සම්ප්‍රදායිකව පුරුෂාධිපත්‍යය සහිත සමාජ පසුබිමක කාර්යබහුල වීදි තුළ නිහඬ විප්ලවයක් දිදුලමින් පවතී. කාලයක් ගෘහාශ්‍රිත අවකාශයන්ට සීමා වෙමින් ආන්තික ප්‍රජාවක් ලෙස සිටි කාන්තාවන් තම ජිවිත අරගලය ජය ගැනීම වෙනුවෙන් පදික වේදිකා තම වෙළඳසැල් බවට පරිවර්තනය කරමින් තිබේ. නිෂ්පාදන අලෙවි කිරීම පමණක් නොව සමාජ සම්මතයන්ට අභියෝග කරන දකුණු ලක මෙම දිරිය කාන්තාවන්ගේ ආශ්වාදජනක කතාන්දර මගින් ඔවුන්ගේ ජිවන අරගලයේ සැබෑ තත්වය සම්බන්ධයෙන් සමස්ත සමාජයටම ආමන්ත්‍රණය කරනු ලබයි.

වර්තමානයේ අප රට මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ, එහි වැඩි බර නිරායාසව ශ්‍රී ලාංකීය කාන්තාවගේ කර මත පැටවී ඇති බව නොරහසකි. කෙටියෙන්ම කිවහොත්, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කාන්තාව තරමට පීඩා විඳින වෙනත් අයෙකු අප සමාජය තුළ නොමැති තරම් ය. මේ නිසා අප රටේ කාන්තාවන් ඊට මුහුණදීම සඳහා බොහෝ විට ගෘහණියක් හා ව්‍යවසායිකාවක් යන බහුවිධ චරිත නිරූපණයට දායක වේ. විශේෂයෙන් දකුණේ කාන්තාවන් එහි ප්‍රමුඛ තැනක වැජඹේ. කෙසේ වෙතත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ දකුණේ ගෘහාශ්‍රිත කාන්තාවන් රැසක් මහත් පසුබෑමකට ලක්වු බවක් දැකිය හැක.
ශ්‍රී ලංකාව පීතෘ මූලික සමාජයකට උරුමකම් කීවද, රටේ ආර්ථිකයේ වැඩිම බර දැරීමට සිදුව ඇත්තේ, මෙරට කාන්තාවට බව සදහන් කිරීම අතිශෝක්ත්‍යක් නොවේ. මේ හේතුවෙන් මෙරට කාන්තාව පෙළඹවීමකින් තොරවම මෙරට ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්ව ඇත. මහ බැංකු වාර්තාවලට අනුව මෙරට ජාතික නිෂ්පාදනයට වැඩිම දායකත්වය සපයනුයේ, අප රටේ කාන්තාවයි. තේ දළු නෙළීම, රේන්ද බීරළු ගෙතීම, වට්ටි, පෙට්ටි, පැදුරු විවීම හා කොහු ලණු ඇඹරීම වැනි සම්ප්‍රදායික වෘත්තීන්ගෙන් ඔබ්බට ගිය මෙරට කාන්තාව, වර්තමානයේ අප රටේ ආර්ථිකයට ඩොලර් උත්පාදනය කරවන වෘත්තීන් රැසකම ප්‍රමුඛයා බවට පත්ව සිටියි.
ඩී.විජයන්ති
පොල් කටු යොදා ගනිමින් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කරන අහංගම ප්‍රදේශයේ පදිංචි ඩී.විජයන්ති යනු තම ස්වාමිපුරුෂයාට ශක්තියක් වීමට එසේ වෙර දරන දිරිය කාන්තාවකි. දෛනිකව මාතර ගාල්ල ප්‍රධාන මාර්ගය අයිනේ අහංගම ප්‍රද්ශයේ වෙළඳාම් කරන ඇය පවසා සිටින්නේ මෙම පොල් කටු නිෂ්පාදන අලෙවි කර ගැනීමට හොඳ වෙළඳපොළක් නොමැතිකම තමන් මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය බවයි. කෝවිඩ් සමයේ ඇතිවු රැකියා ව්‍යුක්තියට පිළියමක් ලෙස මෙම කර්මාන්තයට අත්පොත් තැබූ විජයන්ති මහත්මිය, පොල් කටු තුළින් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය වර්තමානයේ සිය පවුලේ ප්‍රධානතම ආර්ථික මෙවලම බවට පත්ව ඇති බව කියා සිටි.
