යය, දේශපාලනඥයෙකු තේරුම්ගත යුතුය.  


පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...