The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දෙමළ අභිලාශය කෙසේ වේද? - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

September 2, 2024 • 10:00 AM

දෙමළ අභිලාශය කෙසේ වේද? - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගෙන් සජිත් ප්‍රේමදාස පමණක් බලය බෙදීමට පක්ෂවීම මේ තීරණයට බලපාන්නට ඇත.
  • ඉලංකෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාවේ තීරණය ප්‍රකාශයට පත්වූ වහා එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශයට පත් කළේ එම තීරණය ගැන තමන් දැනුවත් කර නොමැති බව ය.
  • සේනාධිරාජා තම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එදින සහභාගී වී නොමැති අතර සෙසු අය රැස් වී එම තීරණය ගෙන ඇත.
  • කොහොම වුනත් පක්ෂ නායකයාගේ එම ප්‍රකාශයෙන් හෙළිවන්නේ එම පක්ෂයේ පවතින ආරවුල් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගෙන් සජිත් ප්‍රේමදාස පමණක් බලය බෙදීමට පක්ෂවීම මේ තීරණයට බලපාන්නට ඇත. 2019 පැවැති ජනාධිපතිවරණයේ දී ද මුළුමහත් උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශවල වැඩි කැමැත්ත ලැබුනේ සජිත් ප්‍රේමදාසට ය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාවේ තීරණය ප්‍රකාශයට පත්වූ වහා එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශයට පත් කළේ එම තීරණය ගැන තමන් දැනුවත් කර නොමැති බව ය. සේනාධිරාජා තම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එදින සහභාගී වී නොමැති අතර සෙසු අය රැස් වී එම තීරණය ගෙන ඇත. කොහොම වුනත් පක්ෂ නායකයාගේ එම ප්‍රකාශයෙන් හෙළිවන්නේ එම පක්ෂයේ පවතින ආරවුල් ය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරමින් මැතිවරණයට තරඟ කළ දෙමළ ජාතික සංධානය දැන් කෑලි කෑලිවලට කැඩී ගොස් ඇත. එම සංධානය නියෝජනය කළ AITC, TELO, PLOTE, EPRLF වැනි පක්ෂ දැන් වෙනම දේශපාලනය කරයි. දෙමළ ජාතික සංධානය ප්‍රතික්ශේප කරමින් පසුගිය මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුතු AITC පක්ෂය දෙමළ ජාතික සංධානය ලබා ගත් ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් ලබා ගත්තේය. ඔවුන්ගේ මතය වන්නේ ජනාධිපතිවරණය දෙමළ ජනතාව වර්ජනය කළ යුතු බව ය.

PHOTO 2024 09 02 14 47 28
දෙමළ ජාතික සංධානයෙන් කැඩී ගිය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා සංධානය, ටෙලෝ, ප්ලොට් හා EPRLF යන පක්ෂ ජනාධිපතිවරණයට හිටපු මන්ත්‍රීවරයකු වූ පාකියසෙල්වම් අරියනේත්‍රම් පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කර ඇත. ජේෂ්ඨ දෙමළ දේශපාකයන්වන සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛකලනාදන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැන්නන් ඔහුට සහාය පළ කරති.

දැන් දෙමළ ජාතික සංධානය නියෝජනය කරන්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පමණි. එම පක්ෂය තුළ ද අභ්‍යන්තර ගැටුම් පවතී. එම පක්ෂ නායකත්වයට ඡන්ද විමසීමක් පවත්වා එස් ශ්‍රී ධරන්ව පත් කර ගත්ත ද ඊට එල්ල වූ අභියෝගයන් නිසා ඔහු ඉල්ලා අස්විය. එම අභ්‍යන්තර ගැටුම් ඔවුන් තවම විසදාගෙන නොමැත.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ඉහළ මැද පන්තිය හා ධනපති කොටස් එම් ඒ සුමන්තිරන්ට සහාය පළ කරන අතර මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් සුමන්තිරම් හා කදවුරු බැදගෙන ඇත. පහළ මැද පන්තිය යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රි ධරන්ට සහාය පළ කරති.

 

යාපනය දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ දේශපාලකයකු වන ඩස්ලස් දේවානන්දන් මෙවර ජනාධිපතිවරණයේ දී සහය පළ කරන්නේ රනිල් වික්‍රමසිංහට ය. රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන උතුරේ දේශපාලකයන් අතර ශ්‍රීලනිපයේ අංගජන් රාමනාදන් ද වේ.

 

නැගෙනහිර පළාතෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හා දෙමළ ජාතික සංධානයෙන් කැඩී ගිය විලයාන්ද්‍රන් සහාය පළ කරන්නේ රනිල්  වික්‍රමසිංහට ය. මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ශක්තිමත් පදනමක් චන්ද්‍රකාන්තන්ට පවතී. ඔහු දෙමල ප්‍රජාවේ පහළ ආර්ථික මට්ටම්වල ජනකොටස නියෝජනය කරයි. මඩකලපුවේ දෙමළ ජනතාවගේ අතරමැදි පන්තිය හා ඉහළ ධනපති පන්තිය නියෝජනය කරන්නේ ශාන්‍යකියන් රාසමානික්කම් ය. 

උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන්ගේ මේ දේශපාලන වෙනස්කම් මේ අන්දමින්ම තිබිය දී 2019 ජනාධිපතිවරණයෙදි උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් බහුතර බලය් දිනා ගත්තේ සජිත් ප්‍රේමදාස ය. මෙවර රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන දෙමළ නායකයෝ එවර ගෝටාභය රාජපක්ෂට සහාය පළ කළහ. නමුත් සජිත් ප්‍රේමදාස උතුරෙන් හා නැගෙනහිරින් 75%ක ඡන්ද ලබා ගත් හ. 

PHOTO 2024 09 02 14 47 00

උතුරේ ඩග්ලස් දේවානන්ද, අංගජන් රාමනාදන් හා නැගෙනහිර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, විලයාන්ද්‍රන් වැන්නන් දේශපාලන තීන්දු ගන්නේ ස්වාර්ථය සලකා බලමිනි. නමුත් දෙමළ ජාතික සංධානය හා AITC පක්ෂය දේශපාලන තීන්දු ගන්නේ දෙමළ ජන අයිතිවාසිකම් හා භූ දේශපාලනය සලකා බලමිනි.

 

අතිශය වැදගත් දේශපාලන කාරණාව වන්නේ රනිල් වික්‍රමසිංහට බහුතර දෙමළ ජන ප්‍රජාවේ සහාය නොලැබීමට විශාල ඉඩක් තිබීමයි. ඊට හේතුව ඔහු දෙමළ ජන අරගලය රැවටූ නිසා විය යුතුය.

 

(පිලිප් ශාන්ත)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
shan.info1978@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...