ඩී.විජයන්ති
‘’කෝවිඩ් කාලේ මහත්තයට රැකියාවකට යන්න බැරිවෙනවත් එක්ක තමා මහත්තයා යූ ටියුබ් බලලා මේ රස්සාව පටන් ගත්තේ. දැන් මමයි මහත්තයයි දෙන්නම එකතු වෙලා මේක කරගෙන යනවා. අමුද්‍රව්‍යවල හිඟයකුත් නැති නිසා මේක දිගටම කරගෙන යන්න පුළුවන්. මොකද භාණ්ඩ නිෂ්පාදනය කරන්නෙත් අපිම නිසා භාණ්ඩවල හිඟයකුත් නැහැ. එකම ප්‍රශ්නය මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මේ වගේ කර්මාන්තවලට හොඳ වෙළදපොළක් නොමැතිකම. දකුණු පළාත කියන්නේ සංචාරක පුරවරයක්. රජය මැදියත්වෙලා අපි නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කරගන්න අවස්ථාවන් හදලා දෙනවා නම් ඇත්තටම රජයට බරක් නොවී තව දෙතුන් දෙනෙකුට රස්සාත් හදලා දීලා කර්මාන්තයක් හැටියට මේක කරගෙන යන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ මිනිස්සු අතේ සල්ලි නැති නිසා මේ වගේ දේවල්වලට සල්ලි වියදම් කරන්න මැලි වෙනවා. ඒ නිසා අපි ඇත්තටම කබලෙන් ලිපට වැටිලා ඉන්නේ..’’
පසුගිය කාලයේ අප රටේ පැන නැගුණු ආර්ථික අර්බුදය හමුවේ මෙරට ගෘහ ආශ්‍රීත රැකියා රැසකට පණ පොවන දකුණේ දිරිය කතුන් මහත් අසීරුතාවට ලක්ව ඇති බව පෙනේ. ඒ තුළින් ඔවුන්ගේ කුටුම්බයට පමණක් නොව අප රටේ ආර්ථිකයට ද එල්ල කෙරෙන බලපෑම සුළුපටු නැත. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයෙහිලා කාන්තා දායකත්වය කැපී පෙනේ. මෙරට ආර්ථිකයට 40%ක පමණ දායකත්වයක් සපයනු ලබන ඇඟළුම් ක්ෂේත්‍රයට, වැඩි දායකත්වය සපයනුයේ මෙරට වෙසෙන කාන්තාවන්ය. එමෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ ද ආධිපත්‍යය දරනුයේ මෙරට කාන්තාවයි. ඒ අතර මෙරට විවිධ ගෘහාශ්‍රීත රැකියා රැසකටම පණ පොවනුයේ කාන්තාවන් බව රහසක් නොවේ. මෙයට වසර ගණනාවකට පෙර අප රටේ විධිමත් රැකියා හා වෘත්තීයමය අවස්ථා රැසකම හිමිකාරිත්වය දැරුවේ පිරිමි පාර්ශවය වුව ද මෙරට ගෘහය තුළ වැඩි වගකීමක් දරනුයේ කාන්තාව බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසාම පසුගිය කාලයේ අප රටේ පැන නැගුණු ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකීය කාන්තාව තරම් පීඩාවට පත්වු පාර්ශවයක් අප රටේ පමණක් නොව ආසියානු කලාපයේ ද දැකිය නොහැකි බව දකුණේ වීදි වෙළදාමෙන් යැපෙන දිරිය කාන්තාවන් සහතික කරයි.
කාන්තාවන් වීදි වෙළඳාමට පොළඹවන හේතු පුද්ගලාන්තරව සංකීර්ණ කරුණක් වේ. සමහරුන්ට එය ආර්ථික අවශ්‍යතාවයක් වන අතර ඉහළ යන වියදම් සහ සීමිත අවස්ථාවන් හමුවේ පවුල් නඩත්තු කිරීමේ මාධ්‍යයකි.
කාන්තාවන් වීදි වෙළඳාමට පොළඹවන හේතු පුද්ගලාන්තරව සංකීර්ණ කරුණක් වේ. සමහරුන්ට එය ආර්ථික අවශ්‍යතාවයක් වන අතර ඉහළ යන වියදම් සහ සීමිත අවස්ථාවන් හමුවේ පවුල් නඩත්තු කිරීමේ මාධ්‍යයකි. තවත් කෙනෙකුට සම්ප්‍රදායික භූමිකාවන්ගෙන් මිදී තමන්ගේම ජීවනෝපායන් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරමින් මූල්‍ය ස්වාධීනත්වය සඳහා ඇති ආශාව පිළිබිඹු කරයි.
