The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : වෙන්න ජනාධිපති

T

The Leader Desk

September 1, 2024 • 7:35 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : වෙන්න ජනාධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “මේ කාලෙ, මොන කෙහෙල්මලක් ගැන ලිව්වත්, ඒක ගිහින් සෙට් වෙන්නෙ ඉලෙක්ෂන් එකටමනෙ.” මම, කනස්සලු පෙනුමක් මවා ගත්තෙමි.
  • මිනිහා කියන්නෙම දේශපාලනික සත්වයෙක්.” මිතුරා, බැරෑරුම් ලෙස කීවේය.
  • ගමට එන පාර හදල දුන්නලු.” “තව මෑන්ස් කෙනෙක් හම්බවුණා, දේශපාලනඥයකුගේ රැස්වීමකට යන ගමන්.
  • මතකද, එක මාතාවක් ඡන්දය දුන්නෙ ජාතික ආරක්ෂාව වෙනුවෙන්.” “අපොයි ඔව්.
අකුරු ප්‍රමාණය (Font Size):


“මේ කාලෙ, මොන කෙහෙල්මලක් ගැන ලිව්වත්, ඒක ගිහින් සෙට් වෙන්නෙ ඉලෙක්ෂන් එකටමනෙ.” මම, කනස්සලු පෙනුමක් මවා ගත්තෙමි.
“තව සති දෙක තුනයිනෙ...” මිත්‍රයා, මා අස්වැසීය.

“මට බය ඊට පස්සෙත්, ඒ ගැනම ලියන්න වෙයිද කියලා. පශ්චාත් මැතිවරණ කතා.”

මා, යටිතොල පෙරළා ගත්තේ, පොඩි එකකු මෙනි.

 

Man is a political animal

“දේශපාලනය කියන්නෙ ඔක්සිජන් වගේ. ඒ නැතත්, Man is a political animal කියල, කියමනකුත් තියෙනවනෙ. මිනිහා කියන්නෙම දේශපාලනික සත්වයෙක්.” මිතුරා, බැරෑරුම් ලෙස කීවේය.

“අපේ රටේ මිනිස්සු ගැන නං එහෙම හිතන්න බෑ. දේශපාලනික වුණාට දේශපාලනේ දන්නෙ නෑ.”

Alternative 2021.10.19මිනිස්සු ඒ වගේ තමයි. කළගුණ සලකන්නෙ, රට ජාතියත් අමතක කරලා.

 

“ඇයි එහෙම කියන්නෙ?”

“ඊයෙ මට අපේ ගමේ කෙනෙක් මුණගැහුණා. මිනිහ කලබලෙන් දුවනවා, අපේක්ෂකයෙක්ට කඩේ යන මෑන් කෙනකුගෙ ගෙදර තියෙන රැස්වීමකට. ඒ යකා, ලෝක හොරෙක්. හිටපු මන්ත්‍රී කෙනෙක්.”

“එයාගෙ පක්ෂෙ සපෝටර් කෙනෙක්ද?”

“නෑ නෑ... මිනිහ පක්ෂ දෙක තුනක්ම මාරු කරපු කෙනෙක්. මිනිහගෙ පුතාට, අර මන්ත්‍රී රස්සාවක් හොයල දුන්නලු.”

“ඔව් ඔව්... මිනිස්සු ඒ වගේ තමයි. කළගුණ සලකන්නෙ, රට ජාතියත් අමතක කරලා.”

26 1මං ඇහුවා, ඇයි එයාට සපෝට් කරන්නෙ කියලා.. ගමට එන පාර හදල දුන්නලු.”

“තව මෑන්ස් කෙනෙක් හම්බවුණා, දේශපාලනඥයකුගේ රැස්වීමකට යන ගමන්. මං ඇහුවා, ඇයි එයාට සපෝට් කරන්නෙ කියලා.. ගමට එන පාර හදල දුන්නලු.”

“අන්න දැක්කද? කෙළෙහිගුණ.”

“ඉතින්, ඒ මිනිස්සු පාරවල් හදල දෙන්නෙ සාක්කුවෙ, පර්ස් එකේ තියෙන තමන්ගෙ සල්ලිවලින්යැ. මහජන මුදල්වලින්නෙ. අනික, ඒගොල්ලො බලයට පත්වෙන්නෙම ජනතාවට සේවය කරන්ඩනෙ.” මම තර්ක කළෙමි.

“අපේ මිනිස්සු ආත්මාර්ථකාමීයි කියලම හිතන්නත් බෑ නේද? මතකද, එක මාතාවක් ඡන්දය දුන්නෙ ජාතික ආරක්ෂාව වෙනුවෙන්.”

“අපොයි ඔව්. රට ජාතිය ගලවගන්න කොත්තු රොටියක්වත් නොකා හිටිය මිනිස්සුනෙ අපි.”

