The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල්, සජිත්, අනුර, නාමල් රටට සල්ලි ගේන්නේ කොහොමද?

T

The Leader Desk

September 4, 2024 • 6:58 AM

රනිල්, සජිත්, අනුර, නාමල් රටට සල්ලි ගේන්නේ කොහොමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම උදෙසා තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන පොරොන්දු සහ ඉන් ඔබ්බට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු ඊට ඇතුළත්ය.
  • ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු ප්‍රධාන අපේක්ෂකයින් බදුබර අඩු කර ජීවන වියදම අඩු කිරීමට පොරොන්දු ලබා දෙමින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.
  • තමන් ඉදිරිපත් කර ඇති පොරොන්දු ඉටු කිරීම සඳහා මෙම අපේක්ෂකයින් ආදායම් උත්පාදනය කරන්නේ කෙසේද?
  • ඒ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් ණය වැඩසටහනට අනුව යමින් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම උදෙසා තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන පොරොන්දු සහ ඉන් ඔබ්බට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු ඊට ඇතුළත්ය. තමන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන පොරොන්දු සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට කෙතරම් මුදලක් වැය කරන්නේද? ඒ සඳහා වැයවන මුදල් උපයා ගන්නේ කෙසේදැයි ජනාධිපතිවරණ අපේක්ෂකයින් නිෂ්චිතව දක්වා නොමැති නමුත්, බදු සංශෝධන හා එක් එක් අංශවල ඵලදායීතාව හා නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ආදායම් උත්පාදනයට සැලසුම් කර තිබේ.

 

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු ප්‍රධාන අපේක්ෂකයින් බදුබර අඩු කර ජීවන වියදම අඩු කිරීමට පොරොන්දු ලබා දෙමින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.

තමන් ඉදිරිපත් කර ඇති පොරොන්දු ඉටු කිරීම සඳහා මෙම අපේක්ෂකයින් ආදායම් උත්පාදනය කරන්නේ කෙසේද?

රටේ ආර්ථික තත්ත්වය

 

970364 01 02 1 1025652 1630446309උග්‍ර ණය අර්බුදයකට සහ විදෙස් සංචිතය හිඟයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව

උග්‍ර ණය අර්බුදයකට සහ විදෙස් සංචිතය හිඟයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේවන විට ඉන් ක්‍රමයෙන් ගොඩ එමින් තිබේ.

ඒ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් ණය වැඩසටහනට අනුව යමින් ය. රාජ්‍ය ආදයම ඉහළ නැංවීම සඳහා මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදයම් ලබන ශ්‍රමිකයින්ගෙන් 8%-36% දක්වා වූ උපයන විට ගෙවීම් බදු (Paye tax) ප්‍රතිශ හඳුන්වා දෙමින් සහ වැට් බදු ප්‍රතිශතය ඉහළ දමමින් බදු ආදායම ඉහළ නැංවීමට වත්මන් ආණ්ඩුව පියවර ගනු ලැබීය.


2019 ජනාධිපතිවරණ සමයේ රුපියල් 200ක් පමණ වූ ඇමෙරිකානු ඩොලරයක අගය මේවන විට රුපියල් 300 සීමාවේ පවතී. එය පසුගිය වසරේ රුපියල් 370ක තරම් ඉහළ අගයක පැවතිනි.

2019 වසරේ ජනාධිපතිවරණය සමය වන විට රුපියල් 120ක් පමණ වූ පෙට්‍රල් ලීටරයක් මෙවන විට රුපියල් 300 ඉක්මවා තිබේ.


income අලුතින් පත්වන ජනාධිපතිවරයා සිය මැතිවරණ පොරොන්දු සහ ප්‍රතිපත්ති යථාර්ථයක් බවට පත් කර රට සමෘද්ධිමත් කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස රට තුළ ආදායම් ජනනය කළ යුතුය

2022 වසර මුල මුහුණ පෑ උග්‍ර විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයන සීමා කෙරුණු අතර ඒ අතුරින් වාහන ආනයනය පමණක් තවදුරටත් සීමා කර තිබේ.

ඉහළ බදුබර හමුවේ බොහෝ වෘත්තිකයින් අසීරුතාවට පත්ව සිටින අතර ඇතැමුන් වෙනත් රටවලට සංක්‍රමණය වෙමින් තිබේ.

කොවිඩ් වසංගතය සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පසුබෑමට ලක්වු සංචාරක කර්මාන්තය ද යළි ක්‍රමයෙන් ප්‍රකෘතිමත් වෙමින් ඇත.

එවන් පසුබිමක් තුළ අලුතින් පත්වන ජනාධිපතිවරයා සිය මැතිවරණ පොරොන්දු සහ ප්‍රතිපත්ති යථාර්ථයක් බවට පත් කර රට සමෘද්ධිමත් කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස රට තුළ ආදායම් ජනනය කළ යුතුය.

මෙවර ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයින් රටේ ආදායම ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කර ඇති සැලසුම් මොනවා ද?


‘පුළුවන් ශ්‍රී ලංකා’: රනිල් වික්‍රමසිංහ

puluwan sri lanka240830වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළි දැක්වා ඇති ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළි දැක්වා ඇති ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් යෝජනා කර ඇත්තේ ථෙරවාද වෙළඳ ආර්ථික ක්‍රමයකි. ථෙරවාද වෙළඳ ආර්ථික ක්‍රමය යටතේ විවිධ ක්ෂේත්‍ර ඉහළ නංවමින් ආදායම් ඉපයීමට එමගින් යෝජනා කර තිබේ.

