The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තලතා දකින මකරාක්ෂ තර්ජනය බරපතලය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

September 4, 2024 • 7:21 AM

තලතා දකින මකරාක්ෂ තර්ජනය බරපතලය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තලතා කියන්නී තවත් විනාශකාරි ගෝඨාභය වෙස් ගත් මකරාක්ෂයෙකුගේ පැමිණීම නතර කර රට ආරක්ෂා කළ යුතු බව ය.
  • සිංගප්පුරුව වැනි රාජ්‍ය ශක්තිමත් වුණේ මැතිවරණ හරහා වුවද, ලංකාවේ 2019 මැතිවරණය ප්‍රතිපලය රටේ විනාශයට හේතුවිය.
  • විනාශකාරි ගෝඨාභය කෙනෙකු 2024දීත් ඉස්මතු වේ නම් ඊට එරෙහි වීම දේශපාලනයට එහා ගිය වගකීමකි.
  • වසර තුළ ජනතාව පත් කළ නායකයෙකු එළවා ගැනීම කිසිවෙකු ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතු නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
තලතා කියන්නී තවත් විනාශකාරි ගෝඨාභය වෙස් ගත් මකරාක්ෂයෙකුගේ පැමිණීම නතර කර රට ආරක්ෂා කළ යුතු බව ය. සිංගප්පුරුව වැනි රාජ්‍ය ශක්තිමත් වුණේ මැතිවරණ හරහා වුවද, ලංකාවේ 2019 මැතිවරණය ප්‍රතිපලය රටේ විනාශයට හේතුවිය. විනාශකාරි ගෝඨාභය කෙනෙකු 2024දීත් ඉස්මතු වේ නම් ඊට එරෙහි වීම දේශපාලනයට එහා ගිය වගකීමකි. 76 වසර තුළ ජනතාව පත් කළ නායකයෙකු එළවා ගැනීම කිසිවෙකු ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතු නැත. හේතුව 1987දී පාර්ලිමේන්තුවට බොම්බ ගැසූ තක්කඩි ජවිපෙය බංග්ලාදේශ් විනාසයෙන් යළි චූන් වී සිටින නිසාය.  
 


1987දී පටන් ගෙන 88-89 කාලයේ රටක් මළ ගෙයක් කළ බව තලතාට මතකය. එදා ඔවුන්ගේ ඍජු ඉලක්කය එජාපය විය. අද එජාපය දෙකට ඛෙදී සිටීම සිය දිවි නසා ගැනීමක් බව මේ වනවිට කාට කාටත් තේරුම් ගොස් හමාරය. මෙය මාලිමාවට අනුව තම ව්‍යාපාරයට එරෙහිව හොරු එකතු වීමකි. නැත මාලිමාවට යට පවත්නා ජේවීපී මිනිමරු දේශපාලන අවදානම තේරුම් ගැනීමකි. ජවිපෙය මරා දැමූ කළුතර ඉන්ද්‍රපාල අබේවීරගේ දුවනිය රනිල්ට එකතු වන්නේ මේ තිතැස්ම නිසාය. 

හැට නව ලක්ෂයක් එක්ව ගෝඨා රජ කරවූ 2019 නොවැම්බරයේදීත් රුපියල් 117කට අලෙවි කළ පැට්‍රල් ලීටරයක් 2022දී රුපියල් දෙ දහසකටවත් අපට නැති වුණේ මැද පෙරදිග තෙල් ළිං හිඳිලා නොවේ. වරායට පැමිණි තෙල් නැව් වලට ගෙවීමට ඩොලර් නො තිබුණ නිසාය. කොවිඩ් නිසා කිසි රටක ආණ්ඩු පෙරළුණේ  නැත. කොඩිඩ් වසංගතයට මෝඩ පැනියක් පෙවීමටගත් නිර් ලජ්ජී උත්සාහයේදී පවා ජනතාව අරගල කළේ නැත. කොවිඩ් ව්‍යාප්තිය නිසා රටවල් වසා දැමුවත් ගෝඨා ඊට එකඟ නොවීය. පාහියංගල හාමුදුරුවෝ අපිවත් ස්චේච්ඡාවෙන් රට වසා ජීවිත බේරා ගනිමු  ඉල්ලා සිටියද, ජනතාව කැරළි ගැසුවේ නැත. පාසල් දරුවෙකුට අකුරක් කියා නොදුන් ගුරු වැටුපෙන් අඹු දරුවන් පෝෂණය කරන ජෝෂප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ දෙදෙනා මාලිමා ජයග්‍රහණය වෙනුවෙන් කොවිඩ් අවදානම නො තකා ගුරු වැඩ වර්ජන කෙරෙව්වේ මව්බිම නැතිනම් මරණය ක්‍රමයට අනුගත වෙමිනි. 
 
