The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තැපැල් ඡන්දය ඉතිහාසය පුරා ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැටි

T

The Leader Desk

September 5, 2024 • 9:44 AM

තැපැල් ඡන්දය ඉතිහාසය පුරා ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෑම මැතිවරණයකදී ම තැපැල් ඡන්ද ප්‍රතිඵල අනෙක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර නිකුත් වේ.
  • ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම තැපැල් ඡන්ද වැඩියෙන් ම ලැබූ අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේදී පෙනී යයි.
  • එමෙන් ම, ඇතැම් ජනාධිපතිවරණවල වැඩි ම ඡන්ද හිමි කර ගත් අපේක්ෂකයන් දෙදෙනා අතර ඇති පරතරය ද ඉතා අඩු ය.
  • එවැනි අවස්ථාවක අපේක්ෂකයන් ලබා ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තීරක සාධකයක් විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සෑම මැතිවරණයකදී ම තැපැල් ඡන්ද ප්‍රතිඵල අනෙක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර නිකුත් වේ.

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම තැපැල් ඡන්ද වැඩියෙන් ම ලැබූ අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේදී පෙනී යයි. එමෙන් ම, ඇතැම් ජනාධිපතිවරණවල වැඩි ම ඡන්ද හිමි කර ගත් අපේක්ෂකයන් දෙදෙනා අතර ඇති පරතරය ද ඉතා අඩු ය.

2005 ජනාධිපතිවරණය එයට නිදසුනකි. එවැනි අවස්ථාවක අපේක්ෂකයන් ලබා ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තීරක සාධකයක් විය හැකි ය.

තැපැල් ඡන්දයේ ඉතිහාසය

 

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 4 දා ඇරැඹේ
තැපැල් ඡන්ද ක්‍රමය යනු ලෝකයේ පවතින ඡන්ද ක්‍රමවල පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයකි. වෙනත් රටවල වෙනස් අරමුණු සඳහා තැපැල් ඡන්දයට සමාන ක්‍රමයන් යොදාගත්ත ද ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළ එය යොදාගනු ලබන්නේ, මැතිවරණ දිනයේ රාජකාරිවල නියුතු නිලධාරීන්ට හා අත්‍යවශ්‍ය සේවාවල නියුතු අයට ඡන්දය ප්‍රකාශ කිරීමටයි.

තැපැල් ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ආරම්භ වූයේ, සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය ආරම්භ වීමට පෙර ය. 1959 අංක 11 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනතෙන් පළමු වරට තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ට හිමිව තිබේ. එම පනතට අනුව සන්නද්ධ හමුදාවල සාමාජිකයන්, පොලිස්, දුම්රිය, දුරකතන හා තැපැල් සේවාවල නිලධාරීන් හෝ සේවකයන් ද මැතිවරණ රාජකාරිවල නියුතු රජයේ සේවකයෝ ද මෙලෙස තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන අය වෙති.

An armed policeman stands guard as female voters take their turn to cast their votes in the Sri Lankan General Election, 22nd March 1960. (Photo by Keystone/Hulton Archive/Getty Images)

 

පළමු වරට මැතිවරණයකදී තැපැල් ඡන්දය භාවිත කළේ, 1960 පැවති මහ මැතිවරණයේදී ය. එම කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ, සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය වන අතර ශ්‍රී ලංකාව පැවතියේ ඩ්‍රොමීනියන් නිදහසක් ලැබූ රටක් ලෙස ය.

1960 මාර්තු මහමැතිවරණයට රාජ්‍ය සේවකයන් 18,246ක් තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ බව 1960 පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන වාර්තාවේ සඳහන් වේ.

1960 ජුලි මැතිවරණයේදී එය 26,665ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 1965 වන විට එම සංඛ්‍යාව 34,000කට ආසන්න සංඛ්‍යාවකි.

තැපැල් ඡන්දයට දින පහක්

 

458191588 957992166343841 1700016910935967779 n
ප්‍රකාශයට පත් කර තිබෙන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමු පියවර වන තැපැල් ඡන්ද විමසීම බදාදා (සැප්තැම්බර් 04වැනිදා) ආරම්භ විය.


මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 712,319 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. තැපැල් ඡන්දය සැප්තැම්බර් 04, 05, 06 සහ එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට සැප්තැම්බර් 11, 12 දින දෙක තුළ සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වේ.
 
මෙවර තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ, රජයේ සේවකයන් බහුතරයකගේ වැටුප් 2025 ජනවාරි සිට වැඩි වන බවට, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මූලික වැටුප වැඩි වන බව හා දැනට පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් 16,000ක් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් (සැප්තැම්බර් 02 දින ) නිවේදනය කර තිබෙන පසුබිමක ය.
 
මේ හරහා එක් අපේක්ෂයෙකු ප්‍රවර්ධනය වන්නේ දැයි සංවාදයක් ද මේ වන විට මතුව තිබේ.

මේ අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සිංහල වෙත පැවසුවේ, (සැප්තැම්බර් 4 වැනිදා) දිනයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීව සිදුවූ බවය.

කිසිදු අනර්ථකාරී සිදුවීමක් පිළිබඳ වාර්තා නොවූ බවද ඔහු පැවසීය.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තැපැල් ඡන්දය ඉතිහාසය පුරා ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැටි | The Leader