ගාල්ල කොටුවේ ජංගම වෙළදසැලක් පවත්වා ගෙන යන සිව්දරු මවක් වන 53 හැවිරිදි ගුණාංගනී හේරත් මහත්මිය ද විදි වෙළදාමෙන් තම දරුවන්ගේ ජිවිත ආරක්ෂා කරනු ලබන එවැනිම දිරිය කාන්තාවකි. සැමියා මියයාමෙන් පසුව පවුලේ බර සිය උර මත ගන්නා ගුණාංගනී ගාලු කොටුවේ රටකජු බයිට් වෙළදාම් කරමින් සිය පවුලේ දෛනික වියදම් පියවා ගැනීමට දරන්නේ මහත්වු වෙහෙසකි. තහඩු වලින් තනා ගත් කුඩා කුටියක සිට වෙළදාම් කරන ඇය ගේ හිත ගාලුකොටු පවුර මෙන්ම ශක්තිමත් එකකි. මෙම කුඩා වෙළදාමෙන් සිය පවුලේ දෛනික වියදම් පියවා ගැනීමට දරන උත්සාහයට පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික පීඩනය මෙන්ම වර්ෂාව නිසා ඇතිවූ කාලගුණික විපර්යාසයන් ගුණාංගනීගේ වෙළදාම ද පසුබෑමකට ලක් කර තිබේ. එම නිසාම රටකජු බදින ගිනි උදුනෙන් පිටවන රස්නය තරම් වූ හිරු රශ්මියට දක්වන ඇල්ම ඇය වර්ෂාවට නොදක්වයි.
ගුණාංගනී හේරත් “ගොඩක් දුෂ්කරතා මැද තමා අපි මේ ජීවිකාව ගෙනියන්නේ. මේකෙන් ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ. වැස්සොත් එහෙම දවසේ ආදායමවත් ලැබෙන්නෙ නැහැ. කොහොම හරි දරුවෝ බඩගින්නේ තියන්න බැරි නිසා අව්වට වේලිලා වැස්සට තෙමිලා මේක කරගෙන යනවා. ගෙවල් දොරවල්වල අඩුපාඩුත් එමටයි. මගේ තව ආබාධිත දරුවෙකුත් ඉන්නවා. මමත් ලෙඩෙක්. දැන් ඉස්සර වගේ වෙළඳාමක් නැහැ. ඉස්සර ගාලු කොටුව බලන්න ගොඩක් දෙනෙක් එනවා. නමුත්,දැන් එහෙම එනවා හරි අඩුයි.මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මිනිස්සුන්ට ඇවිදින්න සල්ලි නැතිවත් ඇති ඉතින්..”
පසුගිය කාලයේ ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට මිලියන 3.4 ප්‍රමාණයකට මානුෂීය ආධාර අවශ්‍ය වී ඇති බවත්, මෙරට මන්දපෝෂණය වැඩි වී ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවකින් දැක්වේ. රජය මෙම තත්වය පිළිගැනීමට මුලදී මැලිකමක් දැක්වුවද, පසුගිය අයවැයෙන් මන්දපෝෂණය තුරන් කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කිරීමට රජය කටයුතු කර තිබුණි. එසේම ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය විසින් කරන ලද හෙලිදරව්වකට අනුව, දරුවන් පාසල් යැවීමට හා ඔවුන්ගේ බෙහෙත් හේත් සඳහා යන වියදම් පියවා ගැනීමට බොහෝ ශ්‍රී ලාංකීය කාන්තාවන්ට වෙනත් රැකියාවක නිරතවීමට සිදුව ඇති බව පෙන්වා දෙයි. මේ නිසා බොහෝ කාන්තාවන් වැඩ නිමවී වැඩ බිමට හෝ වෙනත් ගෘහාශ්‍රිත රැකියාවක නියැලීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇත .විශේෂයෙන් ඇතැම් කාන්තාවන් වීදි වෙළදාමට වැඩි නැඹුරුවක් දක්වන තත්වයක් දැකිය හැක. තමාගේම නිෂ්පාදන යොදා ගැනීම හා පවුලේ අයගේ සහයෝගය ඊට හිමිවීම ද කාන්තාවන් අතර, වීදි වෙළදාම ප්‍රචලිතවීමට බලපා ඇත.