ගෝඨ වෙනුවෙන් පෙනී සිටි හැට නව ලක්ෂය අසරණ කරමින් 2022දී අරගලය පෙළ ගැසුණේ විදුලිය ඉන්ධන ආහාර නැතිව ලංකාවට ඉල්ලන් කන්නවත් බැරි තැනට තල්ලු නිසාය. ගෝඨා රටෙන් පැන ගොස් දින 10කින් වසර තුනකට ආසන්න කාලයක් වැසී තිබුණ ලංකාවේ පාසල් ආරම්භ කිරීමට, පෝලිම් විසුරුවා, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වෙළඳ පොළට ගලා ඒමට සලස්වා බිඳ වැටුණ ජන ජීවිත සංසුන් කිරීමට ක්‍රියා කළ ජනාධිපති රනිල්, රට ගොඩ නැගීමට සහාය දෙන ලෙස කළ ආයාචනා ප්‍රතික්ෂේප කළ අනුර සහ සජිත් අඛණ්ඩව මැතිවරණ ඉල්ලා වීදි සටන් කළහ. එළඹි ජනාධිපති මැතිවරණය ජය ගැනීමට රනිල්ගේ බුරුල් කලිසමත් හඳුන්නෙත්තිගේ දිරා ගිය ජොකාත් හැර වෙන සටන් පාඨයක් ඇත්තේ නැත.
 
අහේනිය නිසා දිරා ගිය යට ඇඳුම් සෝදා එළි මහනක වනා වේලා ගැනීමට නො හැකි බවට මාලිමා මුදල් අමාත්‍ය හඳුන්නෙත්ති කළ කතාව අසා සිටි වයසක අම්මාලා මේකාට විලි ලජ්ජාවක් නැද්ද දෙයියනේ කියා සිනාසෙති. යට ඇඳුම් එළි මහනේ දමා වේළන්නේම නැත. කාන්තා සනීපාරක්ෂක තුවා ගැන කතා කළ හඳුන්නෙත්ති මොඩලයේම සජිත්ගේ දේශපාලනයද, කාන්තා යටි කය මනසින් අත ගෑමේ ආසාව දේශපාලනයට මිශ්‍ර කර හමාරය. මාලිමාවට බලය ලැඛෙන තෙක් ලංකාවට ඩොලර් එවන්න එපා කීවේත් මචං අපි ණය ගෙවන්නේ නෑ කී මේ මාලිමා ඇහැටුල්ලාමය. 

තලතාට දැනෙන ආකාරයට මේ පෙළ ගැසෙන්නේ 1987දීත් උත්සාහ කළ බංගලාදේශ් මෙන්ම ලංකාව මස් කඩේට යැවීමේ ව්‍යාපාරයයි. කිසිදාක රටේ යහපත පිණිස ප්‍රාර්ථනා නො කළ අනුර කුමාරලා ඉතිහාසය පුරා කළේ වර්ජන තර්ජන ගිනි තැබීම් හා මිනි මැරීම් පමණකි. 

