ආර්ථික විශේෂඥවරියක වූ ජොආන් රොබින්සන් ගේ. මින් අදහස් වෙන්නේ ලංකාව සංවර්ධනය සඳහා ඇති අරමුදල් විචාරයකින් තොරව පරිභෝජනය කරන බවයි.
ජොආන් රොබින්සන් ගේ ඒ කතාව අදට වලංගු වන්නේ තවමත් මෙරට දේශපාලන පක්ෂ තමන්ට කරන්න බැරි , රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන පොරොන්දු පිට පොරොන්දු දෙමින් සිටින නිසයි. ඒ එක්කම තවත් පිරිසක් අහනවා අවුරුදු 75 ක් මොනවද කරේ කියලා. මේ දකින විට අවධාරණය වෙන දේ තමයි , කළ යුත්තේ කුමක්ද යන්න කෙසේ වෙතත් මේ උදවිය "අපිට මොකද වුණේ ?" කියලත් නිවැරැදි තක්සේරුවක් නැති බව. ඒ නිසා මෙවර හරි පාර දිගුවෙන්නේ " අපිට මොකද වුණේ ?" යන්න සම්බන්ධවයි.
1948 අපි රටක් ලෙස නිදහස ලබන විට , ප්‍රධාන වානිජ අපනයන භෝග ලෙස තිබුණේ තේ, පොල් , රබර්. නමුත් ව්‍යවසාය තිබුණේ ඉතාම පහළ මට්ටමක. යටත් විජිත පාලනය තුළ ලංකාව කැටගරි වෙලා තිබුණේ non settler colony විදිහටයි . ඒ නිසා විදේශිකයන් මෙහි රැඳුනේ නෑ. ඒ නිසා කැනඩාවේ , ඕස්ට්‍රේලියාවේ අත්දැකීමට සාපේක්ෂව අපේ අත්දැකීම වෙනස් වුණා. සුදු ජාතික ප්‍රාග්ධන හිමියන් ගේ මහා පරිමාණ ව්‍යවසාය දුබල වුණත් , නිදහසින් පසුව දේශීය ව්‍යාපාර කිහිපයක් වැඩෙන්න ගත්තා.
ප්‍රධාන වානිජ අපනයන භෝග ලෙස තිබුණේ තේ, පොල් , රබර්.
1951 වන විට ලංකාව තිබුණ තත්ත්වයේම තමයි , ද.කොරියාව , සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල් තිබුණේ. නමුත් පසුකාලීනව ඒ රටවල් අප රට පසුකර ගියා. ඔවුන් දියුණු වුණා. අපි එකතැන පල් වුණා. ඇතැම් අවස්ථා වලදි පසුපසට ගියා.
1956 වන විට නිදහසින් පසුව ගොඩනැගුණු ව්‍යාපාරික පැලැංතියක් හිටියා. බහුජාතික සමාගම් ඉතා සීමිත ලෙස මෙරට ව්‍යාපාරික කටයුතු වල නිරතව හිටියා. ඒ කියන්නේ යම් වානිජ ප්‍රාග්ධනයක් නිර්මාණය වෙලා තිබුණා. නිදර්ශනයක් ලෙස ඛනිජ තෙල් ව්‍යාපාරය තුළ කැල්ටෙක්ස් , මොබිල් , බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් වැනි සමාගම් ව්‍යාපාර කටයුතු සිදුකළා. 48 සිට ගොඩනැගුණු වතු සහ ඉඩම් හිමි ව්‍යවසාය පැලැංතියක් හිටියා. බස් හිමි ප්‍රවාහන සේවා සපයන ව්‍යවසාය පැලැංතියක් හිටියා. හෝටල් කර්මාන්තය, පතල් කර්මාන්තය , මුද්‍රණ කර්මාන්තය, තොග භාණ්ඩ වෙළෙඳපොළ , ඇතුළු ආනයන හා අපනයන වෙළෙඳපොළ තුළ ද ව්‍යවසායක පැලැංතියක් බිහිවී හිටියා.