පුවත් - Results from #5796රට ජාතිය ගලවගන්න කොත්තු රොටියක්වත් නොකා හිටිය මිනිස්සුනෙ අපි

 

මම උපහාසයෙන් සිනාසුණෙමි.

“හැබැයි, අන්තිමේට ඒ මිනිස්සුම, අර ජාතියෙ මුර දේවතාවො පස්ස දොරෙන් පන්නල දැම්මා.. මිනිස්සු බුද්ධිමත්.” මිත්‍රයා කීවේය.

“ඒත් ආපහු ඒගොල්ලො ස්ටේජ්වල නගිනවා. සපෝටර්ල හුරේ දානවා. මිනිස්සුන්ට ලැජ්ජ නෑ.”

“කෙළෙහිගුණ දන්න මිනිස්සුත් ඉන්නවනෙ.”

“තමන්ට වාසියක් වෙච්ච පළියට, ආයෙත් වතාවක් රට ප්‍රපාතයට දාන එක හරිද?”

 

මහ ඡන්දය යළිත් කොට්ඨාස ක්‍රමයට !“තමන්ට වාසියක් වෙච්ච පළියට, ආයෙත් වතාවක් රට ප්‍රපාතයට දාන එක හරිද?”

“කලබල වෙන්න එපා... රටේ අනාගතය තීරණය කරන්නෙ, පාවෙන ඡන්දදායකයො විසින්ලු.”

“මාත් දැක්ක, එක අපේක්ෂකයෙක්ම කියනවා, රටේ ඉන්න ඡන්දදායකයන්ගෙන් සීයට අනූවක්වත්, පාවෙන ඡන්ද වුණොත්, එදාට රට හැදෙයිලු.”

“ඡන්ද පාවෙන්නෙ, මිනිස්සු බුද්ධිමත් නිසා නේද? එකපාරටම තීරණයක් නොගෙන බලං ඉන්නවා.”

මිත්‍රයා, මා දෙස බලා සිටී.

 

2007ට කලින් ඉපදුණු අය ලැයිස්තුවේ නම තිබේදැයි බලන්නලංකාවේ මැතිවරණ තීන්දු කරන්නෙ, පාවෙන ඡන්ද නෙවෙයි, උතුරු - නැගෙනහිර ඡන්දවලින්
“තව කෙනෙක් කියල තිබුණා, ලංකාවේ මැතිවරණ තීන්දු කරන්නෙ, පාවෙන ඡන්ද නෙවෙයි, උතුරු - නැගෙනහිර ඡන්දවලින්ය කියලා.” මම කීවෙමි.

“ඒ කියන්නෙ, දකුණෙ ඡන්ද වැඩක්ම නැද්ද?”

“වැඩක් වෙන්නෙ කොහොමද, අපේක්ෂකයො තිස් නවයකට බෙදුණම?”

මිතුරා මොහොතකට නිහඬ විය. මම ඔහුට පසුගිය අරගල කාලයේ තිබූ සටන් පාඨ මතක් කළෙමි. පාර්ලිමේන්තුවේ 225 ම එපා. සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි. “ෆයිනල් ආන්සර්” එක කුමක් වීදැයි, ජනතාව දනිති.

කපිල කුමාර කාලිංගගේ හීසරය : සට්ටඹිරාළලාගේ ගොඩ පෙරකදෝරුකම්පාර්ලිමේන්තුවේ 225 ම එපා!

“මෙදා පාර කවුරු බලයට එයිද?”

මිතුරා ඇසූ අසීරු ප්‍රශ්නයට, මම පහසු පිළිතුරක් දුන්නෙමි.

“හැමෝම දෙන්නෙ එක වගෙ පොරොන්දු. බඩු මිල, තෙල් මිල බස්සනවලු. ජීවන වියදම අඩු කරනවලු. රස්සාවල් සුලබ කරනවලු. බේත් මිල අඩු කරනවලු.. ඉතින්, කවුරු ආවත් එකයිනෙ.”

“ඕකට මොකටද තරග කරන්නෙ. කට්ටියම එකතු වුණා නං, බිලියන් ගාණක් ඡන්ද වියදම් රටට ඉතිරියිනෙ.” මිත්‍රයා ද මා සමඟ එකඟ වන්නා සේය.

මම ඔහුට මෙසේ ද කීවෙමි.

 

IMG 0939ඡායා : Bharatha Prabhashana Thennakoon

“මෙදා පාර, අපේක්ෂකයන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවල බලන්න. මම නං හිතන්නේ ඒ සේරම ලියල තියෙන්නෙ, එක්කෙනෙක්..”

“අම්මප මටත් ඕක හිතුණා... මිනිහව ජනාධිපතිකමට පත්කර ගත්ත නං අපි ගොඩනෙ.”

මිත්‍රයා “හක හක” ගා සිනාසුණේය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...