මහින්දට විරුද්ධව රනිල් රටේ අගමැති කිරීමට 2018දී අත් එසවූ අනුර විජිත සහ හරිනි මාලිමා ත්‍රීශුලය, දැන් රනිල්ට බැංකු හොරා කියන්නේ රටේ වෙනස යටපත් කර මිනිසුන් රැවටීමටය. සුනාමි ආධාර වංචා නඩුවේ විත්තිකාර මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති කරවීමට ප්‍රභාකරන් සමග එක්වී ක්‍රියා කිරීමේ හිලව්වට ගුවන් විදුලි තරංග සහ රූපවාහිනී සංඛ්‍යාත කප්පම් ලෙස ලබා ගෙන විකුණා ගත් ජවිපේ තක්කඩිකම් බදු අඩු කර පඩි වැඩි කර හොරුන් හිරේ දමන සිල්ලර කතා වලින් යටපත් කළ නො හැකිය. මහින්ද ශක්තියක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගෙන් තුනෙන් දෙකක් පමණ ජනාධිපති වික්‍රමසිංහ දිනවීමට එක්ව සිටිති. 2005 උදව් හිලව්වට කප්පම් ගත් අනුරලා ඒ ඒකරාශිය දකින්නේ හොරුන්ගේ එකතුවක් හැටියටය. 2005දී මහින්දටත් 2018දී රනිල්ටත් අත් ඔසවා සහාය පළ කළ අනුරලා, ව්‍යාපාරයේ යට ඇඳුම්වල දිරා ගිය හිල් පමණක් නොව තවත් බොහෝ තොරතුරු හෙළිදරව් විය හැකිය. තලතා තවත් ගෝඨා කෙනෙකත් එනවාට එරෙහිව පාරට බැස්සේ විපක්ෂයේ පිළිකුල් සහගත ජංගි සනීපාරක්ෂක තුවා දේශපාලනයේ තරම දන්නා නිසාය.
 
රනිල් පරදින බව පිළිගැනීම - (එරන්ද ගිනිගේ)
අප්‍රේල් අරගලය යනු වියත් මග ගුලි කළ විස අග්ගලා රටේ බහුතරයක් ආසාවෙන් කෑමේ ප්‍රතිපලය විය. බංකොලොත් රටේ බලය ශක්තිමත් රනිල් භාර ගත් නිසා ලංකාව බංග්ලාදේශය මෙන් මරණයේ දේශයක් නො වීය. 2019 පාස්කු බොම්බ පුපරණ තෙක් මේ රටේ බිය සැක හෝ දුර්භික්ෂයක් නො වීය. ආර්ථීක හෝ සමාජ පීඩා නො තිබිණ. රටේ බලය ඇල්ලීමට ෂාපි නම් මුස්ලිම් වෛද්‍යවරයා බිල්ලාට ගත් තක්කඩින් වඳ කොත්තු පෙන්වා මුස්ලිම් කඩ ගිනි තැබිය. එදා බලයේ සිටි ජනාධිපති සිරිසේන, පාස්කු ප්‍රහාරයට වගකිව යුතු  බවට අධිකරණය තීන්දු කළේය. අද මෛත්‍රී ඒ සහාසික අපරාධයේ සාපයේ ගොදුරක් වී හමාරය. 
 
2018 ඔක්තෝබරයේ මහින්ද රාජපක්ෂ අගමැති ලෙස නම් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ පුටුමේස කඩා රාජපක්ෂලා රැකීමට නැටූ ප්‍රසන්න රණවීරලා, ජොන්ස්ටන් ප්‍රනාන්දුලා මැද මුලන පවුල වෙනුවෙන් පෙනී සිටීම ගැන මාලිමාවට නිහඬය. 2019දී රාජපක්ෂ පවුල යළි බලයට ගෙන ඒමට සිදු කළ පාස්කු ප්‍රහාරය වර්තමානයේ රටේ ජන මනස අවුල් කිරීමට පාවිච්චි කරමින් සිටියි. 

මේ කුමන්ත්‍රණ නිසා 2022දී සේනාධිනායක ගෝඨාභයට ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ අපොහොසත් විය. එහෙත් ගෝඨා පළා ගොස් දින අටකින් ලාල්කාන්තලා පාර්ලිමේන්තුවට ගිනි තබා මන්ත්‍රීන් මරා බංග්ලාදේශයේ මෙන් පාලම්වල එල්ලීමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමට රනිල් තුළ පැවති ශක්තිය තලතා අතුකෝරාළ හෙටටත් රටේ යහපත පිණිස අපේක්ෂා කරන්නීය. තලතා අසාර්ථක ගෝඨා සිහිපත් කරමින් මේ කියන්නී ප්‍රශ්නයේ අග මුලය. පල්ලි වලට බොම්බ ගසා රටට ආරක්ෂාවක් නැත කියා බලය අල්ලා ගත් ගෝඨාභයට කෝටි ගණනට මුදල් නෝට්ටු පවා අතහැර ඇඳි වත පිටින් පළා යන තරමට අනාරක්ෂිත වීමත් සාපයකි. 

