The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රට එක්සත් කරන ජනාධිපතිවරයෙක් අවශ්‍යව තිබේ - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

September 7, 2024 • 10:42 AM

 රට එක්සත් කරන ජනාධිපතිවරයෙක් අවශ්‍යව තිබේ - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමසුම්වල වැඩිදියුණු කිරීම්වලින් පිළිබිඹු කෙරෙන ජනාධිපතිවරණ ව්‍යාපාරයට සැළකිවයුතු තල්ලුවක් ලබාදී තිබේ.
  • දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන සාමාජික පක්ෂය ලෙස සහ දෙමළ ඡන්ද එකතු කිරීමේ හැකියාව අනුව, තමිල් අරසු පක්ෂය සැළකිවයුතු දේශපාලන වටිනාකමක් උසුලනු ලබයි.
  • තමිල් අරසු පක්ෂය විපක්ෂ නායකවරයා වෙනුවෙන් ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වීමට තීරණය කිරීමට සමගාමීව, මුස්ලිම් සහ මලයහ (ඉන්දියානු සම්භවයක් ඇති) දෙමළ සුළුතරයේ ප්‍රධාන පක්ෂද එම තීරණයම ක්‍රියාත්මක කර ඇත.
  • විපක්ෂ නායකවරයා අනුමත කළ මුස්ලිම් සහ මලයහ දෙමළ පක්ෂ දෙකේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පක්ෂ නායකත්වය නොතකා සුළු වාර්ගික සහ ආගමික කොටස්වලට ප්‍රබල ආයාචනයක් කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළකිරීමට තීරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
විමසුම්වල වැඩිදියුණු කිරීම්වලින් පිළිබිඹු කෙරෙන ජනාධිපතිවරණ ව්‍යාපාරයට සැළකිවයුතු තල්ලුවක් ලබාදී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන සාමාජික පක්ෂය ලෙස සහ දෙමළ ඡන්ද එකතු කිරීමේ හැකියාව අනුව, තමිල් අරසු පක්ෂය සැළකිවයුතු දේශපාලන වටිනාකමක් උසුලනු ලබයි. එසේම, දෙමළ ජනතාවට යුක්තිය ඉටුකර ගැනීම සඳහා තමිල් අරසු පක්ෂය අන්තර්ජාතික ප්‍රජාව සමඟ නිරන්තරව සම්බන්ධ වන බැවින්, ඔවුන් සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වසනීයත්වයක් පවතී. තමිල් අරසු පක්ෂය විපක්ෂ නායකවරයා වෙනුවෙන් ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වීමට තීරණය කිරීමට සමගාමීව, මුස්ලිම් සහ මලයහ (ඉන්දියානු සම්භවයක් ඇති) දෙමළ සුළුතරයේ ප්‍රධාන පක්ෂද එම තීරණයම ක්‍රියාත්මක කර ඇත.
 
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) එක්වීම

පක්ෂ ධූරාවලිය විසින් අනුමත කිරීම ජනතාවගේ ඡන්දය පිළිබඳ සහතිකයක් නොවේ. විපක්ෂ නායකවරයා අනුමත කළ මුස්ලිම් සහ මලයහ දෙමළ පක්ෂ දෙකේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පක්ෂ නායකත්වය නොතකා සුළු වාර්ගික සහ ආගමික කොටස්වලට ප්‍රබල ආයාචනයක් කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළකිරීමට තීරණය කර ඇත. ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සම්බන්ධයෙන් වුව ද, එහි වත්මන් පක්ෂයේ සභාපති මාවෙයි සේනාධිරාජා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් (ඔහුගේ සභාපතිධූරය නීත්‍යානුකූලව මතභේදයට තුඩු දී ඇත) පක්ෂ තීරණයේ කොටස්කරුවන් වී නොමැත. පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට තමා සහභාගී නොවූ බවත්, එහි සාකච්ඡා සඳහා එක්වීමට තමාට අයහපත් සෞඛ්‍ය බාධාවක් වූ බවත් පක්‍ෂ සභාපතිවරයා පවසා ඇත. දෙමළ පොදු අපේක්ෂකයා වන පී.ආරියනේත්‍රන්ට තම සහාය ලබාදීමට දෙවැන්නා දැනටමත් පෞද්ගලික තීරණයක් ගෙන ඇත.
 
2019 ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක ප්‍රේමදාසට එම පක්ෂවලම සහාය ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට පමණි.

විපක්ෂ නායකවරයාට වාර්ගික හා ආගමික සුළු පක්ෂවලින් ලැබී ඇති අනුමැතිය ද මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ සහතිකයක් නොවේ. 2019 ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක ප්‍රේමදාසට එම පක්ෂවලම සහාය ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට පමණි. එහිදී ජාතිකවාදී වේදිකාවක මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ හිටපු ජනාධිපතිවරයා ජනවාර්ගික බහුතර සිංහල ඡන්දදායකයන්ගේ ප්‍රබල සහයෝගය ලබාගත්තේය. කෙසේවෙතත් මෙවර ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාම තම මැතිවරණ ව්‍යාපාරයේදී වාර්ගික ජාතිකවාදයට යොමුවී නැත. අනෙකුත් ප්‍රජාවන්ගේ සතුරු ප්‍රතිරූපය උද්දීපනය කෙරුණු වාර්ගික ජාතිකවාදී හැඟීම් මත පදනම්වූ අතීත මැතිවරණවලින් මෙම තත්වය සැළකිවයුතු වෙනසකි.