* මිලියන 2.5ක්වන සංචාරක පැමිණිම ඉදිරි වසර 5 තුළ මිලියන 5 දක්වා ඉහළ නැංවීම

* ජාතික ධනසම්පත (National Wealth Fund) ස්ථාපිත කිරීම

* අක්කර 1000ක නව ආයෝජන කලාප පිහිටුවීම

* ඩොලර් මිලියන 300ක්වන ධීවර සම්පත් අපනයන ආදායම දෙගුණ කිරීම

* ලීටර් මිලියන 380ක්වන වාර්ෂික කිරි නිශ්පාදනය ලීටර් මිලියන 820 දක්වා ඉහළ නැංවීම

* දේශගුණ විපර්යාස අරමුදලක් ස්ථාපිත කිරීම

* කාබන් බද්දක් හඳුන්වා දීම


‘සැමට ජයක්’: සජිත් ප්‍රේමදාස


457541019 1077330703753161 1362355149491743531 nවිපක්ෂ නායක සහ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කර ඇති ‘සැමට ජයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කර ඇති ‘සැමට ජයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි, සමාජ වෙළඳපොල ආර්ථික ආකෘතියක් යෝජනා කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ එකම විසඳුම බදු ඉහළ දැමීම නොවන බවය.

* ආදායම වර්ධනය කිරීම, වියදම් හා දූෂණය අවම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම

* සියලු දිස්ත්‍රික්කවල නව කාර්මික කලාප 25ක් ස්ථාපිත කිරීම

* ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය රටේ ප්‍රමුඛතම විදේශ විනිමය ඉපයීමේ මාර්ගය බවට පත් කිරීම

* සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම සඳහා ප්‍රධාන නීති ප්‍රතිසංස්කරණය

* වසර 5ක් තුළ නිවාස මිලියනයක් සූර්ය බලශක්තියෙන් සවිබල ගැන්වීම

* අසාධාරණ බදු ව්‍යූහයන් සංශෝධනය කිරීම

* නිෂ්පාදන සාධක වෙළඳපල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම


‘පොහොත් රටක් ලස්සන ජීවිතයක්’: අනුර කුමාර දිසානායක


anuraජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර ඇති ‘පොහොත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර ඇති ‘පොහොත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන්නේ, නිශ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක සහ ප්‍රමුඛතම කාර්ය වන බවය.

* බදු අනුපාත සාධාරණ ලෙස සංශෝධනය කිරීම සහ බදු පදනම පුළුල් කිරීම

* තොරතුරු තාක්ෂණ කාර්මාන්තය සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම තුළින් විදේශ විනිමය සංචිත වර්ධනය

* කෘෂි කාර්මික ඉඩම් අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30 ආදායමක් ලබා ගැනීම

* ජාතික තේ නිශ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 400 ඉක්මවීම

* හෙක්ටෙයාර් එකකින් මෙට්‍රික් ටොන් 6ක වී අස්වැන්ක් ලබා ගැනීම

* 2028 වන විට විසිතුරු මත්ස්‍ය සහ විසිතුරු ජලජ පැලෑටි අපනයන ආදායම 25%කින් ඉහළ නැංවීම

* 2030 වන විට තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීම


‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’: නාමල් රාජපක්ෂ

457850066 1064360538393016 6823634397891852987 nශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති ‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ නැමති නාමල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති ‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ නැමති නාමල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රාජ්‍ය ආදයම ඉහළ නැංවීමේ සැලසුම් ඉදිරිපත් කර තිබේ.

* අපේක්ෂිත රාජ්‍ය ආදායම උපයා ගැනීම සඳහා රේගුව, ආදායම් බදු සහ සූරාබදු දෙපාර්තමේන්තුව තුළ පවත්නා දෝෂ වහාම නිවැරදි කිරීම

* විදේශ විනිමය ලබා ගැනීම සඳහා විශේෂ ආයෝජන පහසුකම් හඳුන්වාදීම

* විදේශ විනිමය ආදායම වැඩිකිරීම සඳහා විශේෂ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

* ආදායම් බදු ගෙවන පුද්ගලයින් සහ ව්‍යාපාර සංඛ්‍යාව වැඩි කර සරල බදු ක්‍රමයක් හඳුන්වා දීම

* කෘෂී, ධීවර සහ සත්ව සහ වනාන්තර ආශ්‍රිත කර්මාන්ත මගින් ඉදිරි දශකය තුළ ඩොලර් බිලියන 18ක නිෂ්පාදන කළ හැකි පරිදි පරිවර්ථනය

* ද්විතීක අංශයේ නිෂ්පාදන තුළින් ඉදිරි දශකය තුළ ආර්ථිකයට ඩොලර් බිලියන 45ක නිශ්පාදන වටිනාකමක් එක් කිරීම

* තොරතුරු තාක්ෂණ කලාප පිහිටුවීම



මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 38 දෙනෙකු තරග වදිති. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මේවන විට සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර ඇත.

එහෙත් බදු සංශෝධන, විදේශ ආයෝජන හා ව්‍යාපෘති තුළින් කොපමණ ආදායමක් රටට ජනිත කිරීමට තමන් අපේක්ෂා කරන්නේ දැයි මෙම අපේක්ෂකයින් නිශ්චිතව දක්වා නොමැත.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල්, සජිත්, අනුර, නාමල් රටට සල්ලි ගේන්නේ කොහොමද? | The Leader