දූෂණ වංචා සටන් පාඨය රැගත් මාලිමා රැල්ල ශක්තිමත් කරන විදුහල්පතිලා දරුවන් පාසලට ගැනීමට ලක්ෂ ගණන් පගා ගන්නේ නැත කියා අනුර කුමාරට කිව නො හැකිය. මුහුණු පොතේ ජොලි සීයාගේ කලිසම සිහිපත් කරන තිදෙනෙකුගේ අතීත සබඳතා ගැන දන්නා කෙනෙකු කළ හෙළිදරව්වක් මෙසේය. ඉන් වයෝර්ධ තැනැත්තා විශ්‍රාමික විදුහල්පතියෙකි. දෙ වැන්නා වෘත්තිකයෙකු වන අර විදුහල්පතිගේ ආදි ශිෂ්‍යයෙකි. තෙවැන්නා මුලින් කී විදුහල්පතිට ලක්ෂ හතක් ගෙවා තම වෘත්තික දරුවාට පාසලට දමා ගත් වැඩිහිටි අප්පා ය. මාලිමා ජයග්‍රාහී බැනරය ඔසවා සිටින මේ ති දෙනා සැප් 21 වෙනිදාට අපේක්ෂා කරන ලෝකය තලතාගේ භාෂාවෙන් නම් තවත් මකරාක්ෂ ගෝඨාභය සම්ප්‍රාප්තියකි. තම ලේ නෑයන් ගෙදරදීම වෙඩි තබා මරා දැමූ ඝාතකයන්ට රටේ බලය දීමට අකමැති කතා නො කරන මිලියන ගණනක් ජනතාවට තලතාගේ පැමිණිම  ආශීර්වාදයකි.
 
 
තලතා ගැන කතා නො කරන රෝහිණි විජේරත්න මන්ත්‍රීවරිය නම් සජබය අත හැර නොයනු ඇත. තමන් රනිල් අත හැර නොයා සිටියදී සජිත් වෙත ගෙන ගියේ තලතා බව එ තුමිය කියයි. එසේ නම් තලතාට මුලින් සජබය හැර යා යුතුව තිබුණේ රෝහිණී මැඩම් ය. මාතලේ රනිල් ශක්තිමත් කරන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායකලා සමග එක ලැයිස්තුවෙන් මහ මැතිවරණයට මුහුණ දෙන දවසක තමන්ට හිමි ස්ථානය ගැන සිතන රෝහිණි මන්ත්‍රීතුමිය, සජබ ඛෙදීමෙන් ශක්තිමත්වූ මාලිමා දිනුවොත් රටක් ප්‍රජාතන්ත්‍රවාදයක් කල්පනා කළ යුතුවේ. තම පියා වෙනුවෙන් ජවිපෙට බිලි වූ සිය ගණනක් මාමාලා බාප්පලාගේ කැප කිරීම ගැන සිය හෘදය සාක්ෂියට දවසක වගකිව යුතුවේ. මන්ත්‍රීකම දමා ආ තලතා අතුකෝරාලට රෝහිණි මැඩම්ට මෙන් මනාප ගැන හැඟීමක් නැත.
1988දී ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකයා වූ විට ගාමිණි දිසානායක හමුවූ තරුණ පිරිසක් ආර්. ප්‍රේමදාස ජනාධිපති වුණොත් පක්ෂයත් රටත් විනාසයි කියා ඔහු පරාජය කළ යුතු බව දැඩිසේ කියා සිටියහ. සියල්ල අසා සිටි ගාමිණි කීවේ, අපේ දේශපාලන කුඩුකේඩුකම් අමතක කළ යුතු අවස්තාවක් රටේ පවත්නා බව ය. (මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ රටම බිය කරමින් ඡන්ද පොළට එන මුල් 10 දෙනාට වෙඩි තබන වරෙන්තු නිකුත් කර හමාරය. හැම දවසකම රටේ කොතනින් හෝ එජාප පාක්ෂිකයන් හත් අට දෙනෙකු ඝාතනය කළ බවට වාර්තා වෙමින් තිබිණ.) 