මධ්‍යස්ථ ප්‍රකාශන
 
xfgt4534නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වන තෙක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සිය ආණ්ඩුවක් කැපවී සිටින බව විපක්ෂ නායකවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ

සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ සෑම ජනාධිපති අපේක්ෂකයෙක්ම පටු වාර්ගික ජාතිකවාදයේ ප්‍රශ්නවලට යොමුනොවී වාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඵලදායී ස්ථාවරයන් අනුගමනය කර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වන තෙක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සිය ආණ්ඩුවක් කැපවී සිටින බව විපක්ෂ නායකවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ. පළාත් සභාවලට ලබා දී ඇති බලතල ඉවත් කර නොගෙන, ඒ වෙනුවට පළාත් මට්ටමින් සිදුකර ඇති සංවර්ධන කටයුතු ශක්තිමත් කරමින් පළාත් සභා සඳහා වන කැපවීම යළි තහවුරු කරන්නෙමු” යැයි එහි සඳහන් වේ. මින් පෙනෙන්නේ විපක්ෂ නායක ප්‍රේමදාස, පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට බෙදාදෙන බවට කළින් දුන් පොරොන්දුව ඉල්ලා අස්කර නොගන්නා බවයි. ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් මෙන් නොව, ඔහු ක්‍රියාත්මක කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔහු නිශ්චිතව දක්වා ඇත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවලට බලතල බෙදන බව ජනාධිපති වික්‍රමසිංහ පවසයි. මධ්‍යම රජය පළාත්වලින් ආපසු ලබාගෙන තිබූ බලතල යළි ඔවුන්ට ලබාදෙන බවද ඔහු සඳහන් කර ඇත.  කෙසේවෙතත් පළාත් සභා සඳහා පොලිස් බලතල ලබාදීමේ වගකීම නව පාර්ලිමේන්තුවට පැවරීමේදී ඔහු කල්පනාකාරීව කටයුතු කර තිබේ. යහපාලන රජය 2015 සිට 2019 දක්වා ගෙන ගිය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කඩිනම් කරන බවත්, සෑම පළාත් පාලන ආයතනයකටම, දිස්ත්‍රික්කයකටම, පළාතකටම දේශපාලන හා පරිපාලන බලතල බෙදාහරින බවත්, සියලු ජනතාවට පාලනයට සහභාගි විය හැකි බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

IMF 2අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව ආර්ථිකය සහ  පුනර්ජීවනය කරන්නේ කෙසේද යන්න යි.
මෙම මැතිවරණයේදී, කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව ආර්ථිකය සහ  පුනර්ජීවනය කරන්නේ කෙසේද යන්න යි. 2022 දී රට මුහුණදුන් ආර්ථික කඩාවැටීම වාර්ගික, ආගම් හෝ ප්‍රදේශය නොසළකා සෑම ජන කොටසකටම අඛණ්ඩව බලපායි. 2022 ආර්ථික අර්බුදයෙන් වසර දෙකකට පසු ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම සියයට 13 සිට සියයට 26 දක්වා ඉහළ ගොස් තිබේ. සියයට 70 දක්වා ඉහළ ගිය උද්ධමනය ජීවන තත්ත්වය දුෂ්කර කර ඇත.  මෙම සන්දර්භය තුළ, දූෂණය සහ සම්පත් අවභාවිතය පිළිබඳ ගැටළු තවමත් ප්‍රමුඛත්වය ගෙන ඇති අතර, එය චෝදකයන් සහ චූදිතයන් යන දෙඅංශයෙන්ම දැඩි කාංසාවේ සහ වෛරයේ හැඟීම් අවුළුවාලිය හැකිය. ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් ආයුධ පිරිනැමීම මෙම උත්සුකයන් පිළිබඳ දර්ශකයක් විය හැකිය.

ධ්‍රැවීකරණය අඩුකළ යුතුය
 
Anura Kumara gayan abeykoon lakehouse12රට පාලනය කළ ව්‍යාපාරික සහ දේශපාලන ප්‍රභූන් සමඟ අවම සම්බන්ධතාවක් ඇති බැවින්, සියල්ලටම වඩා වෙනසක් අපේක්ෂා කරන අය ඔහුට ඡන්දය දීමට කැමති වනු ඇත.