නමුත් ඒ එක්කම ශ්‍රීලනිප ඇතුළු වමට බර දේශපාලන දෘෂ්ටිවාදයත් බලවත් වෙලා තිබුණා. ඒ තුළ ජනප්‍රියවාදී ප්‍රවේශයක් ගනිමින් 1956 දී මේ කර්මාන්ත ජනසතු කිරීම ඇරඹුණා. සියලු කර්මාන්ත රජයට පවරා ගැනීම ඉදිරියේ ගොඩනැගෙමින් තිබූ ව්‍යවසායක පැලැංතිය දුප්පතුන් බවට පත්වුණා. 1971 දී සිදුකළ ප්‍රතිසංස්කරණ සමඟ තත්ත්වය තවත් බරපතළ වුණා.
එදා වමේ තර්කය වුණේ, පෞද්ගලිකව ධනය ඒකරාශි කිරීම වරදක් බවයි. එය රාජ්‍ය සතු කාර්‍යයක් වියයුතු බවයි. ඒ නිසා ධනපතියන් බංගවේවා කියලා සටන් පාඨ කිව්වා. ඒ මතයේ සිට ක්‍රියාත්මක වුණා. සෑම විටම ධනපතියන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ප්‍රගතිශීලී ලෙස අරුත් ගැන්වුණා.
සිංගප්පූරුව , දකුණු කොරියාව , මැලේසියාව ඊට වෙනස් මගක ගියා. ඔවුන් පෞද්ගලික අංශය ශක්තිමත් කළා.
නමුත් සිංගප්පූරුව , දකුණු කොරියාව , මැලේසියාව ඊට වෙනස් මගක ගියා. ඔවුන් පෞද්ගලික අංශය ශක්තිමත් කළා. ව්‍යාපාර කිරීමේ නිදහස සහතික කළා. ඔවුන් දිරිමත් කළා. ඒ තුළ සුපිරි ධනපතියන් බිහිවුණා. ව්‍යාපාර වර්ධනය වුණා. ආර්ථිකය ශක්තිමත් වුණා. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වුණා.
අපි තියන කෙනාව කොල්ලකා නැති කෙනාට බෙදන්න ගිහින් නැත්තටම නැති වුණා.
තවමත් අපේ වාමාංශිකයන් ක්‍රියාත්මක වෙන්නේ ඒ අදහස් ඇතුව. තියෙන කෙනා වෙත වෛරය වැපිරීම මිස, නැති බැරි කෙනා ඇති හැකි මට්ටමට ඔසවා තැබීමක් වමේ ක්‍රියාමාර්ග තුළ නෑ. සුනිල් හඳුන්නෙත්ති ජවිපෙ මාලිමාවේ ආර්ථික කටයුතු ප්‍රධානියා වෙලා, බැනියමේ හිල් ගැන කියන්නේ , යට ඇඳුමේ හිල් ගැන කියන්නේ ඒ නිසා. ආර්ථිකය ප්‍රසාරණය කරගන්න යෝජනා වෙනුවට ඔවුන් කතා කරන්නේ පංති බෙදීමක් ඇතුලේ වෛරය ප්‍රසාරණය කිරීමටයි.
සුනිල් හඳුන්නෙත්ති ජවිපෙ මාලිමාවේ ආර්ථික කටයුතු ප්‍රධානියා වෙලා, බැනියමේ හිල් ගැන කියන්නේ, යට ඇඳුමේ හිල් ගැන කියන්නේ ඒ නිසා. ආර්ථිකය ප්‍රසාරණය කරගන්න යෝජනා වෙනුවට ඔවුන් කතා කරන්නේ පංති බෙදීමක් ඇතුලේ වෛරය ප්‍රසාරණය කිරීමටයි.
නමුත් දියුණු රටවල අත්දැකීම තමයි ඔවුන් ව්‍යවසායකත්වය වර්ධනය කර ඊට සහාය දෙමින් තවත් දිරි දීම. සැබැවින්ම දුප්පත්කම නැති කරන්න නම් ව්‍යාපාර වැඩි කරන්න ඕන. එවිට තමයි රැකියා වැඩි වෙන්නේ. දැන් අහනවා අවුරුදු 75 ක් මොනවද කරේ ? කෝ රටේ දියුණුවක් කියලා.
ඒකට දෙන්න තියෙන්නේ සරල උත්තරයක්. අවුරුදු 75 ක් ව්‍යවසායකත්වය අධෛර්යමත් කරාම කොහොමද රටක් දියුණු වෙන්නේ ? දෙස් විදෙස් ආයෝජනයන් ක්‍රියාත්මක වෙන්න නොදී ඊට බාධා කළවිට කොහොමද ආර්ථිකයක් ශක්තිමත් වෙන්නේ ? කොහොමද ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ ? තමන් දුක් මහන්සියෙන් උපයන ධනය එක් රැයෙන් රජය අත්පත් කරගන්නා අවධානම ඇතුලේ කවුද ව්‍යවසායකයෙකු ලෙස උඩට එන්න හිතන්නේ ?
ඒ වගේම තමයි කෙනෙක් දියුණුවී ඉහළට එනවා නම් ඔහු හොරෙක් දූෂිතයෙක් කියනවා නම්, ඔහු විනාශ කළයුතු බවට මතයක් හදනවා නම් , එතන සිද්ධ වෙන්නෙත් ව්‍යවසායකත්වය වර්ධනය හීනවීම නෙවෙයි ද ? වම්මු හැමදාමත් කළේ චෝදනා කිරීම , විවේචනය කිරීම , කඩාකප්පල් කිරීම සහ වෛරය වැපිරීම විතරයි. රට අඩියක් ඉස්සරහට ගියා නම් ඒ වම දුර්වල වූ විට පමණයි. 77 සහ 90 දශකය ඊට සාක්ෂි දරනවා. 77 මහවැලියේ සිට ආයෝජන මණ්ඩලය පිහිටුවමින් ගෙනා ආර්ථික වර්ධන වැඩපිළිවෙළ , කර්මාන්තකරණ වැඩපිළිවෙළ නොතිබෙන්නට අද ලංකාව මේ තත්ත්වයටවත් පත්වන්නේ නෑ. කාට කොහොම තිත්ත වුණත් ඒක තමයි ඇත්ත.
හිටපු කර්මාන්ත ඇමති ලාල් කාන්ත අදටත් කතා කරන්නේ රජය ව්‍යාපාර කරන්නේ කොහොමද කියලයි.
සැබැවින්ම මෙහිදී අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ 20 වන සියවසේ ලෝකය විනාශ කළ ලෙනින්වාදී අදහස් අදටත් ඉස්මතු වෙමින් තිබීමයි. හිටපු කර්මාන්ත ඇමති ලාල් කාන්ත අදටත් කතා කරන්නේ රජය ව්‍යාපාර කරන්නේ කොහොමද කියලයි. පෞද්ගලීකකරණය කළ රාජ්‍ය ව්‍යවසාය නැවත අත්පත් කරගැනීම ගැනයි. ඒ වගේම ගොවියන් සතු ඉඩම් සමූහ ගොවිපළ කර පක්ෂයේ අධ්‍යක්ෂවරුන් යටතේ කළමනාකරණය කිරීම ගැනයි. සුනිල් හඳුන්නෙත්ති කියන්නේ රජය ව්‍යාපාර කළයුතු බවයි. පෞද්ගලික අංශයේ නිදහස් වර්ධනය එවිට සීමා වෙනවා. ඔවුන් වචන වලින් තොරන් බැඳලා ඒ ඇත්ත වහනවා. ඒ එක්කම සියල්ලට හේතුව දූෂණය කියනවා. දූෂණය නැති වූ විට රට ඉබේ සංවර්ධනය වෙනවා කියනවා . ආර්ථිකය ගැන සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට ඔය කතා අහනකොට මතක් වෙන්නේ සෝවියට් රුසියාවයි. ඒ කියන්නේ රතු පාට අසාර්ථක වූ නිසා දැන් දම්පාටින් පැමිණියත් , ප්‍රතිපත්තියේ වෙනසක් නැති බව පැහැදිලියි.
නමුත් ඊට වෙනස්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉඩම් වල සින්නක්කර අයිතිය ජනතාවට දෙනවා. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කෘෂි නවීකරණය ගෙනවිත් තිබෙනවා. දියුණු තරගකාරී හරිත ආර්ථිකයක් වෙනුවෙන් පෞද්ගලික ව්‍යවසාය දිරිමත් කරනවා. ආයෝජන නිදහස සහතික කරනවා. රජය ප්‍රතිපත්ති සම්පාදක භූමිකාවට සීමාවී නිදහස් ව්‍යවසායකත්වය වර්ධනය වීමට ඉඩ දෙනවා. බදු ක්‍රමය සරල සහ විධිමත් කරමින් රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමටත් , ඒ ඔස්සේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කරනවා. රතු සහෝදරයන් පාරේ යකා නටමින් සිටියදී , විපක්ෂ නායක සජිත් ඊට බයේ සැඟව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දවසර තුළ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය සමනය කර ස්ථාවරත්වයකට රට ගෙනවිත් තිබෙනවා. ආර්ථික පීඩනය වැඩි ප්‍රජාව අස්වැසුම හරහා සමාජ ආරක්ෂණ දැලකින් රකින අතරේ රාජ්‍ය සේවක වැටුප් නංවන අතරේ , රාජ්‍ය සේවකයන් රටේ සංවර්ධනයේ කොටස් කරුවන් කරන ප්‍රතිසංස්කරණ වැඩසටහනට පණපොවා තිබෙනවා. වැටුණු රටක්, වසර දෙකෙන් ගොඩගත් ඒ ප්‍රාතිහාර්යය ජාත්‍යන්තර ගෞරවයට පාත්‍රව තියෙනවා. ඒ අර්ථයෙන් මේ රට සමෘද්ධිමත් දේශයක් කිරීමට මේ මොහොතේ පුළුවන් රනිල්ට බව ඔප්පු වෙනවා.
එළැඹෙන ජනාධිපතිවරණය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවා "පුළුවන් ශ්‍රී ලංකා" වැඩපිළිවෙළ
එසේනම් එළැඹෙන ජනාධිපතිවරණය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවා "පුළුවන් ශ්‍රී ලංකා" වැඩපිළිවෙළ මේ රටේ යථාර්ථයක් කිරීමේ මල් වට්ටියට අත්ගැසීම එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ජන්දදායකයන් සතු ජාතික යුතුකමක් මෙන්ම වගකීමක් වෙනවා.
(රවී කරුණානායක)
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk
[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]
සබැඳි ලිපි:
'හරි පාර' : කන කොට රස වුණත් බිල ආවහම ඇඬේයි ! - (රවී කරුණානායක)
'හරි පාර' : අර්බුදය බුද්ධිමත්ව දකිමු ! - (රවී කරුණානායක)
'හරි පාර' : ඇයි අපි දුප්පත් ? - (රවී කරුණානායක)
ප්‍රශ්නය ආර්ථිකය වුණත් උත්තරය රනිල් !
'හරි පාර' : අයිස් කුට්ටියකින් වැඩක් ගමු : පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ගොඩනගමු ! - (රවී කරුණානායක)
'හරි පාර' : අලුත් දේශපාලන සිතියමේ අපි සිටිය යුත්තේ කොතනද ? - (රවී කරුණානායක)
'හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)
හරි පාර : හොඳටම කරන්න ඉල්ලන විපක්ෂය සහ රටවල් 4ක කතාව ! - (රවී කරුණානායක)
හරි පාර : ආපසු හැරෙන්න බෑ ! - (රවී කරුණානායක)
ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)
වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම ! - (රවි කරුණානායක)
ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)
හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)




1956 වන විට නිදහසින් පසුව ගොඩනැගුණු ව්‍යාපාරික පැලැංතියක් හිටියා. බහුජාතික සමාගම් ඉතා සීමිත ලෙස මෙරට ව්‍යාපාරික කටයුතු වල නිරතව හිටියා. ඒ කියන්නේ යම් වානිජ ප්‍රාග්ධනයක් නිර්මාණය වෙලා තිබුණා. නිදර්ශනයක් ලෙස ඛනිජ තෙල් ව්‍යාපාරය තුළ කැල්ටෙක්ස් , මොබිල් , බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් වැනි සමාගම් ව්‍යාපාර කටයුතු සිදුකළා. 48 සිට ගොඩනැගුණු වතු සහ ඉඩම් හිමි ව්‍යවසාය පැලැංතියක් හිටියා. බස් හිමි ප්‍රවාහන සේවා සපයන ව්‍යවසාය පැලැංතියක් හිටියා. හෝටල් කර්මාන්තය, පතල් කර්මාන්තය , මුද්‍රණ කර්මාන්තය, තොග භාණ්ඩ වෙළෙඳපොළ , ඇතුළු ආනයන හා අපනයන වෙළෙඳපොළ තුළ ද ව්‍යවසායක පැලැංතියක් බිහිවී හිටියා.