''තුවක්කුවේ කටේ ඉලක්කය බවට පත්ව සිටින ගමේ අනාරක්ෂිත යූඇන්පී කාරයන් ගැන කල්පනා කළ යුතුයි. අප ප්‍රේමදාස ජනාධිපති නො කළොත් සිදුවන විනාසයට අපද අත ගැසුවා වෙනවාය. එනිසා ප්‍රේමදාස ජයග්‍රහණය කළ යුතු වෙනවා. ප්‍රේමදාස දිනුවොත් මමත් ලලිත් ඇතුළත් මුදලිත් විනාස කිරීමට ඉඩ ඇතත් අප දෙදෙනා ප්‍රේමදාසට උදව් දරන්න තීරණය කළා. යම් වරදක් අපට හෝ රටට ප්‍රේමදාස සිදු කළොත් ඉතිහාසය විසින් අපව නිදහස් කරාවි.'' - (හේමලයා ස්වයං චරිතාපදානය : චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
 
උතුර ගැන කතාකරන සර්ව පාක්ෂික සමුළුව අද : සජිත් එයි - අනුර නොඑයි !
අද රටේ තත්වය ඊටත් වඩා බරපතලය. වසර පනහක් පැවති එජාප ඛෙදීම තුළ රනිල් සජිත් දෙදෙනාම පසු බා මාලිමාව දිනුවොත් බංග්ලාදේශ් ඉරණමට මුලින්ම ගොදුරු වන්නේ රනිල් සජිත් පිරිවරා සිටි පිරිස් ය. 88-89 මෙන් බෞද්ධ භික්ෂුන් කතෝලික පිය වරුන් හින්දු පූජකයන් සමග නිර් දේශපාලනික ගමේ වෛරක්කාර අසල් වැසියන් දහස් ගණනින් ඝාතනය වීම කිසිවෙකුට නතර කළ නො හැකිය. එදාට 2019 මෙන් සජිත් ප්‍රේමදාස කාමරේ දොර වසා ගන්නවා ඇත. 2019දී මෙන් එසේම කවුරුත් දන්නා පරිදි ගෝඨා ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටි ආකාරයට සජිත් ප්‍රේමදාස අනුරගෙන් තමන්ට ආරක්ෂාව ඉල්ලා සිටිනු ඇත.  
 
මේ තත්වය මැනවින් දන්නා තලතා කියන්නේ තවත් විනාශකාරි ගෝඨාභය වෙස් ගත් මකරාක්ෂයෙකුගේ පැමිණීම නතර කිරීමට ඒකරාශි විය යුතු බවය. එහෙත් ඉතිහාසයක් නැති ප්‍රේමදාසලා කිසි විටෙක ගාමිණි දිසානායකලා මේ කල්පනා නො කරන බව ඉම්තියාස් බාකීර් මාකර්ලා තිස්ස අත්තනායකලා රන්ජිත් මද්දුම බණ්ඩාරලා තේරුම්ගත යුතුවේ. මේ තීරණාත්මක මොහොතේ එක්ව ක්‍රියා නො කළොත් ඉතිහාසය කිසිවෙකුට සමාව දෙන්නේ නම් නැත. ඉහතින් කී විදුහල්පති ආදි සිසුවා සහ ඔහුගේ පියා පෙනී සිටින්නේ දූෂණය වංචාවට එරෙහිව නම් ඒ තුන් ඈඳුත්ත අනුර දිනවීමෙන් අපේක්ෂා කරන්නේ ජන ඝාතක පොල්පොට් පාලනයකි. තවත් බංග්ලා දේශයකි. සජබ බහුතරය ඊට කැමතිද?

රනිල් ආයේත් පරද්දමු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...