වත්මන් මැතිවරණයේ අවාසනාවන්ත ලක්ෂණය වන්නේ, වාර්ගික ගැටුම් හේතූන් මත මීට පෙර මැතිවරණ සමඟ ඇති වූ ධ්‍රැවීකරණය සහ බිය පන්ති ගැටුමක ස්වරූපය ගතහැකි වීමයි. ඒ ජාජබ/ජවිපෙ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රබල ක්‍රියාකාරිත්වය හේතුවෙනි. 'පද්ධති වෙනසක්' ඉල්ලා සිටින ආර්ථික අර්බුදය සහ විරෝධතා ව්‍යාපාරය අතරතුර පක්ෂයේ ජනප්‍රියත්වය වර්ධනය වී ඇත. රට පාලනය කළ ව්‍යාපාරික සහ දේශපාලන ප්‍රභූන් සමඟ අවම සම්බන්ධතාවක් ඇති බැවින්, සියල්ලටම වඩා වෙනසක් අපේක්ෂා කරන අය ඔහුට ඡන්දය දීමට කැමති වනු ඇත. මෙය ඔහුගේ ජයග්‍රහණයේ දී කුමක් සිදුවේද යන්න පිළිබඳ භීතිය ජනනය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව තනතුරු දරන බොහෝදෙනකුගේ මාක්ස්වාදී-ලෙනින්වාදී පූර්වාදර්ශ සහ අතීත ප්‍රචණ්ඩත්වය පිළිබඳ මතකය මෙම උත්සුකයන් පෝෂණය කරයි.  

ජනාධිපතිවරණයට ඉතිරිව ඇති දින කිහිපය තුළ, සමාජය තුළ පවතින ධ්‍රැවීකරණයේ සහ කනස්සල්ලේ මට්ටම අවම කිරීම සහතික කිරීම ජනාධිපති අපේක්ෂකයන්ගේ පාර්ශ්වයෙන් සාධනීය වනු ඇත. විශේෂයෙන්ම, ජනගහණයේ කිසිදු කොටසක් ජනවාර්ගික-ආගමික ප්‍රජාවක් හෝ සමාජ-ආර්ථික පන්තියක් වේවා, පළිගැනීම් සඳහා හෝ දණ්ඩනීය ක්‍රියාමාර්ගවලට යටත් නොවන බවට ඔවුන් ජනතාවට සහතික කළ යුතුය. සිදුකරන ලද අපරාධ හෝ වංචා හෝ සම්බන්ධයෙන් පුද්ගල වගවීම එක් දෙයකි. ඒවා සඳහා සාමූහිකව වගකීමට සිදුවීම තවත් දෙයකි. පළමුවැන්න අවශ්‍යතාවක් වන අතර දෙවැන්න පිළිගත නොහැක්කකි. ඡන්දදායකයන්ගේ තීන්දුවට ගරු කරන බවටත්, මැතිවරණයෙන් පරාජයට පත්වන අනපේක්ෂිත අවස්ථාවකදී, විරුද්ධවාදීන්ට එරෙහිව විනාශකාරී ක්‍රියාවන්හි යෙදීමෙන් තම ආධාරකරුවන් වළක්වන බවටත් ඔවුන් ප්‍රතිඥා දිය යුතුය. සාමූහික අසාර්ථකත්වයේ අත්දැකීම් සහිත පසුගිය දශක කිහිපය භාවිත කළ යුත්තේ, අනාගතය වෙනුවෙන් වඩා හොඳ පාඩම් ලබාගැනීම සඳහාය.

Manifestos election Sri LANKA 2024ප්‍රමුඛ අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ රටේ අභිවෘද්ධිය සඳහා වූ ඒවා බව පෙනේ. ඒවා සක්‍රිය කිරීමේ සැබෑ වුවමනාවකින් ක්‍රියාත්මක විය යුතුය.
එබැවින් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා සිදුකළ යුතු අවශ්‍යම කාර්යයක් වනුයේ පරාජිත අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් නීතියෙන් ආරක්ෂා කරන බවට සහතික වීමය. නිසැකවම, ජයග්‍රාහකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වනු ඇති අතර, අතීත අපරාධ සඳහා වගවීම එහි කොටසක්ද නැද්ද යන්න විමසීමේදී නීතිය ක්‍රියාත්මක විය යුතුය. ප්‍රමුඛ අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ රටේ අභිවෘද්ධිය සඳහා වූ ඒවා බව පෙනේ. ඒවා සක්‍රිය කිරීමේ සැබෑ වුවමනාවකින් ක්‍රියාත්මක විය යුතුය. වර්ධනය කළ යුතු දේශපාලන සංස්කෘතිය වන්නේ, විපක්ෂයේ සිටින අයටද අවනත වීම සහ ඔවුන්ගේ අදහස්ද බැරෑරුම් ලෙස සැළකීමයි. මන්ද ඔවුන් ද සත්‍යයේ කොටසක් දරන්නන් වීමයි. ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වන්නේ තම ආධාරකරුවන් සහ ඡන්ද බැංකුවලට වඩා පළමුව රට ගැන සිතන රාජ්‍ය නායකයන් මිස දේශපාලනඥයන් නොවේ.
 
 

jehan perera

 

 

 

 

 

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රට එක්සත් කරන ජනාධිපතිවරයෙක් අවශ්‍යව තිබේ - ජෙහාන් පෙරේරා | The Leader