පී.ධනවතීමෙරට බොහෝ පිරිමින් වෙනත් විවිධ හේතූන් මත සියදිවි නසා ගැනීමට පෙළඹුණ ද,කාන්තාවන් බොහෝ විට සියදිවි නසා ගැනීමට පෙළඹෙන්නේ, සිය නිවසේ ආර්ථීක තත්වය පිරිහීම දරාගත නොහැකිවීම හා ණය බර හේතුවෙන් බව සමීක්ෂණ මගින්ද හෙළි වී ඇත. අප රටේ කාන්තාවන් බොහෝ විට නිවසේ පවතින පවුල් වියවුල් හා සැමියන්ගේ නොසලකා හැරීම් කාන්තාවන් වැඩි වශයෙන් ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවීමට වැඩි වශයෙන් බලපා ඇති බව නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රීකුණාමලය මංඩපයේ සන්නිවේදන අධ්‍යයන හා භාෂා අංශයේ කතිකාචාර්‍ය ආචාර්‍ය පුෂ්පිකා කුමාරි ගනේගොඩ මහත්මිය කියා සිටි.
පී.ධනවතී“ශ්‍රී ලංකාවේ පවතින මෙම ආර්ථික අර්බුදයත් එක්ක වැඩියෙන්ම අර්බුදයට ලක්වෙන්නේ කාන්තාවන් බව අමුතුවෙන් කිව යුතු නැහැ.මොකද කාන්තාව එහෙමත් නැත්නම් මව තමයි ගෙදර සියළු කටයුතු කළමනාකරණය කරන්නේ. නිවසේ ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ විට පිරිමියාට වැඩි වගකීමක් පැවරෙන්නේ නැහැ. මේ නිසා බොහෝ විට කාන්තාව නිවසේ කටයුතු කළමනාකරණය කර ගැනීම සඳහා වැඩි වෙහෙසක් දැරිය යුතු වෙනවා. මේ නිසා කාන්තාව බොහෝ විට දෙවරක් වැඩ කරන තැනට එහෙමත් නැත්නම් වැඩ ඇරී වැඩට යන තත්වයක් උදාවී තිබෙනවා. අපි දන්නවා බොහෝ කාන්තාවන් නිවසේ සියළු කටයුතු කරලා අමතර ආදායමක් උපයා ගන්නට පාරවල් අයිනේ, උද්‍යානවල නැත්නම් මුහුදු වෙරළේ අමතර සුළු වෙළඳාමක් කරනවා. ඒක දරුවන්ගේ හා නිවසේ අභිවෘද්ධියට මිස ඇයගේ සුඛ විහරණය තකා නොවන්න පුළුවන්. මේ කාන්තාවන් ඇත්තටම දිරිය කාන්තාවන්. ඔවුන් මේ ආර්ථික අර්බුදය හමුවේ මෙසේ නොසැලී සිටීමත් පුදුමයක්. ඔවුන් නගාසිටුවීම හා ඔවුන් සුභ සාධන ක්‍රියාවලියට යොමු කරවීම රජයේ කාර්‍යය විය යුතුයි.”
තිලකා ඉන්ද්රලතා “ මගේ දරුවෝ ඔක්කොම විවාහ වෙලා ඉන්නේ. ඇත්තටම කිව්වොත්, දරුවෝ ජීවත්වෙන්නෙත් බොහොම අමාරුවෙන්. ඉතින් අපි කොහොමද දරුවන්ට බරක් වෙන්නේ. බෙහෙත් හේත් ටිකට පවා විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒවා දරුවන්ට දරන්න අමාරුයි. ඒ නිසා තමා මෙහෙම පාරට වෙලා තැඹිලි ටිකක්, වතුර බෝතල් ටිකක් විකුණලා අමතර ආදායමක් හොයා ගන්න බලන්නේ. ඒත්,මේ දවස්වල වැඩි වෙළදාමක් නැහැ. දවසකට තැඹිලි ගෙඩි දහයක්වත් යන්නේ නැහැ. වැස්සට තවත් අඩුයි. ඉතින් එහෙමෙයි කියලා මොනවා කරන්නද? එන හැටියකට ජීවිතේට මුහුණ දෙනවා..”
වර්තමානයේ අප රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ, අපේ කාන්තාවන් වැඩ ඇරී වැඩ බිමට යන උදෘත පාඨයට පණ පොවන බව නොරහසකි. අප රටේ ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් සපයනුයේ, කාන්තාවයි. එබඳු වටපිටාවක් තුළ කාන්තාව වත්මන් ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා විවිධ ක්ෂේත්‍ර තුළ සිය දායකත්වය විසුරුවන්නේ, හුදෙක්ම සිය පවුල රැක ගැනීම යන අභිමතාර්ථය මුදුන්පමුණුවා ගැනීමේ අදහසින් පමණක් බව සඳහන් කරනුයේ, කාන්තාව කෙරෙහි ඇතිවූ ඉමහත් ගෞරව සම්ප්‍රයුක්ත හැගීමෙනි.
මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි


